2012 ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාරක්‍&#

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    2012 ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාරක්‍&a

    ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාර

    151109390GC026_LG_ICC_Award.JPG


    ඊයේ රාත්‍රියේ (සැප්තැම්බර් 15) කොළඹ පැවති LG ICC සම්මාන උළෙලේ දී කුමාර් සංගක්කාර වසරේ හොදම ICC ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය ඇතුළු සම්මාන 3ක් දිනා ගන්නා ලදී.
    ඔහු දිනාගත් අනිකුත් සම්මාන දෙක වන්නේ ICC ජනතා සම්මානය සහ වසරේ හොදම ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයි.
    මේ අතර වසරේ හොදම ICC විනිසුරු සම්මානය වන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය කුමාර ධර්මසේන විසින් දිනා ගන්නා ලදී.


    487510_487030647982703_1507757029_n.jpg


    301179_487030964649338_76241830_n.jpg


    151109390GC025_LG_ICC_Award.JPG


    මෙම සම්මාන උළලේදී පිරිනැමුණු අනිකුත් සම්මාන අතරින් කීපයක් පහත පරිදි වේ.

    වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව - ස්ටෙෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්)
    වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - විරාත් කෝලි (ඉන්දියාව)
    වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - සුනිල් නරින් (බටහිර ඉන්දීය කොදෙව්)
    වසරේ ජාත්‍යන්තර T20 ක්‍රියාකාරීත්වය - රිචඩ් ලෙවි (දකුණු අප්‍රිකාව)
    වසරේ T20 ක්‍රිකට් ක්‍රීඩිකාව - සාරා ටේලර් (එංගලන්තය)

    තවද මෙහිදී ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කරන ලදී.

    ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම
    Alastair Cook (Eng)
    Hashim Amla (SA)
    Kumar Sangakkara (SL)
    Jacques Kallis (SA)
    Michael Clarke (Aus – Captain)
    Shivnarine Chanderpaul (WI)
    Matt Prior (Eng – Wicketkeeper)
    Stuart Broad (Eng)
    Saeed Ajmal (Pak)
    Vernon Philander (SA)
    Dale Steyn (SA)
    12th Man – AB de Villiers (SA)

    ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම
    Gautam Gambhir (Ind)
    Alastair Cook (Eng)
    Kumar Sangakkara (SL)
    Virat Kohli (Ind)
    MS Dhoni (Ind, wicketkeeper/captain)
    Michael Clarke (Aus)
    Shahid Afridi (Pak)
    Morne Morkel (SA)
    Steven Finn (Eng)
    Lasith Malinga (SL)
    Saeed Ajmal (Pak)
    12th Man – Shane Watson (Aus)



    Source: http://www.meepani.com/2012/09/icc.html
     
    Last edited:
    • Like
    Reactions: kitZrocks

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අනිවා සංගා නැතුව ඕවා කවුරු ගන්නද..???:yes::yes::yes:
    එක්දින ටීම් එකට ගම්භීර් නම් වැඩක් නෑ මිනිහට වඩා වැඩ පෙන්නලා තියෙනවා හෂීම් අම්ලා.. ගම්භිරයා මොකට දැම්මද මන්ද...:angry::angry: