2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ධම්මික පෙරේරා
    ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම
    ඒක පුද්ගල
    දළ දේශීය නිෂ්පාදනය

    USD 4,000 සිට
    USD 12,000

    දක්වා වැඩි කිරීම
    සඳහා

    සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව: 1 කාණ්ඩය


    01
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය

    ආරක්ෂාවෙන් සහ නිදහසෙන් පොහොසත් රටක්
    ‘‘ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියයි .’’
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • රටේ ස්වාධිපත්‍යය සහ ක්‍රමෝපායික වැදගත්කම ආරක්ෂා කර ගැනීම.
    • ගොඩබිම, සාගරය සහ ගුවන් තලයේ දේශසීමාවන් කළමනාකරණය.
    • ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී අන්තර්ජාතික සහජීවනය හා සහයෝගිතාවය ගොඩනැංවීම.
    Snow


    ‍‍A = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (හමුදා ශ්‍රම බලකාය)B = ශ්‍රී ලංකා පොලිසියC = ශ්‍රී ලංකා නාවික හමුදාව (හමුදා ශ්‍රම බලකාය)D = සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවE = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (හමුදා ශ්‍රම බලකාය)
    F = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)G = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)H = ශ්‍රී ලංකා නාවික හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)I = වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවJ = ආරක්ෂක අමාත්‍යාංශය
    K = රාජ්‍ය බුද්ධි සේවයL = ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලM = භාෂා පුහුණු මධ්‍යස්ථානය - කොත්මලේ
    ක්‍රියාකාරී සැලැස්ම
    1. ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම.
    2. ත්‍රස්තවාදය සහ අන්තවාදය ‘කිසිසේත්ම නොඉවසීමේ’ ප්‍රතිපත්තිය (“Zero Tolerance” policy) හඳුන්වාදීම.
    3. සියලූ‍ ආරක්‍ෂක අංශයන් අතර ඵලදායී සන්නිවේදනයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ (ඔත්තු සේවා) ක්‍රියාන්විතයන් තනි ප්‍රධානියෙකු යටතට පැවරිය යුතුය.
    4. ‘‘බුද්ධි අංශ’’ වෘත්තිමය සේවාවක් ලෙස සැලකිය යුතු අතර, ආකර්ෂණීය වැටුපක් මත දක්ෂතමයන් මෙයට බඳවාගත යුතුය.
    5. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සියලූ‍ බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීම.
    6. බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් විදේශ ඔත්තු සේවාවන් සමග සම්බන්ධ කිරීම සහ නූතන තාක්ෂණික උපකරණ සමග ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම.
    7. වෙරළ සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම.
    8. සොල්දාදුවන්ගේ සුබසාධනය සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී වැඩ පිළිවෙලක් හඳුන්වාදීම.
    9. පොලිසිය, ජෛවමිතික තාක්ෂණයන්ගෙන් (Biometric technologies) ඩිජිටල්කරණය කිරීම.
    10. ඕනෑම ස්ථානයකදී අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ‘මුහුණු ආනාවරණය තාක්ෂණය’ (Facial Recognition Technology), සෝදිසි කැමරා මගින් ක්‍රියාවට නැංවීම.


    ******කවුරු හරි මේකට බුම්ප් එකක් දාන්න නැත්නම් මේ අලුත් ෆෝමැට් එකේ ඉතිරි ටික දාන්න දෙන්නේ නැහැ

    ***** මේකෙම ඉංග්‍රීසි එක තව මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ඔහුගෙන් බලලා තමයි මම මේක වැදගත් වෙයි කියලා සිංහල එක දැම්මේ මුල් ගවුරවය ඔහුට හිමි විය යුතුයි.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    02

    මුදල් හා සැලසුම්කරණ අමාත්‍යාංශය
    ධනයෙන් පොහොසත් රටක්

    “විනිවිදභාවය සහ වගවීම මත පදනම් වූ පුරවැසි කේන්ද්‍රීය මූල්‍ය ප්‍රවේශයන් මත ශක්තිමත් ආර්ථිකයක් සඵල වේ.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක - මූල්‍ය සංවර්ධනයෙන් වඩා යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම
    1. ස්ථිරසාර මූල්‍ය කළමනාකරණය ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රමුඛතාවන් තුළ සිදුවන ආයෝජනයන් දිරිගන්වන ආදායම්, සාධාරණ වගකීම් සහගත සහ ඵලදායී ආකාරයට උත්පාදනය කරන බව සහ වැයකරන බවට සහතික වීම.
    2. දිළිඳුකම අවම කිරීමේ අරමුණු පෙරදැරිව - නූතන තාක්ෂණය භාවිතා කොට නිර්ණායක 50ක් ඔස්සේ, දුගී බවට හේත හඳුනාගෙන සංවර්ධිත රටක තත්වය දක්වා දුප්පත්කම/ දුප්පත්කමේ ප්‍රතිශනය පහළ දැමීමට පිණිස ආයෝජන වෙන් කිරීම.
    3. මානව ප්‍රාග්ධන සංවර්ධනයට - ප්‍රමුඛතාව ලබාදෙමින් උසස්තත්වයෙන් ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනය ලබාදී, පාසල් අධ්‍යාපනය හමාර කරන ශිෂ්‍යයින්ගෙන් 50% රාජ්‍ය හා පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඇතුලත්වන බවට සහතික වීමත්, තාක්ෂණික හා වෘත්තිමය පුහුණුව (TVET) සන්නාමකරණයකට ලක්කොට ගුණාත්මකව ඉහළ දමා ශිෂ්‍යයින්ගෙන් 40% ඇතුලත් කරගැනීමට සහතික වීම. මේ අනුවු නුපුහුණු ශ්‍රමබලකායට වැටෙනුයේ 10%ක ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණි.
    4. ප්‍රශස්ථ සමාජ ප්‍රතිපත්ති රාමුව - රටෙහි සියලූ පුරවැසියන්ට සම අවස්ථා ලැබීම ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන පරිශ්‍රමයන්ට සහයෝගය ලබාදී රැකියා ප්‍රවර්ධනය කිරීම, කෘෂිකාර්මික අංශය පරිණාමනයට ලක්කිරීම (ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම තුලින් ගෘහස්ත ආදායම ඉහළ නැංවීම, වසර පුරා ආරක්ෂාකාරී පෝෂ්‍යදායි ආහාර වේලක් සමානව පරිභෝජනය කිරීම සහ කෘෂිකර්මාන්තයේ කාන්තාව සවිබල ගැන්වීමද ඇතුලත්ව) සහ ආර්ථික සංවර්ධනය.
    5. සියලූ අංශ ඇතුළත් තිරසාර ආර්ථික සංවර්ධනය - ශක්තිමත්, දිගු කාලීන සහ පිරිසිදු ආර්ථික වර්ධනයක් සඳහා අත්‍යාවශ්‍ය වන වාතාවරණයක් නිර්මාණය කිරීම. මේ අනුව ශ්‍රී ලංකාවේ ජීවන තත්වය සහ යහපැවැත්ම ඉහළ නැංවෙනු ඇත.
    ශ්‍රී ලංකාවේ වාර්ෂික ජනගහන වර්ධන වේගය දළ වශයෙන් 190,000 කි. එයට අනුව වර්තමාන ආර්ථිකය තත්වය පවත්වාගෙන යාම සඳහා වර්ෂයකට අතිරේක රැකියා 62,400 ක් උත්පාදනය කිරීම අත්‍යාවශ්‍ය වේ.
    (මූලාශ්‍රය: Jobless Growth, World Bank, 2018)
    ‘ඕකන්ගේ නීතිය‘ (‘Okun’s law) අනුව විරැකියා ප්‍රතිශතයේ සිදුවන සෑම 1%ක අඩුවීමකදීම, දළ දේශීය නිෂ්පාදනය 3%කින් ඉහළ යන බවයි.
    විරැකියාව අඩු කිරීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමෙන් රැකියා උත්පාදන සැලසුමක් බිහිකිරීම සහ එය ක්‍රියාවට නැංවීම. මෙම වැඩසටහන මාසිකව අධීක්ෂණය කළ යුතු අතර, පුද්ගලික අංශයේ ආයෝජනවලට ආණ්ඩුව සහාය දැක්විය යුතුය.
    බදු ප්‍රතිශතය සහ රාජ්‍ය ආදායමේ වෙනස්වීම වේගය අතර සම්බන්ධය ‘ලෆර් වක්‍රය’ මගින් දක්වයි. මෙමගින් බදු ආදායමේ ප්‍රත්‍යාස්ථතාවය නමැති සංකල්පය, එනම් බදු ප්‍රතිශතයේ වෙනස්වීම්වලට අනුව බදු ආදායම වෙනස් වන බව පෙන්වා දෙයි.
    වර්තමානයේ රටෙහි ආයෝජන අඩු වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මූලික වශයෙන් අපගේ බදු ප්‍රතිශතයන් අපගේ තරගකාරී රටවලට වඩා ඉහළ අගයක් ගැනීම සහ ඒ අනුව ආයෝජන සිදුකිරීම අධෛර්යමත් වීමයි.
    බදු ප්‍රතිශතයන් උපරිම ආදායම් උපරිමකරණ ලක්ෂ්‍යයේ පවත්වාගැනීම අත්‍යාවශ්‍ය වුවද එය සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදුවිය යුතුය. එනම් ප්‍රධාන වශයෙන්ම තරගකාරී රටවල් සමග සසඳමින් රට වෙත හැකිතාක් දුරට උපරිම ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එසේ කළ යුතුය. එබැවින් උපරිම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා බදු ප්‍රතිශතයක් ආදායම් උපරිමකරණ ලක්ෂයේ පවත්වාගැනීම අවශ්‍ය වේ.
    බදු සහ රේගු ප්‍රතිපත්තිවල වෙනස් කම් සිදුකිරීම මගින් ග්‍රීන්ෆීල්ඩ් හා බ්‍රවුන්ෆීල්ඩ් කරණයේ දේශීය සහ විදේශීය ඝෘජු ආයෝජන නැංවීම. එමඟින් ආර්ථික වර්ධනයද දිස්ත්‍රික්ක මට්ටටමේ රැකියා උත්පාදනයද, භාණ්ඩ හා සේවා අපනයනයද වර්ධනය වේ.
    ආර්ථික වර්ධනය සඳහා ග්‍රීන්ෆීල්ඩ් (greenfield) සහ බ්‍රවුන්ෆීල්ඩ් (brownfield) ගණයේ දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ඉහළ නැංවීම පිණිස බදු සහ රේගු ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනය සහ භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රබල අවශ්‍යතාවයක් වේ.

    අයිතමයආදායම් බදු
    (සෘජු බදු)
    (රු. මිලියන)
    සමස්ත රාජ්‍ය ආදායම Revenue
    (රු. මිලියන)
    සමස්ත රාජ්‍ය ආදායමෙන් සෘජු බදු ප්‍රතිශතයසමස්ත රාජ්‍ය ආදායමෙන් වක්‍ර බදු ප්‍රතිශතයරුපියල අවප්‍රමාණ වීමෙන් සිදුවන හුවමාරු පාඩුවවිදේශ ණය
    (රු. මිලියන)
    200552,535379,74713.80%86.20%117,785956,620
    200679,693477,83316.70%83.30%108,5791,103,418
    2007107,169565,05119.00%81.00%71,6461,326,487
    2008126,541655,26019.30%80.70%117,7851,448,734
    2009139,558699,64419.90%80.10%23,1141,760,467
    2010135,624817,27916.60%83.40%-10,0282,024,583
    2011157,310967,86216.30%83.70%90,3352,329,280
    2012172,5941,051,46216.40%83.60%230,6422,767,299
    2013205,6661,137,44718.10%81.90%-15,3612,960,424
    2014198,1151,195,20616.60%83.40%-89,3353,113,116
    2015262,5831,454,87818.00%82.00%285,0913,544,031
    2016258,8571,686,06115.40%84.60%186,6504,045,796
    2017274,5621,831,53115.00%85.00%225,2234,718,618
    2018310,4501,919,97416.20%83.80%1,063,2185,959,547
    එකතුව2,481,2572,405,344
    *ආදායම් බදු (සෘජු බදු)
    ආදායම් බදු (සෘජු බදු)=ආයතනික සහ ආයතනික නොවන බදු+උපයන විට ගෙවීමේ බදු (PAYE)+ආර්ථික සේවා ගාස්තු+පොලි ආදායම මත බදු
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ක්‍රියාකාරී සැලැස්ම
    ගතවූ වසර 14 ක කාලය තුළ සමුච්චිත පදනමක් මත රජයේ සෘජු බදු ආදායම රු. බිලියන 2,481 ක් වූ අතර එයින් රු.බිලියන 2,405 ක් රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් අතිරේක ගෙවීමකට යටත් විය. ඒ අනුව පසුගිය වසරේ විදේශ ණය රු. බිලියන 5,959 කින් ඉහළ ගියේය. මේ අනුව 2%-3%කට වඩා රුපියල අවප්‍රමාණ වීම නතර කර ගැනීම ආයෝජන ගෙන ඒම සඳහා, විශේෂයෙන්ම සෘජු විදෙස් ආයෝජන ගෙන ඒම සඳහා සහ, සෘජු බදු ආදායම නොතකා අපනයන වැඩි කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ.
    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති

    2018 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රු. බිලියන 1,909 ක් විය. බදු පැහැර හැරීම් අධීක්ෂණය සඳහා රේගුව මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ද කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI) මත පදනම් වූ අධීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. (ස්විට්සර්ලන්තයට IBM Watson හඳුන්වා දීමෙන් පසු රේගුවේ බදු ආදායම 10%කින් වැඩි විය). මෙවිට රාජ්‍ය ආදායම 15%කින් ඉහළ යනු ඇත්තේ අතිරේක ලෙස රුපියල් බිලියන 287 ක ආදායමක් උත්පාදනය කරමිනි.
    1. පහත දැක්වෙන කර්මාන්තයන්හි වත්මන් සමාගම් බදු ප්‍රතිශතය එම මට්ටමින් පවත්වාගෙන යමින්,
      • මූල්‍ය සේවා - (රක්ෂණ සහ විශ්‍රාම අරමුදල් හැර )
      • තොග වෙළඳාම - (මෝටර් රථ වාහන සහ යතුරුපැදි හැර)
      • දුම්කොළ නිෂ්පාදන
      • විදුලි සන්දේශ
      • සූදු සහ ඔට්ටු ඇල්ලීම
    2. වත්මන් ලාභාංශ බදු ප්‍රතිශතය සහ ප්‍රාග්ධන ලාභ බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම
      (මෙය අතිරේක රැකියා උත්පාදනය සඳහා උපකාර වනු ඇත).
    3. පහත දැකවෙන වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම සහ ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයකින් යුතු ආයෝජන මණ්ඩල ගිවිසුම් හරහා නව ව්‍යාපාර අවස්ථා සහතික කිරීම.
      • අධ්‍යාපනය
      • තොරතුරු සේවා ක්‍රියාකාරකම්
        (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හොස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්‍රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services) , පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)
      • මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්
      • ගුවන් ගමනාගමනය
      • මෝටර් රථවාහන, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් නිෂ්පාදනය
      • කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය
      • ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම
      • මළාපවාහනය
      • වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය
      • ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව
      • පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන්
    4. 1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම
    5. 1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම සහ සියලුම අංශ (බස්නාහිර පළාත) සඳහා ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දීම, සෙසු පළාත් 8 සඳහා මෙහිදී 80%ක් ලබාදිය යුතුය. මේ අනුව බලාත්මක වන බදු ප්‍රතිශතය 2.4% කි (මෙය අතිරේක වශයෙන් ග්‍රාමීය, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනයට උදව් වනු ඇත).
    6. උපයන විට බදු ප්‍රතිශතය 12% අය කරනු ඇත්තේ රු. 500,000 ක මාසික ආදායම් සීමාවක ආරම්භයේදී ය.
    රේගුව ට සම්බන්ධිත ප්‍රතිපත්ති
    රේගුවේ දැනට පවත්නා HS කේත 7,162 අතරින් රේගු ආදායමෙන් 90%ක් උත්පාදනය වන්නේ HS කේත (සය අංකිත) 500 ක් තුළිනි. රේගු ආදායමෙන් 90%ක් උපයා දෙන මෙකී HS කේත 500 සඳහා බදු ව්‍යූහය මැලේසියාව, තායිලන්තය සහ ඉන්දියාව අනුගමනය කරමින් ප්‍රතිව්‍යූහගත (මෙය දේශීය කර්මාන්ත සහ අතිරේක රැකියා නිර්මාණයට දායක වනු ඇත) කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රේගු ආදායම 10%කින් ඉහළ දැමිය හැකි වේ.
    රජයේ ප්‍රාග්ධන ආයෝජන
    මහජන ආයෝජන වැඩසටහන (PIP) යනුවෙන් හඳුන්වන රජයේ ප්‍රාග්ධන ආයෝජනයන්ගේ ප්‍රතිලාභ ශ්‍රී ලාංකිකයන් පරම්පරා ගණනාවකට විහිදෙනුයේ ප්‍රමාණයක් සාධාරණ සහ වඩා කාර්යක්ශම ලෙස ණය ගැනුම් සිදු කරමිනි.
    වර්ධනය වන මුල්‍ය විනය පවත්වාගෙන යෑමට, වත්මන් සහ අනාගත පරම්පරාවන්ට වඩාත් සමානාත්මතාවයෙන් යුතුව මුල්‍ය කොටස් බෙදීයෑමට උපකාරී වන ලෙස මුදල් ණයට ගැනීම වගකීම් සහගත ලෙස තිරසාර පදනමකින් යුතුව සිදුකෙරනු ඇත.
    රජයේ පුනරාවර්තීය වියදම්
    දුගී බව ප්‍රත්‍යස්ථ ලෙස අඩු කිරීම, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික, විශ්ව විද්‍යාල, තාක්ෂණික සහ වෘත්තීය පුහුණ (TVET) අධ්‍යාපනය අත්‍යාවශ්‍ය වියදම් ලෙස හඳුනා ගැනේ.
    වර්තමානයේ ශ්‍රී ලංකාව මෙකී පුනරාවර්තීය වියදම්වලින් ඇතැමකට අරමුදල් සොයාගැනීමේ පහසු මාර්ගය ලෙස ණය ගැනීම්වලට යොමු වී ඇත. මෙය දීර්ඝකාලීනව පරමාදර්ශී නොවන්නේ අද දිනයේ අවශ්‍යතාවයන් සඳහා ණය බර අනාගත පරම්පරා වෙත විතැන් වන බැවිනි. මේ සම්බන්ධව වඩාත් සාධාරණ සහ වඩා ස්ථිරසාර ප්‍රවේශයක් වන්නේ පුනරාවර්තීය ආදායම හරහා පුනරාවර්තීය වියදම් ආවරණය කර ගැනීමයි. මේ නිසා අපට අපගේ බදු ක්‍රමය ප්‍රත්‍යාස්ථිතීය ලෙස පවත්වාගෙන යාම පිණිස එය නිරන්තරයෙන් සමාලෝචනය කළ යුතු වේ.
    ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපායික සැලසුම්කරණය
    මුදල් සහ සැලසුම්කරණ අමාත්‍යාංශය වෙත ශ්‍රී ලංකාව සඳහා අනාගත ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැලසුම්කරණයේ වගකීම පැවරෙනු ඇත.

    අයවැය මගින් යෝජනා කරන ඕනෑම ප්‍රතිපත්තියක් ආර්ථික විශ්ලේෂණයක් සහිත විය යුතු අතර, මුදල් අමාත්‍යාංශය ඒ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
    අයවැය පොරොන්දුවල ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Management Information System - MIS) ක්‍රියාවට නැංවීම.
    වත්කම් කළමනාකරණ පද්ධති මගින් ආණ්ඩුවේ වත්කම් සහ සම්පත් උපරිම ලෙස උපයෝජනය කරන බව සහතික වීම සහ එය අධීක්ෂණය සිදුකිරීම.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ධම්මික පෙරේරා
    ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්ම
    ඒක පුද්ගල
    දළ දේශීය නිෂ්පාදනය

    USD 4,000 සිට
    USD 12,000

    දක්වා වැඩි කිරීම
    සඳහා

    සංවාද ප්‍රතිපත්ති පත්‍රිකාව: 1 කාණ්ඩය


    01
    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය

    ආරක්ෂාවෙන් සහ නිදහසෙන් පොහොසත් රටක්
    ‘‘ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය, භෞමික අඛණ්ඩතාවය සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්තියයි .’’
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • රටේ ස්වාධිපත්‍යය සහ ක්‍රමෝපායික වැදගත්කම ආරක්ෂා කර ගැනීම.
    • ගොඩබිම, සාගරය සහ ගුවන් තලයේ දේශසීමාවන් කළමනාකරණය.
    • ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී අන්තර්ජාතික සහජීවනය හා සහයෝගිතාවය ගොඩනැංවීම.
    Snow


    ‍‍A = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (හමුදා ශ්‍රම බලකාය)B = ශ්‍රී ලංකා පොලිසියC = ශ්‍රී ලංකා නාවික හමුදාව (හමුදා ශ්‍රම බලකාය)D = සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවE = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (හමුදා ශ්‍රම බලකාය)
    F = ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)G = ශ්‍රී ලංකා ගුවන් හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)H = ශ්‍රී ලංකා නාවික හමුදාව (සිවිල් ශ්‍රම බලකාය)I = වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවJ = ආරක්ෂක අමාත්‍යාංශය
    K = රාජ්‍ය බුද්ධි සේවයL = ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලM = භාෂා පුහුණු මධ්‍යස්ථානය - කොත්මලේ
    ක්‍රියාකාරී සැලැස්ම
    1. ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම.
    2. ත්‍රස්තවාදය සහ අන්තවාදය ‘කිසිසේත්ම නොඉවසීමේ’ ප්‍රතිපත්තිය (“Zero Tolerance” policy) හඳුන්වාදීම.
    3. සියලූ‍ ආරක්‍ෂක අංශයන් අතර ඵලදායී සන්නිවේදනයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ බුද්ධි අංශ (ඔත්තු සේවා) ක්‍රියාන්විතයන් තනි ප්‍රධානියෙකු යටතට පැවරිය යුතුය.
    4. ‘‘බුද්ධි අංශ’’ වෘත්තිමය සේවාවක් ලෙස සැලකිය යුතු අතර, ආකර්ෂණීය වැටුපක් මත දක්ෂතමයන් මෙයට බඳවාගත යුතුය.
    5. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සියලූ‍ බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමුවක් හඳුන්වාදීම.
    6. බුද්ධි අංශ/ඔත්තු සේවා නිලධාරීන් විදේශ ඔත්තු සේවාවන් සමග සම්බන්ධ කිරීම සහ නූතන තාක්ෂණික උපකරණ සමග ඔවුන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදීම.
    7. වෙරළ සහ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම.
    8. සොල්දාදුවන්ගේ සුබසාධනය සහ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වඩාත් ඵලදායී වැඩ පිළිවෙලක් හඳුන්වාදීම.
    9. පොලිසිය, ජෛවමිතික තාක්ෂණයන්ගෙන් (Biometric technologies) ඩිජිටල්කරණය කිරීම.
    10. ඕනෑම ස්ථානයකදී අපරාධකරුවන් සහ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම සඳහා ‘මුහුණු ආනාවරණය තාක්ෂණය’ (Facial Recognition Technology), සෝදිසි කැමරා මගින් ක්‍රියාවට නැංවීම.


    ******කවුරු හරි මේකට බුම්ප් එකක් දාන්න නැත්නම් මේ අලුත් ෆෝමැට් එකේ ඉතිරි ටික දාන්න දෙන්නේ නැහැ

    ***** මේකෙම ඉංග්‍රීසි එක තව මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා ඔහුගෙන් බලලා තමයි මම මේක වැදගත් වෙයි කියලා සිංහල එක දැම්මේ මුල් ගවුරවය ඔහුට හිමි විය යුතුයි.
    bump oni naa
    1000 ta wadi ewata thawa ekak daana puluwan
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    03
    අධ්‍යාපන අමාත්‍යාංශය
    මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

    “අධ්‍යාපනය මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමට, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඵලදායී ලෙස ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රධාන දායකත්වයක් ලබාදෙයි.”
    ධම්මික පෙරේරා

    ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය
    USD 4,000 සිට USD. 12,000 දක්වා වැඩි කිරීම සඳහා


    වර්තමාන ශ්‍රී ලංකාව
    (19-23 අතර සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස)
    2020-2025 සඳහා ඉලක්කය
    (සිසුන් බඳවා ගැනීම)
    ඉලක්කයට ළඟා වීම සඳහා වැඩි වීමේ හෝ අඩුවීමේ වාර ගණන
    රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබන සිසුන් ගණන (2017)7%25,20016.67%60,0002.38 වාරයකින් ඉහළ යයි.
    දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල4.1%15,00029.23%105,2287.1 වාරයකින් ඉහළ යයි.
    විදේශගත සිසුන්4.1%15,0004.1%15,000
    වෘත්තීය පුහුණුව සම්පූර්ණ කළ සිසුන් ගණන (2017)22%79,20040%144,0001.8 වාරයකින් ඉහළ යයි.
    ශ්‍රම බලකාය සඳහා නුපුහුණු ශ්‍රමිකයන්ගේ දායතත්වය (මෙහෙකරුවන්, උයන්පල්ලන් ආදී)62.8%225,60010%36,0006.28 වාරයකින් පහළ යයි.
    වාර්ෂික ශිෂ්‍ය සංඛ්‍යාව360,000360,000
    ඉලක්ක
    • අ.පො.ස උසස් පෙළ සඳහා දැනට ඉදිරිපත් වන සිසුන් ප්‍රමාණය 218,191 සිට 300,000 දක්වා ඉහළ නැංවීම සහ උසස් පෙළ සිසුන්ගෙන් බහුතරයක් STEM විෂයන් හදාරන බවට සහතික වීම.
    • වාර්ෂිකව සිසුන් 360,000 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන බවට සහතික වීම.
    • පූර්ණ පහසුකම් සහිත ජාතික පාසල්වල ප්‍රමිතීන්ට සමාන වන පරිදි පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් සංවර්ධනය කිරීම.
    • ‍ප්‍රමාණවත් ඉඩම් ප්‍රමාණ සහිත පාසල්වල ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    04
    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
    මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

    "කුසලතා, නවෝත්පාදනය සහ ඵලදායීතාවය සමග අනාගත වර්ධනය ගාමනය වේ."
    ධම්මික පෙරේරා

    ඉලක්ක
    • රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 25,200 සිට 60,000 දක්වා ඉහළ නැංවීම සහ දේශීය පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් සංඛ්‍යාව 15,000 සිට 105,228 දක්වා ඉහළ නැංවීම.
    • සරසවි උපාධිධාරීන්ගේ සමස්ත සංඛ්‍යාව වාර්ෂිකව 180,000 සිට 360,00 දක්වා ඉහළ නැංවීම.
    • ක්‍රියාකාරී සැලැස්ම
      1. රජයේ විශ්ව විද්‍යාලවල සිසුන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාවය 30,000 සිට 60,000 දක්වා වැඩි දියුණු කිරීම.
      2. අඩු ලකුණු ලබාගන්නා ක්‍ෂේත්‍ර වැඩිදියුණු කිරීම මගින් දැනට පවතින විශ්ව විද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීම.
        Times Higher Education World University Ranking මිණුම් ලකුණක් බවට පත් කරගනිමින්,
        • ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම.
        • සරසවි ක්‍ෂේත්‍රයේ ආදායම වැඩි දියුණු කිරීම.
        • ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය වැඩි කිරීම.
        • ජර්නල් පත්‍රිකා ප්‍රකාශනය සහ උපුටනය සිදුකරන වාර ගණන වැඩි කිරීම.
      3. රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් නොමැති උපාධි පාඨමාලා හැර සෙසු සියලූ උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සහතිකයක් ලබාදිය යුතුය. සියළුම රජයේ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමාලා සඳහා රැකියා අවස්ථා සඳහා සහතිකයක් ලබාදිය යුතුය. රැකියා වෙළඳපළ තුළ ඉල්ලූමක් නොමැති පාඨමාලා අහෝසි කළ යුතුය.
      4. කාර්මික ඉල්ලූම සහ අනාගත රැකියා නියුක්තික අවස්ථාවලට සරිලන පරිදි රජයේ විශ්ව විද්‍යාලවල පාඨමාලා සමාලෝචනය කිරීම.
      5. රජයේ වෛද්‍ය විද්‍යාලවල ධාරිතාවය වෛද්‍ය සිසුන් 1300 සිට 2000 දක්වා වැඩි කිරීම සහ දන්ත වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම. පුද්ගලික වෛද්‍ය පාසල් තහනම් කිරීම.
      6. රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සරසවි විසින් අන්තර්ජාල බිහිදොරක් (online portal) හරහා දේශන පහසුකම් සැපයීම.
      7. ආණ්ඩුව විසින් ඇතුළත් වන සිසුන් සඳහා ණය සහන සැපයීම සහ සාමාර්ථයන් පළ කරන සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම.
      8. විදෙස් ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සිසුන්ට රජයේ විශ්ව විද්‍යාල විසින් IELTS වැනි භාෂා ප්‍රවීණතා විභාග සඳහා පහසුකම් සැපයීම.
      9. රජයේ විශ්ව විද්‍යාල පුස්තකාලවල තිබෙන පොත්පත් e-Library ක්‍රමයට නවීකරණය කිරීම.
        මෙහිදී රජය විසින් අන්තර්ජාතික විද්‍යුත් පොත් (e-books) මිලදී ගෙන eLibrary හරහා ඒවා සිසුන්ට නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.
      10. රජයේ විශ්ව විද්‍යාලවල සියලූ විද්‍යාගාර, නවීනතම මෙවලම්-උපකරණ සමග තත්වයෙන් උසස් කළ යුතුය.
      11. අන්තර්ජාලය හරහා වෙන් කරවා ගැනීමේ පද්ධතියක් මගින් රජයේ විශ්ව විද්‍යාලවල විද්‍යාගාර සෙසු පර්යේෂණ ක්‍රියාකාරකම් සඳහා ද විවෘත කළ යුතුය.
      12. නිසි සනීපාරක්ෂක පහසුකම් සහිතව රජයේ සරසවිවල සියලූ නේවාසිකාගාර ප්‍රමිතියෙන් උසස් කළ යුතුය.
      13. සියලූ රජයේ සරසවි ආපනශාලා / භෝජනාගාර ප්‍රමිතිගත සෞඛ්‍යමත් මාර්ගෝපදේශනයන්ට අනුගත විය යුතුය.
      14. රජයේ සරසවිවල සියලූ ආකාරවල නවක වධය තහනම් කළ යුතුය.
        2016 සිට 2018 ජූලි දක්වා කාලය තුළ නවක වධය හේතු කොටගෙන රජයේ සරසවිවලින් සිසුන් 1980 දෙනෙක් ඉවත්ව ගොස් ඇත.
      15. උසස් අධ්‍යාපනය සඳහා 0% සමාගම් බද්ද සහ 0% වැට් බද්ද පැනවීම.
        වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික සරසවි සහ පුද්ගලික ජාත්‍යන්තර සරසවි ඉදිකිරීමට උපකාර වනු පිණිස ඉදිරි වසර 25 ක් සඳහා බලපැවැත්වෙන ලෙස මෙම බදු ප්‍රතිශතයන් පැනවිය යුතුය.
      16. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර 30 ක අරීය වපසරියක් තුළ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත සරසවි 5 ක් ඉදිකිරීම සඳහා රජය විසින් පහසු ණය ලබාදීම.
        • අන්තර්ජාතික සිසුන් 50,000 ක ඉලක්කයකින් යුතුව අධ්‍යාපනික සංචාරක කර්මාන්තය දිරිමත් කිරීම.
      17. දිස්ත්‍රික්කය සන්නාමගත කිරීමේ මුලපිරීම් යටතේ සෑම දිස්ත්‍රික්කයකම පුද්ගලික විශ්ව විද්‍යාලයක් හෝ අර්ධ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් පිහිටුවීම දිරිමත් කිරීම.
      18. වසරකට සිසුන් 105,228 ක ඉලක්කයක් සමග උසස් පෙළ සමත් සෑම සිසුවෙකු හටම පුද්ගලික විශ්ව විද්‍යාලයවල අධ්‍යාපනය හැදෑරීම සඳහා රු. මිලියන 1.2 ක පොලී රහිත අධ්‍යාපන ණයක් හඳුන්වා දීම.
      19. STEM ආකාරයේ නව අංශ සහ විදේශීය විශ්ව විද්‍යාල සමග අංශ අතර හවුල්කාරිත්වයන් ඇති කිරීම.
      20. සරසවි ආචාර්යවරුන්ගේ පර්යේෂණවල ගුණාත්මකභාවය හා ප්‍රකාශන වේගය වැඩි කරගැනීම සඳහා ඔවුන් විසින් එළිදක්වන ජර්නල් පත්‍රිකා ගණන මත පදනම්ව සිය වැටුපට අමතරව ඔවුන්ට දිරි දීමනාවක් ලබාදීම ස්ථාපිත කිරීම.
      21. විදෙස් සරසවි සමග හවුල්කාරීත්වයන් ස්ථාපිත කර ගැනීම සහ ශිෂ්‍ය හුවමාරුව, දේශකවරුන් හුවමාරුව, පර්යේෂණ හා විශේෂඥ දැනුම හුවමාරුව.
      22. පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම වැඩි කිරීම.
      23. සියලූ පාඨක ග්‍රන්ථ බ්‍රේල් ක්‍රමයට පරිවර්තනය කිරීම සහ නොමිලේ ශ‍්‍රව්‍යාධාර හා දෘෂ්‍යාධාර ලබාදීම.
      24. රටේ සියලූම පුරවැසියන්ට සිය මව් බසට අමතරව සිංහල/ඉංග්‍රීසි/දමිල භාෂාවන් ඉගෙනීම සඳහා ඔන්ලයින් ඉගෙනුම් පහසුකම් සැපයීම.
      25. සෑම සරසවියකටම වෘත්තීය උපදේශන මගපෙන්වීම් සපයනු ලැබේ.
      26. උපදෙස් සහ දිරිගැන්වීම් මගින් තාක්ෂණික/විද්‍යා සිසුන් හට ව්‍යවසායකයන් වීමට දිරිගැන්වීම.
      27. උපාධිය මත පදනම්වූ සීමාවාසික පුහුනු සඳහා ශිෂ්‍යයන් හා අදාළ ආයතනයන් එකිනෙකා සමග සම්බන්ධ කිරීම.
      28. සෑම සරසවියකම මානසික සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීම.
      29. පෞරුෂය සංවර්ධනය පිළිබඳ අන්තර්ජාල බිහිදොරක් (Online Portal) පාසල් සහ සරසවි සිසුන් සඳහා ස්ථාපනය කිරීම.
    05
    තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය (TVET)
    මානව ප්‍රාග්ධනයෙන් පොහොසත් රටක්

    ‘‘ඵලදායී රැකියාවන් සඳහා අධ්‍යාපනය සහ පුහුණුව, රටක ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වේ. ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ දරිද්‍රතාවය අවම කිරීමට තාක්ෂණික හා වෘත්තිය අධ්‍යාපනය සහ පුහුණුව (TVET) අත්‍යවශ්‍ය මෙවලමක් වේ’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • TVETසහතික පත්‍ර ලාභීන් සංඛ්‍යාව වසරකට 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීම මගින් වාර්ෂිකව සියලූ පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුන් අතරින් 40%ක් TVET සහතික පත්‍ර ලාභීන් බවට පත්කිරීම.
    • ශ්‍රම බලකායේ නුපුහුණු ශ්‍රම දායකත්වය, පුහුණු ශ්‍රම දායකත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා වත්මන් නුපුහුණු ශ‍්‍රමිකයන් ප්‍රමාණය වන 225,600 එනම් සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 62.8%ක් 36,000 දක්වා, එනම් 10% දක්වා අඩු කිරීම.
    • සිසුන්ට සහ ඉගෙනුම ලබන වැඩිහිටියන්ට රැකියා කුසලතා සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් කුසලතා, දැනුම සහ සාරධර්ම වැඩි දියුණු කිරීමට අවශ්‍ය අවකාශය නිර්මාණය කිරීම.
    • පුහුණු ප්‍රමිතීන්, කුසලතා පුහුණුව සහ සහතිකගත කිරීමේ ක්‍රමවේදය සංවර්ධනය කිරීම හා අඛණ්ඩව ඒවා යාවත්කාලීන කිරීම
    • නිපුණතා පුහුණුව ප්‍රවර්ධනය කිරීම සහ උපාය මාර්ග හා කුසලතා පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
    ක්‍රියාකාරී සැලැස්ම
    1. TVET ආකර්ෂනීය ඉගෙනුම් තේරීමක් බවට පත්කිරීමට මේ සඳහා කැප වූ සන්නාම මාර්ගෝපදේශනයක් නිර්මාණය කිරීම.
    2. ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන්ට විෂයමාලාව සංවර්ධනය කිරීම සඳහා නායකත්වය ගැනීමට ඉඩ සලසාදෙමින්, උපාධිධාරී සහ විදේශීය සේවා නියුක්තිය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහන්වල ගුණාත්මකභාවය උසස් කිරීම.
    3. TVET ආයතන අලූතින් පිහිටුවීමේදී 0%ක ව්‍යාපර බද්ද සහ 0%ක වැට් බද්දක් ලෙස ඉදිරි වසර 25 සඳහා සහතික කිරීම.
    4. ඉන්දියාව, ජර්මනිය සහ මැලේසියාව යන රටවල පවතින TVET පාඨමාලා අධ්‍යයනය කිරීමෙන්, රැකියා වෙළඳපොළ තුළ ඇති ඉල්ලූමට සරිලන පරිදි නව පාඨමාලා හඳුන්වා දීම.
    5. සියලූම NVQ සහතිකපත්‍ර මට්ටම් සඳහා සුදුසුකම්ලත් දේශකවරුන්ගෙන් සමන්විත වූ අංගසම්පූර්ණ TVET මධ්‍යස්ථාන, දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවීම. මෙහි ඉලක්කය වන්නේ TVET සහතිකපත්‍රධාරීන්ගේ ප්‍රමාණය 79,200 සිට 144,000 දක්වා ඉහළ නැංවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට සම්පූර්ණ සිසුන් පිරිස අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.
    6. දැනට පවත්නා තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථාන, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනික ආයතනවල දායකත්වය ඇතිව තත්වයෙන් වැඩි දියුණු කිරීම.
    7. TVET විෂයමාලාව පැය 4, පැය 6, පැය 12, පැය 20, එක්දින, එක් සති සහ එක් මාසික කාලසීමාවන් සඳහා කෙටි පාඨමාලා හඳුන්වා දීම.
    8. රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන පරිදි සැපයුම් ධාරා අංශ සඳහා අතිරේක TVET පාඨමාලා හඳුන්වා දීම.
    9. කාන්තාවන් සඳහා පවතින TVETපාඨමාලා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීම.
      • කාර්යාල කළමනාකරණය, පරිගණක ක්‍රියාකරවීම, ක්‍රමලේඛන සහායක, සංචාරක සහායක ආදිය.
      • එයට අමතරව කේශාලංකරණ, ෆෙෂල්, නිය අලංකරණ සහ ඇඳුම් මැසීම ක්ෂේත්‍රයන් හි කෙටි පාඨමාලා (සති 1- සති 2) හඳුන්වා දීම.
    10. TVET උපදේශකවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට උපදේශකවරුන් පුහුණුකිරීමේ පාඨමාලා හඳුන්වා දීම.
    11. සියලූ පුරවැසියන් සඳහා ඔන්ලයින් භාෂා පාඨමාලා නොමිලේ ලබාදීම.
    12. සිසුන්ට සිය වර්තමාන කුසලතා මට්ටම් තක්සේරු කර ගැනීමට සහ වැඩිදියුණු කර ගත යුතු නිපුණතා මට්ටම් හඳුනා ගැනීම සඳහා ඔන්ලයින් කුසලතා තක්සේරුකරණ ද්වාරයක් (Online skill assesment portal)ක්‍රියාවට නැංවීම.
    13. රැකියා විරහිත පුරවැසියන් geo-tag කිරීම සහ ඔවුන්ගේ කුලසතාවලට ගැළපෙන රැකියාවලට ඔවුන්ව යොමු කිරීම සඳහා රැකියා බැංකුවක් ක්‍රියාවට නැංවීම. මෙමඟින් රැකියා ලැබෙනතෙක් නව සිසුන්ව අධීක්ෂණය කෙරෙනු ඇත.
    14. දිස්ත්‍රික් මට්ටමෙන් රැකියා උත්පාදනය පිළිබඳ විශේෂිත වූ සැලැස්මක් නිර්මාණය කිරීම.
      • සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා
        සංචාරකයන්ට මගපෙන්වීමේ පුහුණු පාඨමාලා, සිල්ලර අලෙවි සැල්, ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පළ පවත්වා ගෙන යාම, වෙරළාශ්‍රිත සමාජශාලා පවත්වාගෙන යාම, බාටෙන්ඩර්වරුන්, භෝජනාගාර සහයකවරුන් සහ පිළිගැනීමේ නිලධාරී ක්ෂේත්‍රයේ රැකියා යනාදිය.
      • ඔන්ලයින් සත්කාරක ක්ෂේත්‍ර පාඨමාලා හරහා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා උත්පාදනය.
      • ගෘහාශ්‍රිත සංචාරක නවාතැන් පවත්වාගෙන යාම වීඩියෝ මාර්ගිකව පුහුණු කිරීම.
      • හෙද පුහුණු පාඨමාලා.
      • අත්යන්ත්‍ර මඟින් නිෂ්පාදනය කරන රෙදිපිළි, සම්ප්‍රදායික අත්කම් සහ හස්ත කර්මාන්තය යනාදිය සම්බන්ධ පාඨමාලා සඳහා අරමුදල් සැපයීම. .
    15. පහත තොරතුරුවලින් සමන්විත වූ, TVETසිසුන් සඳහා විශේෂයෙන් වෙන් වූ වෙබ් අඩවියක්
      • අවට ප‍්‍රදේශයේ පිහිටා ඇති තාක්ෂණික විද්‍යාල.
      • ප්‍රදේශ මත පදනම්ව ලබාගත හැකි පාඨමාලා.
      • වෘත්තීය මාර්ගෝපදේශනය.
      • ප්‍රදේශයේ පවතින රැකියා.
      • වීඩියෝ පාදක කරගත් TVET පාඨමාලා අධ්‍යාපනය.
      • වීඩියෝ පාදක කරගත් පෞරුෂ වර්ධන සහ කුසලතා සංවර්ධනයට අවශ්‍ය උපදෙස්.
    16. හෙද පුහුණු පාසල්වලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යව ඉහළ නැංවීම.
     
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අධිවේගී මාර්ග,සන්නිවේදන කුළුණු,වරාය,ක්‍රීඩාංගන මොකුත් නැතුව සංවර්ධිත රටක් කරන රහස දන්නේ ජෙප්පෝ විතරයි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    06
    සමාජ සංවර්ධන අමාත්‍යාංශය
    සන්තුෂ්ටියෙන් පිරිපුන් රටක්

    "ප්‍රශස්තව දිළිඳුකම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන උත්සාහයන් මගින් අධ්‍යාපනය සහ කුසලතා වර්ධනය, ආදායම් උත්පාදනය, රැකියා නිර්මාණය සහ සමාජ ආරක්ෂණ ක්‍රමය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂයෙන් කේන්ද්‍රගත වෙමින් මූලික අවශ්‍යතාවලට ප්‍රවේශ වීමේ ප්‍රතිපාදන අවධාරණය වනු ඇත."
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • දිළිඳුකම නැති කිරීම.
    • සාගින්න නැති කිරීම.
    • ස්ත්‍රීපුරුෂ සමාජභාවී සමානාත්මතාවය.
    • ශිෂ්ට සම්පන්න රැකියා සහ අර්ථික වර්ධනය කිරීම.
    • අසමානතාවයන් අවම කිරීම.
    • සුභසාධන ගෙවීම් සහ සහනධාර- Social transfers
      සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දිළිඳු බවට ඇද වැටීමේ අවදානමෙන් යුතුව ජීවත් වන්නන් සඳහා ය.
      සුභසාධන ගෙවීම් සහ සහනධාර (Social transfers) සඳහා ප්‍රතිලාභීන් විසින් දායක විය යුතු නොවේ. එනම් ප්‍රතිලාභීන් විසින් වාරික හෝ විශේෂ බදු ගෙවිය යුතු නොවේ. දුප්පත්කම තුළ ජීවත් වන්නන් හෝ දුප්පත්කමට ඇද වැටීමේ අවදානමක් ඇති පුද්ගලයන් වෙත මෙමගින් මහජනතාව හෝ සිවිල් ප්‍රජාව විසින් සම්පාදනය කරන සමාජ ආධාර සැපයෙනු ඇත. උදා. දායක නොවන විශ්‍රාම වැටුප්, ළමා ප්‍රතිලාභ, පාසල් ආහාර, වෙනස් හැකියා ඇති පුද්ගලයන් සඳහා දීමනා සහ කෘෂිකාර්මික ආදාන.
      අංකයවිස්තරය20142015201620172018
      1.සෞඛ්‍ය ආරක්ෂණ
      (රු. මිලියන)
      34,80531,70338,02838,59643,440
      1.1ඖෂධ (නොමිලේ ලබා දෙන)
      (රු. මිලියන)
      34,80531,70338,02838,59643,440
      2.රැකවරණය ලැබිය යුතු සහ අවධානය යොමු විය යුතු පුද්ගලයින් සවිබල ගැන්වීම.
      (රු. මිලියන)
      18,31449,18951,61250,86251,319
      2.1සමෘද්ධි
      (රු. මිලියන)
      15,04239,99440,70439,70739,239
      2.2ප්‍රතිලාභීන් සංඛ්‍යාව (පවුල් මිලියන)
      (රු. මිලියන)
      1.51.41.41.41.4
      2.3වයස් ගත පුද්ගලයන්ට සහය (අවුරුදු 70ට වැඩි)
      (රු. මිලියන)
      2,6558,0399,0609,0089,590
      2.4වෙනස් හැකියා ඇති (Differently Abled) සිසුන් සඳහා දීමනා
      (රු. මිලියන)
      13822024719531
      2.5වෙනස් හැකියා ඇති (Disabled) පුද්ගලයන් සඳහා
      (රු. මිලියන)
      4799361,1141,0831,141
      2.6වකුගඩු රෝගීන් සඳහා මූල්‍යාධාර
      (රු. මිලියන)
      4878691,318
      3.රජයේ ආරක්ෂක හමුදා සවිබල ගැන්වීම
      (රු. මිලියන)
      18,29023,43326,77227,80845,901
      3.1රණවිරුවන්ගේ තුන්වන දරුවා සඳහා දීමනාව
      (රු. මිලියන)
      46
      3.2රණවිරුවන්ගේ මරණ සහ ආබාධිත වීම සඳහා ලබාදෙන වන්දි
      (රු. මිලියන)
      18,24423,43326,77227,80845,901
      4.කෘෂිකාර්මික සංවර්ධනය
      (රු. මිලියන)
      32,08657,05128,01330,36126,879
      4.1පොහොර සහනාධාර
      (රු. මිලියන)
      31,85849,57127,77130,36126,879
      4.2වී මිලදී ගැනීම (වී මිල ස්ථාවර කිරීමට)
      (රු. මිලියන)
      2287,480242
      5.වාණිජ බෝග සංවර්ධනය
      (රු. මිලියන)
      1,87311,0292,3912,1362,317
      බෝග සහනාධාර
      (රු. මිලියන)
      5.1තේ
      (රු. මිලියන)
      3317,292549445615
      5.2රබර්
      (රු. මිලියන)
      7632,871713703542
      5.3පොල්
      (රු. මිලියන)
      485471709598653
      5.4කජු
      (රු. මිලියන)
      4035405467
      5.5සුළු භෝග අපනයන (කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්)
      (රු. මිලියන)
      254360380336440
      6.පාසැල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්
      (රු. මිලියන)
      14,90317,98422,81724,92320,255
      6.1පාසැල් නිල ඇඳුම්
      (රු. මිලියන)
      3,5742,2612,1572,4791,073
      6.2වාර ප්‍රවේශපත්‍ර
      (රු. මිලියන)
      1,6951,8001,9984,9235,000
      6.3පාසැල් සහ දහම් පාසැල් පෙළ පොත්
      (රු. මිලියන)
      2,7733,9795,5994,4764,318
      6.45 ශ්‍රේණි ශිෂ්‍යාධාර, මහපොළ සහ ශිෂ්‍යාධාර
      (රු. මිලියන)
      8521,3901,9141,3442,136
      6.5පෝෂණ වැඩසටහන්
      (රු. මිලියන)
      3,7253,9383,9164,434
      6.6ළමුන් සහ ගර්භණී මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීම
      (රු. මිලියන)
      1,7871,9561,3511,6921,982
      6.7ගර්භණී මවුවරුන් සඳහා පෝෂණ මල්ලක් ලබාදීම
      (රු. මිලියන)
      2792,4225,7465,4085,490
      6.8පෙර පාසැල් සිසුන් සඳහා නැවුම් කිරි ලබාදීම
      (රු. මිලියන)
      197189106167256
      6.9පෝෂණ මංපෙත සහ ළමා සවිය
      (රු. මිලියන)
      214930
      7.හදිසි ආපදා සහන
      (රු. මිලියන)
      5493892435,8545,279
      ගංවතුර නියං සහනාධාර
      (රු. මිලියන)
      5212711325,8545,279
      පිසින ලද ආහාර පිසූ ආහාර සහ වියළි සළාක
      (රු. මිලියන)
      28118111
      8.ආගමික ස්ථාන සඳහා සහය ලබාදීම
      (රු. මිලියන)
      5050
      8.1ආගමික ස්ථාන සඳහා ජලය ලබාදීම
      (රු. මිලියන)
      5050
      9.රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ
      (රු. මිලියන)
      33,12232,66397,486(35,777)(131,436)
      9.1ඛණිජ තෙල් (ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව)
      (රු. මිලියන)
      19,46869,6203,504(104,037)
      9.2භූමිතෙල්
      (රු. මිලියන)
      9.3විදුලිය (ලංකා විදුලි බල මණ්ඩලය)
      (රු. මිලියන)
      15,73714,499(49,231)(29,000)
      9.4ජලය
      (රු. මිලියන)
      2522,977738(568)
      9.5දුම්රිය
      (රු. මිලියන)
      11,0347,7146,7737,595
      9.6ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
      (රු. මිලියන)
      6,3515,2293,6171,6172,169
      10.ප්‍රවාහන පහසුකම්
      (රු. මිලියන)
      5,0465,2755,2885,3215,223
      10.1ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන පහසුකම් - අනාර්ථික මාර්ග
      (රු. මිලියන)
      4,7704,9754,9995,0005,004
      10.2සන්නද්ධ හමුදාවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම
      (රු. මිලියන)
      276300289321219
      11.පොදු පහසුකම්
      (රු. මිලියන)
      11.1වීදි ලාම්පු
      (රු. මිලියන)
      එකතුව (රාජ්‍ය ව්‍යාපාරයන්හි අලාභ හැර)
      (රු. මිලියන)
      125,916196,103175,164185,861200,613
      සමස්ත සමාජ සමර්පණ
      (රු. මිලියන)
      106,049
      (මූලාශ්‍රය : මුදල් අමාත්‍යංශය)
      වර්තමාන ශ්‍රී ලංකාව තුළ යුරෝපීය සංගමයේ අර්ථ නිරූපණයට අනුව සුභසාධන ගෙවීම් සහ සහනධාරවල සමස්ත වටිනාකම රු. බිලියන 106 කි. එබැවින්, දිළිඳුබවේ ප්‍රශස්ත අවම වීමක් නොමැති අතර එය දිළිඳු පවුල් සන්ඛ්‍යාව ඉහළ යාමේ පසුබිම තුළ, ඔවුන්ගේ පැවැත්ම සඳහා ආධාරයක් පමණක් වේ.
     
    • Like
    Reactions: 2osama

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ක්‍රියාකාරී සැලැස්ම
    1. සුභසාධන ගෙවීම් සහ සහනධාර සඳහා 10%ක වාර්ෂික වැඩිවීමක් සමඟ අයවැයෙන් අතිරේක රු. බිලියන 100 ක් වෙන් කිරීම.
      වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ පවුල් මිලියන 1.5ක් සිටී.
      වර්තමාන සමෘද්ධි යෝජනා ක්‍රමය යටතේ ප්‍රමාණවත් ජීවන තත්වයක් ලබාගත නොහැකි සියලූම පවුල් සඳහා "සමෘද්ධි 2" ආරම්භ කර, ඒ යටතේ ඔවුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට අධ්‍යාපන ප්‍රතිපාදන ලබාදීම, ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා සිදු වේ.
    2. සමෘද්ධි දෙපාර්තමේන්තුව යටතේ සංවර්ධන ව්‍යාපෘතිවල දෙවන අදියර වශයෙන් අධ්‍යාපන ප්‍රතිපාදන ලබදීම, ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන හරහා දිළිඳු බව සම්පූර්ණයෙන්ම තුරන් කිරීම.
      • දිළිඳු බව අවම කිරීමට ඉවහල් වන දර්ශක 50 ක් හඳුනා ගැනීම. උදා. ස්ථාවර ආදායම, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය, පෝෂණය, ආරක්ෂිත නිවාස, සාක්ෂරතාවය වැනි.
      • දරිද්‍රතා රේඛාවට පහළින් සිටින මිනිසුන් Geo-tag කිරීම සහ ඔවුන්ට ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමට සහය ලබාදීම.
      • අන්ධභාවය,බිහිරි බව, චාලක අපහසුතා සහ දුර්වල මානසික සෞඛ්‍යයෙන් යුක්ත වෙනස් දක්ෂතා සහිත පුරවැසියන් Geo-tag කිරීම මගින් ඔවුන්ට අත්‍යාවශ්‍ය වන තාක්ෂණික සහය ලබාදීම.
      • සියදිවි නසාගැනීමට තැත්කළ අය Geo-tagකිරීම සහ සියදිවි නසාගැනීමට තැත් කිරීමට හේතු පිළිබඳ අවධානයෙන් පසුවීම. සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය 50% දක්වා අඩු කිරීමට ඒ සඳහා දායක වන හේතුකාරක හඳුනා ගැනීම.
        • සියදිවි නසාගැනීමට අදහස් කරන්නන් වෙනුවෙන් වෙන් කළ දුරකථන මාර්ගයක් (Suicide hotline) වෙත ලැබෙන ඇමතුම් සඳහා අමතන්නාගේ හැඟීම් හොඳින් කළමනාකරණය කළ හැකි, දිවි නසාගැනීමට තැත් කර ජීවිතය බේරාගත් අයෙකු (Suicide survivor) විසින් පිළිතුරු දිය යුතු ය.
      • වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease- CKD) ඇතුළත්ව මෙම රෝග බලපෑ ප්‍රදේශ හඳුනා ගෙන ගැඹුරු ළිං පහසුකම් සැලසීම. මේ වන විටත් ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ.
        උදා.- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය
        • අධික පොහොර භාවිතය 20%කින් අඩු කිරීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට පාංශු සෞඛ්‍ය කාඩ්පත් (Soil health card) හඳුන්වා දීම.
      • ශ්‍රී ලංකාවේ වර්ෂයකට පිළිකා රෝගීන් 23,000 ක් හඳුනා ගැනෙන හෙයින් පිළිකා රෝගීන් Geo-tag කිරීම සහ ඔවුන්ට අවශ්‍ය චිත්තවේගී හා මානසික සෞඛ්‍ය උපදෙස් ලබාදීමට විශ්‍රාමලත් සුදුසුකම් සහිත වෛද්‍යවරුන් යෙදවීම.
      • විවිධ හැකියා සහිත (Differently Abled) මිනිසුන් කාණ්ඩගත කළ දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ප්‍රගතිය අධීක්ෂණයට, උපදෙස් දීමට හා සහයෝගය දැක්වීමට වෘත්තිකයන් යොදා ගැනීම.
      • ළමා ආරක්ෂණ පහසුකම් ලබාදීම.
        දරුවන් හිතාමතා නොතකා හැරීමේ සහ ළදරුවන් අතහැර යාමේ සිදුවීම් අවම කිරීම සඳහා, එබඳු මව්වරුන්ට නිර්නාමික ලෙස සිය ළදරුවන් දමා යා හැකි ආරක්ෂිත ස්ථාන (Baby hatches) හඳුන්වා දීම.
      • ළමා දුෂණ නඩු ඇසීම සඳහාම වෙන් වූ වේගවත් අධිකරණ (Fast track courts) හඳුන්වා දීම.
    3. කාන්තා ආරක්ෂාව
      • කාන්තා උපකාර ඇමතුම් සේවාවක් ස්ථාපනය කිරීම.
        පුහුණුව ලත් දුරකථන උපකාරකවරයෙකු අමතා සහය ලබා ගැනීමට. උපකාර සේවාව කාන්තාවන් විසින් කාන්තාවන් සඳහා පවත්වා ගෙන යනු ලබන අතර අමතන්නන්ගේ විවිධ ගැටළු සඳහා සහය ලබා දීමට සහ සානුකම්පාව, සහයෝගය, තොරතුරු සහ දිරි ගැන්වීම් සැලසීමට හැකි වේ. උපදේශකයෙක් හෝ නීතීඥයෙක් ඇමතීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.
      • ලිංගික පීඩාවන්ට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තමන් ලද කම්පනයට මුහුණ දීම සඳහා සහ ඔවුන්ගේ ඊළඟ පියවර පිළිබඳව තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය සේවා සැලසීමට ලිංගික අතවර සඳහා වෙන් වූ සත්කාර මධ්‍යස්ථානයක් (Sexual Assault Care Centre - SACC)පිහිටුවීම.
        • පැමිණ හමුවීමට හැකි මධ්‍යස්ථාන තුළින් කලින් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණි විගස පරිශ‍්‍රයේ රැඳී සිටින සමාජ සේවකයෙකුගේ උපදේශන සේවා ලබා ගත හැකිය.
        • උපකාරක සේවා සහය - දුරකථනය මාර්ගයෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයෙකුගේ සහය ලබා ගැනීම. වැඩි දුර සහය ලබා ගැනීමට සමාජ සේවකයෙක් හෝ උපදේශකයෙක් හමු වීම සඳහාද වේලාව වෙන් කර ගත හැක.
        • මිතුරු සේවාව - මෙම සේවාව තුළින් පුහුණුව ලත් මිතුරන් ඔබ සමඟ පොලිස් ස්ථානයට, රෝහලට හෝ උසාවියට පැමිණ සිද්ධිය පිළිබද පැමිණිලි කිරීමට හෝ ලිංගික අතවර නඩුව පිළිබඳව සොයා බැලීම, විවිධ නෛතික හා වෛද්‍ය ක්‍රියාදාමයන්හිදී තොරතුරු සහ මානසික සහය ලබාදීම. දුරකථනය හෝ ව්ද්‍යුත් තැපැල් (E-mail) පණිවුඩයක් හරහා මිතුරන් සමඟ සම්බන්ධ විය හැක.
        • උපදේශන සේවා සහ නඩු කළමනාකරණය - ලිංගික අතවරයට ලකු වූ පුද්ගලයන්ට උපදේශකයෙක් සමඟ අදහස් හුවමාරු කර ගැනීම ඉමහත් සහනයක් වේ. ඔවුන් විසින් ලිංගික අතවර වලට ලක්වූවන්ට පසු - විපරම් සත්කාර උපදේශන සලසති. සියළු සහයන් සැපයෙන්නේ දැඩි රහස්‍ය පදනමක් මතය. පළමු උපදේශන සැසි තුන නොමිලයේ පැවැත්වේ. සිව් වන උපදේශනයේ සිට එක් සැසියකට ගාස්තුව ඔබගේ මාසික වැටුපෙන් 1% වන අතර රැකියා විරහිත පුද්ගලයන් සඳහා එක් සැසියකට අය කෙරෙන්නේ රුපියල් 50ක් වෙනි සුළු ගාස්තුවකි.
        • නෛතික උපදෙස් - නීතිමය විකල්ප සොයා බැලීම සඳහා අපගේ අත්දැකීම් සහිත නීතීඥයෙක් සමඟ සම්බන්ධ වීමට දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබේ.
      • ශ්‍රී ලංකාවේ රක්තහීනතාවයෙන් පෙළෙන කාන්තවන්ට උපකාරයක් ලෙස ඩිජිටල් හිමොග්ලොබින් මීටරයක් ආධාරයෙන් රක්තහීනතා මට්ටම මැන ගැනීමට සහය ලබා දීම, ප‍්‍රතිකාර වශයෙන් ෂත්‍් පෙති ලබා දීම, ප‍්‍රතිකාර සඳහා IFA ලබන්නන්ගේ ජීවන රටාව වෙනස් කර ගනිමින් රුධිරයේ යකඩ මට්ටම වැඩි කර ගැනීමට සහ යකඩ බහුලව ඇති ආහාර, ප්‍රෝටීන් සහ විටමින් සී සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම. රක්තහීනතාවය යනු රුධිරයේ යකඩ ප‍්‍රමාණය අඩු වීමයි. ගර්භණී සමයේ හට ගන්නා රක්තහීනතාවය හේතුවෙන් මාතෘ සහ ළදරු මරණ, මළ දරු උපත් ආදිය ඇති විය හැක. යකඩ ඌණතාවය නිසා ඉන්දියාවට දැරීමට සිදු වී ඇති ඇස්තමේන්තුගත ආර්ථික අලාභය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කි.
    4. ජ්‍යේෂ්ඨ පුරවැසියන්
      • රටේ සියළුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සියළු සේවාවන්වලට ප්‍රවේශ විය හැකි නොනවතින මාර්ගගත ද්වාරයක් (Online Portal)නිර්මාණය කිරීම. මෙම මාර්ගගත ද්වාරය තුළින් පහත සේවා සැපයෙනු ලැබේ.
        • වැඩිහිටියන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ඔන්ලයින් වීඩියෝ පුහුණුව සහ පාඨමාලා
        • රජයේ අනුමත වැඩිහිටි නිවාස පිළිබඳ තොරතුරු
        • දේශීය ස්වේච්ඡා සේවා අවස්ථා පිළිබඳ තොරතුරු
        • ජ්‍යේෂ්ඨ පුරවැසියන් හට ආදායමක් සහිතව රැකියාවක නිරත වීම සඳහාම වෙන්වූ රැකියා කොටසක්
        • ආදායමක් සහිත රැකියාවකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බඳවා ගැනීම සඳහා කැපවූ රැකියා අංශයක්
    5. සිරකරුවන් පුනරුත්ථානය සහ අපරාධ අවම කිරීම (අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රත්සංස්කරණ අමාත්‍යංශයේ බන්ධනාගාර පුනුරුත්ථාපනය මාතෘකාව බලන්න).
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    7. මත්ද්‍රව්‍ය නිවාරණය
    • මත්ද්‍රව්‍ය අවභාවිතය සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ දැනුවත්භාවය ප‍්‍රචාරණය සඳහා යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
    • ඖෂධීය ආධාරක ප‍්‍රතිකාර සැපයීමේදී ඔපියොයිඩ් (Opioid) භාවිතා කිරීමෙන් හට ගන්නා ආබාධ සඳහා ඵලදායී, සාක්ෂි පදනම් කර ගත් ප‍්‍රතිකාර සැපයීමට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මුදල් නොගෙවා භාවිතා කළ හැකි යෙදවුමක් හඳුන්වාදීම
    • තරුණයන් අතර සිදුවන මත්ද්‍රව්‍ය භාවිතය, මද්‍යසාර බලපෑම සහ පුනරුත්ථාපනය ආමන්ත‍්‍රණය කරමින්, දෙමවුපියන් සඳහා ඔන්ලයින් සඟරාවක් ප‍්‍රකාශයට පත් කිරීම. මෙම සඟරාව තුළින් පහත මාතෘකා ආවරණය වේ.
      • ඇබ්බැහිය සහ මෙම නිදන්ගත රෝගය ජය ගන්නා ආකාරය
      • මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ සැඟවුණු සංඥා
      • පුනරුත්ථාපනයට යොමු වීම සහ දිනෙන් දින ඔවුන්ගේ තත්වය වර්ධනය කර ගන්නා ආකාරය
      • Fentanyl ශ්‍රී ලංකාවට තර්ජනයක් වන්නේ කෙසේද?
      • මානසික සෞඛ්‍ය සහ ඇබ්බැහි වීම නොසලකා හැරීම මිළ අධික වැරැද්දක් විය හැක්කේ කෙසේද?
      • යෞවනයන් සහ ගංජා
    8. ළමයින් ආරක්ෂා කිරීම
    • වීදි දරුවන් ආරක්ෂා කිරීම
      වීදි දරුවන් සඳහා විශේෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ මෙම මධ්‍යස්ථාන හරහා අධ්‍යාපන අවස්ථා උදා ලබා දීම.
    • උදෑසන ආහාරය ලබා ගැනීමට මුදල් නොමැති දරුවන් සඳහා ප්‍රශස්ත ලෙස දිළිඳු බව අවම කිරීමේ වැඩසටහන යටතේ කූපන් නිකුත් කර හරහා නොමිලයේ ලබා ගත හැකි වන පරිදි සතියේ දින පහට බිස්කට් වර්ග පහක් හඳුන්වා දීම. මෙය වෙළඳ පොල හරහාද මිල දී ගැනීමට අවස්ථව ලබා දීම.
    • ශිෂ්‍යයන්ට පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ප්‍රවේශ වීම සඳහා පෙර පාසල් හා ප‍්‍රධාන පාසල් වල ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීම. දිනකට පැය 2-3ක දිවා කාලයේ ශාරීරික කි‍්‍රයාකාරකම් වල නිරත වීමට දරුවන්ව යොමු කිරීමට දෙමවුපියන් වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුතුය.
      • සම්පූර්ණ දිනක ළදරු පාසල් වැඩසටහනක ශාරීරික කි‍්‍රයාකාරකම් සඳහා දිනකට වැය කරන කාලය පැයක් දක්වා වැඩි කිරීම සහ ඉන් පැය භාගයක් එළිමහන් කි‍්‍රයාකාරකම් සඳහා වෙන් කිරීම.
      • එළිමහනේ පාඩම් කටයුතු පවත්වා ගෙන යාමට පෙර පාසල් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සම්පත් සැපයීම.
      • විධිමත් විෂය ධාරාවෙන් ඔබ්බට ගොස් ප‍්‍රධාන පාසල් තුල ව්‍යුහගත නොවූ කී‍්‍රඩා අවස්ථා වැඩි කිරීම.
      • විවේක කාලය සහ/ හෝ පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යයන්ට පාසල් පහසුකම් සහ කී‍්‍රඩා උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව සැලසීම.
    • පාසල් හා ප‍්‍රජාව හරහා කි‍්‍රයාශීලී සහ සෞඛ්‍ය සම්පන්න සති අන්ත ගත කිරීම සඳහා පවුල් දිරි ගැන්වීම.
      ශාරීරික කි‍්‍රයාකාරකම් හරහා දෙමාපිය - දරු සබඳතා දිරි ගැන්වීම සඳහා සෑම දිස්ති‍්‍රක්කයකම උද්‍යාන, විනෝද සහ ක්‍රීඩා මධ්‍යස්ථාන (Recreation Centre)හා විවෘත ස්ථානයන්හි විනෝද කි‍්‍රයාකාරකම් ඇරඹීම.
    • පහත සේවා හරහා පාසල් තුල විවිධ හැකියාවන් (Differently Abled)සහිත දරුවන්ට සේවා සැපයීම :
      • විවිධ හැකියාවන් (Differently Abled) සහිත දරුවන් සොයා බලා පරීක්ෂා කිරීම.
      • සියළුම රාජ්‍ය සහ දිස්ති‍්‍රක් සම්පත් මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කිරීම.
      • සහභාගිත්ව අධ්‍යාපනය පිළිබඳ සේවාස්ථ ගුරු පුහුණුව.
      • අවශ්‍යතාවය අනුව පාසල් තුල සම්පත් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම.
      • අවශ්‍යතාවය අනුව උපකරණ සැපයීම.
      • සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන බහු- විනය පුහුණුව ලත් වෘත්තිකයන් ඇතුලත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම.
    9. අසංවිධිත අංශය සංවිධානය කිරීම.
    • ත්‍රිරෝද ර රථ ප්‍රජාව සන්නාමකරණය කර, තත්වයෙන් උසස් කර සහ ඔවුන්ගේ රැකියාව ගෞරවාන්විත රැකියාවක් බවට පත්කිරීම. මේ අරමුණ සඳහා පුහුණු වීඩියෝ සහ සෙසු ක්‍රම භාවිතා කරේ.
    • ත්‍රිරෝද රථ වෙන් කරවා ගැනීම (Queue Management System) සඳහා නොමිලේ අන්තර්ජාල ඇණවුම් බිහිදොරක් (Booting Portal) සහ පෝලිම් කළමනාකරණ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම.
    • වීදි ආහාර වෙළෙන්දන්
      • ඔවුන්ගේ ව්‍යාපාරයට සහාය පිණිස පහසු ණය ක්‍රම වේදයක් හඳුන්වා දීම.
      • ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස පුහුණු වීඩියෝ හරහා වීදි වෙළඳුන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීම.
      • දේශීය සහ විදේශීය පාරිභෝගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් ආකර්ෂණය කරගැනීම සඳහා Google Maps හරහා බලපත්‍රලාභී වීදි ආහාර වෙළඳුන් සිටින ස්ථාන සහ ගමන් මාර්ග තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Mobile Application)හඳුන්වා දීම.
        • ඔවුන් කුලී රථ (ටැක්සි) හෝ වෙනත් පොදු ප්‍රවාහන ක්‍රම තෝරාගන්නේ නම් ඔවුන්ගේ පහසුව තකා ශ්‍රී ලංකාවේ කඩ සාප්පු වල ලිපිනයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලබා දීමට සහතික වීම.
    10. විවිධ හැකියා සහිත පුද්ගලයන් නිරීක්ෂණයට සහ ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහිත සම්පත් මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවීම.
    1. මාපිය කටයුතු සහ දරුවන් රැක බලා ගැනීම සම්බන්ධව නොමිලේ අන්තර්ජාල පාඨමාලා පැවැත්වීම.
    2. පවුල් ඒකකයන්ට සහාය වීම හා සාරවත් කිරීම සඳහා උපකාරී වන තොරතුරු ඇතුළත් රජයේ අන්තර්ජාල බිහිදොරක් (Portal)නිර්මාණය කිරීම. මෙයට පහත දෑ ඇතුළත් වේ:
      • විවාහ පූර්ව උපදේශනය
      • සෞඛ්‍යමත් විවාහයක් පවත්වාගෙන යාම සඳහා උපදෙස්
      • මූල්‍ය කළමනාකරණය
      • දික්කසාදය හසුරුවා ගැනීම සඳහා උපදෙස්
      • පවුල් සැලසුම් කිරීම
    3. දික්කසාද අවම කරගැනීම
      • විවාහයට පදනම දැමීමට, විවාහපේක්ෂිත යුවළ ගැටුම් නිරාකරණය පිළිබඳ ප්‍රායෝගික කුසතාවලින් සන්නද්ධ කිරීම සහ ඔවුන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමට උපකාර වනු පිණිස විවාහයට සූදානම් වීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීම.
     
    • Like
    Reactions: 2osama