2022/01/01
පෙර වසර වල වගේම 2021 වසර අවසානය වගේම 2022 වසර ආරම්භ කලා ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ උතුම් මුණි සිරිපා වන්දනා කරල...
මගේ 25 වන සිරිපා කරුණාව කළ්යාණ්මිත්ර දිලීප් හා උදය අයියා එක්ව කරුණා කලා... පෙර වසර වල වගේම මේ වසරේත් අවුරුද්දේ අවසානය සිරිපා මළුවේ සර්ව රාත්රි පිරිත් ශ්රවනය කරගෙනම අවසන් කර 2022 නව වසර ආරම්භ කලා....
නව වසර ආරම්භ වන මොහොතේම ,
සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙ උතුම් මුණි සිරිපා , වම් සිරිපා , එරං පතුල , මැණික් පතුල වන්දනා කරගන්න ලැබීම මා ලැබූ භාගයක් සේ සලකමි...
ජනවාරි පළවෙනි දින උදෑසන උතුම් ශ්රීපාද පද්මයට සම්බුද්ධ පූජාව වැඩම කරවීමට සහෝදර දිලීප් ගෙන් ඉගෙනුම ලබන දරුවන් විසින් නිම කර දුන් පාවඩ එලා දහවල් සම්බුද්ධ පූජාවට මගේ පංතිවල දූ දරුවන් ලබා දුන රෝස මල් සමග ගඟේ බැහැල නෙලාගත් වැටකෙයියා මල් වලින් ලස්සන මල් වට්ටියක් පූජා කර පිං රැස් කරගෙනම 2022 ට පය තියල වසර පටන් ගත්තා...
මේ කරගත් කුසලකර්මයේ පිං මහිමයෙන් ,
කොරෝනා රෝගය වැලදී ඇති සියල්ලෝම සුවපත් වෙත්වා...
කොරෝනා රෝගය තුරන් වෙත්වා...
සියලූම සත්වයෝ සුවපත් වෙත්වා...
සුමන සමන් දෙවිඳුන් ප්රධාන දෙව්ලොව සියලුම දෙවිවරුන්ට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා
ඔබ සියලු දෙනාට ද මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා
තෙරුවන් සරණයි