♪ රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගෙ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි
හමන සුළඟයි ගීත රාවෙයි ඔබගෙ වගෙයි
මගේ කිරිල්ලී ඈ ගියා ඉගිල්ලී
මං ශෝකෙමයි රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි ♪ ♫
ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සලලා
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
වනයට පියාඹලා... වනයට පියාඹලා...
ඇයි ගියෙ වනයට පියාඹලා...
ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දිය වැල්
මං ආසකරපු මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්... ♪ ♫
සුපුන් චන්ද්‍රා දිලී අහසෙ තරු නැග එද්දී
රැල්ල පෙරලි ඇවිල්ල සුදු වැල්ල සිඹිද්දී
සවන් පිනන මධු ගී ගුවනට එක්වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලියේ කැලේකට වැදී
කැලේකට වැදී... කැලේකට වැදී...
ඇයි තනියම කැලේකට වැදී...
ලස්සනටපිපුණ වනමල්... ♪ ♫
ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනව තාම මැවිලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගෙ කුඩුව ඔබ නිසාම ඇරිලා
ඔබ නිසාම ඇරිලා... ඔබ නිසාම ඇරිලා...
කූඩුව ඔබ නිසාම ඇරිලා...
ලස්සනට පිපුණ වනමල්... ♪ ♫