2022 අවුරුද්ද ඔයාගේ ජීවිතේ ඇත්තටම වෙනස් කරන අවුරුද්දක් කර ගන්න නම්...

T A R O

Well-known member
  • May 6, 2020
    205
    1,204
    93
    ~future~
    t.me
    ගිය අවුරුද්දෙත් හරියටම ජනවාරි වල ත්‍රෙඩ් එකක් දැම්මා මේ විදියටම.. (ඉක්මනට ගොඩ යන්න ද ඕනේ?)
    පොඩ්ඩක් ඉඩක් ලැබුන වෙලාවේ මේ අවුරුද්ද වෙනුවෙනුත් පොඩියට යමක් කියන්න ඕන කියල හිතුව.

    සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ඔයාලා අනිත් අයටත්, අනිත් අය ඔයාටත් සුභ පතන්න ඇති. නමුත් ඒක ඇත්තටම එහෙම වෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ, මූලිකවම ඔයා මේ අවුරුද්දේ ඔයාගේ ජීවිතේ තීරණ ගන්න විදිය සහ තමන් හිතන විදිය අනූව විතරමයි. කාටවත්ම බෑ ඔයාගේ ජීවිතේ සුභ කරල දෙන්න. කිසිම කෙනෙක්ට බැහැ. ඒක කරන්න ඕන ඔයාමයි ඔයා වෙනුවෙන්. ඉතින් ඔයා ඒ වෙනුවෙන් කල යුතු දේවල් සහ තමන්ට දෙයක් කරගන්න බැරි වෙනවනම් ඒ ඇයි කියන කාරනේත් ගිය අවුරුද්දේ ඒ ත්‍රෙඩ් එකේත් එකේ කතා කරල ඇති. බලන්න පුලුවන් කෙනෙක්ට ගිහින් අවශ්‍යනම්..

    මේ අවුරුද්දේ තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ඕන කියල දැඩිවම හිතනව නම් ඔයාට මෙච්චර කාලයක් අරගෙන ආපු පුරුදු, හැඩගැහුන දේවල් වෙනස් කරන්නම වෙනව. වෙනස් කරනව කියන්නේම ඒ වචනේ ඇතුලේ තියෙන්නෙ කටුක බවක්.. මොකද උපන්දා සිට මේ වෙනකල් තමන් ජීවිතේ එකතු කර ගනිපු තමන්ගේ ජීවිතය ආපස්සට අදින සමහර පුරුදු වෙනස් කරන්න නම් අසීමිත කැප කිරීමක් කරන්නම වෙනව.

    හැබැයි අවසාන ප්‍රතිඵලය ගොඩක් හොඳ එකක් වේවි තමන් තමන් වෙනුවෙන්ම කැපවෙලා, මහන්සි වෙලා, තමන්ගේ ජීවිතේ කාලකණ්ණි කරල දාන පුරුදු වලින් ඈත් වෙලා අලුත් විදියට හිතන්න සහ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් අද මේ මොහොතේ ඉදලා..

    මාස 6ක් හොඳටම ඇති, ප්‍රමාණවත් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න නම්.. ඒකට අවශ්‍ය වෙනවා නොසැලෙන අධිශ්ඨානයක් එක්ක එකතු වුන විනයක් (discipline )

    discipline කියන වචනේ තේරුම වෙන්නේ "the practice of training people to obey rules or a code of behavior, using punishment to correct disobedience"

    තමන්ට තමන්ගේ ජීවිතේට හොඳ දේවල් එකතු කරගන්න නම් මෙච්චර කාලයක් කරගෙන ආපු කාලකණ්ණි පුරුදු වලින් අයින් වෙන්න වෙනව, නමුත් ඒ අපේ ජීවිතේට කිසිම වැදගත්කමක් නැති ඒ පුරුදු වලින් අයින් වෙන්න ඔයාට ගෙවන්න වෙන වන්දියත් ගොඩක් වැඩියි. ඒ කියන්නේ ඒ bad habits කඩන්න නම් ඔයාට විනයක් ඇතුව හොද දේවල් එක දිගටම follow කරන් යන්න සිද්ද වෙනව.

    ඒක එක්තරා mind pain එකක්. මොකද අපේ මනස කැමති නෑ වෙනස් වෙන්න මෙච්චර කාලයක් අපි අරගෙන ආපු පුරුදු එක්ක. එයා කැමති always අපිව comfort zone තියන්න. නමුත් තමන්ගේ ජීවිතේ තව අඩියක් ඉහලට යන්න නම්, තමන්ගේ ජීවිතේ තව ඉහලට අරගෙන යන්න නම් මේ comfort zone එක කඩන්නම වෙනව.
    මෙන්න මේ දේ barrier එක කඩන්න නම් අපිට ලොකු මහන්සියක් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ද වෙනව.

    අපි පුරුදු කරන අලුත් දේවල්, වටින දේවල් එක දිගටම follow කරන් යන්න නම් අපිට විනය කියන දේ දැඩිව පාවිච්චි කරන්න වෙනව අපි වෙනුවෙන්ම.. මොකද අවසානයේ මේ කැප කිරීම් වල ප්‍රතිඵල ලැබෙද්දී මේ හැමදේකම වටිනාකම එතනදි තේරුම් යනව.

    ඔයාගෙ ජීවිතය ඉස්සරහට එන මාස 6 ඇතුලෙදි වෙනස් කරගන්න නම්... ඔයා වෙනස් කල යුතු දේවල් ටිකක් මට දැනෙන විදියට කියාගෙන යන්නම්.

    1. යන්න කන්නාඩියක් ඉස්සරහට. එහෙම නැත්නම් තනි වෙන්න සද්ද බද්ද නැති තැනක.. හිතන්න තමන් ගැනම.. ඔයා හිතන්න ඔයා මේ තාක් කල් ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කරපු දේවල් මොනවද කියල. මොනවද ඔයා කරන්න හිටපු දේවල්, මොනවද ඒ අතරින් කරගන්න පුලුවන් වුන දේවල්.. මොනවද තමන්ගේ ජීවිතේ ඉහලට ගෙන්න, next step එකට ගේන්න ඔයාට කරන්න පුලුවන් වුන දේවල්..

    2. හොයාගන්න මොනවද ඔයාගේ ජීවිතේ goals මොනවද කියන එක.. ඔයාට දිනාගන්න ඕන. ගන්න කොල ටිකක්, පෑනක්. ඒවා note කරන්න. ලොකු ලිස්ට් එකක් හදන්න..

    3. ඒ හදපු ලිස්ට් එකෙන් ඔයාගේ ජීවිතේට වැදගත්ම වෙන life goals 6ක් ගන්න එලියට. ඒ 6ට ඔයා හදන්න ඕන action plan එකක්. පොඩි පොඩි steps වලට කඩන්න ඕන, දින සති මාස cover වෙන විදියට.. හැමදෙයක්ම.

    4. ඔයාගේ ජීවිතේ කාලකණ්ණියෙක් කරන ඔයාට අවබෝධ වුන පුරුදු මොනවද කියන දේ note කරන්න. ඒවා අවසන් කරල දාන්න මේ මොහොතේ ඉදන්. ඒ වෙනුවට එකතු කරගන්න ජීවිතේට අලුත් හොද පුරුදු.. ඒවා ගොඩාක් ලොකු දේවල් වෙන්න අවශ්‍ය නෑ. නමුත් කාලයත් එක්ක ඔයාගේ ජීවිතේ ලොකු impact එකක් කරන හොඳ පුරුදු වෙන්න ඕන ඒ දේවල්..

    5. යන්න minimalist lifestyle එකක් මුලින්.. ඒකත් එක්ක හෙමින් තමන්ගේ ගමන start කරන්න..

    6. තමන්ගේ plan එකේ වැඩ කොටස් එදා දවසේ වැඩ එදා දවසේම ඉවර කරන්න. කිසිම විදියකින් excuse එකක් තියාගන්න එපා. no fucking excuses. හැමදේකටම excuse දෙන්න පුරුදු වුන කාලකණ්ණි මිනිස්සු එක හේතුවක් මේ ලංකාවට මෙහෙම වෙන්න. ඒක තේරුම් අරන් ඔයා ඒ කැත පුරුද්දෙන් අයින් වෙන්න.

    7. තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන කාලය වැඩි කරන්න. ආතල් ගන්න දේවල්, විනෝදාත්මක අවස්ථා කැප කරන්න අනාගතය ගැන හිතලා.. trust me. ඔයා අද මේ කාලය කැප කලොත් ඔයා ආතල් ගන්න දවස පටන් ගත්තම ඔයාට මේ කැප කරපු කාලේ ඇත්තම වටිනකම දැනේවි.

    8. ඔයාගේ diet එක සහ nutrition පැත්ත හරියටම maintain කරන්න. blood check කරගෙන තමන්ට අඩු පාඩු වෙලා තියෙන nutrition මොනාද කියන දේ ගැන අවබෝධයක් අරගෙන තමන්ගේ diet වෙනස් කරගන්න. ඔයා හරියටම ඔයාගෙ ඇගට ඕනෙ කරන vitamins and nutrition ටික දුන්නොත් trust me ඔයාගේ life එක 100x times improve වෙනව අනිවාර්යෙන්ම.

    9. ඔයාගේ අනවශ්‍ය වියදම් කපා හරින්න. ඔයාගේ life එකේ goals achieve කරගන්න තැනට එනකල් finance side එක balance කරගන්න ජීවිතේ.

    10. සතියට දවස් 4ක් වත් GYM යන්න. නැත්නම් අනිවාර්යෙන්ම exercise කරන්න. දවස් 3කට වඩා exercise නැතුව යන්න දෙන්න එපා. life එකේ මාරම වෙනසක් දැනේවි ඔයා මේ දේ හරියට කලොත්.

    11. ඔයා හදාගනිපු plans ඒ විදියට යනව කියල වග බලාගන්න. අවශ්‍ය වෙනස්කම් ටික කරල තව improve කරන්න.

    12. මේ හැමදේම හොඳ පැත්තට කරගෙන යද්දී ඔයාගෙ ඇතුලේ ඉන්න අර කාලකණ්ණිකම ආයේ මතු වෙන්න ගොඩක් උත්සහ කරනව. මොකද ඔයා මේ කරන්නේ ඔයාගේ හිත කැමති දේ නෙවෙයි. මේ කරන්නෙ comfort zone ඉන්න දේවල් නෙවෙයි. ඉතින් මේ හදාගත්ත හොද පුරුදු එක දිගට කරගෙන යන්න අපිට ඉඩ දෙන්නෙ නෑ inner demon ලා. එයා එක්ක fight කරන්න නම් මාරම විදියේ විනයක් අවශ්‍ය වෙනව. යකෙක් වගේ rules follow කරන්න. force කරන්න වෙනව මයි ඔයාගේ හොඳ පුරුදු පවත්වගෙන යන්න නම්..

    13. මාසෙට එක හොද පොතක් කියවන්න පටන් ගන්න. දවසට විනාඩි 10ක් කියෙවුවත් ඇති.. කියවන්න තමන්ගේ ජීවිතේ වෙනස් කරන පොත්.. self improvement books, ජීවිතේ උත්සාහවන්තව වෙනස් කරගනිපු මිනිස්සුන්ගේ ජීවිත කතා... කියවන්න අනිවාර්යෙන්ම.

    14. හැමතිස්සෙම තමන් කරන සහ කියන දේවල් වල වගකීම ගන්න පුරුදු වෙන්න. තමන් දෙයක් කරද්දී නිවැරදි සිහියෙ ඉන්න. මොනවද මේ කරන්නේ කියන එක ගැන...

    15. දවසට විනාඩි 10ක් 15ක් භාවනා කරන්න පටන් ගන්න. meditation සරල භාවනාවක් කරන්න. visualizations නැත්නම් affrimations වුනත් කමක් නෑ, නැත්නම් අනාපානසති භාවනාව හරි කමක් නෑ. දවසට විනාඩි 10ක් 15ක් අඩුම තරමේ...

    16. ඔයාගේ මේ කරගෙන ආපු දේවල් මාස 6 අවසාන වෙද්දී ඔයා පටන් ගත්තු තැනත්, අද ඉන්න තැනත් ගැන සසදල බලන්න. ඔයාට එතනින් එහාට කලයුතු දේවල් ඊලග මාස 6ට සැලසුම් කරගන්න පුලුවන් වෙයි එතනින් පස්සේ..


    මන් හිතන්නේ පැය බාගයක් වගේ ගියා මේ ටික type කරන්න. පොඩි වෙලාවක් free time එක ලැබුන වචනයක් කියන්න. මෙතන කියවුනේ ලොකු දෙයක් නොවුනත් ජීවිතේ අපි ඉස්සරහට යන්න නම් අපි කරන්න ඕන අපි මෙච්චර කාලයක් නොකරපු හොද දේවල් කරන්න පටන් ගන්න එක. හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් කියන්න තියෙන්නේ ඔයාගේ ජීවිතේ හොඳ පැත්තට වෙනස් කරන වගකීම තියෙන්නේ ඔයා ලඟ විතරයි. ඒකට වෙන කවුරුවත් අදාළ වෙන්නේ නැහැ.

    අපි හිතන විදිය අනූව, අපේ mindset එක අනූවයි අපි අවට දේවල් පි වටා නිර්මාණය වෙන්නේ. අපි නිරන්තරයෙන්ම පරිසරයට නිදහස් කරන සිතීවිලි මතයි පරිසරයෙන් දේවල් අපිට ලඟා කරල දෙන්නේ.. මේක අපි වටා ඉන්න මිනිස්සුන්ටත් ඒ වගේම සොබාදහමටත් පොදු දෙයක්.. යම් කෙනෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නම් ඒකට වගකියන්න ඕන වෙන කවුරුවත් නෙවෙයි, ඒ පුද්ගලයාමයි. ඒ පුද්ගලයාට ඇතිවුන සිතිවිලි, ක්‍රියාවලට හැරවිලා සමාජයට, අවට පරිසරයට නිදහස් වුන නිසා ඇති වුන සිදුවීම් දාමයන් නිසයි අද ඔහුට හෝ ඇයට ඒ ජීවත් වෙන තත්වය උදා වෙලා තියෙන්නේ. එහෙනම් පලමුවෙන්ම වෙනස් කරන්න ඕන තමන් හිතන විදිය. ඒක බලපානව තමන් වටා නිර්මාණය වෙන හැමදේටම.

    ඒ නිසා ජීවිතේ වෙනස් කරගෙන ඉස්සරහට යන්න නම් තමන් හිතන විදිය, මේ දක්වා ගෙන ආපු තමන්ගේ ජීව්තේට කිසිම වැදගත්කමක් නැති පුරුදු වලින් අයින් වෙන්න අද, මේ දැන් ඉදන්.. උත්සාවන්ත වෙන්න. අධික කැපවීමකින්, මහන්සියකින් තමන්ගේ ජීවිතේ ඉහලට අරගෙන එන්න වැඩ කරන්න.

    ඉතින් මේ අවුරුද්දේ අග වෙද්දී තමන්ගේ ජීවිතේ එක අඩියක් හරි ඉහලට අරගෙන යන්න හැකියාව, ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මන්.

    හැමෝටම ජය වේවා!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    23,463
    1
    52,596
    113
    30
    Kalutara
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි! 😌
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    522
    977
    93
    piliyandala
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචං.. මචන් ගොඩක් ස්තුතියි බෙදාගත්තට..උඹේ අදහස් වලට හැමදාම ගරු කරනවා..හැදෙන්න උත්සාහ කරන කෙනෙක්ට මාරම වටිනවා..ජය වේවා..!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,145
    2
    8,661
    113
    Home Sweet Home
    108 parak kiyapan ,nathnam wdadak na
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි!
    වැල බලන එකයි අතේ ගහන එකයි නවත්තගනිමි! 😌
     
    • Haha
    Reactions: Heshan Daminda