17, 18, 19 හා 20 වන සංශෝධන හතරටම පක්ෂව අත උස්සන්න ලැයිස්තුව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දේශපාලන අවස්ථාවාදය හා හෘර්ද සාක්ෂිය

    ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය. 17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය.

    රාජාණ්ඩුවක් කරා යන්නට 18 ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය. ජනපති බලතල කැපුවේය. අගමැති බලතල වැඩි කළේය. මැතිවරණ නිදහස් කළේය.

    දැන්, මේ පිරිසෙන්ම කොටසක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හරවමින්, රාජාණ්ඩුවක් කරා යන ගමණකට අත ඔසවනු ඇත. Politics have no relation to morals යැයි Niccolo Machiavelli කීවේ මෙවැනි අවස්ථාවන් ගැනය.

    හෘර්ද සාක්ෂියක් ඇතිව හෝ නැතිව 17, 18, 19 සහ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හතරටම පක්ෂව ඡන්දය දීමට ලංකා දේශපාලනයේ ප්‍රතිපත්තියක් නැති කම පිළිබඳව කථාවයැයි මම සිතමි.

    හිටපු කථානායක චමල් රාජපක්ෂ කථානායක ධූරයේ කටයුතු කරමින් 19 ට පක්ෂව ඡන්දය දෙන්නට ලැබුණේ නැත. මහින්ද යාපා අබේවර්ධන ට ද වත්මන් කථානායකවරයා නිසා 20 ට ඡන්දය දීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැත.

    හිටපු ජනපති, අගමැති මහින්ද මහතා 19 සම්මත වන විට පාර්ලිමේන්තුවේ සිටියේ නැති අතර, 18 ට ද (ජනාධිපතිවරයා නිසා) ඡන්දය දී නැත. 19 ගෙනඒමට අති මහත් කැපවීමක් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ බැවින් පාර්ලිමේන්තුවේ ඡන්දයක් දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

    මේ 17, 18, 19 පක්ෂව ඡන්දය දුන් හා 20 ට පක්ෂව ඡන්දය දිය හැකි කණ්ඩායම මෙසේය.

    1. මහින්ද සමරසිංහ
    2. රංජිත් සියඹලාපිටිය
    3. ප්‍රියංකර ජයරත්න
    4. එස්.බී.දිසානායක
    5. සුසිල් ප්‍රේමජයන්ත
    6. ඩලස් අලහප්පෙරුම
    7. ජොන්ස්ටන් ප්‍රනාන්දු
    8. අනුර ප්‍රියදර්ශන යාපා
    9. විමල් වීරවංශ
    10. පවිත්‍රා වන්නිආරච්චි
    11. ජොන් සෙනෙවිරත්න
    12. දිනේෂ් ගුණවර්ධන
    13. ගාමිණී ලොකුගේ
    14. බන්දුල ගුණවර්ධන
    15. ඩිලාන් පෙරේරා
    16. ඩග්ලස් දේවානන්ද
    17. ඒ.එල්.එම්. අතාවුල්ලා
    18. ජී.එල්.පීරිස්
    19. මහින්දානන්ද අලුත්ගමගේ
    20. තිස්ස විතාරණ
    21. නිමල්සිරිපාල ද සිල්වා
    22. දුමින්ද දිසානායක
    23. ජනක බණ්ඩාර තෙන්නකෝන්

    17, 18 හා 19 ට ඡන්දය දුන් රාජිත සේනාරත්න 20 ට ඡන්දය දෙන්නේ නැතැයි මා සමඟ කීවේය. චම්පික රණවක 17 ට ඡන්දය දුන්නේ නැති අතර 20ට ත් ඡන්දය නොදෙනු ඇත. තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස 18 ඡන්දය නොදුන් අතර 20 ට ද ඡන්දය නොදෙනු ඇත.

    19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන විට කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ නොසිටියේය. 19 ට එදා විරුද්ධ වූ දෙදෙනාගෙන් පෙරටුගාමී පක්ෂයේ අජිත් කුමාර මෙවර පාර්ලිමේන්තුවේ නැති නමුත් සරත් විරසේකර අමාත්‍යවරයෙකි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ මහීපාල හේරත් තාත්තා සංශෝධන දෙකකට පක්ෂව ඡන්දය දී ඇති අතර, ඔහුගේ පුත් කනක හේරත් ඉතිරි සංශෝධන දෙකට පක්ෂ ය.

    වාසුදේව 17 ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි අතර 18,19 ඡන්දය දී 20ට ඡන්දය දීමට උනන්දුවෙන් බලා සිටින්නෙකි.

    කෙසේ නමුත්, තිස්ස විතාරණ, වාසුදේව, රාජිත, ඇතුළු මන්ත්‍රීවරුන් විටෙක ප්‍රසිද්ධියේ ද, විටෙක පුද්ගලිකවට 18 ට අත එසවීම ගැන කණගාටුවන බව පසුව ප්‍රකාශ කර ඇති බව මාගේ මතකයි.
    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ 225 න් 215 ක් ඡන්දය දුන්නේය. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වූ එකම ව්‍යවස්ථා සංශෝධනය යි.

    ලැයිස්තුව දිගු බැවින් 19 හා 20 දෙකටම පක්ෂ විය හැකි මන්ත්‍රී ලැයිස්තුව මෙහි ඇතුළත් කරන්නේ නැත.

    20 වන ව්‍යවස්ථා සංශෝධනය යනු එකමතිකව සම්මත වූ 17 හා දෙදෙනෙකු හැර අන් සියළු දෙනා පක්ෂ වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හැරවීමයි. මේ තුන හතරටම ඡන්දය දෙන්නට මන්ත්‍රීවරයෙකුට හැකි වන්නේ කෙසේ දැයි ඇසිය යුත්තේ ඔවුන්ගේ හෘර්ද සාක්ෂියෙන්ම පමණී.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගොන් විමලාත් ඉන්නව ලිස්ට් එකේ 🤮 @erozan
    විමලා කියනවා ඌ 19ට ඒ කාලෙ ඉදන් විරුද්ධයිලු. නමුත් පක්ෂෙන් ආපු නිසා එදා අත ඉස්සුවලු.

    තමන්ට ප්‍රතිපත්තියක් නැ
    රට ගැන හිතන්නේ නැ
    රාජපක්ෂ කියන එකක් තමා කොරන්නෙ

    සරත් වීරසෙකර කිව්වේ ජෙශ්ඨයො එපා කිව්ව නිසා නැගිටල වාඩි උනා කියල
    සිසිටිවි එකක් වත් තිබ්බ නම් බලන්න තිබ්බා ඌ ඇත්තටම නැගිට්ටාද කියල
     
    • Haha
    Reactions: SLK_sri

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඊලඟ ආන්ඩුවෙන් 21 ගේනවා.එතකොටත් හිටියොත් එතකොටත් උස්සනවා...ඊට පස්සේ ඒකටත් කියනවා රට වෙනුවෙන් කියලා..ලිස්ට් එකේ උඩින්ම පාර්ලිමේන්තු එනවා....
     
    • Haha
    Reactions: SLK_sri

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    Wimale ekaparak Mahindage Budget ekata wipakshawa atha issuwa
    gowi unge sahana kapala kiyala
    Diwaina ehema ewele uhwa kanna kaduwa desha drohiya kiyala :lol:
     
    • Like
    Reactions: SLK_sri