මාර්තු 15 සෙනසුරාදා එළකිරි මාධ්‍යවේදියෙක් ලවුටස් සමඟ සිදුකළ විශේෂ මාධ්‍ය සාකච්චාවේ උපුටාගත් කොටසක් පහතින් පලකරමි.
--
මාධ්‍යවේදියා : ආයුබෝවන් ලවුටස් මහතා! මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු? සෙනසුරු මාරුවකුත් ළඟම එනවා නේද?
ලවුටස් : ආයුබෝවන්! ඔව්, මාර්තු 29 සෙනසුරු මාරුව සිදුවෙනවා. ඒත් බොහෝ දෙනෙක් නොදන්න යුරේනස් ගේ රාශි මාරුව සිදුවෙනවා මාර්තු 19 දා. මෙය සෙනසුරු මාරුවට වඩා ඉතාම බලවත් ග්‍රහ මාරුවක්.
මාධ්‍යවේදියා : ඔබ කියන්නේ මේ යුරේනස් ගේ රාශි මාරුව සෙනසුරු මාරුවට වඩා බලවත් කියලද?
ලවුටස් : අනිවාර්යෙන්!
මාධ්‍යවේදියා : හොඳයි එයින් සිදුවෙන බලපෑම් මොනවගේද?
ලවුටස් : බලපෑම් රාශියක් සිදුවෙනවා යහපත් අයහපත් දෙපැත්තටම. ප්‍රධාන වශයෙන් නූතන තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුවෙනවා. විදුලි , විද්‍යුත් , පරිගණක වැනි ක්‍ෂේත්‍ර ප්‍රධාන වෙනවා. උදාහරණයක් වශයෙන් කෘතීම බුද්ධිය වැනි යෙදවුම් මඟින් සමස්ත ලෝකයටම විශාල බලපෑමක් සිදුවේවි. එමඟින් ලෝක යුධ තාක්‍ෂණය ඉතාම බිහිසුණු මට්ටමකට වර්ධනය වෙන්න පුළුවන්. යුග පරිවර්තනයකට තුඩු දෙන නූතන සුපිරි තාක්‍ෂණික මෙවලම් මේ ඉදිරි වසර 7 ඇතුලත ලෝකයට බිහිවේවි. ලෝක බල අරගලය උච්චතම තැනකට පත්වෙනවා. ගුවන් ප්‍රවාහන ක්‍ෂේත්‍රය ආශ්‍රිත පෙරළියක් සිදුවෙනවා. බොහෝ විට නව අභ්‍යාවකාශ යුගයක් ආරම්භ වීමට ඉඩ තිබෙනවා. මෙතෙක් ලෝකය නොදැන සිටි සුපිරි ධනවතුන් බිහිවෙනවා.
මාධ්‍යවේදියා : හොඳයි ඒ ලෝකය ගැන නේ. අපේ රටේ තත්වය කොහොම වේවිද? දේශපාලනික තත්වය? ඔබ මේ පවතින මාලිමා ආණ්ඩුව වෙනුවෙන් හඬක් නගපු කෙනෙක් නේද?
ලවුටස් : නැහැ. ඒක වැරදි මතයක්. මම මාලිමා ආණ්ඩුව වෙනුවෙන් කිසිදු හඬක් නගා නැහැ.
මාධ්‍යවේදියා : නැත්තේ මොකද?? පහුගිය ජනාධිපතිවරණය, මහමැතිවරණය කාලවලදී ඔබ විශේෂ අනාවැකි පවා පළකරමින් ඔවුන් වෙනුවෙන් වැඩ කරපු විදිහ අපි දැකලා තියෙනවා.
ලවුටස් : මම හිතන්නේ ඔබ කරුණු වරදවාගෙන තිබෙනවා. ඔය කියන කාල වකවානුවලදී මාලිමා ආණ්ඩුවක් තිබුනේ නැහැ. ඒ හැරත් මම මාලිමාව වෙනුවෙන් නොවෙයි හඬ නැගුවේ, එවකට පැවති රනිල් රාජපක්‍ෂ දුර්දාන්ත පාලනයට එරෙහිව යි. ඔවුන්ට එරෙහිව ඒ මොහොතේ පැවතියේ මාලිමාවේ කඳවුර. එය වුවමනාවෙන් සිදුකල තේරීමක් නොවෙයි. ඒ මොහොතේ වෙන විකල්පයක් තිබුනේ නැහැ. විශේෂයෙන් ජ්‍යෝතිෂ්‍ය අනාවැකි පලකිරීමේදී මා කිසිවිටෙකත් දේශපාලනය ඊට අදාළ කරගත්තේ නැහැ. ඉදිරියටත් එහෙමයි.
මාධ්‍යවේදියා : ඒත් මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාව විශාල වශයෙන් රැවටීමට පත්කළ බවට චෝදනා එල්ලවෙනවා නේද?
ලවුටස් : මොනවද රැවටීම්?
මාධ්‍යවේදියා : මොනවද අහන්නේ එකක් ද දෙකක්ද? එක පෑන් පහරින් සියලු ප්‍රශ්න විසඳනවා කියලා නේද බලයට ආවේ? දැන් පාස්කු ප්‍රහාරයට මොකද වෙලා තියෙන්නේ? කාදිනල් තුමත් දැන් කෙඳිරි ගානවා නේද?
ලවුටස් : පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ සිදුවෙච්ච ඉතාම පිළිකුල් සහගත ඛේදවාචකයක් බව අපි කවුරුත් පිලිගන්නවා. කාදිනල් තුමන් සමඟ හෝ කතෝලික සභාව සමඟ මගේ කිසිදු පුද්ගලික අමනාපයක් නැහැ. ඒත් මේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මඟින් කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාව මේ රටේ කතෝලික බැතිමතුන්ට පමණක් නොවෙයි සමස්ථ මහජනතාවටම විශාල වරදක් සිදුකර ඇති බව මම කියනවා. ඒ විතරක් නොවෙයි මේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මඟින් ඔවුන්, ඔවුනටම දැඩි හානියක් සිදුකරගෙන තිබෙනවා.
මාධ්‍යවේදියා : මාලිමා ආණ්ඩුව පාස්කු ප්‍රශ්නයට ඍජුව මැදිහත්වෙලා යුක්තිය ඉටුකරනවා කියලා පොරොන්දු වෙලා තමයි බලය ලබාගත්තේ?
ලවුටස් : ඔව්. ඔවුන් පාස්කු ප්‍රශ්නය ගැන දිගින් දිගටම පෙනීසිටි බව ඇත්ත. ඒත් යතාර්ථය මොකක්ද? ජනාධිපතිවරණයට මාස පහ හයකට පෙර ඔවුනට තිබු තක්සේරුව මොකක්ද? අනුර කුමාර මේ රටේ ජනාධිපති වෙලා ආණ්ඩුවක් පිහිටුවලා බලය ලබාගනිවී කියලා කවුද විශ්වාස කළේ? අඩුම තරමින් අනුර කුමාරට වත් එවැනි විශ්වාසයක් තිබුණා කියලා ඔබ හිතනවද? බලයට පත්වේවි යයි නොසිතන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. දැන් ඔය සමහර සාමාන්‍ය මිනිස්සුත් කියන්නේ මම ජනාධිපති වුනොත් මෙහෙම කරනවා, අරෙහෙම කරනවා කියලා. ඒ වගේ තමයි. ඔය මාලිමාවේ අය කතාකරපු දේවල් මේ රටේ වත් ලෝකෙවත් කිසිම කෙනෙක් සත පහකට මායිම් කලේ නැහැ.
ඒත් ජනාධිපතිවරණය ආසන්න වෙද්දී මේ තත්වය වෙනස් වුණා. විශේෂයෙන් ඉන්දීය රහස් ඔත්තු සේවාව අනුර කුමාර ජනාධිපතිවරණය ජයගන්නා බවට කරුණු තහවුරු කරගෙන ඒ බව ඉන්දීය නායකත්වයට දැනුම්දීමෙන් පසුව ඉන්දියාව බොහෝ කලබලයට පත්වූ බව මා දන්නවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි එවකට ජනාධිපති අපේක්ෂකයෙක්ව සිටි අනුර කුමාරට ඉන්දියාවෙන් හදිසි කැඳවීමක් ලැබෙන්නේ. එහිදී ඇතිවූ සාකච්චා වලදී ඉන්දියාව පැනවූ ප්‍රධාන කොන්දේසි කීපයකටම අනුර කුමාර තමන්ගේ එකඟත්වය පලකරලා තිබෙනවා. එය ඔහු ගත් ඉතාම බුද්ධිමත් තීරණයක් බව විශේෂයෙන් කිවයුතුයි. එය එසේ නොවන්නට ජන රැල්ල කොහේ තිබුණත් මේ රටේ අනුර කුමාර දිසානායක නමින් ජනාධිපතිවරයකු තේරී පත්නොවන ඉර හඳ වගේ පැහැදිලියි. කවුරු කොහොම පිළිගත්තත් නැතත් මගේ විශ්වාසයට අනුව, මහපොළොවේ යතාර්ථය නම් මේ රට ඉන්දියාවේ නිල නොවන ප්‍රාන්තයක්. මේ රට පාලනය කලයුත්තේ කවුද කියල තීරණය කරන්නේ ඉන්දියාව. මේක මේ අද ඊයේ ඇතිවූ හදිසි තත්වයක් නොවෙයි. ඉතිහාසය පුරාම බැලුවොත් ඕක ඔහොම තමයි.
මාධ්‍යවේදියා : ඔබ සිතන ආකාරයට පාස්කු ප්‍රහාරයට මූලිකව වගකිව යුත්තේ කවුද? රාජපක්‍ෂලා ද?
ලවුටස් : මගේ මතය නම් මීට අඩු වැඩි වශයෙන් වගකිවයුතු බොහෝ දෙනෙකු සිටිනවා. පැහැදිළිවම එවකට පැවති ආණ්ඩුව සිය වගකීම් නිසිලෙස ඉටුකොට නැහැ...
මාධ්‍යවේදියා : නැහැ, මම අහන්නේ මේ ප්‍රහාරය සැලසුම් කරලා දියත්කලේ කවුද? කාගේ වුවමනාවට ද කියලයි. මහ මොළකරුවෙක් ගැන කියවෙනවා.
ලවුටස් : මම හිතන්නේ දැනටමත් ඔබට මෙය පැහැදිලිවී තිබියයුතුයි. මේ ප්‍රහාරය රාජපක්‍ෂලාගේ වැඩක් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඔවුන් ඒකෙන් දේශපාලන වාසියක් ලබාගත් බව නිසැකයි. එහෙම බැලුවොත් මාලිමාවත් ඒකෙන් දේශපාලන වාසියක් ලබාගෙන තිබෙනවා. මෙය ඉතාම කණගාටුදායක තත්වයක්. ප්‍රහාරයෙන් පසු මේ ඇතිවී තිබෙන ඛේදනීය තත්වයට කාදිනල් තුමා ඇතුළු කතෝලික සභාවත් වගකිව යුතුයි. මා කලින් කී පරිදිම ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්‍රශ්නය ඉතාම නරක අන්දමින් දේශපාලනීකරණය කර හෝ එසේ වීමට ඉඩහැර හෝ තිබෙනවා.
තවමත් මෙහි අවසන් ප්‍රතිඵල ලැබී අවසන් නැති බව පමණක් මතක තබාගන්න. අනාගතයේ දවසක මේ පාස්කු ප්‍රහාරයම දේශපාලන වාසියක් කරගෙන නාමල් රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති බවට පත්වුණොත් ඔබ පුදුම වෙන්න එපා!