1969 දී ඇමෙරිකාවේ නිව්යෝක් නගරය

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    1969දී උනත් උසස් ජීවන රටවක් ඔවුන් ගත කර තිබෙනවා නේද?

    අපි අද ඉන්න තැන කොහෙද කියල උබට තෙරෙන එක ලොකු දෙයක්.

    :dull:

    නිකමට මෙහෙම හිතපන් ; මිනිසා සදමත පා තැබුවේ 1969.......:yes: තවත් මොන කතාද.....?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    fdu90m.jpg

    Rep 10+
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    14-new_york_city_in_the_summer_09.jpg
    15-new_york_city_in_the_summer_09.jpg
    19-new_york_city_in_the_summer_09.jpg
    60 අග දශකයේ මතු වූ හිපි(hippies) සංස්කෘතියේ ලක්ෂණ මේ ජායාරූප වලින් දැක්වෙනවා.60 දශකය 20 වන සියවසේ අනෙක් දශක වලට වඩා බොහෝ වෙනස්,පොඩි කොල්ලො කුරුට්ටො කලාව වගේ අංශ වලින් රටවල් හොල්ලන්ට පටන් ගත්ත කාලයක්..බීට්ල්ස් බෑන්ඩ් එකේ 1964 ඇමරිකාවේ සංචාරයෙන් තමා ඔක්කොම වෙනස් උනේ..කොණ්ඩෙ වවන්ට,බෙල් බොටම් අඳින්ට කට්ටිය පුරුදු උනේ බීට්ල්ස්ල හින්ද.
    මේක පේන තරං හොඳ කාලයක් නෙවේ.....1963 ඇමරිකානු ජනාධිපති John F. Kennedy හා 1968 ජනපති අපේක්ෂක Robert. F. Kennedy ඝාතනය උනු,ඇමරිකාව රුසියාවත් එක්ක සීතල යුද්ධ කරපු,අහිංසක වියට්නාමෙත් එක්ක අන්තිමේදි පැරදෙන යුද්ධයක් පටන් ගත්තු,කලු ජාතික මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරපු Martin Luther King,MalcomX ඝාතනය කරපු,CIA එකෙන් Che, Patrice Lumumba වැන්නවුන් අමු අමුවේ මරල දාපු, Pidel Castro ව මරන්ට ඇතිපදං උත්සහ කරපු කාලයක් මේක.
    60 අගදි තමා හුගක් තරුණ උදවිය එලිපිට බටහිර සංස්කෘතියේ පාදං හොල්ලන්ට පටන් ගත්තේ.කිතු,කතෝලික පදනම් ඍජුව සංවාදයට ලක් කරමින් හින්දු,බෞද්ධ,සික් වැනි ඉගැන්වීම්ද,පෙරදිග සංගීතය වැනි අංශ වලින් පෙරදිග සංස්කෘතීන්ට එබී බැලුවෙ,අවිහිංසාවාදී අදහස් බොහෝවිට කලාව ඔස්සේ යුද්ධයට එරෙහිව ගෙන එන්ට පටන් ගත්තේ මේ අවධියේ...ඒ වගේම නිදහස් අදහස් වල කලු පැත්තක් ලෙස මත්කුඩු භාවිතය විශාල ලෙස ඉහල යාම,Free sex වැනි අදහස් තරුණ පරපුර අතර පැතිරීමත් ඒ ඔස්සේ 'හිපි' සංස්කෘතිය බිහිවීමත් සිදූනේ මේ අවදියේ.......මීට Beatles,Beach boys,Who,Rolling Stones වැනි සංගීත කණ්ඩායම් වල හා Bob Dylan ගේ ආභාෂය බොහෝදුරට හේතූඋනා.විශේෂයෙන්ම බීට්ල්ස් එහි George Harrison ඔස්සේ රවී ශංකර් හරහා උත්තර භාරතීය සංගීත ආභාෂය ලැබීමත්,තුන් මසකට පමණ ඉන්දියාවට පැමිණ 'මහරිෂි මහේෂී යෝගී' අසපුවේ විසීමත්, Harrison හින්දු බැතිමතෙකු බවට පත්වීමත් පෙන්වාදිය හැකියි.
    1970 දී Beatles කණ්ඩායම බිඳවැටීමත් පැහැදිලි අරමුණක් නොතිබීමත් හේතුවෙන් මේ සංස්කෘතිය වියකුනා.....
    60 දශකය හරිම තීරණාත්මකයි ඇමරිකාවට වගේම බටහිරට.ඇමරිකාව ගොඩක් පාඩම් ඉගෙනගත්තා මේ දශකයෙන්.....
    බොහොම ස්තුතියි නූලට....
     
    Last edited: