2014 මතින් තොර වසරක්

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    2014 මතින් තොර වසරක්

    2014 මතින් තොර වසරක්


    107341110liquor2.jpg









    2014 වසර මතින් තොර සමාජයක් බිහි කිරීමේ වර්ෂයක් වශයෙන් නම් කීරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙස මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ පසුගිය දා පැවති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

    මේ වසරේ ගතවු කාලය තුළ මත් ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 54,000ට අධික පිරික් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට දිවයිනේ පාසල් ආශ්‍රිතව මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.

    මත් ද්‍රව්‍ය භාවිතය තුළින් ඇති වන සෞඛ්‍ය ගැටලු මෙන්ම ආර්ථික හානිදායකභාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

    අදාළ වැඩපිළිවෙළ සඳහා සියලු අමාත්‍යංශ වල සහය ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. ~Ada derana~
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ආන්ඩුවෙ අගමැති,මැති,ඇමති ගොල්ලො බර ගානක් හිරේ දාන්න වේවි ඕක කරන්න.... :P:P:P:P:P:P:P:P:P
     

    Similar threads