20 සම්මත කළ හැටි

20 වන සංශෝධනය සම්මත කළ හැටි
--------------------
කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි

*අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
*රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.
සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.

තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.

ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය
.​

කොහොමද හම්බ රනිල්?
 
  • Like
Reactions: jayanathek

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙක් කෑගහගෙන ආවා ගෑස් වැඩි කරලා කියලා සීයකින්ද කොයිද.. ඇත්තද දන්නෑ බලපියව් පොඩ්ඩක්.. ඌ ප්‍රතිපත්තියක් වශයෙන් බොරු කියනවා දවසකට හත් අටපාරක්..:lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;22276529 said:
    අපේ ටෝයියස්න්ට ඔව්ව වැඩක් නැ මොකක් හරි වලියක් දාගෙන මරලතෝනි දෙන්නයි පොනිලට කඩේ යන්නයි තියෙනවනම් ඇති :sorry::dull::dull:

    :yes::yes::yes:
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    එකෙක් කෑගහගෙන ආවා ගෑස් වැඩි කරලා කියලා සීයකින්ද කොයිද.. ඇත්තද දන්නෑ බලපියව් පොඩ්ඩක්.. ඌ ප්‍රතිපත්තියක් වශයෙන් බොරු කියනවා දවසකට හත් අටපාරක්..:lol:

    Budu amme...huukkaass gaawuna....:D:D:D