Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto Racing and Touring
1982 Monaco Grand Prix 🏁🏎️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Formula 1 ඉතිහාසයේ අදහාගත නොහැකිම අවසානයක් සහිත තරඟයක් ලෙසින් වසර 44කට ඉහතදී, එනම් 1982 මැයි 23 වනදා පැවැත්වුණු Monaco Grand Prix තරඟය ඉතිහාසයට එක්වනවා.

කිසිවෙකුට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නොවූ තරඟය ලෙසින් මෙම තරඟය F1 රසිකයන්ගේ මතකයේ සදා රැඳී පවතිනවා.

එදා මොනාකෝ ධාවන පථයේ අවසන් වට කිහිපය තුළ සිදු වූ දේ ක්‍රීඩා විචාරකයන් පවා අන්දමන්ද කරන්නට වුණා.

වට 76කින් සමන්විත වූ මෙම තරඟයේ 65 වන වටයේදී Keke Rosberg අනතුරකට ලක්වීමෙන් පසුව Renault කණ්ඩායමේ Alain Prost ඉතා පහසුවෙන් තරඟයේ පෙරමුණ ගනිමින් ජයග්‍රහණය කරා ඇදෙන්නට වුණා.

නමුත් තරඟය නිමා වීමට වට 3ක් ඉතිරිව තිබියදී මොනාකෝ අහසින් වර්ෂාව ඇදහැලෙද්දී , ඒ වන විටත් ධාවන පථය මත තැන්පත් වී තිබූ Engine Oil සමඟ වැසි ජලය මුසුවීමෙන් ධාවන පථය දැඩි ලෙස ලිස්සන සුළු තත්වයකට අද දමන්නට වුණා.

74 වන වටයේ Harbour chicane එකෙන් පිටවනවාත් සමඟම Prost, තම රථයේ පාලනය ගිලිහී ගොස් ආරක්ෂිත වැටක ගැටෙද්දී ඔහුගේ ජයග්‍රහණයේ සිහිනය බොඳවී යන්නට වුණා.

එම අනතුරේ ප්‍රතිඵලය ලෙසින් Brabham-Ford රථයකින් තරඟ වැදුණු Riccardo Patreseට තරඟයේ පෙරමුණ නිරායාසයෙන්ම හිමිවන්නට වුණා.

Patrese හටද පෙරමුණේ රැඳෙන්නට හැකිවන්නේ සුළු මොහොතක් පමණයි. ලිස්සන සුළු ධාවන පථය හමුවේ Loews hairpin වංගුවේදී ඔහුගේ රථය කරකැවී ගොස් එන්ජිම ක්‍රියාවිරහිත වන්නට වුණා.

ඔහුගේ රථය ධාවන පථය හරස් වන සේ නැවතී තිබීම නිසා සංවිධායකයන් ආරක්ෂිත පියවරක් ලෙස රථය පසුපසට තල්ලු කරද්දී, එම තල්ලුව ආධාරයෙන් එන්ජිම නැවත පණගන්වා ගැනීමට Patreseට හැකි වුණා. නමුදු ඔහුට තරගයේ පෙරමුණ අහිමි වී බොහෝ පසුපසට ඇදදමන්නට වුණා.

මේ මොහොත වන විට තරඟයේ පෙරමුණ Ferrari රථයෙන් ධාවනයේ යෙදෙන Didier Pironi සතු වද්දී, දෙවන ස්ථානය Alfa Romeo රථය ධාවනය කළ Andrea de Cesarisට හිමි වුණා.

අවසාන වටය ආරම්භ වනවාත් සමඟම Pironi ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා සිතන්නට වුණා. නමුත් සිදු වන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවන අන්දමේ සිදුවීමක්.

සුප්‍රසිද්ධ මොනාකෝ Tunnel එක තුළදීම Pironiගේ Ferrari රථයේ ඉන්ධන අවසන් වීමෙන් එය නතර වන්නට වුණා.

Pironi නතර වීමත් සමඟම දෙවැන්නා ලෙසින් රැදෙන සිටි Andreaට ස්ථිර ජයග්‍රහණයක් පෙනෙන මානයේ පසුවුණ.

නමුත් පුදුමයකට මෙන්, ඔහු තරඟයේ පෙරමුණට පැමිණීමට මත්තෙන්, Casino Square හිදී ඔහුගේ රථයේද ඉන්ධන අවසන් වී ධාවන පථය මැද නතර වන්නට වුණා.

මීටර් කිහිපයක් ඇතුළත ජයග්‍රහණය කිරීමට සිටි වීරයන් දෙදෙනෙක්ම ඉන්ධන නොමැති වීමෙන් තරඟයෙන් ඉවත් වන අයුරු බලා සිටින්නට ප්‍රේක්ෂකයින්ට සිදුවුණා.

එදා තරඟ විචාරක කුටියේ සිටි 1976 F1 ලෝක ශූර James Hunt මෙම හාස්‍යජනක තත්ත්වය මෙලෙසින් සජීවීව විස්තර කරන්නට වුණා.

"ඇත්තෙන්ම අපට මේ වන විට ඉතාමත් විහිළු සහගත තත්වයකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. අපි හැමෝම අවසන් රේඛාව අසලට වෙලා ජයග්‍රාහකයා එනතුරු බලා සිටියත්, කිසිවෙකු එන බවක් පෙනෙන්නට නැහැ"

මේ අතර Williams රථයෙන් ධාවනයේ යෙදෙන Derek Dalyට පෙර සිදුවූ අනතුරකින් තම රථයේ Wings අහිමි වද්දී, Oil හලමින් ඉදිරියට පැමිණෙන ඔහුටත් අවසන් රේඛාවට මීටර් කිහිපයක් තිබියදී Gearbox එකෙහි හටගත් දෝෂයක් හමුවේ තරඟය නිමා කිරීමට නොහැකි වුණා.

කිසිවෙකු නොසිතූ අන්දමේ දෙයක් අවසානයේදී සිදුවුණා. පෙර වංගුවේදී කරකැවී ගොස් නැවත තරඟයට අවතීර්ණ වූ Patrese, තමාට ඉදිරියෙන් කිසිදු මෝටර් රථයක් නොමැති බව දකිමින් ඉතා ප්‍රවේශමෙන් අවසන් රේඛාව පසු කරන්නට සමත් වුණා.

ඒ අනුව ඔහුගේ ජීවිතයේ පළමු Formula 1 ජයග්‍රහණය වාර්තා කිරීමට ඔහුට හැකි වුණා. තරඟය අවසානයේ තිබූ දැඩි ව්‍යාකූලත්වය නිසා තමා ජයග්‍රහණය කළ බව පවා Patrese නොදැන සිටීම මෙහිදී සුවිශේෂීම සිදුවීම බවට පත්වුණා.

විශේෂත්වය වන්නේ තරඟය නිමා කිරීමට නොහැකි වුවද, සම්පූර්ණ කොට තිබූ වට ප්‍රමාණයන් අනුව Didier Pironi සහ Andrea de Cesaris පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගන්නට සමත් වුණා.

අවසන් වට 3 තුළ තරගයේ පෙරමුණ 4 වතාවක් හුවමාරු වෙමින්, අනපේක්ෂිත අනතුරු, යාන්ත්‍රික දෝෂ සහ ඉන්ධන හිඟවීම් මැද නිමාවුණ මෙම තරඟය අදටත් රසිකයන් අතර නොමැකී පවතිනවා.

[MEDIA=youtube]L3_WOtyg9Dw[/MEDIA]

[MEDIA=youtube]4RhOKdaREK0[/MEDIA]

[MEDIA=youtube]W3VWT8t9gnE[/MEDIA]

[QUOTE="todd2231048, post: 31424205, member: 96568"] Formula 1 ඉතිහාසයේ අදහාගත නොහැකිම අවසානයක් සහිත තරඟයක් ලෙසින් වසර 44කට ඉහතදී, එනම් 1982 මැයි 23 වනදා පැවැත්වුණු Monaco Grand Prix තරඟය ඉතිහාසයට එක්වනවා. කිසිවෙකුට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නොවූ තරඟය ලෙසින් මෙම තරඟය F1 රසිකයන්ගේ මතකයේ සදා රැඳී පවතිනවා. එදා මොනාකෝ ධාවන පථයේ අවසන් වට කිහිපය තුළ සිදු වූ දේ ක්‍රීඩා විචාරකයන් පවා අන්දමන්ද කරන්නට වුණා. වට 76කින් සමන්විත වූ මෙම තරඟයේ 65 වන වටයේදී Keke Rosberg අනතුරකට ලක්වීමෙන් පසුව Renault කණ්ඩායමේ Alain Prost ඉතා පහසුවෙන් තරඟයේ පෙරමුණ ගනිමින් ජයග්‍රහණය කරා ඇදෙන්නට වුණා. නමුත් තරඟය නිමා වීමට වට 3ක් ඉතිරිව තිබියදී මොනාකෝ අහසින් වර්ෂාව ඇදහැලෙද්දී , ඒ වන විටත් ධාවන පථය මත තැන්පත් වී තිබූ Engine Oil සමඟ වැසි ජලය මුසුවීමෙන් ධාවන පථය දැඩි ලෙස ලිස්සන සුළු තත්වයකට අද දමන්නට වුණා. 74 වන වටයේ Harbour chicane එකෙන් පිටවනවාත් සමඟම Prost, තම රථයේ පාලනය ගිලිහී ගොස් ආරක්ෂිත වැටක ගැටෙද්දී ඔහුගේ ජයග්‍රහණයේ සිහිනය බොඳවී යන්නට වුණා. එම අනතුරේ ප්‍රතිඵලය ලෙසින් Brabham-Ford රථයකින් තරඟ වැදුණු Riccardo Patreseට තරඟයේ පෙරමුණ නිරායාසයෙන්ම හිමිවන්නට වුණා. Patrese හටද පෙරමුණේ රැඳෙන්නට හැකිවන්නේ සුළු මොහොතක් පමණයි. ලිස්සන සුළු ධාවන පථය හමුවේ Loews hairpin වංගුවේදී ඔහුගේ රථය කරකැවී ගොස් එන්ජිම ක්‍රියාවිරහිත වන්නට වුණා. ඔහුගේ රථය ධාවන පථය හරස් වන සේ නැවතී තිබීම නිසා සංවිධායකයන් ආරක්ෂිත පියවරක් ලෙස රථය පසුපසට තල්ලු කරද්දී, එම තල්ලුව ආධාරයෙන් එන්ජිම නැවත පණගන්වා ගැනීමට Patreseට හැකි වුණා. නමුදු ඔහුට තරගයේ පෙරමුණ අහිමි වී බොහෝ පසුපසට ඇදදමන්නට වුණා. මේ මොහොත වන විට තරඟයේ පෙරමුණ Ferrari රථයෙන් ධාවනයේ යෙදෙන Didier Pironi සතු වද්දී, දෙවන ස්ථානය Alfa Romeo රථය ධාවනය කළ Andrea de Cesarisට හිමි වුණා. අවසාන වටය ආරම්භ වනවාත් සමඟම Pironi ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා සිතන්නට වුණා. නමුත් සිදු වන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවන අන්දමේ සිදුවීමක්. සුප්‍රසිද්ධ මොනාකෝ Tunnel එක තුළදීම Pironiගේ Ferrari රථයේ ඉන්ධන අවසන් වීමෙන් එය නතර වන්නට වුණා. Pironi නතර වීමත් සමඟම දෙවැන්නා ලෙසින් රැදෙන සිටි Andreaට ස්ථිර ජයග්‍රහණයක් පෙනෙන මානයේ පසුවුණ. නමුත් පුදුමයකට මෙන්, ඔහු තරඟයේ පෙරමුණට පැමිණීමට මත්තෙන්, Casino Square හිදී ඔහුගේ රථයේද ඉන්ධන අවසන් වී ධාවන පථය මැද නතර වන්නට වුණා. මීටර් කිහිපයක් ඇතුළත ජයග්‍රහණය කිරීමට සිටි වීරයන් දෙදෙනෙක්ම ඉන්ධන නොමැති වීමෙන් තරඟයෙන් ඉවත් වන අයුරු බලා සිටින්නට ප්‍රේක්ෂකයින්ට සිදුවුණා. එදා තරඟ විචාරක කුටියේ සිටි 1976 F1 ලෝක ශූර James Hunt මෙම හාස්‍යජනක තත්ත්වය මෙලෙසින් සජීවීව විස්තර කරන්නට වුණා. "ඇත්තෙන්ම අපට මේ වන විට ඉතාමත් විහිළු සහගත තත්වයකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. අපි හැමෝම අවසන් රේඛාව අසලට වෙලා ජයග්‍රාහකයා එනතුරු බලා සිටියත්, කිසිවෙකු එන බවක් පෙනෙන්නට නැහැ" මේ අතර Williams රථයෙන් ධාවනයේ යෙදෙන Derek Dalyට පෙර සිදුවූ අනතුරකින් තම රථයේ Wings අහිමි වද්දී, Oil හලමින් ඉදිරියට පැමිණෙන ඔහුටත් අවසන් රේඛාවට මීටර් කිහිපයක් තිබියදී Gearbox එකෙහි හටගත් දෝෂයක් හමුවේ තරඟය නිමා කිරීමට නොහැකි වුණා. කිසිවෙකු නොසිතූ අන්දමේ දෙයක් අවසානයේදී සිදුවුණා. පෙර වංගුවේදී කරකැවී ගොස් නැවත තරඟයට අවතීර්ණ වූ Patrese, තමාට ඉදිරියෙන් කිසිදු මෝටර් රථයක් නොමැති බව දකිමින් ඉතා ප්‍රවේශමෙන් අවසන් රේඛාව පසු කරන්නට සමත් වුණා. ඒ අනුව ඔහුගේ ජීවිතයේ පළමු Formula 1 ජයග්‍රහණය වාර්තා කිරීමට ඔහුට හැකි වුණා. තරඟය අවසානයේ තිබූ දැඩි ව්‍යාකූලත්වය නිසා තමා ජයග්‍රහණය කළ බව පවා Patrese නොදැන සිටීම මෙහිදී සුවිශේෂීම සිදුවීම බවට පත්වුණා. විශේෂත්වය වන්නේ තරඟය නිමා කිරීමට නොහැකි වුවද, සම්පූර්ණ කොට තිබූ වට ප්‍රමාණයන් අනුව Didier Pironi සහ Andrea de Cesaris පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගන්නට සමත් වුණා. අවසන් වට 3 තුළ තරගයේ පෙරමුණ 4 වතාවක් හුවමාරු වෙමින්, අනපේක්ෂිත අනතුරු, යාන්ත්‍රික දෝෂ සහ ඉන්ධන හිඟවීම් මැද නිමාවුණ මෙම තරඟය අදටත් රසිකයන් අතර නොමැකී පවතිනවා. [MEDIA=youtube]L3_WOtyg9Dw[/MEDIA] [MEDIA=youtube]4RhOKdaREK0[/MEDIA] [MEDIA=youtube]W3VWT8t9gnE[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom