2013 දී GOOGLE පවුලෙන් අපට බලාපොරොත්තු විය හැකි දේව&

rsashika

Junior member
  • Feb 3, 2009
    60
    5
    8
    Naiwala
    2013 දී GOOGLE පවුලෙන් අපට බලාපොරොත්තු විය හැකි දේව&

    CNET News මඟින් පවත්වන “The Future of” නම් වැඩ සටහනේ සම්මුඛ සාකච්චාවකට පැමිණි Casey Newton විසින් 2013 වසරේදී Google සමාගමෙන් අපට බලාපොරොත්තු විය හැකි දේ ගැන සඳහන් කළේය. ඔහු CNET හි senior writer කෙනෙක් වන අතර ප්‍රධාන වශයෙන් ඔහු Google සම්බන්ද පුවත් ආවරණය කරයි.


    ඔහු මෙහිදී Google Glass හෙවත් පැළඳිය හැකි පරිගණක (Wearable Computer) ගැන සඳහනක් ඉදිරිපත් කරන ලදී. තවද Google Self Driving Car වගේම NEXUS නිෂ්පාදන ගැනත් කරුණු දක්වීමට ඔහු මෙහිදී අමතක කලේ නැහැ. මෙම නවතම නිෂ්පාදන කොතරම් දුරට පාරිභෝගිකයන්ගේ සිත දිනා ගැනීමට සමත්වී දැයි යන්න ගැනදැන ගැනීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙහිදී පැවසුවා.

    2012 වසරේදී Google විසින් හඳුන්වා දෙන ලද The Knowledge Graph නම් වූ Search Engine පහසුකම තව දුරත් දියුණු වී වෙනම ම නැවුම් ආකාරයකින් ඔබ අතට 2013 දී ලැබීමට ඉඩ කඩ ඇති බවද ඔහු පෙන්වා දිනි.


    Google Now වගේම අනිකුත් කරුණු ගැන වැඩි තොරතුරු දැන ගන්න ඔයාල පහත තිබෙන video එක බලන්න.:shocked:නැත්නම් මට කොටන්න.

     
    • Like
    Reactions: *Dinushi9*