20/20 පානීය ජල බෝතල් විෂ වේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    20/20 පානීය ජල බෝතල් විෂ වේ

    20-20 පානීය ජල බෝතල් විෂ වේ



    water-bottle.jpg



    මේ දිනවල ලංකාවේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී පුහුණු කටයුතුවලදී මෙන්ම තරගවලදී ක්‍රීඩකයන්ට පානය කිරීම වෙනුවෙන් ලබාදී තිබෙන ඇසුරුම් කරන ලද වතුර බෝතල් සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

    මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්‌ඩායම්වල ක්‍රීඩකයන් හදිසියේම රෝගාතුරවීමට හේතුව මෙම ප්‍රමිතියකින් තොර ජලය පානය කිරීම බව අනුමාන කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකාරීත්වය ඉහත පියවර ගෙන තිබේ.

    පානයට නුසුදුසු තත්ත්වයේ ජලය පානය කිරීම මත ප්‍රථමයෙන්ම ඔස්‌ටේ‍්‍රලියානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වන මිචෙල් ස්‌ටාර්ක්‌ සහ බ්‍රැඩ් හොග් උණ රෝගයට සහ තදබල ඔළුවේ කැක්‌කුමකට මුහුණ දුන්හ. එසේ වුවත් ඉකුත් සෙනසුරාදා බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග පැවැත්වුණු තරගයට පෙර ඔවුන් සුවය ලැබීම මත එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඔවුන්ට හිමිවිය. මොවුන් දෙදෙනාට අමතරව නවසීලන්ත පිලේ ටිම් සවුතිද විජලන තත්ත්වයකට මුහුණ දීම මත ඉකුත්දා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා තිබේ.

    මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ මාධ්‍ය කළමණාකරු රජිත් ප්‍රනාන්දු මහතා ‘මේ පිළිබඳව අපිට දැන ගන්නට ලැබුණු ගමන්ම අපි ඒ සම්බන්ධව ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපි ලබාදී තිබූ වතුර බෝතල් සියල්ලම මාරු කිරීමට කටයුතු කළා’ යනුවෙන් අදහස්‌ දැක්‌වීය.

    ජගත් ක්‍රිකට්‌ කවුන්සිල නිල පානීය සැපයුම්කරුවා ලෙස කටයුතු කරනු ලබන ‘පෙප්සි’ ආයතනයෙහි වතුර බෝතල් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ නොමැතිවීමත් ඒ මත දේශීය පානීය ජල සැපයුම්කරුවකුගේ සේවය ලබා ගැනීමට ඔවුන්ට සිදුවීමත් මත මෙම තතත්ත්වය ඇතිවී තිබෙන බව දැන ගැනීමට හැකි විය. එහිදී මෙම තරගාවලියේ පානීය ජලය සඳහා වූ ඇසුරුම් කරන ලද වතුර බෝතල් ‘ලාෆ් ඇක්‌වා සිස්‌ටම්ස්‌’ නමැති පෞද්ගලික ආයතනයකින් ලබාගෙන තිබෙන බවද එම කරුණු අනාවරණය කර ගැනීමේදී වැඩිදුරටත් දැන ගැනීමට හැකිවිය. මෙම තත්ත්වය මත මෙම සමාගමෙන් ජලය ලබා ගැනීම අත්හිටුවා තිබෙන ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය ඒ සඳහා වෙනත් දේශීය සපයන්නකුගෙන් වතුර බෝතල් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද සඳහන්ය.





    lankawatath ekka lajjai yako.me wage wada ara bangladeshewath wenne naha.:growl::no:
     
    • Like
    Reactions: Nu1Dnk