2022 ආණ්ඩුවේ වියදම රු. බිලියන 2,505 ක්.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ වියදම රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අට දහසක් (2,505,346,558,000.00) හෙවත් රු. බිලියන 2,505 ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇත. අද (07) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි මේ බව සඳහන් වේ. මෙයින් රු. බිලියන 1,776.40 ක් පුනරාවර්තන වියදම් හා රු. බිලියන 728.94 ක් මූලධන වියදම් වශයෙන් වර්ගීකරණය කර ඇත.

    මෙය 2022 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආන්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකි.

    http://biz.adaderana.lk/2022-ආණ්ඩුවේ-වියදම-රුපියල්-දෙ/
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති වැය ශීර්ෂය 2019 සාපේක්ෂව 2022 කොච්චර වෙනසක් පෙන්නනවද මචන් ? 🖖
     
    • Haha
    Reactions: u_make_me_sick_

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    A : ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉදිරිපත් කළ සාර්ථකය අයවැය මෙයයි. බැසිල් ඇමතිතුමා කවුද කියන ඒක අද විපස්සය හරියටම දැනගත්තා. ඒතුමා අනාගත ජනාධිපති වෙන ඒකේ පෙර නිමිත්ත තමයි මේ. මෙරට සංවර්ධනාත්මකම අයවැය මෙයයි. පොඩි මිනිහා ගැන හිතපු අයවැය මෙයයි. අපනයන වලට හොදයි. ........

    B : මෙතෙක් ඉදිරිපත් කළ අසාර්ථකය අයවැය මෙයයි. පුහු වචන ගොඩක් විතරයි. අපරාදෙ පාර්ලිමේන්තුවෙ කාලය කාල දැමීමක්. පොඩි මිනිහා කබලෙන් ලිපට. අත්‍යවශ්‍යම දේට මුදල් වෙන් කරල නෑ.
     

    Similar threads