2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට &a

juanis

Member
Sep 10, 2010
26
2
0
2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට &a

2014 නව වසරේදී ලැප්ටොප් පරිගණකයක් තෝරාගන්නට පෙර…

පළමුවන කොටස


timthumb.php



පරිගණක වෙළඳ පොල ඉතා විශාල වශයෙන් විවිධත්වයෙන් යුතුවෙනවා. තෝරා ගැනීමට විවිධ වෙළඳ ලකුණෙන් විවිධ මාදිලියේ විවිධ ප්‍රභේදයන් ගෙන් යුත් පරිගණක බොහෝමයක් අද දකින්නට පුලුවන්. මේ අතරින් ඔබගේ සියලු අවශ්‍යතාවයන්ට සරිලන පරිගණයක් තෝරා ගැනීම නිසියාකාර දැනුමකින් තොරව නම් ඉතා අසීරු කාර්යයක් වන බවට විවාදයක් නැත. සමහරවිට ඔබ දැනටමත් එම අත්දැකීමට මුහුණ දී ඇති. බොහෝ දෙනා වියදම් කල හැකි මුදල් ප්‍රමාණය මූලික කොට ගෙන පරිගණකයක් මිලදී ගන්නට සිතත් සමහරවිට එය ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නොගැලපිය හැකියි. මෙම වෑයම ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ වඩාත් සෑහීමට පත්වෙන ලෙස ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම උදෙසා ඔබට අත්වැලක් සැපයීමටයි.
laptop.jpg

ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට ලැප්ටොප් පරිගණකයක් වෙත බොහෝ දෙනා යොමු වන්නේ එය එහා මෙහා ගෙන යා හැකි නිසයි. නමුත් ලැප්ටොප් පරිගණකවල ජනප්‍රිය භාවය නිසාම අද ඩෙස්ක්ටොප් පරිගණක වෙනුවට භාවිතා කල හැකි ඒ හා සමාන කාර්යක්ෂමතාවයකින් යුත් ලැප්ටොප් පරිගණක පවා දක්නට ලැබෙනවා. කෙසේ වුවත් කලින් සඳහන් කල පරිදි ලැප්ටොප් පරිඝණකයක් මිලදී ගැනීමේදී වියදම් කල හැකි මුදල් ප්‍රමාණය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ.

උපුටා ගැනීම - techwire.lk