16 කණ්ඩායමේ අරමුණ මහින්ද අගමැති කරවීමයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    16 කණ්ඩායමේ අරමුණ මහින්ද අගමැති කරවීමයි

    අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත්  ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමත්ත ලබා ගැනීමේ කාර්යය සිදු කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
    බදුල්ලේ සිය නිවසේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
    “අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕන කියන කාරණයේ. එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල්පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා. ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය“යැයි පැවසීය.