2030 ශ්‍රී ලංකාව - සංවර්ධිත රටක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    07
    ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය
    පහසුකම්වලින් පොහොසත් රටක්

    “ජීවන තත්වය, යහපැවැත්ම සහ සංතුෂ්ටිය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව, ආණ්ඩුව සහ ආන්තික ප්‍රජාව ප්‍රබෝධමත් කිරීම.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • දිස්ත්‍රික් සන්නාමකරණය
    • කොළඹට පමණක් සීමා වී ඇති සේවා සහ පහසුකම්, රජයේ කාර්යාලවල පවතින පූර්ණ සේවා සැපයුම සමග එක් එක් දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කෙරෙනු ඇත.
    • කොළඹ පදනම් කරගෙන පවතින සියලූ පහසුකම් එක් එක් දිස්ත්‍රික්කයේදී ද ලබාගත හැකි වනු ඇත.
    දිස්ත්‍රික් සංවර්ධනය
    මනා ජීවන තත්වයකින් යුත් දියුණු දිස්ත්‍රික්ක බිහි කිරීමට නම් ප්‍රධාන ගැටළු තුනක් ආමන්ත‍්‍රණය කළ යුතුය.
    1. එම දිස්ත්‍රික්කයේ සිට කොළඹට ඇති දුර.
    2. එක් එක් දිස්ත්‍රික්කයට සුවිශේෂී වූ ගැටළු.
      • සංස්කෘතිය
      • භාෂාව
      • යටිතල පහසුකම්
    3. ප්‍රාදේශීය දේශපාලන බලයේ බෙදී යාම
    ගැටළුව 1 - එම දිස්ත්‍රි‍‍‍ක්කයේ සිට කොළඹට ඇති දුර
    විසඳුම - එක් එක් දිස්ත්‍රික්කවල සිට බහුවිධ සේවාවන් සැපයීම.
    රජයේ කාර්යාලවල සේවාව පූර්ණ ලෙස ලබාදෙන ශාඛාවන් දිස්ත්‍රික්ක මට්ටමෙන් විවෘත කිරීම මඟින් කොළඹට පමණක් සීමා වී ඇති සේවාවන් සහ පහසුකම් එක් එක් දිස්ත්‍රික්ක වෙත ප්‍රසාරණය කිරීම.
    පහත සේවාවන් ඕනෑම දිස්ත්‍රික්කයකදී පහසුවෙන් ලබාගත හැකි වන ලෙස දිස්ත්‍රික් බහු සේවා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම.

    • විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) සේවාවන්, ආගමන විගමන සේවාවන්
    • පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මඟින් සපයනු ලබන ජාතික හැඳුනුම්පත් සේවාවන් සහ වෙනත් සේවාවන්
    • වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර‍ර සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සේවාවන්
    • කොන්සල් සේවාවන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සපයනු ලබන සේවාවන්
    • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලූ සේවාවන්
    • පුරවැසියන් විසින් කොළඹට පැමිණ ලබාගත යුතුව තිබෙන වෝහාරික හා රසපරීක්ෂක වාර්තා, පොලිස් වාර්තා ඇතුළු සියලූ පොලිස් දෙපාර්තුමේන්තු සේවාවන්
    • EPF, ETF නිදහස් කරගැනීම සහ අදාළ කම්කරු දෙපාර්තුමේන්තු සේවාවන්
    • අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තුමේන්තුවේ සේවාවන්
    • නීති හා අධිකරණ දෙපාර්තුමේන්තුවේ සේවාවන්
      • පුරවැසියන්ගෙන් අයකරගනු ලබන සේවා ගාස්තුව නැවත ගෙවීම
        රාජ්‍ය සේවාවක් විසින් තම සේවය අවශ්‍ය කරන පුද්ගලයකු වෙත කුමන හෝ හේතුවක් මත වසර දෙකක කාලයක් තුළ අදාළ සේවය සපුරාලීමට අපොහොසත් වන්නේ නම්, අදාළ අවශ්‍යතාව වෙනුවෙන් වැය කළ ගමන් වියදම් හා ඒ සඳහා වැය කළ කාලයට සරිලන මුදලක් එකී පුද්ගලයා වෙත ගෙවීම.
    ගැටළුව 2 - සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් එක් එක් දිස්ත්‍රි‍‍‍ක්කයට සුවිශේෂී වූ ගැටළු
    a. සංස්කෘතික
    උදා. යාපනය දිස්ත්‍රි‍‍‍ක්කයේ සංස්කෘතිය - හිසෙහි මල් ගවසාගෙන පැයට කිලෝමීටර 30 ට අඩු වේගයකින් පැද යන යතුරු පැදි පැදයන කාන්තාවන් සහ කාන්තා මගීන්, යතුරුපැදි හෙල්මට් නීතියෙන් බැහැර කෙරේ. දැනට පවතින නීතිය යටතේ මෙය හඳුනා ගැනෙන්නේ අනතුරුදායක රිය පැදවීමක් ලෙස ය.
    එක් එක් දිස්ත්‍රි‍‍‍ක්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම.
    එක් එක් දිස්ත්‍රික්කයක පවතින මෙවැනි සමාන ගැටළු හඳුනාගෙන පුරවැසියන්ගේ සන්තුෂ්ටිය වැඩි දියුණු කිරීම සඳහා සුදුසු විසඳුම් ලබාදීම.
    b. භාෂාව
    උදා: යාපන දිස්ත්‍රික්කය - යෝජිත ‘‘Home Police’’ වැඩසටහනේ භාෂා බාධක මැඩලීමට (උදා:- යාපනය දිස්ත්‍රික්කයේ දමිල බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම. මෙම වැඩසටහන මඟින් දිවයින පුරා පොලිස් ස්ථාන 496කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් ලබාදෙනු ඇත.
    පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන් ‘‘Home Police’’ වැඩසටහන සඳහා බඳවා ගැනීම මඟින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක. මෙම වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සම්බන්ධිත සේවාවන්හිදී පැන නගින භාෂා ගැටළුව තුරන් වනු ඇත.
    රජය විසින් මුලපුරනු ලබන, නොමිලේ ප්‍රවේශ විය හැකි භාෂා පරිවර්තන බිහිදොරක් (portal) හඳුන්වා දීම (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි). මෙම බිහිදොර සියලූ පුරවැසියන්ගේ භාවිතය සඳහා අදාළ පුහුණු වීඩියෝ සමග සන්නාමකරණය සහ ප්‍රවර්ධනය කරනු ඇත.
    c. යටිතල පහසුකම්
    කොළඹ පදනම් කරගත් සියලූ පහසුකම් අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකටම ඒ අයුරින්ම ලබාදීම.
    ක්‍රියාකාරී සැලැස්ම

    1. දිස්ත්‍රික් සන්නාමකරණය
      • සෑම දිස්ත්‍රික්කයක්ම එහි පිහිටා ඇති සංචාරක ආකර්ෂණ, පුරාවිද්‍යා උරුම, ඓතිහාසික ක්‍ෂේත්‍ර, උද්භිද උද්‍යාන සහ උයන් යනාදිය ඉස්මතු කර දැක්වෙන ප්‍රදර්ශනාත්මක පුවරු සමගින් සන්නාමකරණය.
    2. රාජ්‍ය අධ්‍යාපනය - පළාත් සභා යටතේ පවතින පාසල් 771 ක් ජාතික පාසල්වල ප්‍රමිතිගත මට්ටම දක්වා පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරීම.
      • එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් 2 ක් බැගින් (පාසල් 552).
      • නගර සභා 41 සඳහා එක් නගර සභාවකින් පාසල් 3 ක් බැගින් (පාසල් 123).
      • මහ නගර සභා 24 සඳහා එක් මහ නගර සභාවකින් පාසල් 4 බැගින් (පාසල් 96).
        ශිෂ්‍ය ධාරිතාවය 1,500 දක්වා ඉහළ නැංවීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පාසල් තෝරාගැනීම. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් 771 හි ශිෂ්‍ය ධාරිතාවය 1,500 ක සාමාන්‍ය අගයකට පැමිණෙනු ඇත්තේ ශිෂ්‍යය සංඛ්‍යාව සමස්ථයක් ලෙස 1,156,500 කින් සමස්ත ලෙස ඉහළ නංවමිනි.
        මෙහි ප්‍රතිඵලයක් ලෙස, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින වත්මන් තරඟකාරිත්වය, ශිෂ්‍යයන් 80,000 සිට 0 දක්වා අඩුවනු ඇත.
    3. පෞද්ගලික අධ්‍යාපනය - 0%ක ව්‍යාපාරික බදු සහ 0%ක වැට් ලාභාංශ පැනවීම මඟින් ජාත්‍යන්තර පාසල් පිහිටුවීම දිරිමත් කර පිට පළාත්වල සේවය කිරීම සඳහා වෘත්තිකයන් දිරිගැන්වීම.
      • වර්තමානයේදී ඉංග්‍රීසි කතා කරන වෘත්තිකයෝ සිය දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් නොමැති කම හේතුවෙන් පිට පළාත්වල සේවය කිරීමට මැලි වෙති.
      • වාර්ෂික සමස්ත ශිෂ්‍ය ප්‍රමාණයෙන් 50%ක ප්‍රතිශතයක් උපාධිධාරීන් කිරීම සඳහා 0%ක ව්‍යාපාරික බදු සහ 0% ක වැට් ලාභාංශ පැනවීම මඟින්, වෛද්‍ය විද්‍යාල නොවන පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම දිරිමත් කිරීම.(වසරකට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි)
      • සෑම දිස්ත්‍රික්කයකම අංග සම්පූර්ණ TVET මධ්‍යස්ථාන පිහිටුවීම. ඒවා සියලූ NVQ සහතික පත්‍ර මට්ටමේ දේශකවරුන්ගෙන් සමන්විත වනු ඇත. එහි ප්‍රතිඵලය ලෙස වසරකට සම්පූර්ණ සිසුන් අතරින් TVET සහතිකපත්‍රධාරී සිසුන්ගේ ප්‍රමාණය 40%ක් වනු ඇත.(දැනට ශ්‍රී ලංකාවේ පාසල් වලින් ඉවත් වන සිසුන් සංඛ්‍යාව 360,000කි).
    4. ගමනාගමන, ජල, මළඅපවහනය, විදුලිය, දිවා සුරැකුම්, පෙර පාසල්, පාසල්, සරසවි, තාක්ෂණික විද්‍යාල සහ සෞඛ්‍ය සේවාවන් වැනි කේන්ද්‍රීය පහසුකම් සමග සෑම දිස්ත්‍රික්කයකම අඩු වියදම් මහල් නිවාස ඉදිකිරීම.
    5. එක් සේවකයකු සඳහා වර්ග අඩි 70 ක ඉඩක් වෙන්වන ව්‍යාපාර ස්ථානයක් සමග මූලික EPF/ETF ලියාපදිංචිය සිදුකරන සේවා යෝජකයන් හට නව රැකියා ගෙන දෙන නව ව්‍යාපාර සඳහා අඩු කුලී, මහල් කාර්යාල සංකීර්ණ ලබාදීම.
    6. එළවළු, පළතුරු, කුළුබඩු, මාළු, කුකුළු මස් ආදී මස් වර්ග (Poultry) සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ සඳහා සෑම දිස්ත්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම.
    7. වෙරළබඩ දිස්ත්‍රික්ක 14 තුළ තොග මත්ස්‍ය වෙළඳපොල සහ ගබඩා ඉදිකිරීම.
    8. අතිරික්ත මත්ස්‍ය අස්වැන්නක් සහිත ධීවර ගම්මානවලට ජංගම ශීත ගබඩා සැපයේ.
    9. සෑම දිස්ත්‍රික්කයකම ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩසටහන් දියත් කිරීම.
    10. දිස්ත්‍රික්ක අනුව රැකියා උත්පාදනය
      • පුද්ගලික අංශයේ රැකියා උත්පාදන වගකීම මාසික අධීක්ෂණයක් සහිතව සෑම දිස්ත්‍රික්කයකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් දැරීම.
      • කොළඹ හැර වෙනත් දිස්ත්‍රික්කවල ආරම්භ කරන නව පුද්ගලික අංශ ව්‍යාපාරවලට 80%ක සමාගම් බදු සහනයක් වසර 25 ක කාලයක් සඳහා, ආයෝජන මණ්ඩලයේ එකගිතාවය මත ලබා දීම.
      • 380,000 ක් වන රැකියා විරහිත සියලූ දෙනා Geo-tag කිරීම සහ පුද්ගලික අංශයේ පවතින රැකියා සමග ඔවුන්ගේ කුසලතා සමපාත කිරීම.
        • ඔවුන්ගේ කුසලතා රැකියා, වෙළඳපොළෙහි ඉල්ලූමට සරිලන සේ ඉහළ නැංවීම.
    11. සෞඛ්‍ය සේවාව
      • මාස ගණන් දිගු පොරොත්තු ලේඛන පවතින, අධික තදබදයකින් යුතු ශල්‍යාගාර සක්‍රියව පවතින පැය ගණන පැය 8 සිට පැය 12 දක්වා වැඩි කිරීම.
      • මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත්‍රික්කයකම තුලම ඇති එක් රෝහලක එක් පිළිකා ප්‍රතිකාර ලබාදීම රෝහලක් ලෙසින් ආරම්භ කිරීම.
      • සෑම දිස්ත්‍රික්කයකටම නවීන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන එ්කකයක් බැගින් පිහිටුවීම.
      • හෘද, පෙණහළු, ස්නායුවේද, ඇස් සහ ළමා රෝග සඳහා කොලඹ පිහිටා ඇති විශේෂඥ රෝහල් වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරීම.
      • වකුගඩු රෝගීන් Geo-tag කර නිදන්ගත වකුගඩු රෝගය (CKD)ඇතුළත්ව අදාළ ක්‍ෂේත්‍ර හඳුනා ගෙන ගැඹුරු ළිං (බෝර ලිං) පහසුකම් සැලසීම. මේ වන විට ඉහත කී ජල පිරිපහදු ක්‍රම ගම්මාන කිහිපයකට සපයා තිබේ.
        උදා:- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය.
      • පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය.
      • වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඩ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක.
      • 0% සමාගම් බදු සහ 0% වැට් බදු හරහා පුද්ගලික රෝහල් ස්ථාපනය කිරීම දිරිමත් කිරීම.
        • රාජ්‍ය සේවකයන්ගේ සෞඛ්‍ය සේවාවන් සඳහා අතිරේක රක්ෂණ ක්‍රමයක්.
        • සැත්කම් සඳහා මාස ගණනාවක් පුරා පෝලිමේ සිටින රෝගීන් මෙකී රෝහල් වෙත යැවෙනු ඇත.
    12. දිස්ත්‍රික්ක 25 තුළම, දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සිය ආයෝජන වේගවත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT park) සහ කාර්මික උද්‍යානයක් (Industrial park) ලබාදීම.
     
    • Like
    Reactions: 2osama

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    08
    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
    විනයෙන් පොහොසත් රටක්

    "පුද්ගල අයිතිවාසිකම් හා නිදහස සුරකින, මනා පාලනය රීති බලගන්වන අධිකරණ සහ නීති ක්‍රමයක්."
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • ප්‍රතිපත්ති, නීතිය හා සේවාවන් හරහා යුක්තිය, නීතිය මත පාලනය, ආර්ථිකය සහ සමාජය වෙත ප්‍රවේශවීම වැඩිදියුණු කිරීම.
    • සුහුරු ආරක්ෂාව (ස්මාට් ආරක්ෂාව -Smart Security)
    • බන්ධනාගාර පුනරුත්ථාපනය
    • දූෂණය අවම කිරීම
    • ක්‍රියාකාරී සැලැස්ම
      පොලිස් දෙපාර්තමේන්තුව
      ’’ස්මාට්‘‘ ආරක්ෂාව - Smart Security
      1. පොලිස් විමර්ශනයට ලක්ව ඇති තැනැත්තන් හඳුනාගැනීම සඳහා සුවිශේෂී ඩිජිටල් ජෛවමිතික (Digital Biometric) ක්‍රමයක් හඳුන්වා දීම.
      2. මුහුණු අනාවරණ තාක්ෂණය සහිත පිරික්සුම් කැමරා (CCTV) සියලූ ප්‍රධාන පොදු ස්ථාන සහ පුද්ගලික ස්ථාන තුළ සවි කිරීම.
      3. අපරාධ දත්ත ගබඩාවන් ලෝක ආරක්ෂක ඒජන්සි සමග හුවමාරු කර ගැනීම. රට තුළට ත්‍රස්තවාදීන් ඇතුළු වීමේ අවදානම හේතුවෙන් ගුවන් තොටුපොළවල මුහුණු අනාවරණ තාක්ෂණය (Facial Recognition) ද ස්ථාපිත කළ යුතුය.
      4. Smart Glasses හරහා කාලාන්තර වෙනසකින් (real time) තොරව පොලිසිය විසින් මුහුණු අනාවරණ තාක්ෂණය උපයෝගී කර ගැනීම.
      5. සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ අපරාධමය ක්‍රියාවන් පරීක්‍ෂා කිරීම සඳහා දත්ත තාක්ෂණය (data science) යොදාගැනීම.
      6. මෙතෙක් කොළඹදී පමණක් විදේශ රැකියා අපේක්ෂිතයන්ට නිකුත් කෙරුණු පොලිස් නිෂ්කාෂණ සහතික සෑම දිස්ත්‍රික්කයකම පොලිස් සේවාවන් විසින් සපයනු ඇත.
      7. ‘භාෂා බාධක මැඩලීම (උදා- යාපනය දිස්ත්‍රික්කයේ දමිළ බස භාවිතා වීම) සහ පොලිසිය නිවසේ දොරකඩට පැමිණ සේවාවන් ලබාදීම සඳහා ‘පොලිසිය නිවසට’ ("Home Police Programme") වැඩසටහන හඳුන්වා දීම. මෙම වැඩසටහන මගින් දිවයින පුරා පොලිස් ස්ථාන (496)කට නිලධාරිනියන් 10 දෙනා බැගින් බඳවා ගැනීමට යෝජිත අතර, එක් පොලිස් ස්ථානයකට යතුරුපැදි 5 බැගින් සැපයේ.
        පොලිස් නිලධාරීන් 1,700 දෙනෙක් සෑම වර්ෂයකම විශ්‍රාම ගන්නා අතර මෙකී පොලිස් නිලධාරීන්ට 'පොලිසිය නිවසට‘ වැඩසටහන සඳහා බඳවා ගැනීම මගින් වසර 3 ක් ඇතුළත මෙම ඉලක්කය සම්පූර්ණ කර ගත හැක.
        ඔවුන්ගේ කාර්යයන්ට ගෘහස්ථ ප්‍රශ්න, එනම් ළමා අපයෝජනය, ගෘහස්ථ හිංසනය සහ පාසල්වල ආරක්ෂාව ඇතුළත් වනු ඇත. මේ සඳහා අන්තර්ජාලය මගින් සහ ක්‍ෂේත්‍රගත ව පුහුණුව ලබා දෙනු ඇත.
      8. තත්කාලීන (real time) තොරතුරු හුවමාරුව හරහා විමර්ශන කඩිනම් කිරීම. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබාගැනීම සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සැකකරුවන්ගේ ඡායාරූප ලබාදීම, එසැණින් ජංගම නඩු ගොනු කිරීම, ඩිජිටල් ක්‍රමයට සාක්ෂි හසු කර ගැනීම, ජංගම අනන්‍යතා තහවුරුව සහ රැකවරණ භාරයේදී බහුවිධ ක්‍රම මගින් සෝදිසිය සහ සමාජ මාධ්‍ය පිරිස් මූල විමර්ශන (crowd sourced investigation) මගින් මෙය සිදුවනු ඇත.
      9. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වරදකරුවන්ගේ වැඩිදුර විස්තර වාර්තා කර ගැනීම සඳහා Pronto වැනි ජෛවමිතික තාක්ෂණයන් (Biometric technology) යොදාගැනීම. මෙම තොරතුරු පසුව, සියලූ පොලිස් නිලධාරීන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාල දත්ත ගබඩාවකට ඇතුළත් වනු ඇත.
      10. වේගසීමා දඩ වැනි කාර්යයන් සරල ක්‍රමවේදයක් හෙවත් streamline කිරීම සහ ඩිජිටල්කරණය කිරීම.
      11. ප්‍රගාමී පොලිස් ක්‍රමය (proactive policing) යොදාගැනීම - පූර්ව චක්‍රාකරයෙන් අපරාධ සිදුවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා අන්වේක්ෂණ තාක්ෂණය යොදාගැනීම. අනාගත අවදානම් ආකෘතිගත කිරීම පිණිස පුරෝකථනශීලී පොලිස් විශ්ලේෂණ යොදාගැනීම සහ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සාක්ෂි පදනම් කරගත් බුද්ධි තොරතුරු විශ්ලේෂණය යොදාගැනීම.
      12. ස්ථානීය දඩ ක්‍රමය (spot fines) හඳුන්වා දීමට ඉලෙක්ට්‍රොනික් මෙවලම් හෝ ජංගම ගෙවීම් ක්‍රමය යොදාගැනීම.
      13. පොලිස් විමර්ශනවලට සාක්ෂි සෙවීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම මත්ද්‍රව්‍ය සහ DNA පරීක්ෂණ විද්‍යාගාර තිබිය යුතුය.
      14. ePolice යෙදවුම හඳුන්වා දීම - මෙය, ස්වයංක්‍රීය ජෛවමිතික අනාවරණ ක්‍රම, වෝහාරික විශ්ලේෂණ සහ සිද්ධි කළමනාකරණ පද්ධති වැනි සියලූ නීතිසාධන ඒකකවල අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම පිණිස සංගෘහිත වේදිකාවකි.
      15. පොලිස් නිලධාරීන් සඳහා අන්තර්ජාල පුහුණු වීඩියෝ හඳුන්වා දීම.
      16. අපයෝජනය සහ මානසික සෞඛ්‍ය සේවාවන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රචලිත කිරීම සඳහා නිල යූ ටියුබ් චැනලයක් (Official Youtube Channel) ස්ථාපිත කිරීම.
      17. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා හටගන්නා ආබාධ තත්වයන් ට MAT හෙවත් medication assisted treatment ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබාදෙන සුව සේවා වෘත්තිකයන් සවිබල ගැන්වීම සඳහා නොමිලේ යෙදවුමක් (ඇප් එකක්) හඳුන්වා දීම.
      18. තරුණයන්ගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, මත්පැන්වල බලපෑම් සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දෙමාපියන් ඉලක්ක කරගත් අන්තර්ජාල සඟරාවක් ප්‍රකාශනය කිරීම. මෙහි පළවන ලිපි මගින් පහත ක්‍ෂේත්‍රයන් ආවරණය වනු ඇත.
        • ඇබ්බැහි වීම සහ මෙකී නිදන්ගත තත්වයෙන් මිදෙන්නේ කෙසේද?
        • මත් ඇබ්බැහියේ සැඟවුණු ලක්ෂණ
        • පුනරුත්ථාපනයට යොමුවීම සහ පුද්ගල සංවර්ධනය සඳහා සෑම දිනක්ම මගපෙන්වන අයුරු
        • ශ්‍රී ලංකාවට Fentanyl තර්ජනාත්මක වන්නේ කෙසේද?
        • මානසික සෞඛ්‍යය සහ ඇබ්බැහිය නොසලකා හැරීම අතිශය බරපතළ වැරැද්දක් වන්නේ කෙසේද?
        • තරුණයන් සහ මරිජුවානා (කන්සා) ඇතුළු මත්ද්‍රව්‍ය (cannabis)
    • බන්ධනාගාර පුනරුත්ථාපනය
      බන්ධනාගාර ගත වූ පුරවැසියෝ

      සාක්ෂරතා මට්ටමඅත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවප්‍රතිශතයසමුච්චිත ප්‍රතිශතය
      පාසල් ගොස් නැත.6,7646.80%6.80%
      1-5 ශ්‍රේණි20,04220.20%27%
      5 ශ්‍රේණිය සමත්25,61325.90%52.90%
      8 ශ්‍රේණිය සමත්31,91732.20%85.10%
      සා/පෙළ සමත්11,70111.80%96.90%
      උ/පෙළ සමත්2,8352.90%99.80%
      උපාධිධාරී සහ වෙනත්164 (අනුපිළිවෙළින් 82)0.20%100%
      මූලාශ්‍රය - 2017 බන්ධනාගාර සංඛ්‍යාලේඛන
      2017 වසරේදී ශ්‍රී ලංකාවේ වරද තීන්දුනොවූ සිරකරුවෝ 99,036 ක් විය. එයින් 6.8% ක් පාසල් ගොස් නැති අතර, 52.9%ක් 5 ශ්‍රේණිය දක්වාද, 85.1%ක් 8 ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලද අය වූහ. කෙසේ වෙතත් අ.පො.ස. උසස් පෙළ සහ එයින් ඉහළට අධ්‍යාපනය ලද වරදකරුවන් නොවන සිරකරුවන් සිටියේ 3.1%ක් පමණි.
      මේ අනුව, සෑම දරුවෙකුම අවම වශයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේනම්, බන්ධනාගාරවලින් හරි අඩක් වසා දැමිය හැකි වේ.
      1. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වරදකරුවන්ගේ වැඩිදුර විස්තර වාර්තා කර ගැනීම සඳහා Pronto වැනි ජෛවමිතික තාක්ෂණයන් (biometric technology) යොදාගැනීම. පසුව මෙම තොරතුරු, සියලූ පොලිස් නිලධාරීන්ට ප්‍රවේශ විය හැකි අන්තර්ජාල දත්ත ගබඩාවකට ඇතුළත් වනු ඇත. මෙහි භාවිතයන් සහ වාසි අතරට, පොලිසිය විසින් වරදකරුවන්ව ඔවුන්ගේ ඇඟිලි සලකුණු වලින් ඒ අවස්ථාවේදීම හඳුනා ගැනීමට හැකි වීම, ක්‍ෂේත්‍රයේ රාජකාරි කරන අතරවාරයේම ජාතික පොලිස් දත්ත ගබඩාවට ප්‍රවේශය ලබාගත හැකි වීම සහ වේග දඩ ටිකට් වැනි ඩිජිටල්කරණය වූ කාර්යයාවලි මගින් ඵලදායීතාවය ඉහළ නැංවීම ඇතුළත් වේ.
      2. සිරකරුවන්ට දඩ සහ උසාවි ගාස්තුවලින් සහනයක් ලබාගැනීම සඳහා ප්‍රජා සේවාවන්ගේ නිරත විය හැකි ණය සහන වැඩපිළිවෙළක් බන්ධනාගාරවලට හඳුන්වා දීම.
      3. විද්‍යාව, සාහිත්‍යය, ආගම සහ ඉතිහාසය පිළිබඳ පෙර අනුමැතියක් ලද පොත් අතරින් කියවන හා සමාලෝචනය කරන සෑම පොතකටම දින 4 බැගින් සිරකරුවන්ගේ දඬුවම අඩු කිරීම.
    • අධිකරණ අමාත්‍යාංශය
      1. පහත දැක්වෙන පියවර මගින් දූෂණය අවම කිරීම,
        • සෑම අමාත්‍යාංශයකම අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සිටිය යුතුය.
        • සෑම අමාත්‍යාංශයකම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙකු සිටිය යුතුය.
        • සියලූම ප්‍රසම්පාදන කාර්යයන් සඳහා ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන ක්‍රමයක් (e-Procurement System) හඳුන්වා දීම.
        • දේශපාලන අරමුදල් යොදාගැනීම හා අල්ලස අධෛර්යමත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීම.
        • පාර්ලිමේන්තු සාමාජිකයන් සඳහා වත්කම් ප්‍රකාශ කිරීමේ විධිමත් ක්‍රමයක් හඳුන්වා දීම.
        • ව්‍යාපෘති ප්‍රසම්පාදනය සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීම, රජය, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන් (state-owned enterprises -SOEs) සම්බන්ධ සියලූ ව්‍යාපෘතිවලදී රජයේ අභිලාෂය ආරක්ෂා වන පරිදි ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම.
        • ඕනෑම ගිවිසුම් උල්ලංඝනයකදී ගිවිසුම උල්ලංඝනය කළ පාර්ශවයට විරුද්ධව යම් නිශ්චිත කාලයක් තුළ ගිවිසුම අවසන් කිරීම සහ/හෝ සිවිල් නඩුවක් පැවරීම රජයට කළ හැක.
      2. මූලික සුව පහසුකම්, ආසන සහ ආලෝකය පවතින සේ අධිකරණ ගොඩනැගිලිවල යටිතල පහසුකම් දියුණු කිරීම.
      3. අධිකරණ ශාලාවලට පරිගණක සැපයීම හෝ අලූත්කිරීම, ශබ්ද උපකරණ, බහුමාධ්‍ය (මල්ටිමීඩියා) උපකරණ, අත්‍යාවශ්‍ය මෘදුකාංග සහ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදීම.
      4. අධිකරණ ශාලාවේ කටයුතු කාර්යක්‍ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා පුහුණුවලත් අධිකරණමය නොවන නිලධාරීන් ප්‍රමාණවක් ලෙස ලබාදීම.
      5. පරිවර්තනය, පිටපත් කිරීම, ලඝු ලේඛනය සහ පරිගණක පද්ධති කළමනාකරණය වැනි අධිකරණ සේවාවන් සම්පාදනය සඳහා පුහුණු ආයතනයක් පිහිටුවීම.
      6. ඩිජිටල් තොරතුරු පද්ධතියක් අධිකරණයට හඳුන්වා දීම.
      7. ස්ත්‍රී දූෂණ නඩු සඳහා සුවිශේෂී වූ වේගවත් අධිකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
        ස්ත්‍රී දූෂණ නඩු දිනපතා ඇසිය යුතු අතර, ස්ත්‍රී දූෂණ නඩුවලට අදාළ විමර්ශන මාස 4 ක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය. තවද නඩු විභාගය වසර 1 ක කාලයක් තුළ අවසන් විය යුතුය.
        මෙය ඉටුකර ගැනීමට,
        • ස්ත්‍රී දූෂණ නඩු විමර්ශනය කිරීම සඳහාම කැප වූ මිනිස් ශ්‍රමය සහිත වීම.
        • සෑම දිස්ත්‍රික්කයකම සාක්ෂි ලබාගැනීම සඳහාම කැප වූ වෝහාරික විද්‍යාගාරය බැගින් පැවතීම.
        • සියලූ රෝහල් සහ පොලිස් ස්ථානවලට දූෂණ සිදුවීම්වලදී භාවිතා කළ හැකි විශේෂ වෝහාරික කට්ටල (Special forensic kits) සැපයෙනු ඇත.
      8. පහත දැක්වෙන කරුණු සලසා දෙන අන්තර්ජාල දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම.
        • කෙටුම්පත් කළ සෑම නීතියක්ම මෙමගින් මහජනතාවට කියවිය හැකිය. එම කෙටුම්පත් නීතිය ඉදිරිපත් කළේ කවුද, එහි වත්මන් තත්වය සහ පාර්ලිමේන්තු කාර්යපටිපාටිය තුළදී එයට සිදුකළ වෙනස්කම් එමගින් දැකගත හැකි විය යුතුය.
        • සභා වාර පුරවැසියන් හට සජීවී ලෙස දැකබලා ගත හැකි විය යුතුය.
        • නගර නීති සහ සෙසු ලේඛන අන්තර්ජාලයට එක් කිරීම - මෙමගින් දූෂණය අඩු වන අතර, ව්‍යස්ථා සම්පාදන කටයුතුවලදී පුරවැසියන්ට අභිලාෂයක් ලැබේ.
      9. මත්ද්‍රව්‍ය භාවිතා කරන අතරතුරදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාරගත කරනු වෙනුවට ඝෘජුවට ඔවුන් පුනරුත්ථාපනයට යොමු කිරීම සඳහා පොලිස් ස්ථාන සමග අන්තර්ජාලයේ වීඩියෝ කොන්ෆරන්ස් ක්‍රමය හරහා සම්බන්ධ වන මත්ද්‍රව්‍ය උසාවි හඳුන්වා දීම.
        වර්තමාන නීතිවලට අදාළ වන්නේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් හෝ මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ය.
        අධිකරණ සහ බන්ධනාගාර (අවසාන ඡේදය)
        වරදකරුවන්ට සිය රැඳවුම් කාලයේ ඉතිරිය ප්‍රජාව සමගින් ගතකිරීමට අවස්ථාව සැලසෙන සේ, ඉලෙක්ට්‍රොනික් අධීක්ෂණ අඩස්සියකට යටත්ව, දිවා කාලයේදී රැකියාවක හෝ අධ්‍යයන කටයුතුවල යෙදී, රාත්‍රී කාලය අධීක්ෂණ මධ්‍යස්ථානයේ ගත කිරීමට හෝ ව්‍යුහගත අර්ධ-නිවාස ක්‍රමවේදයක් යටතේ ගතකිරීමට අවස්ථාව සලසා දීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    09
    කෘෂිකර්මාන්ත සහ කෘෂි-පාදක කර්මාන්ත අමාත්‍යංශය
    සෞභාග්‍යයෙන් පිරිපුන් රටක්

    "ස්ථානීය යෝග්‍යතාවයට අනුව ගනු ලබන සුවිශේෂී වූ පියවර හරහා සීමිත ස්වාභාවික සම්පත්වල මනා හා තිරසාර භාවිතය ප‍්‍රවර්ධනය කිරීම ම`ගින් කෘෂි ඵලදායීතාවය තිරසාර කිරීම."
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    පහත දෑ ඇතුළත් කෘෂිකාර්මික පරිවර්තනය දියත් කිරීම.

    • ගොවීන්ගේ කෘෂිකාර්මික ඵලදායීතාව ඉහළ නැංවීම.
    • ගොවීන්ගේ ගෘහස්ථ ආදායම් තත්වය ඉහළ නැංවීම.
    • සියලූ දෙනාටම වසර පුරා, දැරිය හැකි මිලකට, සුරක්ෂිත සහ පෝෂ්‍යදායි ආහාර වේලක් පරිභෝජනය කිරීමට හැකි වීම වැඩිදියුණු කිරීම.
    • කෘෂිකර්මාන්තය තුළ කාන්තාව සවිබල ගැන්වීම.
    ක්‍රියාකාරී සැලැස්ම
    1. පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව (soil health cards) බෙදාහැරීම සහ පස පරීක්ෂා කිරීම පදනම් කරගත් පොහොර නිර්දේශය
      වර්තමානයේදී පොහොර කන්ටේනර 35,000ක් ආනයනය කරනු ලබයි. පාංශු පරීක්ෂණ පත‍්‍රිකාව සහ පොහොර නිර්දේශ හඳුන්වා දීමත් සමගම, පොහොර ආනයනය 20% කින් (කන්ටේනර 7000 කින්) අඩු කළ හැකිය.
    2. ප‍්‍රාදේශීය බලධාරින් විසින් සුදුසු යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර ගොවීන් වෙනුවෙන් මූලික කෘෂිකාර්මික බිම සැකසීම.
    3. වගාවට උපකාර වනු පිණිස වාරිමාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
      • වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණය සහ ඒවායේ ධාරිතාව වැඩි කිරීම
      • වැව් රැලි ක‍්‍රමවේදය හඳුනා ගැනීම සහ වැඩි දියුණු කිරීම
      • වාරිමාර්ග ළිං සංවර්ධනය සහ ප‍්‍රතිසංස්කරණය
    4. ගුණාත්මක බවින් වැඩි බීජ දැරිය හැකි මිලකට සහ නිසි කාලවේලාවට ලබාගත හැකි බවට සහතික වීම.
    5. දියර පොහොර සහ කාබනික ගොවිතැන සඳහා සහනාධාරයක් සැපයීම.
    6. ගොවියාගේ ජීවන වියදම් ආවරණය කරගැනීම සඳහා දැනට ලබා දෙන පොහොර සහනාධාරය නියං කාලවලදී අත්පිට මුදලින් ගෙවීම.
    7. කාබනික වගාව ප‍්‍රවර්ධනය සහ එහි ලාභය ඉහළ දැමීම සඳහාම වෙන්වූ ඊ-වාණිජ ද්වාරයක් (e-commerce portal) සකස් කිරීම. මෙමගින් පාරිභෝගිකයන්ට කාබනික නිෂ්පාදන පහසුවෙන් හඳුනාගෙන ලබාගත හැකි වනු ඇත.
    8. 'ස්මාට්' වගාව -SMART farming ක්‍රියාවට නැංවීම
      1. වගා බෝග සැකසීම සහ අධීක්ෂණය.
      2. සත් දින කාලගුණ අනාවැකි.
      3. කාලගුණය පදනම් කර ගත් උපදේශන සේවා සහ ස්මාට් තාක්ෂණය පදනම් කරගත් දේශගුණික වාරි මාර්ගික කෘෂි කාර්මික වැඩසටහන.
      4. පොහොර යෙදීමේ නිර්දේශ සැපයීම.
      5. පලදාවේ අදියර අධීක්ෂණය.
      6. වගාබිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම.
      7. පලදාව සඳහා අවම මිලක් ගොවීන්ට සහතික කිරීමට ක්ෂේත‍්‍ර සමීක්ෂණ.
      8. අස්වැන්න පිළිබඳ පුරෝකථන.
      9. වගා බෝග සඳහා පලිබෝධ රෝග පිලිබඳ කාලීන උපදේශන සේවා සැපයීම.
      10. තවානේ සිට වෙළඳපොල දක්වා නිරන්තර පිරික්සුම.
      11. ගොවීන් සඳහා පලදාව පිළිබඳ ජංගම දුරකථන උපදේශන සේවාව.
      12. වගා බිම් වපසරිය සහ නිෂ්පාදන ඇස්තමේන්තුව අවබෝධ කර ගැනීම සඳහා චන්ද්‍රිකා ඡුායාරූප හරහා ශ‍්‍රී ලංකාවේ වගා බිම් සිතියම්කරණය සම්පූර්ණ කිරීම. (උදා : ඉන්දියාවේ බිහාර් සහ මධ්‍ය ප්‍රදේශ්).
      13. ඇල්ගොරිතම ගණිත ක‍්‍රමය (Algorithm-based) පදනම් කරගෙන සැපයුම්කරුවන් සහ ගනුම්කරුවන් ගැළපීම.
      14. රට පුරා අස්වැන්න පුරෝකතනය කිරීම තුලින් කෘෂි අස්වැන්න අපතේ යෑම් අවම කිරීම සහ ප‍්‍රශස්ත ගබඩා විසඳුම් සැපයීම.
    9. සියලූම ආනයනය කරන සියලූම නැවුම් කෘෂි නිෂ්පාදන (දැනටමත් දේශීය ලෙස නිපදවන) සඳහා 100% ආනයනික බද්දක් පැනවීම. මෙයින් 50% ක් වගා කන්නය ආරම්භයේදී අය කිරීම සහ ඉතිරි බදු මුදල පසු අදියරකදී අය කර ගැනීමට සැලස්වීම.
    10. සෑම දිස්ත‍්‍රික්කයකම ආර්ථික මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීම.
    11. බෝග වගාව පිළිබඳ තාක්ෂනික කරුණු ඇතුලත් වීඩියෝ දර්ශන සිංහල හා දමිල මාධ්‍යයෙන් යූ ටියුබ් හරහා බෙදා හැරීම.
    12. බීජ වගාව, යෙදවුම් සැපයීම සහ අලෙවිකරණය පිළිබඳ එදිනෙදා තොරතුරු අන්තර්ජාලය හරහා ගොවීන්ට සැපයීම.
    13. කෘෂි නිෂ්පාදන පරිභෝජනය ප‍්‍රවර්ධනය කිරීම, තොග වෙළඳපොල ශක්තිමත් කිරීම, ගොවින් සහ කෘෂි සමූපකාර සමිති සංවර්ධනය සහ කෘෂි සමූපකාර වෙළඳපොළ ප‍්‍රවර්ධනය කිරීම හා කොන්ත‍්‍රාත් වගාව (contract farming) ප‍්‍රවර්ධනය කිරීම සඳහා දේශීය අලෙවිකරණ මාර්ග යොදාගැනීම සහ අලෙවි ප‍්‍රචාරණය සිදුකිරීම.
    14. දිස්ත‍්‍රික්ක මට්ටමේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා කෘෂි නිෂ්පාදන ගබඩා පහසුකම් සමග අවශ්‍ය ප‍්‍රවර්ධන සබඳතා තහවුරු කිරීමට ජාතික ගබඩා ජාලකයක් පිහිටුවීම.
    15. කුලී- පාරිභෝගික ගෙවීම් පදනම මත කෘෂි යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකියාව බැලීම සඳහා ජංගම දුරකථන යෙදවුම් ක‍්‍රමයක් නිර්මාණය කිරීම.
    16. පහත දෑ සැපයීම මගින් විශාල පරිමාණයේ දෙමුහුම් බීජ උද්‍යාන 10 ක් විවෘත කිරීමට පුද්ගලික අංශයට සහයෝගය දැක්වීම,
      1. රජයේ ගොවිපොළවල් හරහා ගසකට පොල් ගෙඩි 120 ක පලදාවක් ලබාදෙන දෙමුහුම් පොල් බීජ (Hybrid (DXT) coconut seeds) ලබාදීම.
      2. කෘතිම පරාගනය සඳහා පුහුණුව.c
    කෘෂි අපනයන.
    1. කෘෂි අපනයන දිරි ගැන්වීම වෙනුවෙන් සියලූ ගුවන් සේවාවන් සඳහා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ, පලාලි, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල, මත්තල සහ මහනුවර දිගන නොමිලේ ගොඩබෑමේ සහ නවතා තැබීමේ පහසුකම් සැපයීම
    2. ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ මහනුවර (දිගන) සිට අන්තර්ජාතිකව පියාසර කරන භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් සේවා සඳහා පහසුකම් සැපයීම.
    3. සියලූම කෘෂි ආනයන අවම කිරීම සහ පුරෝකථනය කළ හැකි ආනයන හා අපනයන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැංවීම.
    4. දූරියන් සහ අඹ ආනයනය සඳහා අවශ්‍ය පැළ වර්ග සහ තාක්ෂණය පුද්ගලික අංශයට සපයමින් ඇ.ඩො. මිලියන 300 ක ඉලක්කයක් වෙත ළ`ගා වීම සඳහා පොදු හා පුද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කිරීම.
      දූරියන් පැළ තායිලන්තයෙන් ගෙන්වා පැළ තවාන් ආරම්භ කිරීමට සහ පැළ අලෙවියට ඉඩ ලබාදීම.
    5. තායිලන්තයෙන් ආනයනය කල ළපටි පැළ පොල් පුද්ගලික අංශයට ලබා දෙමින් ඔවුන්ට ඒකල බීජ උද්‍යාන විවෘත කිරීමට සහ පැළ අලෙවියට අවස්ථාව ලබාදීම.
    6. අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන දේශීය වෙළඳපොලට ඉදිරිපත් කිරීම හා අපනයනය දිරිමත් කිරීම සඳහා විරාම ලබාදීම.
     
    • Like
    Reactions: 2osama

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    10
    පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යංශය
    වන සම්පතින් පොහොසත් රටක්

    “රටක යහපැවැත්ම එරටෙහි ස්වාභාවික පරිසර තත්ත්වය සහ එමගින් පිරිනමන මනා අවස්ථාවන් සමග සම්බන්ධ වී ඇත”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • වත්මන් සහ අනාගත පරම්පරාවන්ට පිරිසිදු, ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී පරිසරයක් තහවුරු කිරීම.
    • සොබාදහමේ ජීව ගුණය සහ විවිධත්වය සංරක්ෂණය කිරීම.
    • ජීවත් වීමට සුදුසු සහ සිත්ගන්නාසුලූ ශ‍්‍රී ලංකාවක් ගොඩනැංවීම.
    • ක්‍රියාකාරී සැලැස්ම
      1. අන්තර්ජාතික පාරසරික දර්ශකයන්හි ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නැංවීම.
      2. භාෂා තුනෙන් ම ඉදිරිපත් කරන අධ්‍යාපනික වීඩියෝ සහ ප්‍රතිචක්‍රීකරණ දත්ත පොත් (factbooks) මගින් පුරවැසියන් හට පරිසරය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට දිරිමත් කිරීම.
      3. වසර 5ක් තුළ ගස් මිලියන 200ක් රෝපණය කිරීමෙන් රැකියා උත්පාදනය කිරීම. ඒ සදහා සෑම දිස්ති‍්‍රක්කයකම නැවත වන වගාව වෙනුවෙන් ගස් මිලියන 100ක් හා වාණිජමය ප්‍රයෝජන වෙනුවෙන් ගස් මිලියන 100ක් රෝපණය කිරීම සඳහා පුද්ගලයන් එම දිස්ත්‍රික්ක තුළින්ම සේවයට බඳවා ගැනීම
      4. සත්වෝද්‍යාන සමග සහයෝගීත්වයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂ සඳහා අභිජනන මධ්‍යස්ථාන පිහිටුවීම.
      5. වනජීවී උද්‍යාන 26ක් (අක්කර 156,000) වැඩි දියුණු කිරීම සහ දේශීය වනජීවීන් ගණන ඉහළ නැංවීම.
        • වනජීවී උද්‍යාන තුළ අමතර ජල මූලාශ‍්‍ර ගොඩ නැගීම.
        • ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කිරීමට අත් හැර දමන ලද ප්‍රදේශ වල ගස් වැවීම.
        • නියං කාල වලද සමයේදී සතුන්ට පානීය ජලය සැපයීම සඳහා සූර්ය සූර්ය බලයෙන් කි‍්‍රයා කරන ජල පොම්ප සවි කිරීම.
        • පෝෂ්‍යදායී තෘණ විශේෂ වැවීම.
        • උද්‍යානයේ පිටවීම් ප්‍රදේශය ආසන්නයේ අක්කර 200ක් වන සතුන් රඳවා තැබීම සදහා හඳුන්වාදීම. සතුන්ගේ පැවැත්ම සදහා සම්පත් ප්‍රමාණවත් බව තහවුරු කිරීම
      6. භෝග වගාවන් වලට හානිකර නොවන සතුන් හඳුනා ගැනීම සහ අභිජනනය කිරීම.
      7. ගංවතුර පාලනය කිරීම සඳහා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගංමෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම.
      8. කැළි කසළ ගොඩ ගසා ඇති ප්‍රදේශ හා මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඡුායාරූප ගත කර geo-tag කර එවිය හැකි වේදිකාවක් මහජනයාට හඳුන්වා දීම. ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මුළු ශ්‍රී ලංකාව ම වසරක් තුළ පවිත්‍ර කිරීම සදහා මෙහෙයුමක් ආරම්භ කිරීම.
      9. ඇළ මාර්ග පිරිසිදු කරන වැඩපිළිවෙලක් සංවිධානය කිරීම සහ ජලාශ‍්‍රිත ආකර්ෂණයන්, ඇළ මාර්ග වල යෙදවිය හැකි මගී යාත්‍රා ආදියට සුදුසු ඇළ මාර්ග හඳුනා ගැනීම.
      10. වාතයට එකතු වන කාබන්ඩයොක්සයිඞ් වායුව අවම කර ගැනීම සදහා GBI හෝ LEED සහතිකය සහිත සියලූ ගොඩනැගිලි සඳහා 10%ක සමාගම් බදු සහන දීමනා පිරිනැමෙනු ඇත.
      11. දේශගුණික විපර්යාසයන්ට අදාළ අවදානම් තත්ත්ව පිළිබදව ඇගයීමක් මෙහෙයවීම සහ එයට සම්බන්ධ අනුවර්තන සැලැස්මක් (adaptation plan) පිළියෙළ කිරීම.
      12. වාහන තදබදය අවම කිරීම සඳහා පහසු සහ විශ්වසනීය පොදු ප්‍රවාහන ක්‍රම සමඟින් පොදු ප‍්‍රවාහන ක‍්‍රමය මනාව සංවිධානය කිරීම. (Colombo Happy Ride ව්‍යාපෘතිය)
      13. බල ශක්ති පිරිමසින වීදි ලාම්පු ක්‍රම හඳුන්වා දීම.
      14. නගර සභා වලින් එකතු කෙරෙන ඝන අපද්‍රව්‍ය මනා ලෙස ප්‍රයෝජනයට ගන්නා විදුලි බලාගාරයක් සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ඉදිකිරීම. මේවා ඉදිකිරීම රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය තුළින් සිදුවනු ඇත. මෙකී බලාගාර ඉදිකිරීමේ දී භාර දෙන කසළ සදහා ගෙවන ගාස්තු රජය (tipping fees) විසින් දරනු ඇත.
    • වෙරළබඩ පරිසරය සංරක්ෂණය
      1. වෙරළ කළමනාකරණ පද්ධතිය වෙරළ තීරයන්හි වැඩි වශයෙන් ඛාදනයට ලක් වන ප්‍රදේශ හඳුනා ගෙන එම ප‍්‍රදේශ සුරැකීමට අවශ්‍ය විසඳුම් සැපයීම. ඒ සදහා ගොඩ නැංවිය යුතු ව්‍යුහ කුමක්දැයි තීරණය කිරීමට එම ප‍්‍රදේශ වල සවිස්තරාත්මක භූ ලක්ෂණ සහිත සිතියම් ලබා ගැනීම.
        • ශ්‍රී ලංකාවේ කොරල් පර වලින් 90%ක් මිය ගොස් ඇත. එම නිසා හික්කඩුව, කල්පිටිය, සිලාවතුර, ති‍්‍රකුණාමලයේ පරෙවි දුපත, මඩකලපුව සහ පාසිකුඩාහි කයාන්කර්නි සමුද්‍ර අභය භූමි කොරල් පර පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සඳහා "කොරල් පර කාර්ය සාධක බලකාය” පිහිටුවීම.
      2. මිය ගිය කොරල්පර වලට යළි ජීවය ලබා දිය හැකි ක‍්‍රම පිළිබදව දේශීය ධීවර ප‍්‍රජාවන් අතරේ දැනුවත් කිරීම් ඉහළ නැංවීම.
        උදාඃ කොරල් ප්‍රතිසංස්කරණය කරන අඩු වියදම් ක‍්‍රම.
    • ජෛව විවිධත්වය
      1. දේශීය පාරිසරික සංචාරක කර්මාන්තය හා ඊට අදාළ කි‍්‍රයාකාරකම් තුළින් ජෛව විවිධත්වයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම ඉහළ නැංවීම.
        • ජාතික ජෛව විවිධත්ව සන්නිවේදන, අධ්‍යාපනික සහ මහජනතාව දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරී සැලැස්ම සකස් කිරීම සහ කි‍්‍රයාත්මක කිරීම.
        • ජෛව විවිධත්ව පර්යේෂණ වලට සහභාගී වීමට මහජන සාමාජිකයන්ට අවස්ථා නිර්මාණය කර දීමෙන් සහ පුරවැසි විද්‍යාව (citizen science) හරහා ජෛව විවිධත්වය පිළිබදව දැනුවත් කිරීම ඉහළ නැංවීම.
        • පරිසර සහ ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ සහ ජෛව විවිධත්වය හා සම්බන්ධ වෙනත් නියෝජිත ආයතන වල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නියෝජනය වැඩි දියුණු කිරීම.
      2. පරිසරය පාදක කර ගත් කි‍්‍රයාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය වැඩි කිරීම.
        • පෙර පාසල් මට්ටමේ සිට උසස් අධ්‍යාපන ආයතන දක්වා ඇති සියලූ ම රාජ්‍ය අධ්‍යාපන ආයතන වල සෑම මට්ටමකම ගුරුවරු, පරිපාලකයින් සහ කළමනාකරුවන් හට ලබා දෙන පාරිසරික පුහුණුව ශක්තිමත් කිරීම.
        • පරිසරයෙන් ඉගෙනීම කෙරෙහි අවධානය යොමු කරමින්, පරිසර සමාජ, හරිත කඳවුරු සහ විනෝදාස්වාදය සපයන කී‍්‍රඩා ඇතුළු විෂය සමගාමී පාසල් කි‍්‍රයාකාරකම් සඳහා සහාය වීම සහ ඒවා ශක්තිමත් කිරීම.
        • පාරිසරික කඳවුරු සඳහා ප්‍රමිතිගත මොඩියුල වැඩි දියුණු කිරීම හෝ දැනට තිබෙන මොඩියුල සම්මත කර ගැනීම තුළින් එවන් කඳවුරු රට පුරා පැවැත්වීම.
        • තරුණ කණ්ඩායම් සදහා ජෛව විවිධත්වය සුරැකීමේ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමට සහ සුදුසු සංවිධාන සමඟ ආධුනිකත්ව පුහුණු වල යෙදීමේ අවස්ථා සලසා දීම.
    • ගංවතුර කළමනාකරණය
      1. ගංවතුර ගැලීම වැළැක්වීම සදහා ගංඟා සහ ගං මෝය කළමනාකරණය, මෝසම් කාල අනුව කෙරෙන කැණීම් කිරීම හා පිරවීම් අඛණ්ඩව සිදු කර ගෙන යාම.
      2. ගංවතුර පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවරුන් ගං මෝය කළමනාකරණ නිලධාරීන් ලෙස පත්කිරීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    • ආපදා කළමනාකරණය
      1. දීප ව්‍යාප්ත ජාතික ආපදා අවදානම් තොරතුරු අධ්‍යයනයක් සිදු කිරීම සහ එමගින් ඇති විය හැකි ආපදා, ආපදා හටගත හැකි ප්‍රරදේශ සහ ඒවායේ උග්‍ර තත්ත්වයන් හඳුනා ගැනීම.
      2. මිනිස් කි‍්‍රයාකාරකම් සහ ස්වභාවික හේතු මත නාය යෑම් සිදු විය හැකි ප්‍රදේශ වල තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සහ වැඩි අවදානමක් සහිත ප්‍රදේශ හඳුනා ගැනීමට එම දත්ත නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම.
    • නියං ආපදා කළමනාකරණය
      1. දැනට පවතින සහ අනාගතයේ ඇති විය හැකි අවදානම් සහ ව්‍යසනයන් හඳුනා ගැනීමට නියං අවදානම් තක්සේරුවක් සිදුකිරීම.
      2. ග්‍රාමීය ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සහ මුදලට වැඩ කිරීම හරහා ආහාර ලබා ගැනීමට ඇති ප‍්‍රවේශ වැඩි කිරීම. ගොවියන්, සතුන් ඇති කරන්නන් සහ ධීවරයින් ස`දහා හදිසි අවස්ථා වල දී වෙනත් ජීවනවෘත්ති පැකේජ ලබා දීම.
      3. ජල ඉසින සහ බිංදු බිංදු කාන්දු වන ජල පද්ධති මිල දී ගැනීමට 50% සහනාධාර සපයා දීම මගින් ජලය ඉතිරි කරන එම තාක්ෂණයන්ට හුරු වීමට ගොවියන්ව ධෛර්යවත් කිරීම
      4. අතිරේක ජලය ඇති ප‍්‍රදේශ වල, ජලය රැස්කර තබා ගන්නා ගබඩා වලින් තටාක හරහා ජලය අඩු ප‍්‍රදේශ වලට, ජලය හරවා එවන ක‍්‍රම නිර්මාණය කිරීම. එම`ගින් සධාරණව ජලය බෙදා හරින විකල්පයන් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට සහ ජල සම්පතින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට හැකි වනු ඇත.
      5. අතිරේක සත්ව ආහාර ලබා දීම, ට‍්‍රක් රථ මගින් ජලය බෙදා හැරීම, ජංගම ජල ටැංකි (water bladders) සපයා දීම සහ දීප ව්‍යාප්ත සහන සේවා කි‍්‍රයාත්මක කිරීම ම`ගින් සත්ව සම්පත ආරක්ෂා කිරීම.
      6. පශු වෛද්‍ය අවශ්‍යතා ප‍්‍රාදේශීයව සපයා දීම, ගංගා ඉවුරු ප‍්‍රතිසංස්කරණය සහ ආහාර දාම වලට සිදු විය හැකි තර්ජන වලට එරෙහිව දේශීයව සූදානම් වීම ශක්තිමත් කිරීම මගින් හදිසි කම්පනයන් පාලනය කිරීම.
      7. නියං අවස්ථාවන්ට ගැළපෙන්නා වූ විකල්ප භෝග හෝ භෝග ප‍්‍රභේද වගා කිරීම, ගහ හැකි වඩා හො`ද හෝ ස්මාට් කෘෂි ආර්ථික කි‍්‍රයාමාර්ග හෝ වෙනත් කළමනාකරණ තෝරා ගැනීම් සහිත දිස්ත‍්‍රික්ක අවිනිශ්චිතතා සැලැස්මක් හඳුන්වා දීම.
      8. මනා ජල කළමනාකරණ ක‍්‍රමවේදයන් භාවිතා කරන ඉදි කිරීම් ව්‍යාපෘති ස`දහා බදු දිරි දීමනා සලසා දීම ම`ගින් ප‍්‍රාදේශීය ස්වශක්තීන් ඉහළ දැමීම සහ රජයේ සියලූ ම මට්ටම් වල ජල කළමනාකරණය ඒකාබද්ධ කිරීම.
      9. පිළිගත් සම්මත ප‍්‍රතිචකී‍්‍රකරණ නීති රීති අනුව ප‍්‍රතිචකී‍්‍රකරණය කරන ලද ජලය භාවිතා කිරීම ඉහළ දැමීම.
      10. විනාශ වී ඇති ගංගා, ජල මාර්ග සහ තෙත් බිම් ආදී වැදගත් පාරිසරික පද්ධති ආරක්ෂා කිරීම සහ ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒම.
      11. පරිසර විද්‍යාත්මකව වඩාත් ගැළපෙන වනාන්තර කළමනාකරණයක් සම`ගින් වනාන්තර වල නිරෝගීකම යථා තත්ත්වයට ගෙන ඒම.
    • වනජීවී උද්‍යාන
      1. අලි-මිනිස් ගැටුම සඳහා විසඳුම්

        අලි මිනිස් ගැටුම අද අප රටේ වියළි කලාපීය ජනතාවගෙන් වැඩි කොටසක් මුහුණපාන ප‍්‍රශ්නයකි. වාර්ෂිකව අලි මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 70 ක් පමණත් අලින් 250 ක් පමණත් මරණයට පත්වේ. එ්ත් සම`ගම එය සමාජ සහ ආර්ථික ගැට`ඵ ගණනාවකට මුල පුරයි. වසර 70 කට වඩා අප මෙම ගැටලූ විසදන්නට තැත් කලේ අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමෙනි. නමුත් දිනෙන් දින උඩු දුවන අලි මිනිස් ගැටුමෙන් පෙනෙන්නේ එම ප‍්‍රයත්නයේ අසාර්ථකත්වයයි. ඊට හේතු සාධක වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ අලින් ගෙන් 70% ක් ජීවත් වන්නේ රක්ෂිත වලින් පිට ප‍්‍රදේශයන්හි වීමත් රක්ෂිත වල ජීවත් විය හැක්කේ දැනට එහි සිටින අලින් 30% පමණක් වීමත්ය. එම නිසා අලින් සියල්ල රක්ෂිත වලට කොටු කිරීමේ ප‍්‍රයත්නය අල්ලකට කුල්ලක දේ දමන්න තැත් කිරීමකි. එය අසාර්ථක වී ඇති අතර ඒ තුළම තව තවත් නියැලී සිටීමෙන් සිදුවන්නේ අලි මිනිස් ගැටුම තව තවත් උඩු දිවීමයි. නමුත් අලි මිනිස් ගැටුමට සාර්ථක විසදුම් නැත්තේ නොවේ. අද ශ‍්‍රී ලංකාවේ ගම්මාන 50 ක පමණ ජනතාව ඉතා සරල නමුත් සාර්ථක ක‍්‍රමවේදයක පිහිටෙන් අලි මිනිස් ගැටුමෙන් මිදී තම ජීවිකාව ගෙන යති. එනම් අලින් ගමකට එන්නේ ද නැත්නම් කුඹුරක් හානි කරන්නට පෙළඹෙන්නේද එම ගම්වාසීන් හෝ ගොවිමහතුන් තම ගම හෝ කුඹුර ප‍්‍රජා මූලික විදුලි වැටකින් ආරක්ෂා කර ගැනීමයි. විදුලි වැට වියදම් සහිතයි. එය නිර්මාණයට තාක්ෂණික දැනුම අවශ්‍යයි. ඒ ස`දහා අතහිත දීම ජනතාවගේ සුභ සිද්ධිය ස`දහා ඇපකැප වූ ආයතන වන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන තුළින් පහසුවෙන් කළ හැක.

        අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කළමනාකරණය වන ප‍්‍රදේශවල විදුලි වැට සවිකර තිබේ. කෙසේ නමුත් වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන අධිකාරීන් දෙකටම අයත් භූමිවල වන අලි ජීවත් වෙති. අලි-මිනිස් ගැටුමට මැදිවන ගම්මාන වටා අලිවැට ඉදිකළ යුතුය (මෙය ගම්මාන 50කට අධික සංඛ්‍යාවක් සඳහා සාර්ථක වී ඇත). අලි-මිනිස් ගැටුම වළක්වා ගැනීම සඳහා වන සෙසු ක‍්‍රම වන්නේ ජෛව වැට ක‍්‍රමය, අදිසි වැට ක‍්‍රමය (virtual fencing) සහ වන අලි ආක‍්‍රමණය පිළිබඳ සංවේදක තාක්ෂණයෙන් (sensors) ක‍්‍රියාත්මක වන අනතුරු ඇ`ගවීම් ය. විදුලි වැට හේතුවෙන් වන අලින් විදුලිය වැදී මිය ගිය අවස්ථා ගණනාවක් ඇත.

        ගුවන් හමුදාව විසින් දැනට තිබෙන විදුලි වැටවල් දෙපසම වන අලි වෙසෙන ප‍්‍රදේශ හඳුනා ගැනීම පිණිස ගූගල් මැප්ස් හරහා එම ස්ථාන geo-tag කිරීම
      2. නියඟය හේතුවෙන් කිසිදු සතෙක් මිය නොයන බවට සහතික වීම සඳහා සමස්ත වපසරිය හෙක්ටයාර 573, 376.087කින් සමන්විත වන ජීවී උද්‍යාන 26යේ සමෝච්ඡුය සැළසුම් හරහා සත්ව මංකඩ, වැව් සහ පානීය ජල පහසුකම් වැඩි දියුණු කිරීම.
      3. වන ජීවී උද්‍යාන 26 තුළ තුවාල ලත් සතුන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම.
      4. දඩයක්කරුවන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට ඇතුල්වීම පිළිබඳ අනතුරු සංඥා නිකුත් කිරීම සඳහා කැමරා ස්ථාපිත කිරීම.
      5. උද්‍යාන පාලකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීම.
      6. Off-Road අත්දැකීම් සඳහා ඒ සඳහා නියමිත මාර්ග වෙන් කිරීම.
      7. වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප‍්‍රමිතියක් ඇති කිරීම.
      8. වනෝද්‍යාන සෆාරි වාහනවලට නිසි ප‍්‍රමිතියක් ඇති කිරීමග
      9. වීඩියෝ හරහා සෆාරි මාර්ගෝපදේශකයන් පුහුණු කිරීම
      10. සංචාරකයන් වෙනුවෙන් සෆාරි පැකේජ ප‍්‍රවර්ධනය සහ අන්තර්ජාලය හරහා ප‍්‍රවේශ පත් මිලට ගැනීමේ පහසුව ලබා දීම
      11. සංචාරකයන්ට හට වඳවී යන සතුන් සුරැකීම පිළිබඳ මංපෙතක් ලෙසින්, පර්යේෂක හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන් පිළිබඳ සීමිත වැඩසටහන් සංඛ්‍යාවක් නිපදවීම
      12. අදාළ උද්‍යාන හි විශේෂත්වය මූලික කරගනිමින් එ්වා අළෙවිකරණ අවශ්‍යතාවන් වෙනුවෙන් භාවිතා කිරීම
      13. නව කැනෝයි ජැටියක් සහ ප‍්‍රවේශ මං හඳුන්වාදීම
      14. සුදුසු ස්ථානවල නව නැරඹුම්හල් හඳුන්වාදීම
      15. ඵලදායී ලෙසින් සියිට්-වයිඞ් සංඥා , මාර්ග මෙන්ම මාර්ගයේ සිට හොඳින් පෙනෙන පරිදි මාර්ග සංඥ ආදිය ඵලදායී ලෙසින් වැඩි දියුණු කිරීම
      16. ඒකාබද්ධ විවෘත ආපන ශාලා සහ විශේෂිත පෞද්ගලික අවකාශ වලින් සමන්විත සංචාරක මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම
      17. පාසල් දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව විෂය මාලා පදනම් කර ගත් පැකේජ නිර්මාණය
      18. අන්තර්ජාලය හරහා උද්‍යාන ප‍්‍රවේශ පත් මිළට ගැනීමේ පහසුව
      19. තෝරා ගත් ප‍්‍රදේශ වල අළුතින් රාතී‍්‍ර කඳවුරු භූමි හඳුන්වා දීම
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    11
    සෞඛ්‍ය අමාත්‍යාංශය
    යහපැවැත්මෙන් පොහොසත් රටක්

    ‘‘පුරවැසියන්ගේ ඉහළ යන ඉල්ලූම සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා රට පුරා පැතිරුණු පරිපූර්ණ සුවසේවා පද්ධතියක් අවශ්‍ය වේ.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • රෝගීන් මිලියන 50 ක් වාර්ෂිකව බාහිර රෝගී අංශ වෙත පැමිණෙති.
    • දෛනික රෝහල්ගත වීම් 15,000 ක්.
    • ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රෝහල්ගතවීම් - මිලියන 5ක්.
    • රෝහල් 1,085 ක්.
    • රෝහල්වල පවතින මුළු ඇඳන් සංඛ්‍යාව 83,275 කි.
    ක්‍රියාකාරී සැලැස්ම
    1. සුව සේවා පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ආයු අපේක්ෂාව තවත් වසර 3 කින් ඉහළ නැංවීම.
    2. ශ‍්‍රී ලංකාවේ සිදුවන මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 හඳුනා ගැනීම සහ ඒවා වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීම
      • මරණ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු 10 වන්නේ,
        • කිරීටක හෘදයාබාධ
        • ආඝාතය (මොළයේ රුධිර කැටි සිරවීම)
        • දියවැඩියාව
        • ඇදුම
        • ඇල්සයිමර් රෝගය
        • පෙණහළු ආබාධ
        • නිදන්ගත පෙළහළු රෝග
        • සියදිවි නසාගැනීම්
        • නිදන්ගත වකුගඩු ආබාධ
        • සිරෝසිස්
    3. කොළඹ සමග සම්බන්ධ වන ප්‍රධාන පිවිසුම් මාර්ග7 (මොරටුව, පිළියන්දල, කොට්ටාව, බත්තරමුල්ල, කඩවත, රාගම සහ මීගමුව) තුළ අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහල් සංවර්ධනය කිරීම.
      • කොළඹින් පිටත ජීවත් වන ජනතාවට තත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශ විය හැකි වනු ඇත.
      • මෙමගින් සෞඛ්‍ය සේවාවන් සඳහා කොළඹ නගරයට පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව අඩු වනු ඇත.
    4. මහරගම පිළිකා රෝහලට අනුබද්ධිතව සෑම දිස්ත‍්‍රික්කයක් තුළම ඇති එක් රෝහලක පිළිකා ප්‍රතිකාර ලබාදීමේ එ්කකයක් ආරම්භ කිරීම.
    5. සෑම දිස්ත‍්‍රික්කයටම නූතන සහ අංග සම්පූර්ණ පහසුකම් සහිත, රෝගීන් පරීක්ෂා කරන විද්‍යාගාර පිහිටුවාලීම.
    6. හෘද, පෙණහළු, ස්නායු, අක්ෂි සහ ළමා රෝග සඳහා කොළඹ පිහිටා ඇති අදාළ විශේෂඥ රෝහල්වලට අදාල අනුබද්ධිත අංග සම්පූර්ණ පහසුකම් සහිත සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම.
    7. සැත්කම් බලාපොරොත්තුවෙන් රෝගීන් සිටින කාලය අඩුකිරීම සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් වෙනුවෙන් නව අතිකාල දීමනා ගෙවීම් ක‍්‍රමයක් හඳුන්වා දීම.
      • මේ වන විට සැත්කම් අපේක්ෂිත රෝගීන් සති 1 සිට මාස 10 ක කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටිය යුතුය.
      • නව ගෙවීම් ක‍්‍රමය අනුව ශල්‍යාගාර පැය 8 ක් විවෘතව තැබෙන අතර, එය සෙනසුරාදා සහ ඉරිදා දින ඇතුළත්ව පැය 12 දක්වා ද දීර්ඝ කළ හැක.
    8. රටේ පවතින සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ හි`ගය පිළිබඳ ගැටළුවට විසඳුමක් ලෙස රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 1,300 සිට 2,000 දක්වා ඉහළ නැංවීම.
      • අනෙකුත් අදාළ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉහළ නැංවීම.
    9. 0%ක සමාගම් බදු සහ 0%ක වැට් බදු පැනවීම මගින් පුද්ගලික රෝහල් ස්ථාපනය දිරිමත් කිරීම.
      • රජයේ සේවකයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අතිරේක රක්ෂණ ක‍්‍රමයක්.
      • සැත්කම් සඳහා මාස ගණන් පෝලිමේ රැඳී සිටින රෝගීන් මෙම රෝහල්වලට මාරු කෙරෙනු ඇත.
    10. "ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්" - "Digital Health Hub"- DHHඅන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් මගින් හඳුන්වා දීම.
      • ඩිජිටල් ජාතික හැඳුනුම්පත මගින් එයට ප්‍රවේශ විය හැකිය.
        DHHහි ඇතුළත් සේවාවන් වන්නේ,
        • ගතවූ වසර 10 සඳහා රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ දත්තවලට ප්‍රවේශය.
        • සියලූ රෝහල්වල/සායනවල ස්කෑන් පරීක්ෂා සහ වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා කාලවේලා වෙන් කර ගැනීම්.
        • වෛද්‍යවරුන් හමුවීම සඳහා වේලාව වෙන් කර ගැනීම් පිළිබඳ සිහි කැඳවීම්.
    11. සෑම රෝහලකම පවතින ඖෂධ තොග අධීක්ෂණය කිරීමට අන්තර්ජාල බිහිදොරක් සංවර්ධනය කිරීම.
      • මෙමගින් ඖෂධ හි`ගයකදී වෙනත් රෝහල්වල ඒ අදාළ ඖෂධය තිබෙන්නේ ද යන්න ද සොයගත හැකි වනු ඇත.
      • වෛද්‍යවරුන්ට, පවතින ඖෂධ තොග ඩිජිටල් ක‍්‍රම ම`ගින් පරීක්ෂා කර, කල් තබා හි`ග ඖෂධ ඇණවුම් කිරීමට හැකිවීම.
    12. රෝගීන්ගේ සැත්කම් පොරොත්තු කාලය අඩු කිරීමට උපයෝගීතාවයෙන් අඩු ශල්‍යාගාර, රසායනාගාර සහ ස්කෑන් කාමර ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉහත සඳහන් කළ අතිකාල ගෙවීම් ක‍්‍රමය වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට අදාළ කළ හැක.
    13. රෝහල ඇඳන්වල උපයෝගීතාවය උපරිමයක් බවට පත්කිරීම සඳහා ඇඳන් බෙදා දීම ඩිජිටල්කරණය කිරීම.
    14. රෝගීන්ගේ සියලූ රසායනාගාර වාර්තා ලේ බැංකුවේ සහයෝගය ඇතිව ඩිජිටල්කරණය කිරීම මෙන්ම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ව රටාවන් පුරෝකථනය කිරීම සඳහා මෙම වාර්තා යොදාගැනීම.
      • ඕනෑම වෛද්‍ය තත්වයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය නිවාරණ පියවර ගැනීමට රෝගීන්ට හැකියාව ලැබේ.
    15. පහත ප්‍රමිතීන්ට අනුකූලව වැසිකිළි පහසුකම් සංවර්ධනය සහ ඒවා පවත්වාගෙන යාම,
      • සෑම රෝගීන් 20 දෙනෙකුටම එක් වැසිකිළියක් බැගින්
      • බාහිර රෝගීන් සඳහා අවම වශයෙන් වැසිකිළි 4 ක්
      • වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වෙනත් වැසිකිළි
    16. අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ සඳහා දැරිය හැකි මිල ගණන් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම.
    17. ඖෂධ වෙළඳපොළට නිකුත් කරන විට අනුමත කළ ප්‍රමිතිගත තත්වය පවත්වාගෙන යාම.
      • ඖෂධයේ සංයුතිය සහ අතුරු ආබාධ වේ නම් ඒවායේ විස්තර සමග ලේබල්කරණය හඳුන්වා දීම.
    18. දරුඵල අහිමි පවුල් වලට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට පහසු ප්‍රවේශයක් සලසාදීම.
    19. වකුගඩු රෝගීන් ටැද-ඒට කිරීම සහ විධිමත් ජල පෙරණ තාක්ෂණය සහිත බෝර ළිං (ගැඹුරු ළිං* ඉදිකිරීම සඳහා නිදන්ගත වකුගඩු රෝග (ක්‍ණෘ* සඳහා ගොදුරු විය හැකි අය ඇතුළත්ව අවදානම්කාරී ක්ෂේත‍්‍ර හඳුනා ගැනීම. ඉහත කී ජල පිරිපහදු පද්ධති දැනටමත් ගම්මාන කිහිපයකට ලබා දී ඇත.
      උදා- හේලීස් සමාගමේ සද්දියවර ව්‍යාපෘතිය
    20. පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිකුත් කිරීම හා පාංශු පරීක්ෂාවක් අනතුරුව පොහොර නිර්දේශය.
      වර්තමනයේ පොහොර බහාලූම් 35000 මෙරටට අනයනය කරන අතර, පාංශු සෞඛ්‍ය කාඞ්පත් නිර්දේශ කිරීමත් එය 20% එනම් බහාලූම් 7000 ප්‍රමාණයකින් අඩුකරගත හැක.
    21. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ රෝග විනිශ්චයන් සහ තොරතුරු සැපයීම සඳහා ටෙලිමෙඩිසින් සේවාව හඳුන්වා දීම. විශේෂයෙන්ම ග‍්‍රාමීය ප්‍රදේශ සඳහා අන්තර්ජාල ඇමතුම් හෝ පෙරගෙවුම් ඬේටා මගින් මෙය කළ හැක.
    22. බෝ නොවන රෝග පිළිබඳ අවදානම පහළ දැමීම සඳහා වැඩිහිටියන් සහ ළමුන් අතර කායික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන වීඩියෝ නිෂ්පාදනය.
    23. සියලූ රෝහල්වල විධිමත් කසළ කළමනාකරණ ක‍්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම.
    24. හෙද පාසල් සඳහා බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය ඉහළ දැමීම.
      • ජ්‍යෙෂ්ඨ හෙද හෙදියන්ට සිය කුසලතා ඔප් නංවා ගැනීම සඳහා විදේශ ශිෂ්‍යත්වය ලබාදීම.
    25. ග‍්‍රාමීය රෝහල් වෙත වෛද්‍ය කාර්ය මණ්ඩලය ආකර්ෂණය කරගැනීම සඳහා,
      • ඔවුන්ගේ දරුවන් සඳහා ජාත්‍යන්තර පාසල් ඉදිකිරීම.
      • අත්‍යාවශ්‍ය සුව සේවා පහසුකම්වලින් ග‍්‍රාමීය රෝහල් නවීකරණය
      • පුද්ගලික වෛද්‍ය සේවාවන් සඳහා පෞද්ගලික රෝහල් ඉදිකිරීම.
      • සියලූ අවශ්‍ය පහසුකම්වලින් යුක්ත වෛද්‍ය නිල නිවාස.
    26. වයස 65ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා හදිසි අනතුරු අවදානමෙන් තොර නිවාස සැලසුම් මාර්ගෝපදේශනය.
    27. ආයුර්වේද ප්‍රතිකාර අංශය සංවර්ධනය කිරීම
      • ආයුර්වේද වෘත්තිකයන් හට පුහුණුව සහ ආයුර්වේදයේ නව ක‍්‍රම භාවිතයට ප්‍රවේශය ලබාදීම
      • ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට ආයුර්වේද ඔසු පැළ රෝපණ වගාවන් සඳහා දිරිමත් කිරීම.
      • බටහිර වෛද්‍යවරුන්ට සමානව ආදායම් හා විශ‍්‍රාම ක‍්‍රම ආයුර්වේද වෘත්තිකයන් හට ද හඳුන්වා දීම.
      • රටේ ඉහළ පෙළේ ආයුර්වේද වෘත්තිකයන් හට සංචාරක කේන්ද්‍රස්ථානවල ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා සහයෝගය ලබාදීම.
    28. මත්පැන් පානය ආශ‍්‍රිත සෞඛ්‍ය අවදානම අවම කිරීමටිඅඩු අවදානම් මත්පැන් පානීය මාර්ගෝපදේශන‘ ("Low Risk Drinking Guideline") හඳුන්වා දීම.
    29. පුරවැසියන් අතර සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ප්‍රවර්ධනය කිරීමට සියලූ වයස් මට්ටම් සඳහා නිර්දේශිත නින්ද පිළිබඳ මාර්ගෝපදේශනයන් හඳුන්වා දීම.
    30. ආර්තවය (මාසික ඔසප් වීම) හේතුවෙන් ගැහැණු දරුවන් පාසල් නොයාමේ ගැටළුව ආමන්ත‍්‍රණය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත යුතුය.
      • පහත ක්ෂේත‍්‍ර ආවරණය කරමින් පාසල්, ප්‍රජාව සහ පවුල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම,
        • ආර්තව ක්‍රියාවලිය
        • ඔසප් රෙදි සේදීමේ වැදගත්කම
        • ඔසප් සමය තුළ භාවිතා කළ හැකි අවශෝෂක ප්‍රභේද
        • නව යොවුන් වියේ දැරියන් තුළ විශ්වාසය ගොඩනැංවීම සහ, ඔසප් සමයේදී සිදුවන වෙනස්කම් ඔවුන්ට පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම.
        • වැඩිවියට පැමිණි ගැහැණු දරුවන්ට ඔසප් සමය තුළ ශාරීරිකව සිදුවිය හැකි වෙනස්කම් හා ඒහා සබැදි සනීපාරක්ෂක කටයුතු ගැන එම දරුවන් හා පවුලේ සාමාජිකයන්ගේ දැනුවත්බාවයක් ඇති කිරීම.
      • ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ අන්තර්ජාලය හරහා දැනුවත් කිරීමේ වීඩියෝ පිළියෙළ කිරීම
      • ආර්තව නිෂ්පාදන බැහැර කිරීමේ ක‍්‍රමවේදයන් ස්ථාපනය කිරීම
      • ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයට අදාළ ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සම්බන්ධිත පහසුකම් ප්‍රවර්ධනය (සෑම දැරියන් 40 දෙනෙකුටම ජලය සහ සබන් සමග එක් වැසිකිළියක්).
      • ගම් මට්ටමෙන් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.
      • සිය ආහාර වේල වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් යොවුන් ගැහැණු දරුවන්ට උපදෙස් ලබාදීම සහ ඔවුන්ට ඒ සඳහා සහයෝගය ලබාදීම.
      • සමාජ සංවර්ධන නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
    31. මෙම පුහුණු වැඩසටහන්වල අරමුණු වන්නේ,
      • ඔසප් සනීපාරක්ෂාව කළමනාකරණයේ වැදගත්කම වටහාගැනීම.
      • පාසල් තුළ සහ ප්‍රජා මට්ටමේදී ඔසප් සනීපාරක්ෂා කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය කුලසතා සහ ධාරිතාවන් වර්ධනය කිරීම.
    32. මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම මෙන්ම උපදේශනය හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෘත්තික කාර්ය මණ්ඩල හා උපකරණ සමග මධ්‍යස්ථාන පිහිටුවීම.
    33. හෙදියන්, ඖෂධවේදීන් සහ වෙනත් පරිපූරක වෛද්‍ය සේවාවන්හි නිරත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පරිපූරක වෛද්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම.
    34. රටපුරා සක්‍රිය සුවසේවා පරික්ෂණාගාර ජාලයක් පිහිටුවීම හා එම`ගින් විශේෂයෙන්ම ක‍්‍රීඩකයන්ගේ සෞඛ්‍ය පරාමිතිකයන් (health parameters) නොමිලේ පරීක්ෂා කරගත හැකිවන ලෙස පහසුකම් සැලසීම.
    35. විශාදය (Depression) සහ කාංසාවෙන් (anxiety) පෙළෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා හැසිරීම් විශ්ලේෂණ තාක්ෂණය සමග නව යෙදවුමක් (app) හඳුන්වා දීම.
    36. අලූත් මව්වරුන් සහ දරුවන් ලැබීමට අපේක්ෂාවෙන් සිටින ගර්භනී මාතාවන් තමන් බලාපොරොත්තු විය යුත්තේ මොනවාද, එන්නත් ලබාගත යුත්තේ කවදාද, වෛද්‍යවරයා හමුවිය යුත්තේ කවදාද සහ වෛද්‍යවරුන් මුණ ගැසීමට වේලාවක් වෙන් කර ගැනීම යන අත්‍යාවශ්‍ය තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් සහ ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීම.
    37. හදිසි අවස්ථාවන්හිදී මහජනතාවට අවශ්‍ය වන මූලික ප්‍රථමාධාර ශිල්පීය ක‍්‍රම ඉගැන්වීම සඳහා අන්තර්ජාල වීඩියෝ පදනම් කරගත් පුහුණු වැඩසටහන් සකස් කිරීම.
    38. පාසල්, වැඩබිම්, රෝහල් සහ ආගමික ආයතනවල යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳ වැඩමුළු පැවැත්වීම.
    39. බෝනොවන රෝගයන්හි අවදානම පිළිබඳ සබැඳි සෞඛ්‍යය කරුණු වෙනුවෙන් නොමිලේ සිංහල, දමිල, සහ ඉංග‍්‍රීසි මුද්‍රිත මාධ්‍යයේ හා විද්යුත් මාධ්‍ය (ශ‍්‍රව්ය හා දෘෂ්යා) තුළ ඉඩකඩ වෙන් කිරීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    12
    ආයෝජන ප්‍රවර්ධන සහ රැකියා උත්පාදන අමාත්‍යාංශය
    කර්මාන්තවලින් පොහොසත් රටක්

    ‘‘අපනයන ඉහළ නැංවීම, නව තාක්ෂණ සංවර්ධනය කිරීම සහ ව්‍යාපාර භාවිතයන් වැඩිදියුණු මගින් දේශීය සහ විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කරගැනීම මගින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය වටිනාකම් දාමයන්හී ප්‍රධාන අංශ සමග සම්බන්ධ කිරීමට ඉවහල් වේ.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • වසර 2025 වන විට වාර්ෂිකව නව රැකියා 200,000 ක් උත්පාදනය.
    • වසර 2025 වන විට වාර්ෂික දේශීය ආයෝජන ප්‍රමාණය USD බිලියන 7 ක් බවට පත්කිරීම.
    • වසර 2025 වන විට වාර්ෂික විදේශීය සෘජු ආයෝජන ප්‍රමාණය USD බිලියන 7 ක් බවට පත්කිරීම.
    • වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය (Ease of Doing Business Index) පිළිබඳ දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.
    • වසර 2022 වන විට ගෝලීය තරගකාරිත්ව දර්ශකයේ (Global Competitiveness Index) ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාවේ ස්ථානය 85 සිට 45 දක්වා ඉහළ නැංවීම.
    • ක්‍රියාකාරී සැලසුම
      1. ආයෝජන අයදුම්පත්‍රයෙහි ඇති පිටු ගණන 14 සිට 3 දක්වා අඩු කිරීම මගින් ආයෝජන අනුමත කිරීමේ කාර්යපටිපාටිය විධිමත් කිරීම සහ පැය 24 ක් ඇතුළත මූලික අනුමැතිය ලබා දීම.
        ආයෝජන සඳහා පවතින අනවශ්‍ය බාධක ඉවත් කිරීම සඳහා ආයෝජන අනුමත කිරීමේ නීති රෙගුලාසි සරල කිරීම.
      2. ආයෝජන මණ්ඩලයේ (BOI)එකඟතාවය මත 25 වසරක සහතික කළ බදු ප්‍රතිලාභ සමඟින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේ තරඟකාරී වාසිය ප්‍රදර්ශනය කිරීම
        පහත අංශ සඳහා 0% ව්‍යාපාර බද්දක් සහ 0% ලාභාංශ බද්දක් වසර 25 ක් සඳහා ලබාදීම -
        • අධ්‍යාපනය
        • තොරතුරු සේවා ‍ක්‍රියාකාරකම්
          (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හෝස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්‍රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ ප්‍රවෘත්ති නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (Press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)
        • මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්
        • ගුවන් ගමනාගමනය
        • මෝටර් රථවාහන, ටේ‍්‍රලර් සහ අර්ධ ටේ‍්‍රලර් රථ නිෂ්පාදනය
        • කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය
        • ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම
        • මළාපවාහනය
        • වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය
        • ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව
        • පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන් රු. 500,000ට වැඩි ආදායම් මට්ටම් සඳහා සේවාදායකයන්ට 12% ක උපයන විට ගෙවීම් බද්ද (PAYE tax)
      3. සිය ආයොජන පිළිබඳව කඩිනම් පසු විපරම් කිරීම සඳහා දේශීය හා විදේශීය ආයොජකයන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළම තොරතුරු තාක්ෂණ උද්‍යානයක් (IT Park) හා කර්මාන්ත උද්‍යානයක් බැගින් ඉදිකිරීමට පහසුකම් සැපයීම
      4. ශ්‍රී ලංකා ජාතික සන්නාමකරණ උපායමාර්ග හඳුන්වාදීම (ජාතික සන්නාම ෂඩස්‍රය* පිටුව 101 බලන්න.)
      5. නිෂ්පාදන හා ආයෝජන දිරිගැන්වීමේ අංගසම්පූර්ණ වැඩපිළිවෙලක් මගින් පහසුවෙන් ව්‍යාපාර කල හැකි පසුබිමක් ඇති බව ප්‍රචාරණය කිරීම.
      6. දිස්ත්‍රික්ක මට්ටමේ රැකියා උත්පාදනයන් මාසිකව අධීක්ෂණය කර, රැකියා උත්පාදනයන් අඩු දිස්ත්‍රික්ක සඳහා කැබිනට් මණ්ඩලය මගින් අවශ්‍ය පියවර ගැනීම.
      7. නම්‍යශීලී සහ ගෝලීය වශයෙන් රැකියා කළ හැකි ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීම.
        • ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලූමක් ඇති රැකියා ක්‍ෂේස්ත්‍ර 50ක් හඳුනා ගැනීම.
        • වෘත්තීය පුහුණු ආයතනවල ඵලදයීතාවය සහ නිපුණතා සංවර්ධනය ඉහළ නැංවීම (මේ සඳහා සිංගප්පූරුව, තායිලන්තය, ඔස්ට්‍රෙලියාව සහ මැලේසියාව මිණුම් දඬුලෙස යොදාගත හැක.)
        • ගෝලීය ශ‍්‍රම බලකායේ ඉල්ලූමට සරිලන පරිදි වෘත්තීය පුහුණු ආයතන සහ පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම.
      8. දැනට පවතින සමාගම් බද්ද නව ව්‍යාපාර සඳහා 12% දක්වා අඩු කිරීම සහ වසර 25ක වගකීම් සහතිකයක් සමග බස්නාහිර පළාතේ සියළු අංශ සඳහා බදු අනුපාතික අඩු කිරීම. එමෙන්ම අනෙකුත් පළාත් සඳහා 80% කින් සමාගම් බද්දක් අඩු කිරීමෙන් 24% ක සමාගම් බද්දක් අය කිරීම (මෙමගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල රැකියා උත්පාදනයට සහය වීම).

    13
    විදේශ කටයුතු අමාත්‍යංශය
    රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පොහොසත් රටක්

    “ස්වාධිපත්‍යය, කලාපීය සහයෝගීතාව සහ අතිශයින්ම වැදගත් වන්නා වූ සමීපයේ මෙන්ම දුර ඈත සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සබැඳියාවන් ඉදිරිපත් කෙරෙන ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • 2022 වන විට ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 සිට 50 දක්වා ඉහළ නැංවීම.
    • 2022 වන විට ගෝලීය තරඟකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම වසර 2022 වන විට 85 සිට 45 දක්වා ඉහල නැංවීම.
    • සාමකාමී කලාපීය පරිසරයක් ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම.
    • විදේශයන් හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සමඟින් ශක්තිමත් සම්බන්ධතාවයක් ස්ථාපිත කර ගැනීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ක්‍රියාකාරී සැලැස්ම
    • පොදු රාජ්‍ය මණ්ඩලයීය නොවන රටවල තානාපති කාර්යාලය 38.
    • පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල මහකොමසාරිස් කාර්යාල 13.
    • කොන්සල් ජනරාල් කාර්යාල 13.
    • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය මෙහෙයුම් 2.
    1. පහත පදනම් මත විදේශයන් හි පිහිටා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල ඇගැයීමට ලක් කිරීම.
      • රාජ්‍ය තාන්ත්‍රිකමය වැදගත්භාවය, බලපෑම සහ භූ දේශපාලනික සහයෝගය.
      • ද්වීපාර්ශවික වෙළඳාම, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය ප්‍රතිලාභ.
      • විදේශිකයින් සඳහා සපයන කොන්සියුලර් සේවාවන්, විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එක් එක් දූත කාර්යාල වල උත්පාදනය කරන ලද ආදායම් සහ සෑම කාර්යාලයකම නඩත්තු වියදම්.
      • දැනට තිබෙන විදේශ දූත මෙහෙයුම්වල සේවාවන් වැඩි දියුණු කිරීම.
      • නව විදේශ දූත මෙහෙයුම් කාර්යාල ස්ථාපනය කිරීම සහ ඵලදායී නොවන දූත මෙහෙයුම් කාර්යාල වසා දැමීම.
    2. අනාගත අපේක්ෂා සහගත රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා අනිවාර්ය තානාපති විධායක පුහුණු වැඩසටහනක් (Ambassador Executive Training Programme - AETP)හඳුන්වා දීම.
      • දේශපාලන පත්වීම් ලබන රාජ්‍ය තාන්ත්‍රිකයන් AETP පුහුණු වැඩසටහනට සහභාගී විය යුතුය.
      • එකී AETPවැඩසටහනට අයත් පාඨමාලාවන්,
        • රාජතාන්ත්‍රික සම්මාන ක්‍රියාපටිපාටිය සහ ආචාර සමාචාර විධික්‍රම
        • එක්සත් ජාතීන්ගේ සංවිධාන පද්ධතිය
        • චිත්තවේගී බුද්ධිය (Emotional intelligence)
        • අනාගතය පුරෝකථනය කිරීම.
        • ප්‍රසිද්ධියේ කතා පැවැත්වීම සහ මාධ්‍ය හැසිරවීමේ කටයුතු
        • කොන්සියුලර් සහ මානුෂීය රාජ්‍ය තාන්ත්‍රික සේවා
        • නායකත්වය
      • BCIS පිරිනමන ජාත්‍යන්තර සබඳතා ඩිප්ලෝමා පාඨමාලාව වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා වැඩි දියුණු කර අනාගතයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් වීමට අපේක්ෂා කරන සියලූම අපේක්ෂකයින්ට එය හැදෑරීම අනිවාර්ය කිරීම සහතික කෙරෙනු ඇත.
    3. තානාපතිවරුන් සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුන්වා දීම. මෙම ප්‍රධාන කාර්යසාධන දර්ශකවල පහත දෑ ඇතුළත් වනු ඇත.
      • ශ්‍රී ලංකාව වෙත ගෙන එන සෘජු විදේශ ආයෝජනවල වටිනාකම
      • ශ්‍රී ලංකාව වෙත ගෙන එන විදේශ සමාගම් සංඛ්‍යාව
      • ශ්‍රී ලංකාව වෙත ගෙන එන සංචාරකයන් සහ ආගන්තුකයින් සංඛ්‍යාව
      • ශ්‍රී ලංකාව සඳහා උත්පාදනය කරන අපනයන අවස්ථා සංඛ්‍යාව
      • ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා අදාළ විදේශය තුළ නිර්මාණය කරන මාධ්‍ය වටිනාකම
    4. රාජ්‍යතාන්ත්‍රිකයින් විසින් අනිවාර්ය භාෂා පාඨමාලා හදාරන බව තහවුරු කිරීම. පහත භාෂාවන් පිළිබඳ නිපුණතාව අපේක්ෂා කෙරේ.
      • ඉංග්‍රීසි
      • චීන
      • හින්දි
      • අරාබි
      • ප්‍රංශ
      • රුසියානු
    5. “Get to Know Sri Lanka Programme”සංවිධානය කිරීම.
      • ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත ඩයස්පෝරාගත තරුණ තරුණියන් (වයස අවුරුදු 18 සිට 30 දක්වා) සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක්. මෙමගින් ඔවුන්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදුකරන අතර, ශ්‍රී ලාංකික ඉතිහාසයේ සහ සම්ප්‍රදායන් වල වෙනස් පැතිකඩ පිළිබඳව ඔවුන් අතර දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම.
      • විදේශගත රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා සංක්‍රමික ශ්‍රමිකයන් (migrant workers) වෙනුවෙන් අන්තර්ජාල වේදිකාවක් (online platform) හඳුන්වා දීම. මේ හරහා ශ්‍රමිකයන් රැකියාවලට බඳවා ගැනීම් සිදුකරන වරලත් නියෝජිතයන්, සේවා යෝජකයන් සහ ව්‍යාපෘති අපනයනකරුවන් සොයාගැනීමට හැකියාව ලැබේ. මෙම අන්තර්ජාල වේදිකාව මගින් සංක්‍රමික ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය සියලූ ලිපි ලේඛන සහ මග පෙන්වීම් ලබාදෙනු ඇත.
    6. විදේශගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා තරුණ තානාපති වැඩසටහන (Youth Ambassador Programme)කට මුල පිරීම.
      • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට.
      • විශේෂයෙන් නොසන්සුන්කාරී තත්ත්වයකදී නිවැරදි ප්‍රවෘත්ති සැපයීමට.
      • විවිධ රටවල තරුණ තරුණියන් අතර සබඳතා වර්ධනය කිරීමට.
      • වීඩියෝ මාධ්‍යය හා වැඩමුළු භාවිතා කරමින් අදාළ තානාපති කාර්යාල විසින් තෝරාගත් සිසුන් පුහුණු කිරීම.
    7. තීරණ ගන්නන්, චින්තකයන්, ශාස්ත්‍රඥයන් (academia), මාධ්‍ය හා සිවිල් සමාජ සංවිධාන සමග වැඩසටහන් ආරම්භ කිරීම.
      • රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය වර්ධනය කිරීම සඳහා ඉන්කියුබේටර් (incubators) සංවිධානය කිරීම.
      • ප්‍රතිපත්ති පරීක්ෂණාගාර (policy test labs) සංවිධානය කිරීම.
      • සමාකරණ අවකාශ (simulation room) පැවැත්වීම
    8. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා,
      • ආර්ථිකය, විවිධ අංශයන් හි පවතින අවස්ථා සහ වසර 2022 වන විට ව්‍යාපාර කිරීමේ හිතකරභාවය පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 100 සිට 50 දක්වා වැඩිදියුණු කිරීමට සහ ගෝලීය තරගකාරිත්ව දර්ශකය (Global Competitiveness Index) තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත වීම 85 සිට 45 දක්වා ඉහල නැංවීමට රජය විසින් සිදුකරන මුලපිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් ත්‍රෛමාසික සඟරාවක් හඳුන්වා දීම.
      • ආර්ථිකය පිළිබඳ තොරතුරු - බදු, ලාභාංශ සහ රෙගුලාසි, විවිධ අංශ පිළිබඳ තොරතුරු, තොරතුරු තාක්ෂණය, බලශක්තිය යනාදිය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්ෂික අත්පොතක් පිළියෙළ කිරීම.
    9. කලාපීය සම්බන්ධීකරණය වේගවත් කිරීම සඳහා ‘‘මිතුරු සීම’’ ("friendly boarders") ප්‍රතිපත්තිය හඳුන්වාදීම සහ දේශ සීමාවේ සිටින අසල්වැසි රටවල් සමග බහුපාර්ශවීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ආර්ථික සහයෝගීතාව හඳුන්වාදීම.
    10. විදේශ ප්‍රතිපත්ති පර්යේෂණ, භූදේශපාලනික ගැටළු සහ ජාතික ධාරිතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා විදේශ ආයෝජන කර්මාන්ත හා සම්බන්ධ ප්‍රතිපත්ති සාදන විශේෂඥයින්ගෙන් සමන්විත ඒකකයක් පිහිටුවීම.
    11. ASEAN සමුඵව වැනි විදේශ ආර්ථික සංසද හරහා විදේශ රටවල් සමග සබඳතා ශක්තිමත් කිරීම.
    12. අන්තර්ජාතික ත්‍රස්ත මර්දන පරිශ්‍රමයන් ශක්තිමත් කිරීම පිණිස ASEAN, පොදු රාජ්‍ය මණ්ඩලීය ආදී රටවල තිබෙන, විශේෂයෙන්ම පෙරටුගාමී නීති බලාත්මක කරන්නන් (front-line law-enforcement) සහ ආරක්ෂක ඒජන්සි අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම.
    13. ඇමරිකානු ඩොලර් 120,000 ක විදේශ ආයෝජන ගෙන එන සහ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,400 ක් වන විදේශිකයින්ට පහත සඳහන් ප්‍රතිලාභ ලැබෙන “Sri Lanka" My Second Home” ("ශ්‍රී ලංකාව, මගේ දෙවන නිවස") යනුවෙන් ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම.
      • වාහන සඳහා තීරුබදු රහිත දීමනාවක්.
      • නිවාස සඳහා සහන පැකේජ.
      • පවුල් සහ වයස අවුරුදු 21 ට අඩු ළමුන් හට රටට ඇතුළුවීම වැඩි අවස්ථා ලබා දීම.
      • සමාජ චාරිකා අවසර පත්‍රයක්.
    14. ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා උපායමාර්ගික අවශ්‍යතා පහත ආකාරවලින් ප්‍රවර්ධනය කිරීම:
      • ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම.
      • හුවමාරු චාරිකා ප්‍රවර්ධනය කිරීම
      • රැස්වීම් / සාකච්ඡාවලදී මතු කරනු ලබන විවිධ කරුණු පිළිබඳ තත්ව වාර්තාව සකස් කිරීම
      • අන්තර්ජාතික රැස්වීම්වලදී නිරීක්ෂණය වන ගැටළු, ද්විපාර්ශ්වික චාරිකා සහ රැස්වීම්වලදී සාකච්ඡා කිරීම
      • උප ලේකම්වරුන් (undersecretaries) විසින් සිදුකරන චාරිකාවලදී ගැටළු මතු කිරීම.
      • දුරස්ථ වැඩසටහන් මගින් වෙනත් රටවල් සමඟ සබඳතා වැඩි දියුණු කිරීම
    15. එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන (UN agencies) සහ අනෙකුත් කලාපීය හා ජාත්‍යන්තර ආයතන සමග සහයෝගීතාව වැඩි දියුණු කරමින් ශ්‍රී ලංකාවේ බහුපාර්ශ්වීය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය රෝපණය කිරීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    14
    තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
    තාක්ෂණයෙන් පොහොසත් රටක්

    ‘‘රටක ආර්ථික තරගකාරිත්වය එහි තිරසාර තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ඵලදායීතාවය මත රඳා පවතියි.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • ආගමික ප‍්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.
    ක්‍රියාකාරී සැලැස්ම
    ශ‍්‍රී ලංකාව මේ වන විට සංවර්ධනය වෙමින් පවතින වෙළඳපළක සිට සංවර්ධිත වෙළඳපලක් බවට පත්වීමට "ස්මාර්ට් විසඳුම්" අත්‍යවශ්‍ය වේ’ සංවර්ධිත වෙළඳපොලක් වීමේ ඉලක්කය 2030 දී ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන අතර සංවර්ධිත ශ‍්‍රී ලංකාව , ස්මාර්ට් ශ‍්‍රී ලංකාවක් බවට වසර 3 කින් පත් කිරීමට බාහිර සම්පත් අත්‍යාවශ්‍ය වේ.
    මේ සඳහා අවධානය යොමු කළ යුතු වන්නේ.
    • ස්මාර්ට් ආරක්ෂාව -Smart Security
    • ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education
    • ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health
    • ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture
    • ස්මාර්ට් ප‍්‍රවාහනය - Smart Transport
    • ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism
    • ස්මාර්ට් ක‍්‍රීඩා -Smart Sports
    • ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities
    • ස්මාර්ට් මූල්‍ය -Smart Finance
    • ස්මාර්ට් යටිතල පහසුකම් -Smart Infrastructure
    දැක්ම
    ලෝකයේ ප‍්‍රීතිමත්ම රටවල් 10 අතරට ශ‍්‍රී ලංකාව එක් කිරීම.
    මෙහෙවර
    මිනිසුන්ගේ සතුට සඳහා ස්මාර්ට් සේවා සංවර්ධනය කිරීම.
    තාක්‍ෂණික සක‍්‍රියකාරකය
    සියලූම මහජන සේවාවන් සඳහා කෘතිම බුද්ධියෙන් මෙහෙයවනු (AI Driven), බන ඒකාබද්ධ තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාවක්.
    1. ස්මාර්ට් ආරක්ෂාව -Smart Security
      • පොලිසිය විසින් විමර්ශනය කරනු ලබන පුද්ගලයින් සඳහා අනන්‍ය වූ ඩිජිටල් ජෛවමිතික හඳුනාගැනීමක් (digital biometric identification) ක‍්‍රියාත්මක කිරීම.
      • සියලූම ප‍්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය (Facial Recognition Technology) සහිත CCTV කැමරා සවි කිරීම.
      • අපරාධ දත්ත සංචිත ලෝක ආරක්ෂක ආයතන සමඟ බෙදා ගැනීම. රට තුළට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම ත‍්‍රස්තවාදියෙකු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගුවන් තොටුපොළවල මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) භාවිතා කිරීම.
      • පොලිසිය සඳහා එවේලේම (තත්කාලීන) මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය (Facial Recognition Technology) සහිත ස්මාර්ට් කණ්නාඩි හඳුන්වාදීම.
      • සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට සහ සිදුවිය හැකි අපරාධ ක‍්‍රියා පුරෝකථනය කිරීමට දත්ත විද්‍යාව (data science) භාවිතා කිරීම.
    2. ස්මාර්ට් අධ්‍යාපනය - Smart Education
      • ඉගැන්වීම සහ විද්‍යුත් ඉගෙනීම (e-learning) සඳහා සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවලින් සියලූම පාසල් විෂයයන් සඳහා වීඩියෝ පාදක කරගත් පන්ති හඳුන්වා දීම.
      • සියළු නව පන්ති කාමර "ස්මාර්ට් පන්ති කාමර” ලෙස සංවර්ධනය කර ශිෂ්‍යයින් හට පුළුල් ප්‍රවේශ පහසුකම් ලබා දීම.
      • පවතින සියලූම රැකියා සඳහා ඒකාබද්ධ ඔන්ලයින් වේදිකාවක් සෑදීම සහ මේ මඟින් ජනතාවගේ නිපුණතා, මනාපයන් සහ ඔවුන් ජීවත් වන ප්‍රදේශය සමඟ එම රැකියා ගළපා දීමේ පහසුකම් ලබාදීම.
    3. ස්මාර්ට් සෞඛ්‍යය - Smart Health
      • "ඩිජිටල් සෞඛ්‍ය මධ්‍යස්ථාන” (Digital Health Hub- DHH) හඳුන්වා දී මෙයට ප‍්‍රවේශය අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන යෙදවුමක් ලෙස ද ලබා දීම. DHHඩිජිටල් ජාතික හැඳුනුම්පත සමඟ ප‍්‍රවේශ විය හැකිය.
        DHH හි සේවාවන්ට ඇතුළත් වන්නේ
        • රෝගියාගේ පසුගිය වසර 10ක සෞඛ්‍ය දත්ත වලට පිවිසුම.
        • ස්කෑන්, වෛද්‍යවරුන් හමුවීම් යනාදිය සඳහා සියලූම රෝහල් සහ සායනවල ඇති කාල වෙන්කර නොගත් , බාගත හැකි කාල පරාසයන් වෙන්කර ගත හැකි වීම.
        • නියමිත වෛද්‍යවරු හමුවීම් පිළිබඳ පෙර දැනුම්දීම්.
      • රෝහල්වලට ඇති දුර, මිල ගණන්, පොරොත්තු කාලය සහ රෝහල්වල ඉඩකඩ සම්බන්ධ ගැටළු මඟහරවා ගැනීම සඳහා රෝගීන්ට දුරකථන රෝග විනිශ්ච (tele-diagnosis) සේවා සැපයීම.
      • පිළිකා රෝග වාර්තා විශ්ලේෂණය කිරීම තුළින් පිළිකාවේ අවධිය සහ ප‍්‍රතිකාර මාලාවන් යෝජනා කිරීම.
      • ඩෙංගු යෙදවුම තුළින් ඩෙංගු රෝගීන් ජියෝ ටැග් කරල එම රෝගය පැතිරී යාමේ වේගය පුරෝකථනය මඟින් ඩෙංගු රෝගය පැතිර යාම වළක්වා ගැනීම.
    4. ස්මාර්ට් කෘෂිකර්මය -Smart Agriculture
      • ගොවීන්ගේ භෝග වල දත්ත ගොනු කිරීම (crop profiling) සහ අධීක්ෂණය
      • දින 7 පුරා කාලගුණ අනාවැකි
      • දේශගුණය පදනම් කරගත් උපදේශන සහ දේශගුණික-ස්මාර්ට් වාරිමාර්ග කෘෂිකාර්මික වැඩසටහන
      • පොහොර යෙදීම් නිර්දේශ
      • භෝග අදියර අධීක්ෂණය
      • වගා බිම් geo-tagging කිරීම සහ සිතියම්ගත කිරීම
      • ගොවීන්ගේ භෝගවල අවම මිල සහතික කිරීම සඳහා ප‍්‍රදේශ සමීක්ෂණ
      • අස්වනු පුරෝකථන
      • පළිබෝධ රෝග සහ උපදේශන (කාලෝචිත භෝග උපදේශනය)
      • තවානේ සිට වෙළඳපොළ දක්වා හඳුනා ගැනීම්
      • ගොවීන් සඳහා ජංගම භෝග උපදේශන යෙදවුම
      • චන්ද්‍රිකා මගින් ලබාගත් ඡුායාරූප උපයෝගී කර වගාබිම් සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය නිමා කිරීම. මේ මගින් වගාකර ඇති ඉඩ ප‍්‍රමාණය සහ නිෂ්පාදනය ඇස්තමේන්තු කිරීම.
      • ඇල්ගොරිදම මත පදනම්ව සැපයුම් කරුවන් සහ ගැනුම්කරුවන් ගැළපීම (Algorithm-based matchmaking)
      • රට පුරා බෝග අස්වැන්න පුරෝකථනය කිරීමෙන් සහ ප‍්‍රශස්ත ගබඩා විසඳුම් ලබා දීමෙන් කෘෂිකර්මය ආශ‍්‍රිත නාස්තිය අවම කිරීම.
    5. ස්මාර්ට් ප‍්‍රවාහනය - Smart Transport
      • පොදු ප‍්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හඳුන්වා දීම. එම`ගින් සාමාන්‍ය ජනතාවට බස් හා දුම්රිය සේවය පිළිබඳ තත්කාලීන තොරතුරු ලබාගත හැක.
      • මගීන් සඳහා පොරොත්තු කාලය අවම කිරීම සඳහා ත‍්‍රිරෝද රථ සහ කුලී රථ සඳහා ස්මාර්ට් ටයිම් (Smart Time) සහ පෝලිම් කළමනාකරණ පද්ධතියක් (Queu Management System) ක‍්‍රියාත්මක කිරීම.
      • පවතින වාහන නැවැත්වීමේ ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබා දීම සහ අන්තර්ජාලය හරහා ගෙවීම් කරන විට 10% වට්ටමක් සහිතව වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම.
      • අක‍්‍රීය කාලපරාසය අවම කර ධාවන පථයේ ධාරිතාව වැඩි කිරීමට,HD කැමරා (High Defenition Camera) සහ ඒකාබද්ධ දත්ත වේදිකාවක් යොදා ගැනීම.
      • "මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (Road Watch and Traffic Complaints")ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම.
        මෙමගින් මාර්ග නීති කඩ කිරීම සහ විනය විරෝධී ලෙස වාහන නැවැත්වීම සම්බන්ධයෙන් රජයේ වාහන ඇතුළු සියලූම වාහනවලට එරෙහිව පැමිණිලි කළ හැක.
      • මාර්ග තදබදය තිබෙන දිශාව අනුව රථවාහන විදුලි පහන් ස්වයංක‍්‍රීය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබද කලමණාකරණ පද්ධතියක්Smart traffic system හඳුන්වා දීම.
      • මුහුණට මුහුණ අනතුරු වැඩිම ගණනක් වාර්තා වී ඇති ස්ථාන geo-tagg කර, ඒවාට ඉංජිනේරු විසඳුම් සම`ග උපදේශන සහ දැනුම්දීම් සැපයෙනු ඇත.
      • ජංගම දඩ ගෙවීමේ ක‍්‍රමයක් හඳුන්වා දීම.
      • මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් මාර්ග තදබදය කළමණාකරණ පද්දතියක් (Smart traffic system) සහ මාර්ගස්ථ කැමරා (Road Camera) හඳුන්වා දීම.
      • සියලූම විද්‍යුත් ප‍්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.
      • විශේෂ දින හෝ සති ගමන් බලපත‍්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප‍්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක‍්‍රමයක් හඳුන්වා දීම.
      • මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කිරීම සහ ඒවා අප්ලෝඞ් කිරීම.
    6. ස්මාර්ට් සංචාරක කර්මාන්තය -Smart Tourism
      • සංචාරකයින් සඳහා ආශ‍්‍රිත සේවාවන් කළමනාකරණය කිරීම සඳහා දිවයින පුරා දෛනිකව හෝටල්වල කාමර වෙන්කිරීම් සහ අනාගත වෙන් කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශ්ලේෂණ වේදිකාවක් සංවර්ධනය කිරීම.
      • සියලූම භෞතික වත්කම් ඩිජිටල්කරණය කරල (පුරාවිද්‍යා භූමි, ස්මාරක, පන්සල් ආදිය), මේවා පිළිබඳ වැදගත් තොරතුරු එක් වේදිකාවක් යටතේ සංචාරකයින්ට ලබා දීම.
      • සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයට AR තාක්ෂණය (Augmented reality) හඳුන්වා දීම.
      • සංචාරකයින් ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින දිනයන්, ඔවුන්ගේ මනාපයන් සහ ඔවුන් නැරඹීමට කැමති ස්ථාන පදනම්ව සංචාරක කාලසටහන් නිර්මාණය කිරීමට වේදිකාවක් ලබා දී ඒ තුළින් සංචාරකයින්ව සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම.
    7. ස්මාර්ට් ක‍්‍රීඩා -Smart Sports
      • සියලූම ක‍්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කර, සෑම ක‍්‍රීඩකයෙකුම පාසල් මට්ටමේ සිට සෘජු ලෙස සංවර්ධනය කිරීම.
      • ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක‍්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක‍්‍රීඩකයන්ගේ ජයග‍්‍රාහී සංයෝජන තෝරා ගැනීමට කෘතිම බුද්ධිය (AI) භාවිතා කිරීම.
      • අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා, පුහුණු සැසි සහ තර`ග වලදී ඉහළ මට්ටමේ ක‍්‍රීඩකයන්ගේ අ×්‍යවශ්‍ය සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ස්මාර්ට් පළඳනා භාවිතා කිරීම.
      • ප‍්‍රවේෂපත‍්‍ර අලෙවිය වැඩිදියුණු කිරීමට සහ ක‍්‍රීඩාවෙන් ඉපැයෙන ආදායම ඉහළ නැංවීමට එක් එක් ක‍්‍රීඩා තරඟ ව,ට පේ‍්‍රක්ෂකයන් පැමිනීමේ සම්භාවීතාවය පුරෝකථනය කිරීමට කෘතිම බුද්ධිය භාවිතා කිරීම.
      • ක‍්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල වීඩියෝ පාදක පුහුණුව සහ පාඨමාලා සැපයීම.
    8. ස්මාර්ට් උපයෝගිතා -Smart Utilities
      • පුරවැසියන්ට සපයන සියලූ උපයෝගිතා සේවාවන්හි වාර්තා ඩිජිටල්කරණය කර ඩිජිටල් ජාතික හැඳුනුම්පත සම`ග එම වාර්තා පහත සඳහන් සේවාවන් ඇතුළත් එක් වේදිකාවකට ගොනුගත කිරීම.
        • ඉලෙක්ට්‍රොනික අනන්‍යතාවය -E-identity
        • ආරක්ෂාව
        • ඉලෙක්ට්‍රොනික පාලනය -E-governance
        • අන්තර් ක‍්‍රියාකාරී සේවා (විද්‍යුත් ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන යනාදිය)
        • ජංගම සේවාවන් (බුද්ධිමත් ප‍්‍රවාහන පද්ධතිය (Intelligent Transport System), ජංගම වාහන නැවැත්වීම, මායිම්වල පෝලිම් කළමනාකරණය යනාදිය)
        • සෞඛ්‍ය සේවා
        • ඉලෙක්ට්‍රොනික අධ්‍යාපනය -E-Education
        • ව්‍යාපාර සහ මූල්‍ය (ඊ-බදු (E-Tax), ඊ-ව්‍යාපාර ලියාපදිංචිය (E-Business Register) යනාදිය)
      • නිවාරණ නඩත්තුව සිදුකිරීම IoT සංවේදක භාවිතා කරමින් උපයෝගිතා නිෂ්පාදනයට සම්බන්ධ යන්ත්‍රෝපකරණ අක‍්‍රිය වීම පුරෝකථනය කිරීම.
      • සියලූම උපයෝගිතා ඔන්ලයින් ගෙවීම් වශයෙන් සිදුකිරීම සහ එකම වේදිකාවක් යටතේ ඕනෑම තනි සේවා සැපයුම්කරුවෙකු සම`ග ගනුදෙනුකරුවන් සම්බන්ධ කිරීම.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිටරටින් ණය ගයි සොන්නලු ගෙවයි
    ඕකනෙ හැමදම වෙන්නෙ
    අනික දැන් ඒ ක්‍රමෙට දුක් විදලා සොන්නලු එකට හුරුවෙලා
    උන් හිතන්නෙ උන්ට එතනින් එහා දෙයක් උරුම නෑ කියලා
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    9. ස්මාර්ට් මූල්‍ය -Smart Finance
    • AIභාවිතා කරමින් බදු ගෙවීම් සහ ගනුදෙනු අධීක්ෂණය කිරීම සහ කිසියම් නොගැලපීමක් වේ නම් එය කල්තබා හඳුනාගෙන ඇඟවීමේ ක‍්‍රමවේදයක් හ`දුන්වාදීම.
    • ස්ථිර තැන්පතු අන්තර්ජාලය හරහා සිදුකිරීම ඇතුළත්ව සියලූ බැංකු කටයුතු හරිත බැංකුකරණය (green banking) සමග ඩිජිටල්කරණය කිරීම.
    • ගෙවීම් දොරටු (Payment gateways) සඳහා ඇති බාධක ඉවත් කිරීම, ගෙවීම් සඳහා ගනුදෙනු වියදම අවම කිරීම සහ ජංගම පසුම්බි (Mobile wallets) ප‍්‍රවර්ධනය කිරීම.
    • සියලූම පොදු සේවාවන්, ආදායම් බදු ගොනු කිරීම යනාදිය සඳහා ජංගම සහ ඔන්ලයින් ගෙවීම් ක‍්‍රම හඳුන්වා දීම.
    10. ස්මාර්ට් යටිතල පහසුකම් -Smart Infrastructure
    • ප‍්‍රාදේශීය රැකියා අවස්ථා ඇති කිරීම සහ ප‍්‍රදේශයේ සමාජ ආර්ථික වර්ධනය සඳහා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට අධිවේගී බ්‍රෝඞ්බෑන්ඞ් සම්බන්ධතාවයක් ලබා දීමට ප‍්‍රකාශ තන්තු කේබල් (Fiber Optic Cable) ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම.
      මෙමඟින් ටෙලි-ඖෂධ (Tele-Medicine), ටෙලි-අධ්‍යාපනය (Tele-Education), ඊ-සෞඛ්‍ය(E-Health), ඊ-විනෝදාස්වාදය (E-Entertainment) යනාදී රජයේ සේවාවන් ලබා ගත හැකිය.
    • දේපල අයිතිවාසිකම තහවුරු කරන වාර්තා සහ සෑම ගනුදෙනුවක්ම ඩිජිටල්කරණය කිරීමට Blockchain තාක්ෂණය භාවිතා කිරීම.
    • සෘජු ආයෝජන (FDI) තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අංශයේ ආරම්භක ව්‍යාපාර සහ භාහිර සේවා සමාගම් ආකර්ෂණය කිරීමට ආකර්ෂණය ස්මාර්ට් තොරතුරු තාක්ෂණ උද්‍යාන නිදහස් වෙළඳකලාප වල ඉඳි කිරීම.
    • තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කරමින් තත්‍ය කාලීන ලෙස (real time) අපද්‍රව්‍ය හා ජලාපවහන පද්ධති කළමනාකරණය කිරීම.
    • පුද්ගලික අංශය සඳහා ඉලක්ක
      • වසර 2025 වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1.2 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා 4 ගුණයකින් වැඩි කිරීම.
      • වසර 2025 වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රැකියා ප‍්‍රමාණය 80,000 සිට 400,000 දක්වා 5 ගුණයකින් වැඩි කිරීම.
      • එම නව රැකියා නියුක්තිකයන් 320,000 ක් සඳහා කාර්යාල ඉඩ පහසුකම් සැපයීමට වර්ග අඩි මිලියන 30.2 ක් සහිත ගොඩනැගිලි හා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඉදිකිරීම.
      • ආයෝජන මණ්ඩලය (BOI) හරහා තොරතුරු තාක්ෂණ උද්‍යාන සහ කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඉදිරි වසර 25 කට 0% සමාගම් බද්දක් සහතික කිරීම.
      • වසර 2030 සඳහා ඉලක්කය වන්නේ, රැකියා නියුක්තිකයන් 800,000 ක් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් දක්වා වැඩි කිරීම.
    1. පියවර
      1. අන්තර්ජාල දත්ත (Data) වලට අදාළ සියලූ බදු ඉවත් කිරීම.
      2. අන්තර්ජාලයට පිවිසෙන වයස අවුරුදු 3 සහ ඊට වැඩි ළමයින් සඳහා දෙමාපියන්ගේ පාලනයට යටත්ව සීමිත තිර කාලයක් (Screen Time)සහිත දරුවන්ට හිතකර අන්තර්ජාල පැකේජයක් හඳුන්වා දීම සහ
        • අත් සහ ඇස් අතර සම්බන්ධීකරණය (hand-eye coordination) වැඩි දියුණු කිරීම
        • තොරතුරු සමුදායකට ප‍්‍රවේශය
        • භාෂා කුසලතාව වැඩි දියුණු කිරීම
        • ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම
        • උසස් අන්තර්ගතයට ප‍්‍රවේශය.
      3. ප‍්‍රාථමික අධ්‍යාපනයේ සිට ඉංග‍්‍රීසි භාෂාව, ගණිතය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ දැනුම දියුණු කිරීම.
      4. සියලූම පාසල් විෂයයන් සඳහා උපදේශනාත්මක වීඩියෝ අඩංගු, දත්ත(Data) ගාස්තුවලින් තොර ඔන්ලයින් ද්වාරයක් (online portal) හඳුන්වා දීම.
      5. 9 ශ්‍රේණියේ පටන් තොරතුරු තාක්ෂණ හා කෘතිම බුද්ධි (AI) පාඨමාලා හඳුන්වා දීම.
      6. ඩිප්ලෝමා හා සහතික පත‍්‍ර ලබාදෙන සියලූ තොරතුරු තාක්ෂණ (IT) සහ කෘතිම බුද්ධි (AI) පාඨමාලා වෘත්තීය පුහුණු ආයතනවල ආරම්භ කිරීම (අනාගතයේදී ශිෂ්‍යයන්ගෙන් 40%ක් වෘත්තීය පුහුණුවට යොමු වනු ඇත).
      7. සියලූ විශ්ව විද්‍යාල විසින් තොරතුරු තාක්ෂණ (IT) සහ කෘතිම බුද්ධි (AI) උපාධි පාඨමාලා, මාස්ටර් උපාධි පාඨමාලා සහ PhDඋපාධි පාඨමාලා සැපයීම ආරම්භ කිරීම (අනාගතයේදී සිසුන්ගෙන් 50%ක් විශ්ව විද්‍යාලයට ඇතුළත් වනු ඇත*.
        • සියලූම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල, ලෝකයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාල සම`ග සහයෝගයෙන් ඉහළ ඉල්ලූමක් ඇති පාඨමාලා සංවර්ධනය කිරීම.
        • ORCAD, Silab, MATLAB, AUTOCAD වැනි විවෘත මූලාශ‍්‍ර සමාකරණ (දචැබ (open source simulation) පැකේජ පාවිච්චි කිරීමට උනන්දු කිරීම.
      8. ව්‍යාපාර කිරීමේ හිතකරභාවය පිළිබඳ දර්ශකය (Ease of Doing Business Index) තුළ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 100 වන ස්ථානයේ සිට 50 වැනි ස්ථානය දක්වා වැඩිදියුණු කිරීම.
      9. ගෝලීය තර`ගකාරීත්ව දර්ශකයේ (Global Competitiveness index) ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම 85 වන ස්ථානයේ සිට 45 වන ස්ථානය දක්වා වැඩි දියුණු කිරීම.
      10. තොරතුරු සේවා ක‍්‍රියාකාරකම් සහ යටිතල පහසුකම් සඳහා 0% ව්‍යාපාරික බද්ද, 0% වැට් බද්ද සහ 0% ලාභාංශ බද්ද වසර 25 ක් සඳහා සහතික කිරීම. (ව්‍යාපාර ක‍්‍රියාවලි සඳහා භාහිර සේවා ලබාදීම (BPO), මූලික තොරතුරු සම්බන්ධ ක‍්‍රියාවලි සඳහා භාහිර සේවා ලබාදීම (KPO), සත්කාරක සේවා (hosting), දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක‍්‍රියාකාරකම්, වෙබ් අඩවි ද්වාරක (web portals), පුවත්පත් තීරු මාධ්‍යයට news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ විශේෂාංග, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත‍්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services)සහ සෙසු ඩිජිටල් සේවා)

      11. පරිගණක සහ වෙනත් දෘඩාංග ඒකක ආනයනය සඳහා 0% රේගු බදු සහ 0% PAL ඉදිරියට වසර 10ක් සඳහා සහතික කිරීම.
      12. IBM, Intel සහ Microsoft වැනි ඉහළම බහුජාතික තොරතුරු තාක්‍ෂණ සමාගම් 100ට ඔවුන්ගේ ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට ඇරයුම් කිරීම.
      13. අනේවාසික සමාගම් වල මූලස්ථාන ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට 0% සමාගම් බදු, 0% වැට් බද්ද සහ 0% ලාභාංශ බද්ද වසර 25ක් සඳහා සහතික කිරීම.
      14. ශ‍්‍රී ලාංකික සමාගම්වල ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ලොව පුරා පිහිටුවීම.
      15. සමාගම්වල ආරම්භක අවධියේදී ඔවුන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ට cloud සේවාවන් සැපයීම.
    2. රැකියා අපේක්ෂකයන්ගේ කුසලතාල මනාප ක්ෂේත‍්‍රයන් සහ ජීවත්වන ප‍්‍රදේශය මත රැකියා, බාදීමට ඒකාබද්ධ වේදිකාවක් හඳුන්වා දීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    15
    ප්‍රවාහන අමාත්‍යංශය
    සංචරණයෙන් පොහොසත් රටක්

    “ගුණාත්මක ප්‍රවාහනය පුරවැසියන්ගේ දෛනික පහසුව සහ ඵලදායීතාවය සඳහා දායක වන අතර, එමගින් රටේ ආර්ථික සංවර්ධනයට මග පෑදේ.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • ශ‍්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතාවය ශක්තිමත් කිරීම.
    • වත්මන් ප්‍රවාහන ජාලය විධිමත් කිරීම.
    • මාර්ග නීති උල්ලංඝනය කිරීම් අවම කිරීම.
    • කොළඹ දෙසට ඇති ප්‍රධාන පිවිසුම් 7 තුළ ඇති වාහන තදබදය අවම කිරීම.
    ක්‍රියාකාරී සැලැස්ම
    ස්මාට් ප්‍රවාහනය - Smart Transport

    1. මහා මාර්ග සහ දුම්රිය මාර්ගවල පොදු ප්‍රවාහනයේ යෙදෙන මහ ජනතාවට පොදු ප්‍රවාහනය සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීම.
    2. මගීන්ගේ පොරොත්තු කාලය අවම කිරීම පිණිස ත්‍රීරෝද රථ සහ ටැක්සි රථ සඳහා Smart Time & Queue Management ක්‍රමයක් හඳුන්වා දීම.
    3. වාහන නැවැත්විය හැකි ස්ථාන පිළිබඳ තත්කාලීන තොරතුරු සැපයීමට වේදිකාවක් ලබාදීම සහ අන්තර්ජාලය හරහා ඒ සඳහා සිදුකරනු ලබන ගෙවීම් සඳහා 10%ක වට්ටමක් ලබාදීම.
    4. අධි විභේදන කැමරා භාවිතා කරමින් ගුවන්තොටුළවල, ගුවන් පථ ධාරිතාව වැඩි කරන සහ අක්‍රිය කාලය අඩු කරන සංගෘහිත දත්ත වේදිකාවක් හඳුන්වා දීම.
    5. “මාර්ග සෝදිසි සහ රථවාහන පැමිණිලි” (“Road Watch and Traffic Complaints”) ගොනු කිරීමට වේදිකාවක් හඳුන්වා දීම.
      මෙහිදී රාජ්‍ය අංශයට හිමිකාරීත්වය ඇති රථ වාහන ඇතුළු සියළුම රථ වාහන සඳහා පැමිණිලි ගොනු කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.
    6. මෝටර්රථ වාහන ධාරිතාවයට ට්‍රැෆික් ලයිට් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ක්‍රමයක් (smart traffic system ) හඳුන්වා දීම.
    7. මුහුණට මුහුණ ඇතිවන අනතුරු පිළිබඳ වැඩියෙන්ම වාර්තා වී ඇති ස්ථාන geo-tag කර, ඒ සඳහා ඉංජිනේරු විසඳුම් සමග උපදේශන සංඥා සහ දැනුම්දීම් ලබා දෙනු ඇත.
    8. ජංගම ස්ථානීය දඩ අය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දීම.
    9. මාර්ග නීති පිළිපැදීම අධීක්ෂණය කිරීම සඳහා ස්මාර්ට් ට්‍රැෆික් ලයිට් සහ මාර්ගස්ථ කැමරා හඳුන්වා දීම.
    10. සියලූම විද්‍යුත් ප්‍රවාහන යෙදවුම් (e-transport applications) එක් ජංගම දුරකථන යෙදවුමකට ඒකාබද්ධ කිරීම.
    11. විශේෂ දින හෝ සති ගමන් බලපත්‍ර සහිත සංචාරකයින්ගේ පොදු ප්‍රවාහන ගාස්තු එකතු කිරීම සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීම.
    12. මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ නිර්මාණය කර අප්ලෝඞ් කිරීම.
    යටිතල පහසුකම්
    1. මොරටුව, කොට්ටාව, රාගම සහ මීගමුව නගරවල ධාවනය වන දුම්රිය සම්බන්ධ කරමින් මන්දගාමී හා සීඝ්‍රගාමී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් (multimodal transport system) ක්‍රියාත්මක කිරීම.
    2. පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩවත යන ප්‍රදේශ සඳහා මන්දගාමී හා අධිවේගී බස් රථ සහිත බහු මාදිලි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
    3. බහු මාදිලි ප්‍රවාහන පද්ධතිය සඳහා යොදවා ඇති බස් රථ ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි පාපුවරුව පහළ මට්ටමකින් යුක්ත ද යන්න සහතික කර ගැනීම.
    4. වාහන තදබදය අවම කිරීම සඳහා කොළඹ (මොරටුව, කොට්ටාව, රාගම, මීගමුව, පිළියන්දළ, බත්තරමුල්ල සහ කඩාවත) සහ අනෙකුත් ප්‍රධාන පිවිසුම් මාර්ග 7 හා සෙසු දිස්ත්‍රික්ක සඳහා හොඳම පාසල්, රෝහල් සහ අනෙකුත් සියලූම කොළඹ පාදක පහසුකම් ලබා දීමට සහතික වීම.
    5. කාර්යබහුල වේලාවන්හි තදබදය අවම කිරීම සඳහා මධ්‍යම කොළඹ මහල් නිවාස 100,000 ක් ඉදි කිරීම. මේ සමගම වාහන ගමනාගමනය කොළඹින් පිටතට යොමු කෙරනු ලැබේ.
    6. පිරිවැය සහ ගමන් කාලය අඩු කිරීම සඳහා සෑම මංසන්ධියකම වටරවුම, ට්‍රැෆික් ලයිට් මගින් ප්‍රතිස්ථාපනය කිරීම.
    7. සියලූම පදික මාරු නිසි ආලෝකකරණය කර නඩත්තු කරන බවට සහතික වීම.
    8. විශාල පිරිසක් පාර මාරු වන ස්ථානවලට ඉහළින් පදිකයන් සඳහා හරස් පාලම් ඉදි කිරීම.
    9. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 2 ක දුරකින් න් පිහිටා තිබෙන ගම්මාන 1,400 සඳහා මිනි බස් සේවය හඳුන්වා දීම.
    10. විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 1,500 ක් ඉදි කිරීම.
    11. සෑම දිස්ත්‍රික්කයකම යෝජිත නව ආර්ථික මධ්‍යස්ථාන සහ මත්ස්‍ය වෙළඳපළ සඳහා මාර්ගාශ‍්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
    12. භාණ්ඩ වේගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා ජාතික සැපයුම් ජාලයක් සංවර්ධනය කිරීම.
    13. ආපනශාලා, පිරිසිදු පොදු සේදුම් කාමර සහ සුව පහසු ආසන වැනි අවශ්‍ය උපයෝගිතා සහිතව ජනාකීර්ණ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම.
    14. සියලූ දුම්රිය හරස් මාර්ග, අනතුරු ඇඟවීමේ සංඥා සහ ගේට්ටු වලින් සන්නද්ධ කිරීම.
    15. මගී දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) ගේ සංඛ්‍යාව 6 සිට 15 දක්වා වැඩි කිරීම සහ අධික ඉල්ලූමක් ඇති දුම්රියවල මගී ආසන සංඛ්‍යාව වැඩි කිරීම.
    16. සුඛෝපභෝගී සේවා සහිත නිශ්චිත සංචාරක දුම්රිය සඳහා පෙළගස්වන්නන් (coaches) යෙදවීම.
    16
    වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය
    සමුද්‍රීය කාර්ය සම්පාදනයෙන් පොහොසත් රටක්

    ‘‘ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා නාවික අභිලාෂයන් වැඩි දියුණු කිරීම සහ සුරක්ෂණය කිරීම උදෙසා ශ්‍රී ලංකාව ප්‍රමුඛ නාවික මධ්‍යස්ථානයක් සහ ජාත්‍යන්තර සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • කොළඹ සමස්ත අඩි 20 බහාලූම් (TEU) ධාරිතාව මිලියන 21.1 කි.
    • සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන සංවර්ධනය.
    • වරාය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම
    ක්‍රියාකාරී සැලැස්ම
    1. කොළඹ වරාය සංවර්ධනය
      කොළඹ වරායේ මේ වන විට අඩි 20 බහාලූම් මිලියන 7.5 ක් රඳවා තැබිය හැක.
      • නව දකුණු වරාය මාර්ගයේ දිග කිලෝමීටර 4.8 ක් වන අතර කිලෝමීටර් 1.3 ක් දැනට කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්ත සමාගම (Colombo International Container Terminals LTD)විසින් සම්පූර්ණයෙන්ම අයිතිය දරණු ලබයි.
      • වසර 3 ක් තුළ ඉතිරි කිලෝමීටර් 3.5 ක භූමිභාගයේ පර්යන්ත තුනක් ඉදි කිරීමට නියමිතය.
        එහි ප්‍රතිඵලයක් වශයෙන්, අඩි 20 බහාලූම් මිලියන 7 ක අතිරේක ධාරිතාවක් නිර්මාණය කළ හැකිය.
      • කිලෝ මීටර් 3.3 ක දිගකින් යුත් දියකඩනයන් සහ පර්යන්ත දෙකක් වසර 6 ක් තුළ යෝජිත උතුරු වරායේ ඉදි කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 6.6 ක අඩි 20 බහාලූම් ධාරිතාවක් නිර්මාණය කළ හැක.
      • මෙම සංවර්ධන ක්‍රියාවලියන්හි ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ වරායේ සමස්ත අඩි 20 බහාලූම් ධාරිතාව මිලියන 21.1 ක් දක්වා වැඩි කළ හැකි.
    2. කොළඹ වරායේ වර්තමාන ධාරිතාවTUE මිලියන 7.5
      දකුණු වරායේ ඉතිරිව ඇති අතිරේක ධාරිතාවTUE මිලියන 7
      යෝජිත උතුරු වරායේ ධාරිතාවTUE මිලියන 6.6
      කොළඹ වරායේ සමස්ත ධාරිතාවTUE මිලියන 21.1
    3. හම්බන්තොට වරාය සංවර්ධනය
      හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන නව ව්‍යාපෘති යෝජනාව බලාපොරොත්තුවෙන් සිටියි.
    4. සිය මූලස්ථාන මෙරට තුළ ආරම්භ කරන අන්තර්ජාතික සමාගම් සඳහා 0%ක සමාගම් බදු සහ 0% ලාභාංශ බදු පැනවීම.
    5. කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන නගර සුඛෝපභෝගී මගී නෞකා ගමනාන්ත කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කිරීම. නාවික මාර්ග වන්නේ කොළඹ-ගාල්ල-හම්බන්තොට-ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරයයි.
    6. ප්‍රමාණවත් මගී ඉඩ ප්‍රමාණයක් සහිත නවීන ගොඩනැගිල්ලක් ද ඇතුළත්ව ප්‍රමාණවත් නැංගුරම් අවකාශ සහිත මගී පර්යන්තයක් කොළඹ වරායෙහි සංවර්ධනය කෙරෙනු ඇත. මෙම සංවර්ධනය සඳහා වඩාත් සුදුසු ස්ථානය බණ්ඩාරනායක තොටුපළ වේ (බහාලූම් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් දකුණු වරායට ගෙන ගිය පසු).
    7. පහත සඳහන් කාරණා ඇතුළත් වන, ඒකාබද්ධ නාවික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට, අධීක්ෂණය කිරීමට සහ සමාලෝචනය කිරීමට ජාතික නාවික කවුන්සිලයක් (National Shipping Council)පිහිටුවීම
      • නාවික ව්‍යාපාරයට ශ‍්‍රී ලංකාවේ පවතින ආකර්ෂණය වැඩි දියුණු කිරීම.
      • ප්‍රාග්ධනය සහ මූල්‍යකරණ ප්‍රවේශ සඳහා පහසුකම් සැපයීම.
      • නවෝත්පාදනයන් සහ සහායක නාවික සේවාවන්හි තිරසාර වර්ධනය ප්‍රවර්ධනය කිරීම (සැපයුම් සේවා ක්‍රියාකාරකම්- ඉන්ධන නැවත පිරවීම, ආහාර, ජලය ආදිය සපයා දීම)
    8. ශ‍්‍රී ලංකීය නෞකා තැනීමේ ඉංජිනේරු හැකියාවන්, වෙනත් රාජ්‍ය ආයතනවලට සහ සුඛෝපභෝගී මගී නෞකා මෙහෙයුම්කරුවන් වැනි ජාත්‍යන්තර ගැනුම්කරුවන් හට ලබා දීම සඳහා ප්‍රවර්ධනය කිරීම.
    9. ශ‍්‍රී ලාංකික නාවිකයින්ගේ රැකියා ප්‍රවර්ධනය කිරීම
      • ආධුනිකත්ව පුහුණුව, විශේෂීකරණය සහ නාවික ඉහළ නිපුණතා සඳහා අරමුදල් සැපයීම.
      • නාවිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව, රැකියා තත්ත්වයන් සහ රැකියා අවස්ථාවන් වැඩි දියුණු කිරීම.
    10. සමුද්‍රීය අධ්‍යාපනය හා පුහුණු සැලැස්මක් (Maritime Education and Training blueprint) සකස් කිරීම.
    11. වරාය මාර්ග තදබදය සමනය කිරීම සඳහා පහත සඳහන් පියවර ගත හැකිය.
      • ගේට්ටු ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම- ගේට්ටු ස්වයංක්‍රිය කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය විශාල වශයෙන් අඩු කර ගත හැක. අවස්ථානුකූලව හසුරුවන ගේට්ටු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මඟින් ට්‍රක් රථ රැඳී සිටින කාලය තවදුරටත් අඩු කර ගත හැකිය. වැඩි ට්‍රක් රථ සංඛ්‍යාවක් පැමිණීම හෝ පිටවීම සිදු වන විට එයට අදාළව ගේට්ටු වැඩි ගණනක් පිවිසුම් හෝ පිටවීම් දොරටු ලෙස ක්‍රියාත්මක වීම සිදු වනු ඇත.
      • වරාය පිවිසුම් මාර්ගය පුළුල් කිරීම- විශාලත්වය වැඩිකර ගැනීම සඳහා වරාය පිවිසුම් මාර්ගය මංතීරු 4 සිට 6 දක්වා පුළුල් කළ යුතුය. අළුත්මාවත පාර හරස් මාර්ගයට පහළින් දිවෙන කොටස මංතීරු 6 කින් යුත් මාර්ගයක් දක්වා පුළුල් කෙරේ.
      • මංතීරු හයේ භාවිතය සඳහා මාර්ග සංඥා සේවය වැඩි දියුණු කළ යුතුය. උදාහරණයක් ලෙස මං තීරු දෙකක් ගේට්ටු සඳහා සහ අන්තර් පර්යන්ත ගමනාගමනය සඳහා එක් මංතීරුවක් වශයෙන්.
      • කොළඹ කොටුවෙන් අවසන් වන රෑම්ප් (ramps) අසළ ට්‍රක් රථ පෙළගැස්වීමට ප්‍රමාණවත් ඉඩ සහිත ගේට්ටු තිබිය යුතුය.
      • ඉඟුරුකඩේ හන්දිය අසල ඇති රෑම්ප් (ramps) සඳහා හරස් මාර්ග තදබදයක් නොතිබිය යුතුය. මෙය ගුවන් පාලම් (over-pass) යෙදීම මඟින් අවම කර ගත හැක.
    12. වරායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පහත ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම
      • ජය බහාලූම් පර්යන්තයේ (JCT) වරාය ප්‍රජා පද්ධතිවල බහාලූම් මෙහෙයෙුම් ක්‍රියාවලි
      • ගේට්ටු ක්‍රියාවලි
      • ගබඩා කළමනාකරණ ක්‍රියාවලි
      • ගබඩා බහාලූ (cargo) ඉවත් කිරීමේ ක්‍රියාවලි
      • නෞභාර (cargo) ආනයන හා අපනයන ක්‍රියාවලි
      • පිරිවැය සහ ආදායම් කළමනාකරණ පද්ධති සහ ක්‍රියාවලි
    13. භාණ්ඩ ප්‍රවාහය වැඩි දියුණු කිරීම සඳහා ආනයන තීරුබදු ගෙවීම් (duty payments) ඩිජිටල්කරණය කිරීම.
    14. බහාලූම් පරීක්ෂා කිරීම සඳහා ස්කෑනිං පහසුකම් හඳුන්වා දීම. මෙහි අරමුණ වන්නේ අවදානම් තත්ත්ව යටතේ, භෞතිකව සිදුකරනු ලබන සෝදිසි කිරීම් අවම කර ගැනීමයි.
    15. විජය කුමාර පාලමෙහි (නැගෙනහිර පර්යන්තය) (Prince Vijaya Quay) ගැඹුරු වැඩි කිරීම මඟින් ධාන්‍ය සහ සිමෙන්ති රැගෙන එන මීටර 13 ක් දක්වා ගැඹුරු යාත්‍රා වලට පැමිණීමට ඉඩ ලැබෙනු ඇත.
    16. කොළඹ වරායේ සිට දකුණු පර්යන්තය දක්වා ව්‍යාප්ත වන දුම්රිය මාර්ගයක් හඳුන්වා දීම. එමඟින් පර්යන්ත අසල සෘජු දුම්රිය මෙහෙයුම් කිරීමට හැකි වනු ඇති අතර විශේෂයෙන් ම අලූතින් සංවර්ධන කරන ලද අභ්‍යන්තර ගොඩබිම් වරායන්ට පහසුකම් සැලසෙනු ඇත.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    17
    බලශක්ති අමාත්‍යාංශය
    බලශක්තියෙන් පොහොසත් රටක්

    "තිරසාර බලශක්තිය, කාර්යක්ෂම පිරිවැය කළමනාකරණයකට මග පෙන්වමින් සම්පත්වල ඵලදායී භාවිතය සහතික කිරීම සහ අපතේ යාම අවම කිරීම සිදුකරයි."
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • සෑම නිවසකටම 100% විදුලි බලය.
    • ජාතික බලශක්ති කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම.
    • පාරිභෝගිකයන් සඳහා හොඳම බදු අනුපාතික ලබා දෙමින් බලශක්ති වෙළඳපොළේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම.
    ලංකා විදුලි බල මණ්ඩලය
    පුද්ගලික විදුලි බලාගාර (Private Power Plants - PPP) සංඛ්‍යාව :258
    ස්ථාපිත ධාරිතාව
    PPP: 4,046 MW
    ශුද්ධ බලශක්ති උත්පාදනය
    PPP: 15,374 GWh

    විදුලි බලාගාර සංඛ්‍යාවස්ථාපිත ධාරිතාව
    (MW)
    උත්පාදනය
    (GWh)
    ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සමස්ත252,90311,803
    ජල171,3995,149
    තාප (ඉන්ධන)76041,886
    තාප (ගල් අඟුරු)19004,764
    වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)001.3
    Small Island2.4
    PPP: සමස්ත2331,1433,571
    වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (මිනි හයිඩ්‍රෝ)1953941,232
    තාප (ඉන්ධන)35331,740
    වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සුළං)15128325
    වෙනත් පුනර්ජනනීය බලශක්තීන් (සූර්ය, Dendro, බයෝමාස්)2088185
    පියැසි සූර්ය88
    සමස්ත2584,04615,374
    මූලාශ්‍රය: ලංකා විදුලි බල මණ්ඩලයේ 2018 වාර්ෂික වාර්තාව
    විදුලිය මිලදී ගැනීම සහ දැනට පවතින විදුලි බලාගාරවල මෙහෙයුම් පිරිවැය, ලංකා විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන පිරිවැය වේ.
    ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) විසින් හරිත බලශක්තිය මිලදී ගැනීමේදී නිෂ්පාදන පිරිවැයෙන් ස්වාධීන අවම මිලක් භාවිතා කළ යුතුය.
    ක්‍රියාකාරී සැලැස්ම
    විදුලිබල මණ්ඩලය

    • 2018 වසරේ සමස්ත විදුලිබල පරිභෝජනය 15,374GWh.
    1. දැනට ඇති රාජ්‍ය බලශක්ති බලාගාර වල බලශක්ති පිරිවැය ගණනය කිරීමේදී උපචිත ගිණුම්කරණ ක‍්‍රමය භාවිතා කළ යුතුය.
    2. නව බලශක්ති බලාගාර සඳහා ආයෝජන කිරීමේදී විදුලි බල ඒකකයක් සඳහා වියදම ලෙස ඇස්තමේන්තුගත ශුද්ධ වර්තමාන අගය (NPV) පදනම් කරගෙන විදුලිබල උත්පාදන තාක්ෂණය තීරණය කළ යුතුයි.
    3. නව බලශක්ති බලාගාර සඳහා ආයෝජනය කිරීමේදී ලාභදායී පරිසර හිතකාමී බලශක්ති ප‍්‍රභවයන් සඳහා ආයෝජනය කළ යුතුය.

      උදාහරණය: විදුලිබල ඒකකයක පිරිවැය රුපියල් 2 කින් ඉහළ ගියහොත් ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට දැරීමට සිදු වන පාඩුව රුපියල් බිලියන 30කි.
      (Rs. 2 x 15Bn විදුලි ඒකක)
    4. සෑම දිස්ත‍්‍රික්කයකම නාගරික ඝන අපද්‍රව්‍ය භාවිතයෙන් බලශක්තිය උත්පාදනය කළ හැකි බලාගාර ඇති කළ යුතුය.
      1. රාජ්‍ය සහ පෞද්ගලික හවුල් කාරීත්වයෙන් බලශක්ති බලාගාර ඇතිකළ යුතුය. රජය මගින් එවැනි බලාගාර සඳහා පරිභෝජනය කරන ඝන අපද්‍රව්‍ය ප‍්‍රමාණය මත පදනම්ව ගෙවීමක් කළ යුතුය.
    5. LED බල්බ ආනයනයේදී ඪ්ඔ සහ ඡු්ඛ බදු වලින් කෙරෙනු ඇත. සාම්ප‍්‍රදායික බල්බ සහ ක්‍ත්‍ඛ බල්බ සඳහා 30%ක අමතර සෙස් බද්දක් හඳුන්වා දෙනු ඇත.
    6. අවම බලශක්ති කාර්ය සාධන ප‍්‍රමිතින් ප‍්‍රවර්ධනය කිරීම.
      1. කාර්යක්ෂම විදුලි බල්බ ප‍්‍රවර්ධනය.

        උදා :LED බල්බ ගැණුම් මිලට ලබා දීම.
        2018 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ ගෘහස්ත පාරිභෝගික පදනම මිලියන 5.5කි. සෑම වසරකම එක් ගෘහයක් අවම වශයෙන් වොට් 40ක බල්බයක් හෝ මාරු කරනු ලබයි. වොට් 30ක කාර්යක්ෂම බල්බයක් ප‍්‍රවර්ධනය කිරීමෙන් වොට් 10ක බලශක්ති ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැක. මෙමඟින් වසරකට 100ඨඋය බලශක්තියක් ඉතිරි කළ හැක.
    7. විශාල වානිජ ගොඩනැගිලි සඳහා රජය විසින් නොමිලේ බල ශක්ති විගණන පැවැත්විය හැකි අතර පළමු වසර තුළ ඉතිරි කරන බල ශක්ති ප‍්‍රමාණයෙන් 95% ආපසු එම පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇත.
    8. මාසික බල ශක්ති පරිභෝජනය 500ණඋය වඩා වැඩි නිවාස සඳහා කුඩා මනු සවි කිරීම. මෙම වැඩසටහනෙහි ප‍්‍රතිලාභ වන්නේ,
      1. බල ශක්ති භාවිතය පිළිබඳ තථ්‍ය කාලීන (Real Time) තොරතුරු තිබීම.
      2. විදුලි බල පරිභෝජනය වඩාත් හොඳින් පාලනය.
      3. මිල සටහන් කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
      4. මනු කියවීමේ පිරිවැය මඟ හරවා ගැනීම.
      5. මාසික විදුලි බිල්පත අඩු කර ගැනීම.
      6. විදුලි බලය විසන්ධි වන කාල සීමාව අඩු කර ගැනීම.
      7. සමුච්චිත තාක්ෂණ හා වානිජ අලාභ අධීක්ෂණය.
    9. විදුලි බලය, ජලය හා ගෑස් යන බලශක්තීන් කාර්යක්ෂමව භාවිතා කළ හැකි පුරුදු ප‍්‍රවර්ධනය කිරීම සඳහා කෙටි වීඩියෝ පට සකස් කෙරෙනු ඇති අතර ඒවා සියළු සමාජ මාධ්‍ය ජාලා හරහා ප‍්‍රචාරණය කෙරෙනු ඇත.
    ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව
    1. වත්මන් බොර තෙල් පිරිපහදුව ඉදි කරන ලද්දේ 1967දී වන අතර (හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය නොමැති වසර 53ක් පැරණි) දෛනික නිෂ්පාදන ධාරිතාව බැරල 40,000කි.
    2. වත්මන් පිරිපහදුවට අමතරව එම පරිශ‍්‍රයේම හයිඩ්‍රොක‍්‍රැකර් තාක්ෂණය සහිත දෛනික ධාරිතාව බැරල් 100,000කින් යුත් 51% රජයේ හිමිකාරිත්වය සහ කළමනාකාරිත්වය සහිත නව බලාගාරයක් ඉදි කෙරෙනු ඇත.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    කුණු කන්ටේනර් තට්ටයා කට්ටයා එන පොට හොද නෑ 🙃
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    18
    සංචාරක අමාත්‍යාංශය
    ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් රටක්

    “ස්මරණීය අත්දැකීම්, ආරක්ෂාව සහ විනෝදය සමග සංචාරකයන් ආකර්ෂණය කර ගන්නා හොඳම සංචාරක ගමනාන්ත”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • සංචාරකයන් මිලියන 10 ක්.
    • සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18 ක ආදායමක්.
    ක්‍රියාකාරී සැලැස්ම
    1. පහත කරුණු කෙරෙහි කේන්ද්‍රීය අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකාවට "ජාතික සන්නාමකරණ උපායමාර්ගය" (Nation Branding Strategy) හඳුන්වා දීම.
      • ගුවන් තොටුපොළ, ආගමන සහ ආයෝජන
      • ජනතාව
      • සංස්කෘතිය
      • ආණ්ඩුකරණය
      • සංචාරක කර්මාන්තය
      • ආනයන
    2. exports_cht.jpg
    3. ගුවන් තොටුපොළ සංවර්ධනය සහ ගුවන් ගමන් සම්බන්ධීකරණය
      • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) අතිරේක aero-bridges 16 ක් සහ වැඩි apron අවකාශයක් සම`ගින් පුළුල් කිරීම.
      • ඉහළ නැංවී ඇති මගී සංචරණය (movement) වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි පර්යන්ත වල ඉඩකඩ වැඩි කිරීම. (check-in කවුන්ටර, ආගමන කවුන්ටර, ඛදමබටැ පහසුකම්, වැඩි දියුණු කළ ආහාර ගැනීමේ සහ බඩු මිලදී ගැනීමේ අත්දැකීම්, විවේක කාලයන්හි නිරත විය හැකි ක‍්‍රියාකාරකම් සහ ගුවන්තොටුපළෙහි ඇති එර්බිසඑ හෝටල ආදිය)
      • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ඇති VVIP lounge සහ එයට අදාළ ගුවන් යානයට ඇතුළු වන දොරටු බජට් ගුවන් සේවා ක‍්‍රියාත්මක කරන ස්ථාන බවට පරිවර්තනය කිරීම.
      • රත්මලාන ගුවන් තොටුපොළ ජාත්‍යන්තර බජට් ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම.
      • මීට අමතරව, පෞද්ගලික ජෙට් යානා මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමේ පහසුකම රත්මලාන ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම.

        පරිපූර්ණ ආගන්තුක සේවා සම`ගින් ජාත්‍යන්තර පෞද්ගලික ජෙට් යානා රත්මලාන ගුවන් තොටුපොළෙහි ගොඩබැස්ස වීම.
      • පලාලි ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට වැඩි දියුණු කිරීම.
      • මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් නැවත ක්‍රියාත්මක කිරීම.
      • කොග්ගල, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දේශීය ගුවන් ගමන් ක්‍රියාකාරිත්වය සඳහා ගුවන් තොටුපොළවල් ඉදිකිරීම සහ මහනුවර දිගන ප්‍රදේශයේ දේශීය ගුවන් ගමන් සඳහා නව ගුවන් තොටුපොළක් ඉදිකිරීම.
      • නෙළුම් කුළුණේ වෙළ`ද අංශයේ එක් කොටසක් ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ස`දහා, ගමන් මළු drop-in සේවාවන් ද ඇතුළත් ව අධි වේගී check-in කලාපයක් බවට පත් කිරීම.
      • ඉන්ධන, ගොඩබෑම, ගුවන් යානා නතර කිරීම, ගුවන්තොටුපොළ බදු, ගුවන් පාලම් සහ ගමන් මලු හැසිරවීමේ ගාස්තු මැලේසියාව සමඟ සැසඳීම.
      • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි බජට් ගුවන් යානා ස`දහා වර්තමානයේ පවතින සංසරණ කාලය (turn-around time) මිනිත්තු 60 සිට 25 දක්වා අඩු කිරීම. එම`ගින් දැනට පවතින ගුවන් පථ සංචලනය (runaway movement) කාර්යබහුල වේලාවන් වල දී පැයකට ගුවන් යානා පිටත්වීම් 11 සිට 17 දක්වා වැඩි කිරීම.
      • බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන සඳහා පැමිණි බව තමන් විසින්ම සලකුණු කරන self check-in කවුන්ටර (kiosk) ගණන 8 සිට 20 දක්වා වැඩි කිරීම.
      • සියලූම ගුවන්තොටුපළ ගාස්තු peak (කාර්යබහුල) සහ off-peak (කාර්යබහුල නොවන) ලෙස වර්ග කිරීම සහ කාර්යබහුල නොවන වේලාවන්හි දී අවම ගාස්තු පවත්වා ගැනීම.
      • ශ්‍රී ලංකාව තුළ ගමන් කරන සංචාරකයන් සඳහා ආසන 50 කින් යුත් ගුවන් යානා හඳුන්වා දීම.
      • අඩු වියදම් ගුවන් මගීන් හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා නවාතැන් කාමර 55,335 ක් ඇති බැවින් ශ‍්‍රී ලංකාවට බජට් ගුවන් සේවා (අඩු වියදම් ගුවන් යානා* මෙහෙයෙුම් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම.
      • අවසර ලබා දීම් (clearance) හි වේගය වැඩි කිරීමට සහ ඒ ස`දහා සහාය වනු පිණිස මෙන් ම සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ස්වයංක‍්‍රීය ආගමන දොරටු (e-Gates) හඳුන්වා දීම.
      • ශ‍්‍රී ලංකාවට රැගෙන එන සංචාරකයින්ගේ ගණන ඉහළ නැංවීම සඳහා යුරෝපයෙහි ප‍්‍රධානතම ගමනාන්ත 20 වෙත සෘජු ගුවන් ගමන් සේවා හඳුන්වා දීම සහ සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම.

        උදා:
        • i. එක්සත් රාජධානිය
        • ii. ජර්මනිය
        • iii. ප්‍රංශය
        • iv. නෙදර්ලන්තය
        • v. ඉතාලිය
        • v. ස්විට්සර්ලන්තය
        • v. ස්කැන්ඩිනේවියානු රටවල
      • සියලූ ම දේශීය ගුවන් තොටුපොළවල ක‍්‍රියාත්මක වන දේශීය ගුවන් ගමන් සේවා කාල සටහන්, ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සම`ග සම්බන්ධ වීමට සමකාලික (synchronise) වන බව තහවුරු කිරීම.
      • කලින් අනුමත කර ගත් ජාතීන් ස`දහා පැය 24 ක් ඇතුළත වීසා අනුමත කරන සේවාවක් හඳුන්වා දීම.
      • විධිමත්ව හසුරුවන සහ මනාව සංවිධානය වී ඇති, පහත සඳහන් සේවා සපයන ටැක්සි සේවාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ස්ථාපිත කිරීම.
        • i. ටැක්සි වර්ග දෙකක් යොදා ගැනීම. උදාඃ කාර් සහ වෑන
        • ii. ටැක්සි රථ හිමිකරුවන් 900 දෙනෙකුට විශේෂ වාහන ලියාපදිංචි තහඩු සම`ග තීරු බදු රහිත වාහන බලපත‍්‍ර නිකුත් කිරීම
        • iii. නීති රීති වලට අවනත වන බව සහ ආරක්ෂාව තහවුරු කිරීම ස`දහා ටැක්සි සේවා විධිමත්ව කිරීම.
    4. යටිතල පහසුකම් ලබාදීම
      • දේශීය හා විදේශීය කලා නිරූපණයන් සඳහා රසිකයන් 80,000-100,000 ක ධාරිතාවක් සහිත ජාතික බහුකාර්ය ක්‍රීඩාංගනයක් ඉදිකිරීම.
      • සෑම ප‍්‍රධානතම නගරයකම හෝ දිස්ත‍්‍රික්කයකම සංචාරක තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
      • ආකර්ෂණීය ස්ථාන කරා දිවෙන සියලූ ප‍්‍රධාන මාර්ග ආශ‍්‍රිතව අවන්හල් සහ පිරිසිදු වැසිකිළි පහසුකම් සහිත විවේක මධ්‍යස්ථාන ඉදිකිරීම.
      • සියලූම දුම්රිය ස්ථානවල නිසි පරිදි පොදු ආසන, වැසිකිළි සහ ආපනශාලා පිහිටුවීම.
      • සෑම ප්‍රධාන ආකර්ශනීය ස්ථානයක්ම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම, නිසි කාර් සහ බස් නැවැත්වීම සඳහා පහසුකම්වලින් සහ වයි-ෆයි කලාප වලින් සමන්විත වේ.
      • සෑම ප‍්‍රධාන ආකර්ෂණීය ස්ථානයකම නිසි වැසිකිළි පහසුකම්, නිසි ලෙස කසළ බැහැර කිරීම්, නිසි ලෙස කාර් සහ බස් නැවැත්වීමේ පහසුකම් සහ වයි-ෆයි කලාප තිබීම.
      • වැලිගම සහ මිරිස්ස ධීවර වරායන්හි බෝට්ටු අයිතිකරුවන් හට විශේෂයෙන් ම තල්මසුන් නැරඹීමේ චාරිකා සඳහා අඩු ශබ්දයක් නිපදවන වේගවත් බෝට්ටු යොදා ගැනීමට ධෛර්යවත් කෙරෙනු ඇත. මෙය ඔවුන් දැනට නිරත වන ධීවර කටයුතු වලට අමතරව ලබා දෙන ව්‍යාපාරික අවස්ථාවක් වෙයි.
      • දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන් දැනුවත් කිරීම සඳහා වීදී ආහාර වෙළෙන්දන්ගේ තොරතුරු ඇතුළත් වන සහ ගූගල් සිතියම් ම`ගින් එම ස්ථාන සහ ගමන් මාර්ග උපදෙස් ලබා දෙන ජංගම යෙදවුමක් හඳුන්වා දෙනු ඇත.
      • කුලිය ලබා දෙන නවාතැන් අවකාශ සහ මහල් නිවාස නඩත්තුව සඳහා සම්මත මාර්ගෝපදේශයන් නිර්මාණය කිරීම සහ Airbnb වැනි අන්තර්ජාල (online) වේදිකාවල තමන් සතු නවාතැන් ස`දහා ලබා දෙන ස්ථාන ලැයිස්තුගත කිරීමට ජනතාව දිරිමත් කිරීම.
      • සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව, ශ‍්‍රී පාදස්ථානය සහ මහනුවර වැනි පෞරාණික ස්ථාන සංරක්ෂණය කිරීම සහ පහත දක්වා ඇති පරිදි ඒවයෙහි සංචාරක අත්දැකීම් වැඩි දියුණු කිරීම:
        • a. භූමි දර්ශනය ප‍්‍රතිසංස්කරණ කිරීම සහ නඩත්තු කිරීම, පොදු වැසිකිළි වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සහ පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම.
        • b. ඒකාබද්ධ කළ විවෘත අවන්හල් සහ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ම වෙන් වුණු වෙළ`ද පොළවල් සහිතව සංචාරක මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.
      • පෞරාණික සහ ආගමික ස්ථාන ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය
        • මහනුවර පූජා නගරය
        • සීගිරිය පූජා නගරය
        • අනුරාධපුර පූජා නගරය
        • පැරණි ගාලු නගරය සහ ගාලු කොටුව
        • යාපනය නල්ලූර් කෝවිල
        • ඇම්බැක්කේ දේවාලය
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    • මීට අමතර වෙනත් ස්ථාන අවශ්‍ය පරිදි දියුණු කළ හැක.
    • සංචාරක කර්මාන්තයේ අඛණ්ඩ මනා පැවැත්ම සහතික කිරීම ස`දහා ගංවතුර ඇති වීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන කි‍්‍රයාමාර්ග ආරම්භ කළ යුතු වෙයි. ගං මෝය/මෝදර ආශ‍්‍රිත හා ගංගා කළමනාකරණය ඇතුළු සෘතුමය කැණීම් සහ පිරවීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවන් වගකීම ගත යුතු වෙයි.
    • පුරාවිද්‍යා උරුම ආශ‍්‍රිතව පාපැදි මාර්ග ලෙස ගත හැකි මාර්ග සිතියම් ගත කිරීම සහ පාපැදි මාර්ග හඳුන්වා දීම.
    • කොළඹ ආශ‍්‍රිතව නව මින් මැදුරු සහ පක්ෂි උද්‍යාන ඉදි කිරීම.
    • පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් දෙහිවල සත්වෝද්‍යානය සංවර්ධනය කිරීම.
      • නව සත්ව කූඩු සැපයීම පුද්ගලික අංශය විසින් සිදු කෙරෙනු ඇත. අනුග‍්‍රහය දක්වන පුද්ගලික සමාගම් හට වසර 15 ක් දක්වා එම කූඩු වල තම ආයතන සන්නාමකරණ පවත්වා ගෙන යා හැක
      • සම්පූර්ණ සැලසුම් ප‍්‍රතිසංස්කරණයක් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමක් සිදුකිරීම
      • ”ශ‍්‍රී ලංකා සත්ව උද්‍යානය” ලෙස දෙහිවල සත්වෝද්‍යානය නැවත සන්නාමකරණය කිරීම.
      • ජනප‍්‍රිය නාගරික හෝටල් වලින් ආරම්භ වන සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නන් සඳහාම වෙන් කළ සංචාරක බස් සේවාවක් ක‍්‍රියාත්මක කිරීම.
      • පාසල් ළමුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ ජාත්‍යන්තර සිසුන් සඳහා අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීම.
      • නොයෙක් ආකාරයේ භෝජනාගාර සහ සිහිවටන අලෙවි සැල් හඳුන්වා දීම.
    • ආදායම් ආදායම වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 573,376.078 දක්වා විහිදෙන වනජීවී උද්‍යාන 26 සංවර්ධනය කිරීම.
    • බදුල්ලේ දික්කඳපිටිය, වව්නියාව සහ පිළියන්දළ නව සත්වෝද්‍යාන 3ක් ඉදිකිරීම.
    • අම්පාර දිස්ත‍්‍රික්කයේ ලාහුගල නව අලි අනාථාගාර 2 ක් සහ මින්නේරියේ එක් අලි අනාථාගාරයක් ඉදිකිරීම.
    • රට පුරා උද්භිද උද්‍යාන, ඔසු උද්‍යාන සහ කුළුබඩු උද්‍යාන සංවර්ධනය කිරීම.
    • සංචාරකයින්ට වන රක්ෂිත විවෘත කිරීමෙන් නිවර්තන වැසි වනාන්තර අත්දැකීම් ලබාදීම.
    • මිරිස්ස, කල්පිටිය, ත‍්‍රීකුණාමලය සහ ගාල්ල යන ස්ථානවල, පහත පියවර ම`ගින් තල්මසුන් නැරඹීම වැඩි දියුණු කිරීමඃ
      • පදික වේදිකා, වීදි ලාම්පු, පානීය ජලය, පොදු වැසිකිළි, රැදී සිටින ස්ථාන (waiting area) සහ කාර් හෝ බස් රථ නැවැත්වීම ආදිය නිසි ලෙස නඩත්තු කිරීම ඇතුළුව ධීවර වරාය වැඩිදියුණු කිරීම.
      • සම්පූර්ණ කුඩා ආපනශාලාවක් ( full snack bar)සහ විවේකාගාර හතරක් සහිත මගීන් 200 දෙනෙකුට අසුන්ගත හැකි නිර්මාණශීලී බෝට්ටු භාවිතා කිරීම.
      • නැරඹුම් ස්ථාන කරා යාමට ගත වන ගමන් කාලය අඩු කර ගැනීම සඳහා නාවික සැතපුම් 20 ක වේගයක් සහිත වේග බෝට්ටු ක‍්‍රියාත්මක කිරීම. දැනට ඇති බෝට්ටුවකින් පැය 5-7 ක් අතර කාලයකින් ළ`ගා වන නැරඹුම් ස්ථානයකට, යෝජිත වේග බෝට්ටු භාවිතයෙන් පැය 1-2 කින් ළ`ගා විය හැකි වනු ඇත.
    • කොරල් පර ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය හරහා රට පුරා ඇති කොරල් පර වලට යළි ප‍්‍රාණය ලබා දීම.
    • පැරා මෝටරින් (para motoring), ස්කයි ඩයිවිං (sky diving), කයිට් සර්ෆිං (kite surfing) සහ දිය යට ස්කූටර් (underwater scooters) වැනි වෙරළ ක‍්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම.
    • රට පුරා මුහුදු කැස්බෑ අභිජනනාගාර වැඩි දියුණු කිරීම.
    • සර්ෆිං උපදේශකයින් ස`දහා පුහුණු ලබා දීම සහ සහතික ලත් සර්ෆිං උපදේශකයින්ගේ සංඛ්‍යාව වැඩි කිරීම.
    • ජීවිතාරක්ෂකයන් ස`දහා පුහුණු ලබා දීම සහ බලපත‍්‍රලාභී ජීවිතාරක්ෂකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම.
    • සුදුසු මෘදු කුසලතා (soft skills) සහ භාෂා පුහුණු ලබා දීමෙන් ඉැ්ජය ඉදහි සඳහා ඔවුන්ගේ ජීවනෝපායන්හි ප‍්‍රමිතීන් වැඩි දියුණු කිරීම.
    • . ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන රෝහල්වලට වෛද්‍ය සංචාරක සහතිකය ලබා ගැනීමට දිරිමත් කිරීම සහ සහාය වීම.
    • කොළඹ නගරය තුළ ළමුන් සහ පවුල් සඳහා ආකර්ෂණීය ස්ථාන සහිත නව නගර උද්‍යාන ඉදි කිරීම
    • "ඩිස්නිලන්තය" ට සමාන විනෝදාස්වාද උද්‍යාන සඳහා ආයෝජනය කිරීම.
    • වෙරළබඩ ප්‍රදේශවල වෙරළ සමාජශාලා (beach clubs) 100 ක් හඳුන්වා දීම මඟින් "හෝම් ස්ටේ” සංචාරක ව්‍යාපාරය (“Home Stay” tourism) ප්‍රවර්ධනය කිරීම.
    • . උඩරට සහ දකුණු දිග දුම්රිය මාර්ග වල දුම්රිය සේවා, සුඛෝපභෝගී දුම්රිය සේවා ලෙස වැඩි දියුණු කිරීම.
    • කින්නියාව, මදුනාගල සහ මහ ඔය උණු වතුර උල්පත් සංවර්ධනය කිරීම.
    • හෝටල් කාමර සහ ආපනශාලාවල තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජයේ සහයෝගය ලබාදීම හා වැඩමුළු පැවැත්වීම.
    • සාම්ප‍්‍රදායික අත්කම් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහ එම නිර්මාණ ශිල්පීන් හට ආදායම් උත්පාදන මාර්ග සලසා දීමට එවන් නිෂ්පාදනයන් කරන ගම්මාන හඳුනා ගැනීම හා සංවර්ධනය කිරීම.
    • . සංචාරක පොලිස් නිලධාරීන්ට සංචාරකයින් ගෙන් ලැබෙන පැමිණිලි සහ ගැටළු කළමනාකරණය කර ගැනීම පිළිබඳව අන්තර්ජාල පුහුණු වීඩියෝ සම්පාදනය.
    • භාෂාව, සන්නිවේදන කුසලතා සහ විධිමත් ලෙස හදිසි තත්ව කළමනාකරණය පිළිබඳ පුහුණු වීඩියෝ සකස් කිරීම.
    • අත්දැකීම්
      • සිදුවීම් දින දසුනක් (calendar of events) හඳුන්වා දීම.
      • කලාව, කැටයම්, ඉතිහාසය සහ උරුමය, ගෘහ නිර්මාණ ශිල්පය, සංස්කෘතිය, විනෝදාස්වාදය සහ විවේකය, සොබාදහම සහ වනජීවීන්, ත්‍රාසජනක ක්‍රියා, ඉවුම් පිහුම් හා සුවතාවය මත පදනම්ව දිස්ත්‍රික්ක 10 ක් ප්‍රධාන සංචාරක ආකර්ෂණ ලෙස සංවර්ධනය කිරීම.
      • සම්ප්‍රදායික උත්සව සඳහා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම.
        • සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද, වෙසක්, ඇසළ සහ දීපවාලි වැනි සාම්ප‍්‍රදායික උත්සව පදනම් කරගෙන සංචාරක සැලසුම් සැපයීම.
        • යාපනයේ සිට කතරගම දක්වා (ජූනි 8 සිට ජූලි 24 දක්වා දින 52) පාද යාත්‍රා වන්දනා චාරිකාව සන්නාමකරණය.
        • කතරගම වන්දනා ගමන සන්නාමකරණය කිරීම.
        • අනුරාධපුර පූජා නගර වන්දනාව සන්නාමකරණය කිරීම.
      • MICE සංචාරක කර්මාන්තය (රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත‍්‍රණ සහ ප‍්‍රදර්ශන)
        • සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන පැවැත්වීම සඳහා සියලු නවීන පහසුකම් සහිතව ජා-ඇළ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර තුළ වර්ග මීටර් 30,000 ක භූමි ප්‍රමාණයකින් යුත් ප්‍රදර්ශන මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීම.
        • නෙළුම් කුළුණේ වර්ග අඩි 85,000 ක් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම.
        • කොළඹ වරාය නගරය තුළ වර්ග මීටර 10,000 ක විශාලත්වයකින් යුතුව සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම.
        • “ශ්‍රී ලංකාවේදී හමුවීමට හේතු 10 ක්” (“10 reasons to meet in Sri Lanka”) ඇතුළුව සියලු පහසුකම් ප්‍රදර්ශනය කරමින් ව්‍යාපාරික සංචාරකයින් රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහා අන්තර්ක්‍රියාකාරී ප්‍රවර්ධන වීඩියෝ නිෂ්පාදනය කිරීම.
        • සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා හම්බන්තොට සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අලෙවිකරණයට ලක් කිරීම.
        • MICE සංචාරකයින් සඳහා ව්‍යාපාරික වීසා ලබාගැනීමේ ක්‍රමවේදය සරල කිරීම.
          • විශේෂිත මංතීරු වෙන් කිරීම ම`ගින් ගුවන්තොටුපළ වල ආගමන කවුන්ටර වල MICE සංචාරකයන් සඳහා වේගවත් වීසා සේවාවක් ලබා දීම.
          • පිළිගත් ගමනාන්තයකින් වලංගු වීසා බලපත්‍රයක් ඇති සියලුම MICE සංචාරකයන් සඳහා වීසා බලපත්‍ර අවශ්‍යතාවය අත්හැරීම. මෙම`ගින් MICE සංචාරකයින් හට තමන්ගේ උත්සවය පැවැත්වීම ස`දහා ගැළපෙන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට දිරිමත් කෙරෙනු ඇත.
          • MICE සංචාරකයන්ට වේගවත් බලපත‍්‍ර නිකුත් කරන ක‍්‍රමයක් හඳුන්වා දීම ම`ගින් MICE උත්සව හෝ අවස්ථා ස`දහා ලබා දෙන ව්‍යාපාර අවස්ථා බලපත‍්‍රය සරල කළ හැක.
        • උත්සව සැලසුම්කරුවන් වැනි පළපුරුදු වෘත්තිකයන්, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ සැපයුම්කරුවන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, තෑගි සහ සිහිවටන, මුද්‍රණ යන්ත්‍ර, පරිවර්තකයන් සහ පරිවර්තකයන් සැපයීම මගින් MICE සඳහා සංවිධාන සහාය ලබා දීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    19
    තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය
    ජවයෙන් පොහොසත් රටක්

    ‘‘අවශ්‍ය කුසලතාවලින්, නූතන තාක්ෂණයෙන්, මූල්‍ය ස්ථාවරත්වයෙන් සහ කායික යහපැවැත්මෙන් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය සවිබල ගැන්වීම මගින් ඔවුන්ගේ වර්ධනයට පහසුකම් සැපයීම.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • සෑම ඔලිම්පික් වර්ෂයකදීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් සහභාගි කිරීම
    • කලාපීය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් තරුණ හා ක්‍රීඩා කටයුතු ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් සහ පහසුකම් සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීම සහ ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම
    • තාරුණ්‍යය වඩා යහපත් අනාගතයක් සඳහා සවිබල ගැන්වීම හා පුරවැසියන් අතර ක්‍රීඩාකාමී සංස්කෘතියක් නිර්මාණය කිරීම මගින් තාරුණ්‍යයේ අපේක්ෂා සහ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම.
    ක්‍රියාකාරී සැලැස්ම - තාරුණ්‍යය
    1. තරුණ මධ්‍යස්ථානවල පුහුණු වැඩසටහන් තුළින් තරුණ රැකියා ප්‍රවර්ධනය කිරීම.
      1. වැඩසටහන්ගත කළ හැකි තාර්කික පාලනය (Programmable logic control)
      2. පරිගණකය ආධාරයෙන් නිර්මාණකරණය (CAD)
      3. පරිගණක ආධාරයෙන් නිෂ්පාදනකරණය (CAM)
      4. පරිගණක ආධාරක ඉංජිනේරුකරණය (CAE)
    2. පුද්ගලික මූල්‍ය කළමනාකරණය පිළිබඳව තරුණයින් දැනුවත් කිරීම සඳහා අන්තර්ජාල බිහිදොරක් හඳුන්වා දීම.
    3. කලාව, සංගීතය, මාධ්‍යය, නැටුම්, ව්‍යවසායකත්වය සහ ක්‍රීඩාව යන ක්‍ෂේත්‍ර වෙනුවෙන් සම්පත් ලබාදීම, උපදේශනය ලබාදීම සහ කර්මාන්ත සම්බන්ධතා සැපයීම ප්‍රවේශය ලබා ගැනීම කුසලතා හඳුනා ගැනීමේ හා සංවර්ධනය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දීම.
    4. ආරම්භක ව්‍යාපෘතියන්හි අවදානම අඩුකරගැනීමට අදහස් සහ නියමු ව්‍යාපාර සඳහා සම-වැඩ අවකාශයක් හඳුන්වා දීම.
    5. ආරම්භක අදහස් ඊළඟ මට්ටමට ගෙන යාම සඳහා තෝරාගත් කණ්ඩායම් 21 ක් වෙත විකල්ප වැඩමුළු 22 ක් සහ උපදේශකත්වය සපයමින් මාස 6 ක සාමාජිකත්ව වැඩසටහනක් හඳුන්වා දීම.
    6. ක්‍ෂේත්‍ර ප්‍රවීණයන් චින්තනයින් සහ ව්‍යවසායකයින් (අනාගත නැගී එන තරුණ ව්‍යවසායකයින් සමග සිය අත්දැකීම් බෙදා ගන්නා සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ආරාධනය කෙරෙනු ඇත.
    7. රැකියා වෙළඳපොළ ඉල්ලූමට සරිලන නව පාඨමාලා ජාතික තරුණ සභාව හරහා හඳුන්වා දීම.
      1. නිර්දේශිත පාඨමාලා
        • යෝග්‍යතා උපදේශකයන්
        • සිල්ලර විකුණුම්
        • ගෙවතු වගාව
        • පිළිගැනීමේ නිලධාරී
        • ආපනශාලා සේවකයින්
        • වේටර්වරු
        • දරුවන් රැකබලා ගන්නන්
        • රෝහල් සාත්තු සේවකයින්
        • පිරිසිදු කිරීමේ වෘත්තිකයන්
    8. ජාතික තරුණ සේවා සභාව මගින් රැකියා සොයාගැනීම සඳහා සහාය වන සේවා හඳුන්වා දීම.
    9. අන්තර්ජාල වීඩියෝ පාඩම් මගින් පුද්ගලික සහ මෘදු කුසලතා (soft-skills) සංවර්ධනය සඳහා පහසුකම් සැපයීම.
    ග්‍රාමීය තරුණ රැකියා නියුක්තිය සඳහා මුලපිරීම්
    1. සෑම දිස්ත්‍රික්කයකම රැකියා විරහිත තරුණ තරුණියන් Geo-tag කිරීම සහ ඔවුන්ගේ සුදුසුකම් මත සුදුසු රැකියා ලබා දීම.
    2. ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටි සහ රැකියා සොයාගැනීම පිළිබඳ උපදේශන හඳුන්වා දීම.
    3. 12 ශ්‍රේණිය සම්පූර්ණ නොකර පාසැල් හැරගිය හෝ දැනට රැකියා විරහිතව සිටින වයස අවුරුදු 13 ත් 19 ත් අතර තරුණ තරුණියන්ට උපකාර කිරීම සඳහා තරුණ සම්බන්ධතා වැඩසටහනක් සංවිධානය කිරීම.
      1. මෙම වැඩසටහන හරහා, තනි පුද්ගල අධ්‍යාපන හා පුහුණු අවශ්‍යතා අනුව මග පෙන්වීම් ලබා දීම.
      2. දුර්වල අධ්‍යාපන කුසලතා සහිත රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා පූර්ව වෘත්තීය පුහුණු වේදිකාවක් ලබා දීම.
        • මීට අමතරව, වෙනස් හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයන්ගේ අද්විතීය කුසලතාවන් සහ හැකියාවන් හඳුනා ගැනීම සඳහා තරුණ සම්බන්ධතා වැඩසටහන මගින් සේවාවන් සපයනු ඇත.
        • මෙම වැඩසටහන සැලසුම් කරනු ඇත්තේ ස්වාධීනත්වය, ජීවන කුසලතා සහ වැඩ-සූදානම සංවර්ධනය කිරීම සඳහා ය.
    ආරම්භක ව්‍යාපාරිකයන්හට සහය -Assistance to startups
    1. ලොව පුරා හොඳම startup magazines අඩංගු අන්තර්ජාල වේදිකාවක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම හඳුන්වා දීම. එම සඟරා සතිපතා අන්තර්ජාලයට එක් කරනු ඇත.
    2. දින 5 කදී කර්මාන්ත 5 ක් ආවරණය වන පරිදි ආරම්භක ව්‍යාපාරකයින්හට රියැලිටි වැඩසටහන් කිරීමට සඳහා හොඳම යෝජනා ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකා සඳහා රුපියල් බිලියන 5 ක් (රුපියල් බිලියන 1x5 රූපවාහිනී නාලිකා) (සිංහල රූපවාහිනී නාලිකා 3 ක්, දෙමළ නාලිකාවක් සහ ඉංග්‍රීසි නාලිකාවක්) වෙන් කිරීම.
    3. ව්‍යාපාරික මාර්ගෝපදේශන, අන්තර්ජාලීය පාඨමාලා, වෙළඳපොළ පර්යේෂණ සහ හවුල්කාර සේවා වැනි නොමිලයේ ලබාගත හැකි සම්පත් පිළිබඳ විස්තර ඇතුළත් ආරම්භක ව්‍යාපාරිකයින් සඳහා වන බිහිදොරක් (startup portal) සංවර්ධනය කිරීම.
    4. රට තුළ ආයෝජන ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට සහ සුදුසුකම් ලත්, "Angel-investor", ආයෝජකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා (angel-investors tax deduction scheme-AITD) ස්ථාපිත කිරීම. සුදුසුකම් ලත් ආරම්භක ව්‍යාපාරිකයකු සඳහා අවම වශයෙන් රු. මිලියන 1 ක සුදුසුකම් ලත් ආයෝජනයක් වසර දෙකක රඳවා ගැනීමේ කාල පරිච්ඡේදය අවසානයේ කරන ඒන්ජල් ආයෝජකයෙකු ඔහුගේ ආයෝජන මුදල සඳහා 50% ක බදු අඩු කිරීමක් ලබා ගැනීමට සුදුසුකම් ලබයි.
    5. උපදේශනය, ව්‍යාපාරික විද්‍යාගාර පහසුකම්, මූල්‍ය උපදෙස්, ශිෂ්‍ය පේටන්ට් වැඩසටහන්, බුද්ධිමය දේපල වාණිජකරණය කිරීම(IP commercialisation) වැනි සේවාවන් සපයන සිසුන් වෙත ස්ටාටප් ඉන්කියුබේටර් (startup incubators) විශ්ව විද්‍යාල තුල ආරම්භ කිරීම.
    6. රැකියා විරහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 18-37 සිට) හට ව්‍යවසායකයින් වශයෙන් බැංකුගත කළ හැකි ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට එක් වරක් පමණක් සපයන පොලී රහිත ණයක් ලෙස රු. 750,000 ක් දක්වා ප්‍රාග්ධනයක් ලබාදීම.
    ක්‍රීඩාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම
    ස්මාට් ක්‍රීඩා -Smart Sports

    1. සියලූම ක්‍රීඩා වාර්තා ඩිජිටල්කරණය කිරීම සහ සෑම ක්‍රීඩකයකුම පාසල් මට්ටමේ සිටම කළමනාකරණය කිරීම සඳහා වේදිකාවක් සංවර්ධනය කිරීම.
    2. ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සංකලන තෝරා ගැනීමට AI(කෘත්‍රිම බුද්ධිය) භාවිතා කිරීම.
    3. අනාගත කාර්ය සාධනය පුරෝකථනය කිරීම සඳහා පුහුණු සැසි සහ තරඟ වලදී ඉතා වැදගත් දත්ත සංඛ්‍යාලේඛන සොයා ගැනීමට ඉහළ කාර්යශූරත්වයක් ඇති ක්‍රීඩකයන් (high calibre players) ස්මාර්ට් ඇඟලූම් සහ පළඳනා වල සහය ලබා ගැනීම.
    4. පුහුණුකරුවන් සඳහා අන්තර්ජාලය මගින් පුහුණු සහ පාඨමාලා සඳහා වීඩියෝපට ලබා දීම.
    මලල ක්‍රීඩා
    1. පාසල් මලල ක්‍රීඩා සඳහා ‘‘ජාතික ක්‍රීඩා කුසලතා බිහිදොරක්’’ ("National Sports Talent Portal")හඳුන්වා දීම
      • දිවීමේ ඉසව් - මීටර් 100 සිට මැරතන් දක්වා
      • පිටියේ ඉසව් - උස පැනීම, හෙල්ල විසි කිරීම ඇතුළු සියලූම පිටියේ ඉසව්
    2. සියලූම පාසල් සඳහා පාසැල්, කොට්ඨාශ, කලාප, පළාත් සහ සමස්ත ලංකා මට්ටම් වල මලල ක්‍රීඩා වාර්තා මෙම බිහිදොරෙහි ඇති බව සහතික කෙරෙනු ඇත.
      ඔලිම්පික් මට්ටමට ළඟා වීමේ හැකියාව ඇති ඉහළම දක්ෂතා දක්වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ක් තෝරාගෙන සංචිතයක් නිර්මාණය කර ඔවුනට කොළඹදී අධ්‍යාපනය, නවාතැන් හා වියදම් සමගින් පුහුණුව ලබාදීම.
    3. සියලූම ප්‍රධාන ක්‍රීඩා සඳහා ක්‍රීඩා ශිල්පීය ක්‍රම ඉගැන්වීම සඳහා වීඩියෝ භාවිතා කරන අන්තර්ජාල බිහිදොරක් හඳුන්වා දීම.
    4. පුහුණුකරුවන්ගේ පුහුණුව සඳහා ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය වැඩි දියුණු කිරීම හා පුළුල් කිරීම,
      1. පුහුණු අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීම සහ, ඒවා පුහුණුකරුවන් සහ ක්‍රීඩා කණ්ඩායම් කළමනාකරුවන් හට ලබා ගත හැකි ලෙස සකස් කිරීම. මේ හරහා පුහුණු කිරීමේ කුසලතා, ක්‍රීඩා ඖෂධ මෙන්ම, භෞත-චිකිත්සාව යථා සුවය කළමනාකරණය යනාදි හා සබැඳි කුසලතා කට්ටල ද සංවර්ධනය කෙරේ.
      2. ‍ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා අන්තර්ජාල පාඨමාලා සහ පුහුණු වීඩියෝ නිර්මාණය කිරීම.
    5. ජාත්‍යන්තර පළපුරුද්ද ඇති ක්‍රීඩකයන් සහාය පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීම.
      විවිධ අංශවල පුහුණු ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඉහළම දක්ෂතා දක්වන අය කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත කර ගනු ඇත.
    6. ක්‍රීඩා කණ්ඩායම් සඳහා අනුග්‍රහය දක්වන සමාගම් වලට බදු දිරි දීමනා (tax incentives) ලබා දීම.
    7. සෑම පළාතකම කෘත්‍රිම රබර් මලල ක්‍රීඩා ධාවන පථයක් සහිත ක්‍රීඩාංගනයක් සංවර්ධනය කිරීම.
    8. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පහසුකම් ශාරීරික සුවතා මධ්‍යස්ථාන සහ පිහිනුම් තටාක සඳහා මහජන ප්‍රවේශය ලබාදීම.
      මේ සඳහා නාමික ගාස්තුවක් අය කළ හැකිය. සියලූම පහසුකම් පුහුණුවලත් පුහුණුකරුවකුගේ අධීක්ෂණය යටතේ භාවිත කළ යුතුවෙයි.
    9. ක්‍රීඩා කටයුතු වල නිරතවීම සහ පුහුණු වීම මගින් විවිධ හැකියා ඇති පුද්ගලයින්ට සහාය වීමට විශේෂ පහසුකම් ඇති ක්‍රීඩා මධ්‍යාස්ථානයක් පිහිටුවීම.
    10. වත්මන් ක්‍රීඩා සංකීර්ණ (sports complexes)සංවර්ධනය කිරීම.
      1. ක්‍රීඩා සංකීර්ණ ‘‘ක්‍රීඩා සමාජ’’ - "sports clubs" ලෙස යලි සන්නාමකරණය කිරීම සෑම දිස්ත්‍රික්කයකටම පිහිනුම් තටාකයක්, කායවර්ධන මධ්‍යස්ථාන (gym), ක්‍රීඩා පිටියක් ඇතුළු සියලූම ප්‍රධාන පහසුකම් සහිත අංගසම්පූර්ණ එක් ක්‍රීඩා සමාජයක් ලබා දීම.
      2. භෝජන අවකාශ සහ ක්‍රීඩා කඳවුරු යනාදී විනෝදාස්වාදය සපයන ක්‍රියාකාරකම් වලින් මෙම ක්‍රීඩා සමාජ සමන්විත වෙයි.
      3. කොළඹ සිට කිලෝමීටර 15 ක් ඇතුළත ක්‍රීඩා නගරයක් (sports city) ගොඩනැගීම. මෙයට ක්‍රීඩා ඇකඩමියක්, විනෝදාස්වාදය සපයන කලාපයක් සහ විවිධ ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළත් වේ.
    11. පෞද්ගලික අංශය සමග ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන ක්‍රමෝපායක් ස්ථාපති කිරීම.
      දැනට තිබෙන අඩුවෙන් ප්‍රයෝජනයට ගන්නා යටිතල පහසුකම් අවකාශයක් වසර 50ක නිශ්චාත කාලයක් සඳහා රජය විසින් බදු දෙනු ලැබේ. පුද්ගලික ආයතන විසින් එම පහසුකම ප්‍රතිසංස්කරණය කර පරිශ්‍රය නඩත්තු කෙරෙනු ඇත.
    12. පිහිනුම් තටාක, පාපැදි, ක්‍රිකට් හෝ පාපන්දු ක්‍රීඩාංගන වැනි ආසන්නයෙම තිබෙන ක්‍රීඩා පහසුකම් සොයාගැනීම සඳහා යෙදවුමක් (ඇප් එකක්) ක්‍රියාවට යෙදවීම.
    13. විදේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය සමඟින් ක්‍රිකට්, හොකී, පැසිපන්දු, වොලිබෝල්, නෙට්බෝල් සහ පාපන්දු සඳහා ක්‍රීඩා ලීග තරඟ පැවැත්වෙනු ඇත.
    14. සංවිධායකවරුන්ව සහ සහභාගීවන්නන්ට පහසු ලෙස නවතැන් ආදී පහසුකම් සපයා දිය හැකි එ් සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සහ සෙසු පහසුකම් වැඩි දියුණු කරමින් ජාත්‍යන්තර තුන් ඉසව් මලල ක්‍රීඩා තරඟ (triathlon) පැවැත්වීම ශ්‍රීලංකාව වෙත ආකර්ෂණය ලබාගැනීම.
      තුන් ඉසව් මලල ක්‍රීඩා තරග (triathlon) සඳහා යෝජිත ප්‍රදේශ වන්නේ හම්බන්තොට, කොළඹ, නුවරඑළිය සහ ත්‍රිකුණාමලයයි.
    15. ජාත්‍යන්තර ගොල්ෆ් තරඟාවලි ශ්‍රීලංකාවට ලබාගැනීම සඳහා දැනට තිබෙන ගොල්ෆ් පිටි සහ පහසුකම් සංවර්ධනය කිරීම.
    16. ක්‍රීඩා සඳහා කී‍්‍රඩා කාර්ය දින දර්ශනයක්‘ (event calendar) පවත්වාගෙන යාම.
    17. අංගම්පොර, කබඩි සහ එල්ලේ වැනි සාම්ප්‍රදායික ක්‍රීඩා හා විනෝදාත්මක ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම.
    ක්‍රිකට්
    1. “ජාතික කුසලතා බිහිදොර” ("National Talent Portal") තුළට ක්‍රිකට් ඇතුළත් කිරීම සහ රට පුරා සිටින සෑම ක්‍රීඩකයෙකුගේම පුද්ගල කාර්ය සාධන මට්ටම් හඳුනා ගැනීම.
    2. විශේෂයෙන්ම ක්‍රිකට් වැනි ක්‍රීඩාවලදී තනි තනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා කට්ටල කල්තබා හඳුනා ගැනීම සඳහා AI තාක්ෂණය භාවිත කිරීම.
    3. ක්‍රීඩකයන්ගේ සහ පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දත්ත එක්රැස් කරගැනීමට ස්මාර්ට් පිති සහ ස්මාර්ට් බෝල භාවිතා කෙරේ. මෙම`ගින් ක්‍රීඩකයින් පිළිබඳ තීරණ ගන්නන් හට දක්ෂතම ක්‍රීඩකයන් විශ්ලේෂණය කිරීමට සහ තෝරාගැනීමට හැකියාව ලැබේ.
    4. දේශීය මට්ටමේ ප්‍රමිතීන් සහිතව සෑම දිස්ත්‍රික්කයකම ක්‍රිකට් පිටිය බැගින් සංවර්ධනය කිරීම.
    5. රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ජාත්‍යන්තර පිටියක් ලෙස සංවර්ධනය කිරීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    20
    ආගමික කටයුතු සහ අන්තර් සාමයික සමගිය පිළිබඳ අමාත්‍යාංශය
    සමගියෙන් පොහොසත් රටක්

    “බහු-වාර්ගික ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය සහතික කිරීමට සියලූ ප්‍රජාවන් අතර සහයෝගීතාවය පිළිබිඹු කිරීම අතිශයින්ම වැදගත් වේ.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • ආගමික ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ අපේ රටේ බහු වාර්ගික - බහු භාෂාමය සහ බහු-ආගමික අනන්‍යතාවය ශක්තිමත් කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම.
    ක්‍රියාකාරී සැලැස්ම
    1. බුද්ධාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස අවිවාදයෙන් යුතුව පිළිගන්නා අතර තුර විවිධ සුළුතර සංස්කෘතින්ද පිළිගන්නා බහු සංස්කෘතික රටක් ලෙස සවිඥාතකව අර්ථ දක්වන අතර මෙයට ව්‍යවස්ථාමය බැඳීමක්ද ලබා දීම.
    2. බහු සංස්කෘතික භාවය අපගේ ජාතික අනන්‍යතාවයේ නිර්වචනාංගයක් ලෙස හඳුනාගැනීම සහ එකිනෙකාගේ ආගමික පදනම, ඔවුන්ගේ ජාතියේ ඉතිහාසය, සංස්කෘතික සිදුවීම්, සමාජ අවශ්‍යතා, භාෂාවන් සහ සම්ප්‍රදායන් පිළිබඳ සත්‍ය අවබෝධයක් වර්ධනය කිරීම. ශ්‍රී ලාංකේය සමාජයේ විවිධත්වය සනාථ කළ යුතු අතර, රටේ බහු සංස්කෘතිකවාදී ස්වභාවයට බාධා කිරීමට ආගමික අන්තවාදයට ඉඩ නොදීමට කැප විය යුතුය.
    3. ආරක්ෂක ගැටළු සම්බන්ධව ප්‍රජාවන් සමග සාකච්ඡුා කිරීමට ප්‍රථමව, අධ්‍යාපනය, පුණ්‍ය කටයුතු, පුද්ගලික නීති සහ භෝජන නීති වැනි කාරණා සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනගා ගැනීම.
    4. පහත කරුණු ආවරණය වන පරිදි ආගමික හා බහු සංස්කෘතිකවාදී පනතක් පැනවීම
      • ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම හෝ වෛරය ප්‍රවර්ධනය කර හැකි, සිදු වූ හා සිදුවිය හැකි සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
      • ආගමික සහ ජනවාර්ගික විවිධත්වය යන දෙකටම ගෞරවය සහ පිළිගැනීම ලබා දීම.
      • වෛරී අපරාධ සහ අන්තවාදී ක්‍රියාවන් "කිසිසේත්ම නොඉවසීම" (“Zero-tolerance”).
      • 4.1 පහත සඳහන් කරුණු ආවරණය වන පරිදි ආගමික සමගිය පිළිබඳ පනතක් සම්මත කිරීම.
      • ආගමික කණ්ඩායම් අතර වැරදි හැඟීම් හෝ වෛරය ප්‍රවර්ධනය කිරීම හා සම්බන්ධ විභවයන් සහ සත්‍ය සිදුවීම් අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක්.
      • මෙම හඳුනාගත් ගැටළු ආගමික හා ජනවාර්ගික සුළුතරයන් අතර දිගුකාලීන මතභේදයන්ට තුඩු දීමට පෙර වහාම විසඳිය යුතුය.
      • මහජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවන සහ වෛරී කතාවන් මගින් සාමයට බාධා පමුණුවන ඕනෑම ආගමකට හෝ දෘෂ්ටිවාදයකට අයත් ආගමික කණ්ඩායම් හෝ සංවිධාන තහනම් කිරීම.
      • ආගමික අන්තවාදී සිදුවීම් තවදුරටත් ආමන්ත්‍රණය කිරීම. කිසියම් ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුවුවහොත්, තීන්දු කරුවන් "ප්‍රත්‍යක වගකීම" සහ "සමස්ත ප්‍රජාවකට සාපරාධී කි‍්‍රයාවක් පිළිබඳ චෝදනා කිරීම" යන මාතෘකා දෙකේ වෙනස පිළිබඳව පැහැදිළි ලෙස මහජනයා දැනුවත් කිරීම.
      • ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල නියැළී සිටින, සහයෝගය දක්වන, සබඳතා පවත්වන ඕනෑම සංවිධානයක් හෝ විදේශීය ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වන ඕනෑම සංවිධානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීම.
      • රටේ සුළු ජාතීන්ට එරෙහිව අනවශ්‍ය අගතියක් ඇති කළ හැකි ප්‍රවෘත්ති, මාධ්‍ය විසින් සංවේදීකරණය (sensationalise) නොකරන බවට සහතික වීම. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ “වගකීම් සහගත ප්‍රකාශනය” (“responsible expression”) අතර සියුම් සමබරතාවයක් තිබිය යුතු අතර, එම සමබරතාවය ඔන්ලයින් සහ ඕෆ්ලයින් යන දෙඅංශයේම ප්‍රවෘත්ති ප්‍රකාශන සඳහා සියලුම මාධ්‍ය ආයතන විසින් ක්‍රියාවට නැංවිය යුතුය.
      • ආගමික හා බහු සංස්කෘතික ආරක්ෂාව පිළිබඳ හරස් සංස්කෘතික (cross-cultural) වට මේසයක් සකස් කිරීම. මෙමගින් සියලු ආගමික හා ජනවාර්ගික වශයෙන් සුළුතර කණ්ඩායම්වල නායකයින් නියෝජනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය අත්‍යවශ්‍යයෙන්ම එළිදරව් වන ඕනෑම ගැටළුවක් ඵලදායී ලෙස සාකච්ඡා කර ඒවා විසඳිය හැකි ක්‍රමවේදය තීරණය කරන සංසදයක් වනු ඇත.
      • 4.2 පුඕනෑම පුද්ගලයෙක් (පූජකවරයෙක්, භික්ෂුවක්, දේවගැතිවරයෙක්, ඉමාම්වරයෙක්, වැඩිමහල්ලෙක්, නිලයක් දරන්නෙක්) හෝ ඕනෑම ආගමික කණ්ඩායමක හෝ ආයතනයක බලධාරීවරයෙක්ව සිටින ඕනෑම පුද්ගලයෙකුට හෝ කිසියම් සාමාජිකයෙකු පහත සඳහන් කිසිඳු ක්‍රියාවක් සිදු කළ හෝ සිදුකිරීමට උත්සාහ කරන ඕනෑම සාමාජිකයෙකුට එරෙහිව ප්‍රතිබාධන නියෝග (restraining order) ක්‍රියාත්මක කිරීම.
      • විවිධ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදීකම, වෛරී බව හෝ අමනාපය වැනි හැගීම් ඇති කිරීම.
      • කිසිඳු දේශපාලන න්‍යාය පත්‍රයක් අනුබල දීමට හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරමින් හෝ කිරීමේ මුවාවෙන් කිසියම් ආගමික විශ්වාසයක් ප්‍රචාරණය කිරීම හෝ ඇදහීම.
      • කිසියම් ආගමික විශ්වාසයක් ඇදහීමේ හෝ ප්‍රචාරය කිරීමේ මුවාවෙන් විනාශකාරී ක්‍රියාවන් සිදුකිරීම හෝ
      • ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව පිළිබඳ කළකිරීම උද්දීපනය කිරීම හෝ ඒ මුවාවෙන් ඕනෑම ආගමක් ඇදහීම හෝ ප්‍රචාරය කිරීම. ඉහත සඳහන් ඕනෑම ත්‍රස්ත ක්‍රියාවක් කිසියම් ආගමික කණ්ඩායමක් හෝ ආගමික ආයතනයක් හෝ ඕනෑම පුද්ගලයෙකු සිදුකිරීම, උසිගැන්වීම හෝ දිරිමත් කිරීම.
    5. සියලූ ආගමික නායකයන්ගෙන් සමන්විතිසාම කමිටුවක් සංවිධානය කර මෙ මගින් අදාළ ප්‍රජාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා එම ප්‍රජාවන් අතර සමගිය පවත්වාගෙන යෑම සහතික කිරීමට සතිපතා රැස්වීමක් සංවිධානය කිරීම.
    6. සමාජයට හිරිහැරයක් නොවන පරිදී සාමකාමී වාතාවරනයක් තුල විවිධ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ආචාර්යධර්ම පද්ධතියක් විවිධ ප්‍රජා නායකයන්ගේ උපදෙස් සමග සකස් කිරීම හා ප්‍රචාරය කිරීම.
    7. ශ්‍රව්‍ය - දෘෂ්‍ය පටිගත කිරීම් සහ කැමරා යොදාගෙන ආගමික පෙරහැරවල් සහ රැස්වීම් පටිගත කළ හැකි අතර, වාර්ගික ආරවුල් වළදී වැරදිකරුවන් ඉක්මනින් හඳුනා ගැනීම සහ නඩු පැවරීමට සහ මෙවැනි වාර්ගික කැළඹීම් වළක්වා ගැනීම සඳහා මෙම ශ්‍රව්‍ය/දෘශ්‍ය පටි යොදා ගත හැකිය.
    8. කටකතා මැඩලීම සහ ඒවායේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා ඵලදායී සහ අර්ථවත් ක්‍රියාමර්ග ගැනීම. සියලූ ප්‍රජාවන්ගේ නායකයන් සමග සන්නිවේදන මාධ්‍ය ද ස්ථාපිත කළ යුතු අතර, වෛරීය හැගීම් සහ ජාතිවාදය පොළඹවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ වෛරී ප්‍රකාශ කරන ඕනෑම කෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම. එ් වාගේම, අසත්‍ය කටකතා පිළිබඳව මාධ්‍ය සහ වෙනත් සෙසු මාර්ගයන් ඔස්සේ ජනතාව දැනුවත් කිරීම.
    9. වාර්ගික සමගිය කුඵගැන්වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථ රජයේ සහ පුද්ගලික පාසැල්වල සිසුන් අතරේ බෙදා හැරීම සහ වාර්ගික සමගිය මාතෘකාව යටතේ තරග සහ සාකච්ඡා සංවිධානය කිරීම. ආගමික හා ජනවාර්ගික විවිධත්වය සහ බහු සංස්කෘති පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම.
    10. වෛරී හැගීම් උද්දීපනය කළ හැකි සිදුවීම් පිළිබඳ අතිශයෝක්තික මතයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා මාධ්‍ය නිරන්තරයෙන් අධීක්ෂණයට සහ උපදේශනයට ලක් කළ යුතුය.
      • බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම සඳහා ප්‍රධාන ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරුන් සිව් දෙනෙකු පත් කිරීම. එක් එක් ආගම් සඳහා දැනට වෙන් කර ඇති අයවැය දෙගුණ කර, එක් එක් ආගම් තුළ ජනගහනයට සාපේක්ෂව එම අයවැය බෙදාදීම.
    11. "පොලිසිය නිවසට"- “Home Police”වැඩසටහනක් ස්ථාපිත කිරීම.
      • මෙම යෝජිති "පොලිසිය නිවසට" - “Home Police” වැඩසටහන යටතේ සුළු වාර්ගික ආරවුල් විසඳීම සඳහා ගෙයින් ගෙට පොලිස් සේවා ලබාදීම. මේ සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් 4960ක් බඳවා ගැනීම (නිලධාරිනියන් 10ක් එක් පොලිස් ස්ථානයකට වෙන් වන සේ රට පුරා පොලිස් ස්ථාන 496කට) සහ එක් පොලිස් ස්ථානයකට මෝටර් බයිසිකල් 5ක් ලබා දීම.
      • සෑම අවුරුද්දකම පොලිස් නිලධාරින් 1,700ක් විශ්‍රාම වේ. මෙම නිලධාරින්ට ඔන්ලයින් පුහුණුව ලබා දී, දෛනික පැමිණිලි 3,000 සිට 2,000 දක්වා අඩු කිරීම සඳහා මොවුන් නැවත රැකියාවට බඳවා ගැනීම.
      • මෙම ක්‍රියාවලිය කේන්ද්‍රීය අධීක්ෂණය යටතේ අවුරුදු 3 කින් සම්පූර්ණ කළ යුතුය.

    21

    කලා හා සංස්කෘතික අමාත්‍යාංශය
    උරුමයෙන් පොහොසත් රටක්

    “සංස්කෘතිකමය අගයෙන් යුත් කෞතුක වස්තු සහ උරුමයන්, නිර්මාණශීලී මනස් විසින් කුළුගැන්වුණු ගරුකටයුතු සැමරුම් වේ. සංස්කෘතික අනන්‍යතාවය ශක්තිමත් කිරීම උදෙසා මෙකී නිර්මාණශීලීත්වයන් වඩාත් පුළුල් ප්‍රජාවන් වෙත බෙදාහැරීම වැදගත් ය.”
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • රටේ ආර්ථිකය සවිබල ගන්වමින් සංචාරක හා සංස්කෘතික අංශයන් ශක්තිමත් කිරීම.
    • සංචාරක සහ සංස්කෘතික අංශයන් හි වර්ධනය සඳහා ප්‍රධාන උත්පේ‍්‍රරකය වශයෙන් කලාව, සංස්කෘතිය සහ උරුමයන් හි සුවිශේෂී බව ප්‍රවර්ධනය කිරීම.
    • සංචාරක හා සංස්කෘතික යන ක්ෂේත්‍රයන් හි දැනුම්වත් බව, කුසලතාපූර්ණ බව, නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම.
    • ක්‍රියාකාරී සැලැස්ම
      කලාව දියුණු කිරීම සඳහා ක්‍රමෝපායික සැලැස්ම
      1. ශ‍්‍රී ලංකාවේ සියලූ සංචාරක මධ්‍යස්ථානවල කලා වෙළඳපොළක් බැගින් සංවර්ධනය කිරීම.
      2. මිල දී ගැනීමෙන් පසු විදේශිකයන්ට කැන්වස් රැගෙන යාමට හැකිවන ලෙස දේශීය කලාකරුවන් හට දැරිය හැකිවන පරිදි drawing storage tubes සඳහා ප්‍රවේශය ලබා දීම.
      3. ලාභ නොලබන සංවිධානවල සහාය ඇතිව සාම්ප්‍රදායික කලාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා වෙබ් අඩවියක් දියත් කිරීම. එසේම, ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන කලා කෘති ඇසුරෙන් වර්ණ භාවිතා කිරීමට දේශීය කලාකරුවන් උනන්දු කිරීම.
      4. දේශීය කලාකරුවන්ට සිය කලාකෘති විකිණීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
      5. විද්‍යුත් කලා සගරාවක් ප්‍රකාශයට පත් කිරීම.
      6. ජාත්‍යන්තරව පිළිගත් කලාගාර සහ සාමූහිකයන්ගේ සිතුවම්, මූර්ති, ස්ථාපනයන් සහ ඡායාරූප ඇතුළත් කලා ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම.
      7. කලා හා සංස්කෘතිය පිළිබඳ ලෝක සමුළුවේ සම සත්කාරකත්වය දැරීම.
      8. කලා හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද කලා, සංස්කෘතික හා උරුම ක්‍රියාකාරකම් සඳහා අනුග්‍රහය දැක්වීම සඳහා බදු සහන ලබා දීම.
    • සංස්කෘතිය සඳහා ක්‍රමෝපායික සැලැස්ම
      1. ශ‍්‍රී ලංකාවේ පුළුල් සංස්කෘතික, ආගමික සහ සම්ප්‍රදායික උරුමයන් විදහා දැක්වීම සඳහා යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
      2. වෙනස් සංස්කෘතීන් පිළිබඳ සංචාරකයන් සහ දේශීය ජනතාව අතර දැනුවත්භාවය ඇති කිරීම සඳහා උත්සව සහ විවිධ අංග සංවිධානය කිරීම.
      3. විදේශ රටවලදී ලංකාවේ දේශීය සංස්කෘතිකාංග විදහා දැක්වීම් පැවැත්වීමට සංවිධානය කිරීම මගින් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම.
      4. දේශීය හා විදේශීය කලා දක්ෂතා විදහා දක්වන (සියල්ලන්ටම නොමිලේ නැරඹිය හැකි) පස් දින කලා සැණකෙළියක් සංවිධානය කිරීම.
      5. නිර්මාණකරුවන්, පුද්ගලික ආයෝජකයන් හෝ පුද්ගලික ව්‍යාපාර, පාරිභෝගිකයන්, නියාමන අධිකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධීකාරකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා සංස්කෘතික ආර්ථික සංවර්ධන එ්ජන්සියක් ස්ථාපනය කිරීම.
      6. පහත කාණ්ඩ පිළිබඳ කලාපීය තොරතුරු අන්තර්ගත වන සංස්කෘතික සිතියම්ගත කිරීමක් සිදුකිරීම.
        • නිරූපණ ශිල්පය
        • සම්ප්‍රදායික ආහාර වර්ග
        • සම්ප්‍රදායික ක්‍රීඩා
        • සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර
        • සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්
        • දේශීය කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රධාන චරිත
        • කලා යටිතල පහසුකම්
      7. සංස්කෘතික ක්‍රියාකාරකම් කැලැන්ඩරයක් නිර්මාණය කිරීම.
      8. සියලු දිස්ත්‍රික්කවල ජන නිරූපණ (folk performances) සංවිධානය කිරීම.
      9. අධ්‍යාපන වැඩසටහන් හරහා සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම.
      10. ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා, ප්‍රජා සත්කාර සහ පුහුණු වැඩමුළු පැවැත්වීම.
      11. කලාකෘති දෘඩ පිටපත්, ඉලෙක්ට්‍රොනික පොත් (e-books) හෝ ශ‍්‍රව්‍ය පොත් (audio books) බවට පරිවර්තනය කිරීමට ප්‍රකාශකයන් ව දිරිගැන්වීම.
      12. සිය ගෝලීය ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සඳහා දේශීය කතුවරුන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන් උනන්දු කිරීම.
      13. කෞතුකාගාර මගින් අතත්‍ය (virtual) ප්‍රදර්ශන අත්දැකීම ලබාදීම.
      14. දේශීය කෞතුකාගාරවල ප්‍රමිතිය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    22

    ධීවර අමාත්‍යාංශය
    මත්ස්‍ය වෙළදාමෙන් පොහොසත් රටක්

    ‘‘ඵලදායී, තිරසාර ධීවර හා ජලජීවී වගාව තුළින් ආහාර හා පෝෂණ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, ආදායම වැඩි කිරීමට, ජීවනෝපායන් වැඩි දියුණු කිරීමට සහ ආර්ථිකය වර්ධනය කිරීමට දායක වේ.’‘
    ධම්මික පෙරේරා
    ඉලක්ක
    • ධීවරයන්ගේ ආදායම දෙගුණ කිරීම.
    • වත්මන් වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලොමීටරයට ටොන් 0.9 සිට ටොන් 1.8 දක්වා දෙගුණ කිරීම (ඉන්දියාවේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය වර්ග කිලෝමීටරයට ටොන් 2ක් වේ).
    • ජලජීවී වගා නිෂ්පාදනය සහ ධීවර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම.
    • තිරසාරත්වය සහ විවිධත්වය සහතික කිරීම සඳහා ධීවර සම්පත් කළමනාකරණය කිරීම.
    • ක්‍රියාකාරී සැලැස්ම
      1. තත් කාලීන (real time) දත්ත සඳහා භූගෝලීය තාක්‍ෂණය සමඟ ධීවර කලාප හඳුනා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා සාගර තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම.
        මුහුදු උෂ්ණත්වය, හරිතප‍‍්‍රද රටා, මුහුදු රළවල වේගය, දිශාව, බෝයාව යනාදිය පිළිබඳ චන්ද්‍රිකා රූප අධ්‍යයනය කිරීමෙන් මසුන් බහුලව සොයා ගත හැකි ප්‍රදේශ, ‘‘විභව ධීවර කලාප’’ (Potential Fishing Zone-PFZ) පිළිබඳව දැනුවත් කිරීම.
        මෙම මධ්‍යස්ථානය තුළින් ස්වාභාවික විපත් සහිත ප්‍රදේශ (උස් රළ, සහ සුළඟ) පිළිබඳ පූර්ව පණිවුඩ ලබාදීම.
      2. තත් කාලීන කාලගුණ අනාවැකි පද්ධතියක් ස්ථාපිත කිරීම.
      3. අඛණ්ඩ / නව යෝජනා ක්‍රම සමඟ වෙරළ තීරයේ ඇති සියලූම ධීවර වරායන් / ජැටි / මාළු ගොඩබෑමේ මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා ධාරිතාව වැඩි කිරීම.
      4. ධීවර ගම්මාන සහිත දිස්ත්‍රික්ක 14 සඳහා මත්ස්‍ය තොග වෙළඳපොළ හඳුන්වා දීම.
      5. මසුන්ගේ නැවුම්බව ආරක්ෂා කර ගැනීම සඳහා රටේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතුවලදී යොදා ගත හැකි මුහුදු ආහාර සඳහා වූ ජංගම අසුරණ ලබා දීම.
        දේශීය කර්මාන්තය තිරසාර වන තෙක් සිරස් අතට ගොඩගැසිය හැකි මුහුදු ආහාර ජංගම අසුරණ සඳහා CESS බද්ද සහ අනෙකුත් අදාල බදු ඉවත් කිරීම.
        සාමාන්‍යයෙන් එවැනි අසුරණයක මාළු පැය 165 ක් පමණ ශීත කළ හැකි ය.
      6. යාත්‍රාවල මාළු අධි ශීතකරණයට ලක්කිරීම සඳහා ජංගම සිසිල් ගබඩා බහාලූම් හඳුන්වා දීම.
      7. සෑම ධීවර ගම්මානයකම මාළු මිල සහ තොග ලබා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම.
      8. ධීවර උපකරණ ආනයන බද්දෙන් බැහැර කිරීම.
      9. ධීවරයින් සහ ධීවර බෝට්ටු සඳහා රක්ෂණ ක්‍රමයක් ලබා දීම.
      10. ධීවරයින් සඳහා සුභසාධන පහසුකම් වැඩි කිරීමට මුල පිරීම.
        • මෙ මඟින්, මියගිය ධීවරයින්ගේ සහ අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබා දීම.
      11. නොමිලේ ග්‍රාමීය මූල්‍ය උපදේශන සේවා සැපයීම.
      12. රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් වෙළඳපොළ වල යටිතල පහසුකම්, සෙසු පහසුකම් සහ ගොවිපළේ සිට වෙළඳපළ දක්වා ඇති මාර්ග සංවර්ධනය කිරීම සඳහා රටපුරා වැඩපිළිවෙළක් හඳුන්වා දී, මේ හරහා මත්ස්‍ය නිෂ්පාදන අංශ සමඟ අතිරේක ග්‍රාමීය වෙළඳපොළවල් ස්ථාපිත කිරීම හෝ වැඩිදියුණු කිරීම.
      13. උපකාරක ආයතන - රාජ්‍ය නොවන සංවිධානවල කාර්යභාරය නිර්වචනය කිරීම සහ අවශ්‍ය වෙනස්කම් සඳහා පහසුකම් සැපයීම සඳහා මෙම සංවිධාන තුළ කැපවූ වෘත්තිකයන් සමඟ කටයුතු කිරීම.
      14. මත්ස්‍යයින් ප්‍රමාණය සොයා ගැනීම සහ ධීවරයින් සොයා ගැනීමේ හැකියාව (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (traceability) සඳහා යෙදවුමක් (stock availability) පිළිබඳ තත් කාලීන තොරතුරු සපයන යෙදවුමක් (application) හඳුන්වා දීම.
      15. බෙල්ලන් වගාව ප්‍රජා ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීම.
      16. ශ‍්‍රී ලංකාවේ විවෘත සාගර ජලජීවී වගාව වැඩි දියුණු කිරීමට වැඩසටහනක් දියත් කිරීම. උදාහරණයක් ලෙස වර්තමානයේ ත්‍රිකුණාමලයේ මෝදා මාළු වගාව සිදුකරනුයේ කූඩු තුළ ය.
      17. ජලජීවී වගාව සඳහා ගොවීන්ට / ව්‍යවසායකයින්ට දිරි දීමනා ලබා දීම සහ ජලයෙන් යට වූ ප්‍රදේශ / කිවුල් ජල ක්ෂේත්‍ර සඳහා දිගු කාලීන කල්බදු දිරි දීමනා ලබා දීම.
      18. අතිරේක මත්ස්‍ය ගොවිපලවල් සංවර්ධනය කිරීම සහ නැවුම් හා කිවුල් ජලය මත ඉදිකර ඇති මාළු ගොවිපලවල් වැඩි දියුණු කිරීම.
        • නව මත්ස්‍ය ගොවීන් සඳහා තාක්ෂණික සහාය සහ ණය වැඩසටහන් ස්ථාපිත කිරීම.
      19. පවත්නා වෘත්තීය විද්‍යාලවලට ජලජීවී වගා තාක්ෂණික, වෘත්තීය හා ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලා හඳුන්වා දීම මීට අතිරේකව:
        • ධීවර අංශයට සම්බන්ධ අයට පහත සඳහන් ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීම.
          • මත්ස්‍ය ගොවි පුහුණුව - මිරිදිය ජලජීවී වගාව
          • කුඩා එන්ජින් යන්ත්‍ර සඳහා මූලධර්ම පුහුණුව - තාක්ෂණික සේවාවන්
          • ප්‍රජා පාදක බෙල්ලන් වගා කරන ගොවීන් සහ වෙළෙන්දියන් සඳහා මූල්‍ය සාක්ෂරතාවය (මුදල් කළමනාකරණය)
          • පසු අස්වනු ධීවර කටයුතු පිළිබඳ පුහුණුව
          • ගැඹුරු ජලය තුළ මාළු එකතු කිරීමේ උපකරණය (fish aggregation device) පිළිබඳ පුහුණුව
          • මුහුදු පැළෑටි ගොවින් සඳහා පුහුණුව
      20. රජය විසින් ධීවරයින් සඳහා මූලික පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීමට මුල පිරීම. පුහුණු වීඩියෝ ඇසුරෙන් අන්තර්ජාලය හරහා ඉගෙනීමේ වේදිකාවක් (e-learning platform) සකස් කිරීම.
    • ගොඩබිම් ධීවර කර්මාන්තය
      1. මසුන්ට වැළෙඳන රෝග හඳුනාගෙන ඒවාට අදාළ හේතුන් හා ප‍්‍රතිකර්ම සොයා ගැනීමට ජංගම යෙදවුමක් හඳුන්වාදී, රෝගය වැළඳී ඇති මසුන්ගේ ඡායා රූප අදාළ බලධාරීන් වෙත අප්ලෝඩ් කිරීමෙන් විසඳුම් ලබා ගැනීම.
      2. සියලූම දිස්ත්‍රික්කවල නව මිරිදිය මත්ස්‍ය අභිජනනාගාර පිහිටුවීම සහ දැනට පවතින සියලූම මිරිදිය ජලජීවී අභිජනනාගාර වැඩිදියුණු කිරීම.

        දැනට සිදුකෙරෙන ව්‍යාපෘති වන්නේ,
        • සෙවනපිටිය, පොලොන්නරුවේ ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවීම.
        • මුරුතවෙල ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය.
        • හම්බන්තොට, ගල්මුල්ල, කකුළුවන් සඳහා (Crab City) අදියර I.
        • හම්බන්තොට, රාකාව, කකුළුවන් සඳහා (Crab City) අදියර II.
        • මඩකලපුව, මන්කර්නි හි කකුළුවන් සඳහා (Crab City) අදියර III.
        • සෙවනපිටියේ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය.
        • බංගදේනියාවේ සමුද්‍ර විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය.
        • දඹුලලේ ජාන වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථානය
        • මුතුරාජවෙල ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය.
        • ත්‍රිකුණාමලය මිරිදිය ඉස්සන් බෝ කිරීමේ මධ්‍යස්ථානය.
        • උඩවලවේ ජලජීවී සංවර්ධන මධ්‍යස්ථානය.
        • මන්නාරම මුහුදු කැකිරි (Sea Cucumber) අභිජනන මධ්‍යස්ථානය.
        • දැනට පවතින ජලජීවී මධ්‍යස්ථාන (ඉඟිනියාගල, දඹුල්ල, කලාවැව සහ උඩවළවේ- තිලාපියා) නවීකරණය සහ පහසුකම් පුළුල් කිරීම.
      3. "සමාජ ධීවර කර්මාන්තය” (Social fishery) යන පුළුල් නාමය යටතේ ගොවි හිතකාමී ප්‍රතිපත්තියක් ආරම්භ කිරීම. මෙමගින් ගොවීන් සැලකිය යුතු අතිරේක ආයෝජනයකින් තොරව වෙනත් සම්ප්‍රදායික මත්ස්‍ය වර්ග සමඟ කුඩා මත්ස්‍ය විශේෂ ද වගා කළ හැකි වනු ඇත.
      4. මිරිදිය විසිතුරු මත්ස්‍ය අභිජනනය සහ ගෙවත්තේ අභිජනනාගාර සකස් කිරීම ග්‍රාමීය ප්‍රජාව අතර ගෘහ කර්මාන්තයක් ලෙස ජනප්‍රිය කිරීම.
      5. විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථාන පුළුල් කිරීම.
        • දැනට රම්බරඩගල්ලේ ක්‍රියාත්මක වන ආකාරයට සමාන ආකාරයට පුහුණු වීඩියෝ, මත්ස්‍ය අභිජනන වීඩියෝ සහ කළමනාකරණය පිළිබඳ වීඩියෝ හඳුන්වා දීම.
      6. ධීවර ගම්මාන 1,337 තුළ ප්‍රශස්ත දිළිඳු කම අවම කිරීමේ වැඩසටහන යටතේ ළමා අධ්‍යාපනය, වැසිකිළි, ජලය සහ විදුලිය වැනි සමාජයීය හා භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.