2021 ධම්මික පෙරේරාගේ දවසේ ආදායම ප්‍රකෝටි ගණනක්...අපි අනාථයි....

redux

Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    Itin moko. Dammika Perera witarak sepata kala bila hitiyama ati. Api unnanseta wahal kal karan imu. Irisiya karanna epa machan
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මම ධම්මික පෙරේරානම් ,

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .


    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..



    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ...
     
    • Haha
    Reactions: tha123 and JohnSnow