Answered 2022 මහජන නැගිටීමේ දේශපාලන පාඩම්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ....

    සම්බන්ධ වෙච්ච කම්කරු වර්ජන පැවතුනා. වෘත්තීය සමිතිවල සිර කිරීම් නොතකා, දිනපතා විවිධ ක්ෂේත්‍රවලින් කම්කරුවෝ ගෝල්ෆේස් පිට්ටනියට ආවා. එහෙම නැති නම් තමන් ඉන්න ප්‍රදේශවල පෙලපාලි විරෝධතා පැවැත් වූවා. එබඳු මහජන ක්‍රියාකාරිත්වයක් සම්බන්ධයෙන් තමයි රාජපක්ෂ මේ ජඩ ප්‍රකාශය සිදුකර ඇත්තේ.

    එම ව්‍යාපාරය පිලිබඳව ලංකාවේ ධනපති පන්තිය විතරක් නොවෙයි, මේ තත්ත්වය සමනය කරන්නේ කෙසේද යන්න ගැනවොෂින්ටනයේ, නවදිල්ලියේ, ලන්ඩනයේ යුරෝපීය මහ නගරවල ධනපති පාලක පන්තීන් බිය පත් වෙලා හිටියා.

    නින්දිත අවලාද ව්‍යාපාරයන්ට විරුද්ධ ව සසපත් එහි තරුන ව්‍යාපාරයත් මේ මහජන අරගලය ආරක්ෂා කරනවා.

    අපි එම අරගලය එදා ආරක්ෂා කලේත් අද ආරක්ෂා කරන්නේත් එය සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්ත කන්ඩායම්වලට කිසිදු දේශපාලන සහනයක් දෙන්නේ නැතිවයි. ඔවුන්ගේ දේශපාලනයේ පවතින දුර්වලකම් ධනපති පන්තියට, ජාමූඅ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට පවතින ලැදිකම් අපි විවේචනය කලා. ඒ සියල්ලට එරෙහි ව සිටිමිනුයි අපි ඒ අරගලය ආරක්ෂා කරන්නේ.

    අරගලය යන අතරතුර දී ම, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා 2022 අප්‍රේල් 22 දා, මේ කන්ඩායම් පිලිබඳ ව විවේචනාත්මක විශ්ලේනයක් ඉදිරිපත් කලා 'ශ්‍රී ලංකාවේ ආන්ඩුවට එරෙහිව නැගී ඇති විරෝධතා මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්න' යන මාතෘකාවෙන්.

    පාලක පක්ෂ ගැන හැරුන ම, සජබ සහ ජවිපෙ/ජාජබ ඇතුලු විපක්ෂයේ සිටින සංවිධානවල ක්‍රියාකලාපය ගැන යමක් කියන්න ඕන. මහජනතාවගෙන් ස්වයංසිද්ධ ව අරගලය පැන නැගුනා ම ඔවුන් මේ අරගලය ගැන පුදුමයට පත් ව, තිගැස්සී තමන්ගේ භූමිකාව ඇරඹුවා.

    හරියට ම අප්‍රේල් 9 වැනි දා, ගෝල්ෆේස් පිටිය වාඩිලා ගැනීම සිදුවූ දවසේ, ජවිපෙ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුනා අපි මේ වගේ 'අරාජකවාදී' වැඩවලට සම්බන්ධ නෑ. මේ මොකක් වෙනව ද කියල අපි බලන්න ඕන කියලා.

    පසුව ජවිපෙත් සජබත් තමන්ගේ ආනුභාවය යටතට මහජන අරගලය නතුකර ගන්න විවිධ වැඩවල යෙදුනා. ඉන් එකක් තමයි, රාජපක්ෂගේ ආන්ඩුව ඉවත්වී, සියලු පක්ෂ එකතු කරගත් 'අන්තර්වාර පාලනයක් ඇතිකිරීමේ' යෝජනාව.
    ------ Post added on Jul 7, 2024 at 12:24 AM

    https://www.wsws.org/si/articles/2024/06/18/sril-j18.html
    ------ Post added on Jul 7, 2024 at 12:25 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    මචං උබ සිරා ජෙප්පෙක්ද? මට තියනවා පොඩි ප්‍රශ්නයක් අහන්න?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචං උබ සිරා ජෙප්පෙක්ද? මට තියනවා පොඩි ප්‍රශ්නයක් අහන්න?
    නැහැ

    සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
    සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

    සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී

    https://www.wsws.org/si
    ------ Post added on Jul 7, 2024 at 4:02 AM