23
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
සබඳතාවයන්ගෙන් පොහොසත් රටක්
“රටක ආර්ථික වර්ධනයට අතිශයින් වැදගත්වන භූමිකාවක් රඟදක්වන්නා වූ සහ ගෝලීය හා සංචාරක කර්මාන්ත සඳහා අතිශයින් වැදගත්වන්නා වූ ලෝක ව්‍යප්ත ජාලයක් ගුවන්ගමන් සේවා මඟින් සපයනු ලබයි.”
ධම්මික පෙරේරා
ඉලක්ක
2019 සැප්තැම්බර් 24
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
සබඳතාවයන්ගෙන් පොහොසත් රටක්
“රටක ආර්ථික වර්ධනයට අතිශයින් වැදගත්වන භූමිකාවක් රඟදක්වන්නා වූ සහ ගෝලීය හා සංචාරක කර්මාන්ත සඳහා අතිශයින් වැදගත්වන්නා වූ ලෝක ව්‍යප්ත ජාලයක් ගුවන්ගමන් සේවා මඟින් සපයනු ලබයි.”
ධම්මික පෙරේරා
ඉලක්ක
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන්පථ සංචලනය ගුවන් යානා පිටවීම් 11 සිට 17 දක්වා ඉහල නැංවීම.
- ගුවන් තොටුපොළවල් අතර ශක්තිමත් ජාලයක් තහවුරු කිරීම සඳහා වන ප්රශස්ත ව්‍යූහයකට පහසුකම් සැපයීම.
- ක්‍රියාකාරී සැලැස්ම
තාක්ෂණය- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා, නෙළුම් කුලූනේ සිට දුරස්ථ ඇතුළුවීම් සනිටුහන් කිරීමේ (distance check-in) පහසුකම් සැලසීම.
- ආගමන කවුන්ටරවල ඇතුළුවීම් සටහන් කිරීමේ කාර්ය වේගවත් කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ (facial recognition) සහ ඇඟිලි සලකුණු ජෛවමිතික (fingerprint biometrics) තාක්ෂණය හඳුන්වා දීම.
- තථ්‍යකාල (real time) ගුවන් ගමන් තොරතුරු, පර්යන්ත සිතියම්, කුලී රථ විස්තර සහ වෙන්කරවා ගැනීම්, අවන්හල් සහ ගුවන් තොටුපල හෝටල් පිළිබඳ විස්තර ලබා ගැනීමට (BIA) යෙදවුම (app) වැඩිදියුණු කිරීම.
- යටිතල පහසුකම්
- අතිරේක ගුවන් පාලම් (aero-bridges) 16 ක් සමග බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් (BIA) පුළුල් කිරීම.
- රත්මලාන, පලාලි සහ මත්තල ගුවන් තොටුපොළවල්, අන්තර්ජාතික බජට් ගුවන් සේවා මධ්‍යස්ථාන බවට පත් කිරීම.
- වසර 3 ක් ඇතුළත මහනුවර දිගනහි දේශීය බජට් ගුවන් තොටුපොළක් ඉදිකිරීම.
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ රත්මලාන බජට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පහත ස්ථාන කරා දේශීය ගුවන් ගමන් හඳුන්වා දීම.
- පලාලි
- ත්‍රිකුණාමලය
- මඩකලපුව
- කොග්ගල
- මත්තල
- දිගන, මහනුවර
- අපනයන ඉහළ දැමීම සඳහා සියලූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවන් වෙත නොමිලේ ගොඩබෑමට සහ නවතා තැබීමට පහසුකම් සැපයීම.
- ත්‍රිකුණාමලය, මඩකලපුව, කොග්ගල සහ දිගන (මහනුවර) යන ගුවන්තොටුපළවල් හි සිට භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවන්ට ජාත්‍යන්තර පියාසැරි සඳහා පහසුකම් සැපයීම.
- බජට් ගුවන් සේවාවන් වල ගමන් මලූ හැසිරවීමේ ඒකාධිකාරය (luggage handling monopoly) ඉවත් කිරීම සහ බජට් ගුවන් සේවාවන්ට තමතමන්ගේ ගමන් මලූ හැසිරවීමට ඉඩ ලබාදීම.
- බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ VVIP lounge සහ ඒවායේ බෝඩිං ගේට්ටු (boarding gates) බජට් ගුවන් සේවා ක්‍රියා මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම.
- මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සේවාවන් නැවත ආරම්භ කිරීම.
- කොග්ගල, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දේශීය ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන් තොටුපොළවල් සංවර්ධනය කිරීම සහ මහනුවර දිගන ප්‍රදේශයේ දේශීය ගුවන් ගමන් සඳහා නව ගුවන් තොටුපොළ පුළුල් කිරීම (කරුණු අංක 3).
- ගුවන්යානා ඉන්ධන, ගොඩබෑම, නවතා තැබීම, ගුවන්තොටුපොළ බදු, ගුවන් පාලම් (aerobridge) සහ ගමන් මලූ හැසිරවීමේ ගාස්තු මැලේසියාව සමඟ සම මට්ටමට ගැනීම.
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වර්තමානයේ පවතින සංසරණ (turn-around time) කාලය මිනිත්තු 60 සිට 25 දක්වා අඩු කෙරෙනු ඇත. එමඟින් ගුවන් පථයෙහි පැයකට පිටත්වීම් ගණන 11-17 දක්වා ඉහළ දැමෙනු ඇත.
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් ගමන සඳහා පැමිණි බව තමන් විසින්ම සලකුණු කරන self check-in කවුන්ටර (kiosk) සංඛ්‍යාව 6 සිට 20 දක්වා වැඩි කිරීම
- සියලූම ගුවන්තොටුපළ වල ගාස්තු තදබදය උපරිම (peak) සහ තදබදය අවම (off-peak) ගාස්තු ලෙස බෙදා දැක්වීම සහ off-peak වේලාවන්හිදී අවම ගාස්තු පවත්වා ගෙනයෑම
- ශ්‍රී ලංකාව තුළ ගමන් කරන සංචාරකයන් සඳහා ආසන 50 කින් යුත් ගුවන් යානා හඳුන්වා දීම.
- අඩු වියදම් ගුවන් මගීන් (low cost carrier passengers) හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා දැනට අඩු වියදම් නවාතැන් කාමර 55,535 ක් පවතී. එහෙයින් බජට් ගුවන් සේවා සමාගම් සංඛ්‍යාව වැඩි කිරීම.
- කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ස්මාර්ට් ආගමන පිරික්සුම් කවුන්ටර (Smart immigration check-in counters) හඳුන්වා දීම.
- එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ඉතාලිය වැනි ශ්‍රී ලංකාවට විශාල සංචාරකයින් ප්‍රමාණයක් ගෙන එන ඉහළම යුරෝපීය ගමනාන්ත 20 වෙත සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම.
- සෑම ගුවන්තොටුපලක් තුළම අන්තර්ජාතික ගුවන් යානා සම`ග සම්බන්ධ විය හැකි වන අයුරින් විශේෂ දේශීය ගුවන් යානා තිබීම.
- මනා ලෙස සංවිධානය වුණු ටැක්සි සේවාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම සහ එමඟින් පහත සේවා සැපයීම,
- වර්ග දෙකක ටැක්සි සේවයට යොදාගැනීම.
- ටැක්සි රථ හිමිකරුවන් 900 දෙනෙකුට විශේෂ වාහන ලියාපදිංචි තහඩු සමග තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම.
2019 සැප්තැම්බර් 24
