2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධි දාමය 1 කොටස

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    අප්‍රේල් 21 වන දා

    උදෑසන 8.00 - 8.45
    කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ එකම අවස්ථාවේ පුපුරා ගිය බෝම්බ හයක් පිළිබඳ වාර්තා වුණා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, කටාන සාන්ත සෙබස්තියන් දේවස්ථානය, සහ මඩකලපුවේ සයන් එවැන්ජෙලිකල් දේවස්ථානය මෙසේ ඉලක්ක වී තිබුණා. ඊට අමතරව කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රි ලා, සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ද ඉලක්ක වී තිබුණා. ප්‍රහාර එල්ල වන අවස්ථාවේ දී දේවස්ථානවල බැතිමතුන් පාස්කු ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගීව සිටි බවයි වාර්තා වුණේ.

    උදෑසන 9.00
    දේවස්ථානයන්ට එල්ල වූ ප්‍රහාරයන් ශ්‍රී ලංකා පොලිසිය විසින් තහවුරු කෙරුණා. තුවාලකරුවන් සංඛ්‍යාව පිළිබාඳ නිල තොරතුරු ඒ වන විට පැහැදිලි වූයේ නැහැ.

    උදෑසන 10.00
    කාදිනල් මැල්කම් රන්ජිත් විසින් උදෑසන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් හෙළා දකිනු ලැබුණා. මහජනතාවගෙන් සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටි ඔහු නීතිය අතට නොගන්නා ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

    උදෑසන 11.00
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ත්‍රස්ත ප්‍රහාරයන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප්‍රකාශ කළා. එමෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව මේ පිළිබඳව පරීක්ෂණ කරන බව ද ඔහු සඳහන් කළා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ කටකතාවලට නොරැවටී කටයුතු කරන ලෙසයි. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා.

    උදෑසන 11.30
    ආරක්ෂක කමිටුවේ විශේෂ රැස්වීමක් අගමැති, ආරක්ෂක ලේකම් ආදීන්ගේ සහභගීත්වයෙන් පවත්වනු ලැබුණා. එයින් පසුව විශේෂ කැබිනට් රැස්වීමක් ද පවත්වනු ලැබුණා.

    උදෑසන 11.50
    අප්‍රේල් 22 සහ 23 යන දෙදින තුළ සියළුම රජයේ පාසැල් වසා තබන බව අධ්‍යාපන ඇමතිවරයා නිවේදනය කළා. කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගත වීමට නියමිත මඟීන් අවම වශයෙන් පැය හතරකට පෙර එහි පැමිණෙන ලෙස දන්වනු ලැබුණා. තවද, අමුත්තන්ට එහි පැමිණීමට අවසර ලබා නොදීමට කටයුතු කෙරුණා.

    දහවල් 12.20
    අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින් සිදු වූ ප්‍රහාරයන් හෙළා දුටුවා. රජය තත්ත්වය පාලනය සඳහා උපරිම පියවර ගන්නා බව ඔහු පෙන්වා දුන්නා.

    දහවල් 12.40
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් දොස්තර අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ප්‍රහාරවලින් සිදු වූ මරණ සංඛ්‍යාව 138 දක්වා ඉහළ ගොස් ඇති බව යි. මේ අතර විදේශිකයන් නව දෙනෙකු ද වුණා. තව ද, 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද ඔහු සඳහන් කළා. අගරදගුරු නිවස නිවේදනයක් කරමින් සවස් වරුවේ පැවැත්වීමට නියමිත වූ සියළු පාස්කු දේව මෙහෙයන් අවලංගු කළා.

    දහවල් 12.45
    ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම ඔස්සේ, අගමැතිවරයා, ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් අතර වන රැස්වීමක ඡායාරූපයක් පළ කළා. සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටියා.

    දහවල් 12.55
    විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රස්ත ප්‍රහාරයන් හෙළා දකිමින් සඳහන් කළේ ශුද්ධ වූ දිනයක මෙවැන්නක් සිදු කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බව යි.

    දහවල් 1.00
    කතානායක කරු ජයසූරිය මෙම ප්‍රහාරයන් හැඳින්වූයේ බියගුළු ක්‍රියා ලෙස යි. මෙය එක් ජාතියකට හෝ ආගමකට හෝ එරෙහි ප්‍රහාරයක් නොව මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් බැඳුණ ශ්‍රී ලාංකීය ජාතියටම එල්ල කළ ප්‍රහාරයක් බව ඔහු කියා සිටියා.

    දහවල් 1.15
    ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 156 දක්වා ඉහළ ගොස් ඇතැ යි ද, ඉන් 35ක් විදේශිකයන් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

    දහවල් 1.30
    මියගිය සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගිය බව වාර්තා වුණා. කොළඹ ජාතික රෝහලේ මියගිය 46 දෙනෙකු සහ තුවාල ලද 469ක් ද, දකුණු කොළඹ ශික්ෂණ (කළුබෝවිල) රෝහලේ තුවාල ලද 17ක් ද, මීගමු රෝහලේ මියගිය 74 දෙනකු සහ තුවාල ලද 113ක් ද, මඩකලපු රෝහලේ මියගිය 27ක් සහ තුවාල ලද 80ක් ද ආදී වශයෙන් මියගිය සහ තුවාල ලද අය වාර්තා වුණා.

    දහවල් 1.35
    ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මාධ්‍ය අමතමින් ව්‍යාජ පුවත් පැතිරවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.

    දහවල් 1.40
    පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව අප්‍රේල් 23 වන දා රැස්වන බව කතානායක කාර්යයාලය නිවේදනය කළා.

    දහවල් 2.00
    ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් සමාජ ජාල අවහිර කෙරුණ බවට වාර්තා වුණා.

    සවස 2.10
    දෙහිවල සත්වෝද්‍යානය අසළ කුඩා හෝටලයක පිපිරීමක්. දෙදෙනකු මියගිය බවට වාර්තා වුණා. දෙහිවල සත්වෝද්‍යානය වසා දැමුණා.

    සවස 2.30
    කොච්චිකඩේ සාන්ත අන්තෝනි පල්ලිය වෙත ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අයට එරෙහිව දැඩිව කටයුතු කරන බව කියා සිටියා.

    සවස 2.35
    සවස 6 සිට පසුදා (අප්‍රේල් 22) උදෑසන 6 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව රජය කියා සිටියා.

    සවස 2.40
    දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදු වුණා. තිදෙනකු රෝහල්ගත කෙරුණ බව ද වාර්තා වුණා.

    සවස 3.15
    කොළඹ ජම්පටා වීදිය හෙවත් කේ. බී. ක්‍රිස්ටි මාවතේ තිබී සැකකටයුතු පර්සලයක් හමු වුණා. පොලිස් විශේෂ කාර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය එහි පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුණා.

    සවස 3.19
    පොලිස්පති විසින් රටපුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. මෙය නැවත දැනුම්දෙන තුරු බලාත්මක බවයි පවසන ලද්දේ.

    සවස 3.20
    කලින් පිපිරීම සිදු වූ දෙමටගොඩ නිවසින්ම තවත් පිපිරීමක් වාර්තා වුණා.

    සවස 3.30
    පිපිරීම සිදු වූ දෙමටගොඩ ස්ථානයේදී සිව් දෙනකු අත් අඩංගුවට ගන්නා ලදැයි වාර්තා වුණා. මේ අතර එහි පිපිරීමෙන් පොලිසියේ තිදෙනකු මියගියා.

    සවස 3.45
    දෙමටගොඩ සහ කොටහේන ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

    සවස 4.10
    ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පීඩාවට පත් ක්‍රිස්තියානි ප්‍රජාව ඇතුළු සියළු දෙනා වෙත් තම ශෝකය පළ කරන බව සිය පාස්කු දේවමෙහෙය අතරතුර දී ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළා.

    සවස 4.20
    ආරක්ෂක අංශ සහ පොලිසිය සඳහා වන සියළු නිවාඩු අවලංගු කරනු ලැබුණා. සියළු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කරනු ලබන බව ද නිවේදනය කෙරුණා.

    රජයේ විශ්වවිද්‍යාලයයන් වසා තැබෙන බවත්, ඒවායේ විභාග සියල්ල කල් තබන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කියා සිටියා.

    සවස 4.45
    ප්‍රහාරයන්ට සම්බන්ධ හත් දෙනකු අත් අඩංගුවට ගන්නා ලද බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ප්‍රකාශ කළා. බොහෝ ප්‍රහාර මරාගෙන මැරෙන ඒවා වූ බවත්, එකම කණ්ඩායමක ක්‍රියාවකැ යි දිස්වන බවත් ඔහු සඳහන් කළා.

    සවස 5.00
    මියගිය පොලිස් නිලධාරියා සහ කොස්තාපල්වරුන් දෙදෙනා එම අවස්ථාවේ දී සැකකරුවන් අල්ලාගැනීමේ මෙහෙයුම්වලට සහභාගී ව සිටි බව විජේවර්ධන කියා සිටියා. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් එය ජනාධිපතිවරයා සමග 22 වනදා කරන සාකච්ඡාවකින් පසු තීරණය කෙරෙන බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළා.

    සවස 5.20
    දෙමටගොඩ පිපිරීම් සිදු වූයේ පොලිසියට ලැබුණ තොරතුරක් අනුව සැකකරුවන් අල්ලා ගැනීම සඳහා එහි පැමිණි අවස්ථාවේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළා. මෙම අවස්ථාව වන විට ත්‍රස්ත ප්‍රහාරවලින් 207 දෙනකු මියගොස් 450ක් පමණ තුවාල ලබා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

    සවස 5.45
    හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ ආරක්ෂාව සහ පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ නගරයේ පමණක් ත්‍රිවිධ හමුදාවන් හි 1,000ක් දෙනා යොදවා ඇති බව යි.

    සවස 5.50
    අවම වශයෙන් විදේශිකයන් 27 දෙනකු ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් පස් දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ හෙළි කළා.

    රාත්‍රී 7.00
    කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ වෑන් රථයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාරේ දී අත් අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළා.

    රාත්‍රී 7.10
    ප්‍රහාරවලින් විදේශිකයන් 35 දෙනකු මියගොස් ඇතැයි කොළඹ ජාතික රෝහල ප්‍රකාශ කළා. ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය, චීනය, ජපානය, පාකිස්තානය, මොරොක්කෝව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයන් ඒ අතර වුණා.

    රාත්‍රී 8.30
    දෙමටගොඩ පිපිරීම් වූ නිවසෙන් කාන්තාවකගේ සහ ළමුන් දෙදෙනකුගේ සිරුරු සොයා ගැනුණා.

    රාත්‍රී 8.50
    රූපවාහිනියෙන් සජීවී ව ජාතිය ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රහාර පිළිබඳ බුද්ධි වාර්තා ලැබුණ බවත්, ඒ පිළිබඳ කටයුතු කෙරී නැති බවත් කියා සිටියා. තමන් සහ ඇමති මණ්ඩලය ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු නොවූ බව ද ඔහු සඳහන් කළා. ඔහු මේ ප්‍රකාශය කරන්නට ප්‍රධාන හේතුව වූයේ උදෑසන සමාජ ජාල ඔස්සේ හුවමාරු වූ ලිපියක්. එහි පැවති කරුණු අනුව තව්හීද් ජමාත් නම් අන්තවාදී ඉස්ලාමීය සංවිධානය ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි වාර්තා ලැබී තිබුණ බව සඳහන් වුණා. මෙය ව්‍යාජ ලිපියක් බව යි මුලින් විශ්වාස කෙරුණේ. නමුත් ඇමති හරීන් ප්‍රනාන්දු විසින් සවස කළ ප්‍රකාශයක් සමග මේ පිළිබඳ සැකය යළි ඇවිලී තිබුණා.

    රාත්‍රී 9.30
    සැකකරුවන් විසින් භාවිතා කළේයැ යි කියන නිවෙසක් පානදුර ප්‍රදේශයෙන් සොයාගත් බව පොලිසිය කියා සිටියා.

    රාත්‍රී 9.40
    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනය සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කෙරුණා. සති දෙකකින් එම කමිටු වාර්තාව ලබා දිය යුතුයැ යි ද සඳහන් වුණා.

    රාත්‍රී 10.00
    අත් අඩංගුවට ගත් පිරිස 13 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 10 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

    රාත්‍රී 11.15
    කටුනායක ගුවන් තොටුපළ අසළ දී බෝම්බයක් සොයාගනු ලැබ එය නිශ්ක්‍රීය කළ බව ගුවන් හමුදාව සනාථ කළා.


    මූලාශ්‍රය:
    Roar meadia
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඊයේ තමයි හොඳම දවස, තව pahu වෙනකොට තෙල් නැති වෙනකොට return ගුටි කන්න වෙන බව ඔවුන් දන්නවා 🤣
     
    • Like
    Reactions: Walter White