2020 නායකයා කවුද?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
    '2020 දී මීළඟ ජනාධිපතිවරයා කවුරු විය යුතුද යන්න පිළිබඳ ජනමතය හඳුනාගැනීම' යන පර්යේෂණ මාතෘකාව යටතේ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය අජන්තා හපුආරච්චි හා අවසාන වසර විශේෂ උපාධි අපේක්ෂකයකු වූ වයි.ඩී. ප්‍රියංකර යන අයගේ සහායෙන් මාස තුනක කාලයකදී නුවරඑළිය, කෑගල්ල, රත්නපුර යන ප්‍රදේශයේ ජනතාව සහ දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි වයස අවුරුදු 18-75ක් දක්වා වන සියලුම ජාතීන්, ආගමික නායකයන්, වෘත්තීයවේදීන්, විද්‍යාර්ථීන්, නියෝජනය කරගනිමින් සිදුකළ පර්යේෂණයෙන් මේ බව අනාවරණය වී ඇත.
    එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති අතර පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ 'රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීමයි. ඒ අනුව පර්යේෂණ නියැදියට අදාළ 505 දෙනාගෙන් 231ක් ගැහැනු අය වන අතර 274ක් පිරිමි අය වේ.
    ඔවුන් ලබාදුන් ප්‍රතිචාරවලට අනුව පර්යේෂකයන් පහත නිගමනවලට එළැඹ තිබේ.
    වර්තමාන දේශපාලන නායකත්වයට හෝ දේශපාලන තත්ත්වයට මේ නියැදියට අදාළ 505 දෙනාගෙන් 134ක්ම අකැමැති බව ප්‍රකාශ කර තිබේ. මොවුන් පසුගිය මැතිවරණයෙන් වෙනසක් බලාපොරොත්තුවෙන් සිට එය කඩකර ගත් රටේ ශ්‍රම බළකායේ නියමුවන් හා දේශපාලනය පිළිබඳව අවබෝධයක් ඇති කොටසයි. මේ 134 දෙනාගේ මතය වී ඇත්තේ නැවත වර්තමාන නායකයන් කිසිවකු බලයට නොපැමිණිය යුතු බවයි.
    වයස අවුරුදු 18-20 යන නව කුලුඳුල් ඡන්ද හිමි තරුණ පිරිස කිසිදු දේශපාලන හැඟීමක් හෝ නායකයන් පිළිබඳ අවබෝධයක් නොමැති ඩිජිටල් ලොව සැරිසරන පිරිසක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
    පොදුවේ වත්මන් ඡන්ද දායකයා කිසිම දේශපාලන පක්ෂයක හෝ නායකයකුගේ පොරොන්දු, විශ්වාස නොකරන අතර ඒ කිසිවකුට රට පාලනය කිරීමේ වුවමනාවක් නැති බව මතය වී තිබේ.
    ප්‍රධාන පක්ෂ දෙකම එකිනෙකාගේ පන්තිය රැකගැනීමක් පමණක් කරන බැවින් ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කර තිබීම, නියැදියෙන් නම් කළ පුද්ගලයන් 5ට දෙනාට අමතරව විකල්පයක් ලෙස යෝජනා කරන්නේ කවුරුන් දැයි ඇසූ ප්‍රශ්නයේදී බහුතරයම කියා ඇත්තේ 'රට හැදීමට නම් රටට ආදරය කරන ඒකාධිපති නායකයකු අවශ්‍ය බවත් ඔහු බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුවද සුදුසු වන' බවත්ය.
    ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට පූර්ණ වශයෙන් ජනතාවගෙන් බැහැර වී ඇතත් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වැඩි කැමැත්ත පළ කර ඇති අතර එහිදී ජවිපෙට කැමැති තවත් කණ්ඩායමක් දක්වා ඇත්තේ 'ගෝඨාභය' ජනාධිපති කර අනුර කුමාර විපක්ෂ නායකකමට පත් කළහොත් රට හැදේවි යන' මතයයි.
    සමස්තයක් වශයෙන් සම්පූර්ණ පර්යේෂණය මඟින් රනිල් වික්‍රමසිංහ මහතාට කැමැති පිරිස සියයට ගණනක් ලෙස ගත් විට එය 8.64%ක් බව අනාවරණය කරගෙන තිබේ. පිරිසක් සුළුතර ඡන්දය ඔහුට හිමි බවත් තවත් පිරිසක් නව ව්‍යවස්ථාව සම්පාදනය කෙරේ සිය අප්‍රසාදයත් තවත් පිරිසක් දේශපාලන අවබෝධය ඇතත් එය කළමනාකරණය හා සාමූහිකත්වය කරගැනීම අසමත් බව පවසා තිබේ.
    මෛත්‍රිපාල සිරිසේන මහතා, එජාප ඡන්දෙයන් යැපෙන බවත් රට වෙනුවෙන් ඍජු තීරණ නොගන්නා බවට පිරිසකුත් එම දේශපාලනය මේ රටට නොගැළපෙන බවත් ඔහුට ඡන්දය දුන්නේ එජාපය නොවන බවත් තවත් පිරිසක් පවසයි. ඔහුට කැමැත්ත දක්වා ඇත්තේ 9.18%ක ප්‍රතිශතයක්ය.
    සජිත් ප්‍රේමදාස මහතා, එජාප බහුතර මතයට අනුව නිහඬව ගමන යන කෙනෙක් බවත් බහුතර කැමැත්ත ඔහුටය. 28.64%ක ප්‍රතිශතයක් ඔහුට කැමැත්ත පළ කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්තයෙන් 39.18%ක පිරිසක් කැමැත්ත පළ කර ඇත. සිංහල බෞද්ධ පදනම හා අමාත්‍ය ධුරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඩ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒවා රටේ ජනතාවගේ ආර්ථිකයට හේතුවක් නොවන බව ඔවුන්ගේ මතය වන අතර දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධයට දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබේ.
    මෙරට ජනතාවගේ දේශපාලන අවබා්ධය හා වර්තමාන දේශපාලන නායකත්වය පිළිබඳ මෙරට ජනතාවගේ වත්මන් ජනමතය හඳුනාගැනීමේ අරමුණින් මේ වසරේ සැප්තැම්බර් - නොවැම්බර් අතර කාලය තුළ මේ පර්යේෂණය පවත්වා තිබේ.


    From Facebook
     

    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    ගෝටා එනවට කැමතියි, ඒ පොර දිනනවට නෙමේ. ලොවෙත් දිනන්නේ නෑ. හැබැයි මිනිහගේ මිනීමැරුම්, අපරාධ එළිවෙන්න ඕනි. ජන්දෙට ආවා කියන්නේ ඒවා එළිවෙනවා. අනික ඇමරිකන් පුරවැසිකම අතෑරලා ජන්දෙට එන්න වෙන්නෙත්. ඒකට කැමති
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ගෝටා එනවට කැමතියි, ඒ පොර දිනනවට නෙමේ. ලොවෙත් දිනන්නේ නෑ. හැබැයි මිනිහගේ මිනීමැරුම්, අපරාධ එළිවෙන්න ඕනි. ජන්දෙට ආවා කියන්නේ ඒවා එළිවෙනවා. අනික ඇමරිකන් පුරවැසිකම අතෑරලා ජන්දෙට එන්න වෙන්නෙත්. ඒකට කැමති
    anura kumara dissanayake next president
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    reputation_neg.gif
    2020 නායකයා කවුද? 12-03-2017 01:46 PM :D paw asarana balaporoththu :D

    ගොඨා රෙප් කපනො :rofl:
    :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් කියන්ඩ නම් වෙන්නෙ අසාර්තක සමීක්ශනයක් කියල තමයි...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    505 කගෙන් මොනවා කරන්නද..? අනික මේ කොහෙවත් ඉන්න සජිත්ට ඔච්චර පක්ශ කට්ටියක් ඉන්නවද..? මේක නිකං ඉන්ටර්නෙට් එක දිහා බලලා ගහපු රිපෝර්ට් එකක් වගේ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    505 කගෙන් මොනවා කරන්නද..? අනික මේ කොහෙවත් ඉන්න සජිත්ට ඔච්චර පක්ශ කට්ටියක් ඉන්නවද..? මේක නිකං ඉන්ටර්නෙට් එක දිහා බලලා ගහපු රිපෝර්ට් එකක් වගේ...


    fb admin mahathathayek kalada danne neane :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    fb admin mahathathayek kalada danne neane :D

    ඒ වගේ තමයි සීන් එක... පොඩි සාදාරණ බවක් පෙන්නන්න සජිත් කාරයව ඇදලා අරන්... හැබයි හිටංට දාලා තියෙන ගාන නම් වැඩිද මන්දා... :rofl::rofl: