2019 ඇපල් සමාගම

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පසුගිය 2018 වසර සහ මේ ගෙවෙන 2019 වසරේ මුල් භාගය ලෝකයේ ප්‍රසිද්ධ සහ ජනප්‍රිය සමාගම් ගණනාවකට එතරම් සුභදායි වුණේ නම් නැහැ. ඒ සමාගම් අතරට දැන් ඇපල් සමාගමත් එකතු වෙලා. මේ වෙද්දී ඇපල් සමාගම බරපතල ලෙස ගැටළු කිහිපයකට ම මුහුණ දුන්නා. ඒ වගේ ම ඇපල් උපාංග සම්බන්ධවත් සිදුවීම් කිහිපයක් ම සිදුවුණා.මේ වන විට ඇපල් සමාගම මුහුණපා ඇති ගැටලුකාරී වාතාවරණයන් පිළිබඳව යි මේ ලිපිය හරහා විස්තර වෙන්නේ.
    MvenHGK1yCdXcwVo_1.jpg

    ඇපල් සමාගම ගැටළුකාරී තත්ත්වයන් රාශියකට මුහුණපා අවසන්- inc.comපසුගිය වසරේ Qualcomm සමාගම, ඇපල් සමාගමට විරුද්ධ ව නඩු පවරනු ලැබුණා. එයට හේතුව ලෙසින් ඔවුන් දක්වනු ලැබුවේ Qualcomm සමාගම සතු patent බලපත්‍රයන් තුනක කරුණු උල්ලංඝනය කිරීම බව යි. මේ හේතුව නිසා චීන රජය තාවකාලික ව iPhone 6S, iPhone 6S Plus, iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus, සහ iPhone X යන දුරකථන අලෙවිය තහනම් කෙරුණා. කෙසේනමුත්, දිගින් දිගටම ඉහත ජංගම දුරකථන අලෙවිය නවතා දමන්න ඇපල් සමාගම කටයුතු කළේ නැහැ. ඔවුන් සඳහන් කළේ ඉහත ගැටළුකාරී වාතාවරණයන් වලංගු වෙන්නේ පැරණි iOS සංස්කරණයන් ස්ථාපනය කර ඇති දුරකථන සඳහා පමණක් බවත්, ඔවුන්ගේ නවතම සංස්කරණය හරහා ගැටළුව විසඳා ඇති බව යි. කෙසේනමුත්, මේ ගැටළුව සහ නඩු මෙතැනින් නැවතුණේ නම් නැහැ.
    pBUJiHAGFyRqt1iw_2.jpg

    නඩු ගණනාවක් උසාවි කිහිපයක ම විභාග කෙරෙමින් පවතිනවා- pinterest.comමේ සමාගම් දෙක අතර නඩු ගණනාවක් උසාවි කිහිපයක ම විභාග කෙරෙමින් පවතිනවා. මේ සිදුවීම් ජාලයේ ම තවත් සිදුවීමක් ලෙස iphoe 7 සහ 8 දුරකථන විකිණීම සහ ගෙන්වීම ජර්මනියේත් තහනම් වුණා. මේ වාරණය නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ ජර්මානු වෙබ් අඩවියෙන් ඉහත දුරකථන දෙක ඉවත් කරගෙන ඇත. ඒ සමග ම මේ වන විට වෙළඳපොළ පවතින නිල apple storeවලට අමතර ව තෙවන පාර්ශවීය අලෙවිකරුවන් 4000කට අධික පිරිසක් වෙතත් යවා ඇති දුරකථන ආපසු ගෙන්වා ගැනීමට ඇපල් සමාගම වෙත නියෝග කෙරුණත්, එය සිදුවෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
    පසුගිය වසර අවසානයේ ඇපල් සමාගම ඉතා විශාල තීරණයක් ගනු ලැබුණා. ඒ ඉන්දියාව් high-end ඇපල් දුරකථන නිෂ්පාදනය කරන්න. 2017 වසරේ සිට ඇපල් සමාගම ඉන්දියාවේ නිෂ්පාදනය කළේ iphone se වැනි මිලෙන් අඩු දුරකථන පමණයි. 2019 වසරේ සිට මේ කටයුත්ත සිදුකිරීමට සමාගම තීරණය කර තිබෙනවා. මේ සඳහා Foxconn සමාගමෙන් සහාය ලබා ගන්නත් ඔවුන් සුදානම්. iPhone X, XS, සහ XR යන දුරකථන මෙසේ නිෂ්පාදනය සඳහා යි ඇපල් සමාගම සුදානම් වෙන්නේ. මේ තීරණයට හේතුව වී ඇත්තේ, ඉන්දියාව තුළට ගෙන්වන දුරකථන අමතර උපාංග වෙනුවෙන් ඔවුන් අය කරන බදු මුදල ඉතා ම අවම වීම යි. කෙසේවෙතත්, මේ හරහා ඔවුන්ට අඩු වියදමකින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වීම නිසා මේ දුරකථනවල මිලත් යම් තරමකින් හෝ පහළ බසි වීයැ යි ඇපල් දුරකථනවලට ආදර කරන පිරිසගේ මතය. කෙසේනමුත්, තවත් පිරිසකට අනුව ඉන්දියාවේ නිෂ්පාදන තත්ත්වයන් පිළිබඳ ව ඇති යම්කිසි ආකාරයක කළු පැල්ලම් ඇපල් සමාගමටත් බලපානු ඇති බව යි.
    rhEBmBBK3CFV0B9J_3.jpg

    සමාගම් ප්‍රධානි Tim Cook- cnbc.comකෙසේවෙතත්, Qualcomm සමාගම හා Huawei සමාගම සම්බන්ධයෙන් පැවති ගැටළුකාරී තත්ත්වයන් නිසාවෙන් වගේ ම, අලුතින් නිකුත් කළ iPhone XS, XS Max, හා XR දුරකථන වෙත ඉල්ලුම අඩුවීම් වැනි හේතු නිසාවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු වෙත පැහැදිලි බලපෑම් එල්ල වී තිබෙනවා. ආයෝජකයින් වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සමාගම් ප්‍රධානි Tim Cook සඳහන් කරන්නේ ඉහත සිදුවීම් නිසාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක පාඩුවක් ඔවුන් වෙත සිදුවිය හැකි බව යි. චීනයේ වෙළඳ හැකියාව අහිමි වීම සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම අනෙක් රටවලට අහිත කර ලෙස බලපෑම් ද මෙයට හේතු සාධක වන්නට ඇති බව යි මතය. iphone වෙළඳාම තරමක් අඩු වුණත්, අනෙක් ඇපල් නිෂ්පාදනයන්ගේ විකිණුම් වේගය ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා. පසුගිය වසරේ cbc ආයතය සිදුකළ වාර්තාමය වැඩසටහනත් සමහර විට මෙයට හේතු වන්නට ඇති.
    ඇපල් නිෂ්පාදනයන් නිසාවෙන් සිදුවුණු තවත් සිදුවීමක් වසර මුල දී ම වර්තා වුණා. Huawei සමාගම නව වසරට සුබ පැතීමට එක් කර තිබුණු twitter පණිවිඩය iphone එකක් හරහා පළවීම නිසා එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. මෙයට සම්බන්ධ සේවකයින්ගේ වැටුප් කප්පාදු කර ඔවුන් වසරක් අවසාන වන තෙක් තොරතුරුවලින් පහත දැමීමටත් Huawei සමාගම කටයුතු කර තිබුණා.
    HDHVV0QxQUkJe9dc_4.png

    බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණ twitter පණිවිඩය

    Source : Roar
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    iPhone XS, XS Max, හා XR

    මේවා විකිනෙන එක අඩු ගාන 7,8 වලට සාපේක්ෂව ගාන වැඩි හින්දා නෙවේද :eek:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    iPhone XS, XS Max, හා XR

    මේවා විකිනෙන එක අඩු ගාන 7,8 වලට සාපේක්ෂව ගාන වැඩි හින්දා නෙවේද :eek:

    කියන විඳියට නම් smart phone market එක සතෘප්ත වෙලා ලු දැන් තියෙන්නේ. මේ වෙනකම් smart phone market එක එක දිගට expand උන එක උනේ. දැන් මිනිස්සු ලොකු ගනන් device වලට යන්නේ නැ. Budget වලට යනවා මිසක්. Apple වලට විතරක් නෙවේ හැම smart phone එකකට ම ඕක පොදුයි.
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඇපල් නම් ඉල්ලගෙන කෑවෙ. ලොකු ගාණක් වියදම් කරලා ෆ්ලෑග් ශිප් එකක් ගත්තම. ටික කාලයක් යන්න කලින්ම මුන් තව හයි එන්ඩ් ෆෝන් එකක් එලියට දානවා.

    අප්ඩේට් බලෙන් එවලා ෆෝන් එක ස්ලොව් කරවනවා. ඕකුන්ට හොදම වැඩේ. කෙලවෙලාම යන්න ඕනෙ.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඇපල් නම් ඉල්ලගෙන කෑවෙ. ලොකු ගාණක් වියදම් කරලා ෆ්ලෑග් ශිප් එකක් ගත්තම. ටික කාලයක් යන්න කලින්ම මුන් තව හයි එන්ඩ් ෆෝන් එකක් එලියට දානවා.

    අප්ඩේට් බලෙන් එවලා ෆෝන් එක ස්ලොව් කරවනවා. ඕකුන්ට හොදම වැඩේ. කෙලවෙලාම යන්න ඕනෙ.

    ඒකෙත් තව පැත්තක් තියෙනවා බං. උන් පරන ෆෝන් වලට අප්ඩේට් එවනවා. පරන ඒවා ස්ලෝව් වෙන්නේ නෑ. ඉටින් මිනිස්සුන්ට අලුත් එකක්ට යන්න උවමනාවක් නෑ අර අයිශීප්ලා ඇරුනකොට
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    EMINƎM;24137968 said:
    ඒකෙත් තව පැත්තක් තියෙනවා බං. උන් පරන ෆෝන් වලට අප්ඩේට් එවනවා. පරන ඒවා ස්ලෝව් වෙන්නේ නෑ. ඉටින් මිනිස්සුන්ට අලුත් එකක්ට යන්න උවමනාවක් නෑ අර අයිශීප්ලා ඇරුනකොට

    හරි මචං එහෙම කරන්න ඕනේ දැන් i8 එලියට දාද්දි i5 වගේ ඉදන් පහල එව්වට. මුන් මේ i7 එකත් ස්ලෝ කරද්දි ලක්ශෙ පන්නලා වියදම් කරලා ෆෝන් එකක් අරන් ඒක ස්ලෝ උනාම අවුරුද්දක් යන්නත් කලියෙන් මල පනිනවනෙ බං.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කියන විඳියට නම් smart phone market එක සතෘප්ත වෙලා ලු දැන් තියෙන්නේ. මේ වෙනකම් smart phone market එක එක දිගට expand උන එක උනේ. දැන් මිනිස්සු ලොකු ගනන් device වලට යන්නේ නැ. Budget වලට යනවා මිසක්. Apple වලට විතරක් නෙවේ හැම smart phone එකකට ම ඕක පොදුයි.

    එකම දේනෙ වෙන්නෙ. තත්පර දශම ගානක වෙනස්කමක් මිනිස්සු ඉග්නෝ කරනව. තමන්ගෙ තත්වෙ පෙන්නන් ෆෝන් ගත්ත කාලෙ දැන් ඉවරයි.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හරි මචං එහෙම කරන්න ඕනේ දැන් i8 එලියට දාද්දි i5 වගේ ඉදන් පහල එව්වට. මුන් මේ i7 එකත් ස්ලෝ කරද්දි ලක්ශෙ පන්නලා වියදම් කරලා ෆෝන් එකක් අරන් ඒක ස්ලෝ උනාම අවුරුද්දක් යන්නත් කලියෙන් මල පනිනවනෙ බං.

    උන් හිතලම ස්ලෝ වෙන්න සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරනව. කාටවත් රිපෙයා කරන්න බැරි විදියට තමයි ෆෝන් මැක්බුක් අයිපෑඩ් ඩිසයින් කරන්නෙ
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    iPhone XS, XS Max, හා XR

    මේවා විකිනෙන එක අඩු ගාන 7,8 වලට සාපේක්ෂව ගාන වැඩි හින්දා නෙවේද :eek:

    mnnm phone gana ehama danne nah. ape IT pora kiyuwe features ekailu aluthen ena ewageth 8 eketh ithin achchara ganak denna ona nah 8 eka ganna kiala kiyuwe. math phone eka aluth karanna kiala apple use karalama nathi nisa ganna kiala ahuwe
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇපල් නම් කාගත්තා
    පට්ට ගණන් නේ phones
    samsung එහෙම ගානට බැලන්ස් එකේ යනවා
    s9+ එකත් 130ක් වගේ නේ
    පට්ට නේ phone එක අතට ගත්තම ආසාවේ බෑ
    6s and 7+ එක තමා උන් අන්තිමට ගැහුව හොඳම phone දෙක
    අනිත් ඔක්කොම overpriced and failed products