2019 Presidential Election අත්හිටුවන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය&#34

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    2019 Presidential Election අත්හිටුවන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය&#34

    ජනාධිපතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්


    Sirisena-e1526110997950.jpg


    ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

    පෙත්සම්කරු කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවය.

    එසේ තිබිය දී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදු කිරීමට නියමිත බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

    මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කරන පෙත්සම්කරු ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටී.

    ඊට අමතරව ජනාධිපතිවරණය සඳහා ලබන 07 වන දා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින බව පෙත්සමේ සඳහන් වේ.

    මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසිනි.

    එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදවියේ රැඳී සිටිය යුතු නිල කාලය වසර පහක් පමණක් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 වසරේ ජනවාරි මාසයේ ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබීය.

    ඒ සිය සිය ධුර කාලය අවසන් වන්නේ 2020 වසරේද ? නැත්නම් 2021 වසරේද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අවස්ථාවේදීය.

    එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, "වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත," යනුවෙනි.

    කෙසේ වුවත් ඒ සම්බන්ධ නඩු විභාගයේදී කරුණු දැක් වූ නීතිපතිවරයා කියා සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වසර පහක ධූරකාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බවය.

    2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 මැයි මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ.



    BBC සිංහල
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    පිංකෙත හෙළ රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා වේවා...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    අවුලක් නෑ තව මාස දෙක තුනක් අපේ හිටංගේ ආතල් බලන්න පුළුවන් :cool:


    hitan pissu porak ne oka gota wai sajith wai denama hire dala nawathinne janadipathi waraneta kalin ekarala pora thaniyama ilain vigneshwaran ekka.:lol::lol::lol:


    lesiyen ma dinala aya janadipathi.:lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මූට නම් පුකේ ඉදලා පිස්සු යන්ඩ කලින් හොද හොද සෙල්ලන් ටිකක් බලා ගන්ඩ පුළුවන් වෙයි වගේ
    ගොබ්බ සිරා

    :lol::lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hitan pissu porak ne oka gota wai sajith wai denama hire dala nawathinne janadipathi waraneta kalin ekarala pora thaniyama ilain vigneshwaran ekka.:lol::lol::lol:


    lesiyen ma dinala aya janadipathi.:lol::lol::lol:

    ඔව් බන්,එහෙම ආතල් දෙන්න පුළුවන් එකෙක් සිරා කියන්නේ :lol::lol: :shocked::shocked:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පිස්සුද බන් අධිකරණේ එච්චර මෝඩ නැහැ නවත්තන්නෙත් නැහැ
    මතේ විමසලා විමසලා කරන්න දෙයක් නැති කමට අසරණ කමට කරන වැඩ