2012 සහ ලෝක විනාශය
2012 නම් ඉංග්‍රීසි චිත්‍රපටයක් ඉකුත් සමයේ මෙරට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරිණි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් වන එහි අන්තර්ගතය ගැන සිංහල බෞද්ධයකු ලෙස අප ගේ ඇසින් බලා විචාරයක් කිරීම මේ ලිපියේ අරමුණයි.
චිත්‍රපට කතාවෙන් ප්‍රධාන වශයෙන් වර්ෂ 2012 දී සිදු වීමට නියමිත ලෝක විනාශයක් ගැන කතාවක් ඉදිරිපත් කෙරේ. චිත්‍රපටයේ කතාව කෙටියෙන් විස්තර කරත හොත් ඒ මෙසේ ය. මුලින් ම 2009 වසරේ දී තරුණ ඉන්දියානු භූ විද්‍යාඥයකු විසින් පෘථිවි තලය පුරා ම සිදු වන ශීඝ්‍ර වෙනස්කම් රාශියක් අතර සම්බන්ධතාවක් මතු කරගනු ලැබේ. මේ පිළිබඳව ඔහු හිතවත් ඇමෙරිකානු භූ විද්‍යාඥයකුට කරුණු සහිතව පැහැදිලි කිරීමක් කරයි. එම කරුණ අනුව ක්‍රියාත්මක වන ඇමෙරිකානු භූ විද්‍යාඥයා විසින් ඇමෙරිකානු ජනපති ඇතුළු රජයේ බලධාරීන් පිරිසකට පෘථිවිය පුරා ම සිදු වන මේ ක්‍රියාවලිය දැනුවත් කිරීමක් කරනු ලැබේ. පසුව මතු කරගන්නා කරුණු අනුව පෘථිවිය පුරා ම සිදු වන අදාළ විපර්යාස දාමය වසර කිහිපයකින් සිදු වන නොවැළැක්විය හැකි ලෝක විනාශයක පෙරනිමිති බවට ඇමෙරිකානු රජය නිගමනයකට එළැඹේ. ඒ අනුව ඇමෙරිකානු රජය, කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සිය රට වැසියන් හෝ ලෝ වැසියන් හෝ දැනුවත් නො කර වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අරඹයි. ඒ අනුව ඔවුහු 2010 ජී-8 සමුළුවේ දී වෙනත් රටවල රාජ්‍ය නායකයන් පිරිසක් දැනුවත් කිරීමෙන් පසු සාමූහිකව රහස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරති. එම සැලසුම අනුව ඉන්දියාවේ හිමාල අඩවියේ ආක් නමැති සුවිශාල ආරක්ෂිත නෞකා රාශියක් ඉදි කිරීම ආරම්භ කෙරේ. එම රහසිගත ව්‍යාපෘතියේ අරමුණ වන්නේ 400000ක පමණ ප්‍රමාණයක තෝරාගත් මිනිසුන් පිරිසක් එම ආරක්ෂිත නෞකාවන් තුළ රැඳවීම මගින් ලෝක විනාශයෙන් පසු පෘථිවියෙන් මනුෂ්‍ය වර්ගයා ගේ වඳ වීම වළක්වා ගැනීමයි. ඉන්පසු චිත්‍රපටයේ කතාව ගලා යැමේ දී විවිධ වූ පරිගණක තාක්ෂණික හරඹ මගින් ලෝක විනාශය නිර්මාණය කොට ප්‍රේක්ෂකයා හට ඒ පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇති කරවන ආකාරය දක්නට ලැබේ.
අවසානයේ දී ආක් නම් ආරක්ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වන පිරිස පමණක් ලෝක විනාශයෙන් පසු දිවි ගලවා ගන්නා ආකාරය චිත්‍රපට කථාවේ දක්නට ලැබේ. චිත්‍රපටයේ අවසාන භාගයේ දී දිවි ගලවා ගැනීම සඳහා ආරක්ෂිත නාවික යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන විශාල තදබදය සහ එකිනෙකා පරයා යාත්‍රාවන්ට ගොඩ වීමේ දී ඇති වන කලහකාරීත්වය මැඩපැවැත්වීමේ දී පමණක් මනුෂ්‍ය ගුණාංග ගැන යම් තරමක කතිතාවතක් අන්තර්ගත වී ඇත.
අප ගේ අවබෝධයේ සැටියට නම් 2012 චිත්‍රපට කතාන්දරය කිසිසේත් ම අලුත් නිර්මාණයක් නො වේ. මෙය බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අඩංගු නෝවා ගේ කතාවේ (Noah's Story) අන්තර්ගතයේ ප්‍රතිනිර්මාණයකි. බයිබලයට අනුව දෙවියන් විසින් ලෝකය නිර්මාණය කිරීමෙන් කලකට පසු ලෝක විනාශයක් සිදු කරනු ලැබේ. එනම් දෙවියන් සහ මිනිසුන් අතර ගිවිසුමක් පවතින අතර මිනිසුන් විසින් අදාළ ගිවිසුම කඩනු ලැබූ විට දෙවියන් විසින් ලෝක විනාශයක් සිදු කිරීම මගින් දේව කැමැත්තට අනුව ලෝකය යාවත්කාලීන කරනු ලැබේ. පරණ තෙස්තමේන්තුවේ දැක්වෙන නෝවා ගේ කතාව ද එවැනි ලෝක විනාශයක් පිළිබඳ අවස්ථාවකි.