නාමල් රාජපක්‍ෂ ජනාධිපති වෙන එකේ වරද මොකක්ද බන්. ඕනිම තාත්ත කෙනෙක් කැමතියි තමන්ගේ පුතා තමුන් ගිය අඩි පාරේ යනවට. ඒ නිසා මහින්ද රාජපක්‍ෂත් කැමති ඇති එයාගේ පුතා නාමල් රටේ ජනාධිපති වෙනවා දකින්න. සමහර විට අනිත් පුතාලත් අගමැතිලා වෙනවට කැමති ඇති. උබලා මෙච්චර කල් කිව්වේ තරුණ නායකයෙක් ඕනි කියලනේ. පොරට තාම 36යි. එතකොට කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. තොපි ගේන්න හදන අනුරට 54යි බොලව්. නාමල් අමාරුවෙන් පාඩම් කරලා කොහොම හරි ලෝයර් කෙනෙකුත් වෙලා ඉන්නේ. මීට අමතරව ගන්න පඩීය තොපි වගේ නාස්ති නොකර ඉඩ කඩම්, දේපල රැසකටත් හිමිකම් කියනවා. මම පහුගිය දවසක දැක්කා නාමල්ගේ දරුවා ඇදන් හිටපු ඇදුමක මිල ගැන ෆේස්බුක් එකේ කතා බහ වෙනවා. ඒ ඇදුම රු 70000කට ආසන්නයි. ඉතින් බන් පාර්ලිමේන්තුවේ මන්තී කෙනෙක්ටත් පඩීය 80000-100000 අතරේ ලැබෙනවා. ඉතින් එයා එයාගේ මසේ පඩිය වියදම් කරලා ඒ ඇදුම අරන් දෙන්න ඇති. ඌ ඇදුමක් අරන් දුන්න එකට තොපිට ඇති රුදාව මොකක්ද යකෝ. 2015ට කලින් උබලා බැන්න්නා මාළිගාව වටේ රේස් පැද්දා කියලා. එහෙම කරාම ශබ්දය දූෂණය වෙනවා කියලත් කිව්වනේ. එතකොට බන් දැන් ඉන්න කොල්ලො බීට් කැන් හයිකරගෙන වාහන් පදිනකොට ඊට වඩා සද්දයක් එනවනේ. එතකොට ශබ්ද දූෂණය වෙන්නෙ නැද්ද? තව එකෙක් කියනවා දැක්කා තෙල් අර්බුදය , ගැස් ප්‍රශ්නය ආවේ රාජපක්‍ෂලා නිසා කියලා. ලෝක ජනගහනයට සාපෙක්‍ෂව ලංකාවෙත් ජන ගහනය වැඩි වෙනවා. ඉස්සර මාසෙට තෙල් නැවක් ගෙනාව නම් දැන් නැව් 2-3ක්වත් ඕනි. දියුණු රටවල්වල වැඩිපුරම භාවිත වෙන්නේ පොදු ප්‍රවාහනය. අපේ රටේ වැඩට යන එකාගේ ඉදන් සේරම පාවිච්චි කරන්නෙ පුද්ගලික වාහන.බස් එකේ මිනිස්සු 50-60කට ය්න්න පුළුවන්. ඒත් උබලා කාර් එකේ ගියොත් ඒ වාහනේ යන්නේ උබ විතරක් වෙන්නත් පුළුවන්. ඉතින් බන් එකෙක්ට යන්න වාහනේක තෙල් නාස්ති කරන්න ඕනි නැනේ. තොපි පුරුදු වෙන්න ඕනි මීට පස්සේ බස් එකේ කොච්චියේ වැඩට යන්න. ඒවගේම ගැස් නැත්නම් දර ළිපේ උයාගෙන කාපියව්. ශී ලංකාව කියන්නෙ කාන්තාරයක් නෙමෙයිනේ. ඕනි තරම් ගහ කොළවලින් දර හොයා ගන්න පුළුවන්. ඒවගේම ලීකුඩු ලිප්. දර ලිප් වගේ ඒවා හදගන්නත් පුළුවන්.මේකට නාම්ල්ට බැනලා වැඩක් නෑනේ
මීට අමතරව මෙයාගේ මල්ලි ජොබක් කරන්නෙත් නැතුව, ගැණියෙකුයි ළමයෙකුයි නඩත්තු කරන්නෙ කොහොමද , වටින පූසෙක් නඩත්තු කරන්නෙ කොහොමද කියලාත් සමහර අය තර්ක කරනවා මම දැක්කා. දැන් හොදම උදාහරණේ ඉන්නෙ එළකිරියේ. ඒ තමයි අපේ වලතරයා @scurvy .ඌ ඉන්න පැත්තේ මිනිස්සුන්ටත් වලතරයා ගැන ඒවගේ හිතෙනවා ඇති. මූ ජොබක් කරන්නෙත් නැ, ගේ ඇතුලෙමයි ඉන්නෙ, යන්නෙ එන්නෙත් ත්‍රීවිල්වල,... මුට කොහෙන් ද සල්ලි,.. මූ කුඩු විකුණනවද.. වගේ ප්‍රශ්න ගොඩක් වලතරගේ අසවැසියන්ටත් ඇති. ඒත් බන් ඌ සල්ලි හොයන විදිය අපිනේ දන්නෙ. ඒවගේ නාමල්ගේ මල්ලිලත් ඔන්ලයින් සල්ලි හොයනවා ඇති. තොපි අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටපියව්.
2012දි මෙයාගේ මල්ලි රොකට් එකක් යැව්වා. 2022ට ඒක යවලා දස වසරක් සපිරෙනවා. හැබැයි ඒ රොකට එක නැති උනත් පොර ඒකට උත්සහයක් හරි ගත්තනේ. කවද හරි ඌ රොකට් එකක් යවයි. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයා ගත්තේ අසාර්ථකවීම් දහසකට මූණ දීල. අඩූම තරමේ උබලට උඩ යන සරුංගලයක්වත් හදාගන්න පුළුවන් ද කියපන්කෝ. ඇත්තටම තොපිට තියෙන්නෙ ඉරිසියාවක්. ඒ නිසා 2024දි අපේ නාමල් මන්තීතුමාව ජනාධිපති කරමු. මට එච්චරයි උබලට කියන්න ඕනි.
පල්ලෙහා ෆොටෝ එක නිකං දැම්මේ. මේක දැකලා තමයි මට මෙහෙම ලියන්න හිතක් පහළ උනේ. දැන්වත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්තපියව්


