2025 පොදු අපේක්ෂාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි මෙසේ සඳහන් වෙයි.

    ‘‘යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීමට ලැබීම භාග්‍යයක්. සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ අභිලාෂ ඉටු කරනවා. දෙමළ ජනතාවට අතීතයට වඩා වැඩි වශයෙන් අපි සම්පත් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය සිය රජය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති බව සඳහන් කරන්න අවශ්‍යයි.“

    “යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා.“

    “අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ. අපේ ආණ්ඩුවේ අපේ නෛතික අභිලාෂ ආරක්ෂා කරන බවට මා සහතිකයක් දෙනවා“

    “ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විගස ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා. මගේ කාලය තුළදී ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වෙද්දි කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ. ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපි සමත් වී සිටිනවා. ඉතිරි බෝට්ටු ටික ද අපි නිදහස් කරගන්නවා.“ යයිද එම නිවේදනයේ සඳහන් වේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    ඕකනෙ චීන සබ්මැරීන් එකක් එහෙම ගෙනාවොත් මැරෙන්න හදන්නෙ :3
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    කොහොමත් ඉන්දියන් NGO ඉන්නකන් අපිට කිසි සහනයක් නැහැ..ඒක නිසා චීනා එක්කම හිටියනම් ඉවරයි
     
    • Like
    Reactions: asylum

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,230
    18,884
    113
    අදාල නෑනේ
    2050 apekshawa

    150576287_10158932269154030_3687750462624818684_o.jpg