2050 දි රට ගෙනයන තැන
විශ්වාස භංග ගෙනා අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් කියවා නෑ : EPF ETF අරමුදල්වලට ඇත්තටම මොකද කරන්නේ? ලබන වසරේ ලෝක ආර්ථික අස්ථාවරත්වයක්: 2050 දි රට ගෙනයන තැන - අයවැය විවාදයේ දී අගමැති කළ විශේෂ කතාව
ලබන වසර එනම් 2016 වන විට ලෝක ආර්ථිකයේ විශාල අස්ථාවර භාවයක් ඇති වීමට නියමිත බවත් අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැදපෙරදිග යම් අස්ථාවරභාවයක් ඇති වුවහොත් එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන බවත් අප ඊට දැන් සූදානම් විය යුතු බවත් 2015 අයවැය විවාදයට අද සහභාගී වූ අගමැති රනිල් විකුමසිංහ මහතා පැවසීය. එහිදී ඔහු විසින් කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
ගරු කතානායකතුමනි,
1. සැප්තැම්බර 01 වන දා මේ ගරු සභාව අමතමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. නොවැම්බර 05 දා මම අපේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ සවිස්තරව කරුණු පැහැදිලි කළා. නොවැම්බර 20 වන දා ගරු මුදල් ඇමතිතුමා අපේ සම්මුතිවාදී ආණ්ඩුවේ මුල්ම අයවැය යෝජනා ඉදිරිපත් කළා.
මෙම ලේඛන තුන මගින් අප අපේ අණ්ඩුවේ දැක්ම, සැලැස්ම සහ ක්‍රියාන්විතය ගැන පූර්ණ චිත්‍රයක් ජනතාව හමුවේ ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් විවෘතව, සවිස්තරව සහ අවංකව ජනතාව වෙතත්, මේ ගරු සභාව වෙතත් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවන් තිබේදැයි විමසා බැලීම ඔබට බාරයි.
පවුල්වාදයෙන් දූෂිතව, ප්රජාතන්ත්රවාදය පාගා දමමින්, අශීලාචාර සමාජයක් නිර්මාණය කරවමින්, ඒකාධිපතිත්වය කරා ඇදෙමින් තිබූ ගමන් මග වෙනස් කරලීමට මේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වුණා. අප ඒ සඳහා ප්‍රසිද්ධ සටන් බිමට අවතීර්ණ වුණේ පසුගිය අවුරුද්දේ නොවැම්බර 21 වෙනිදා යි. එදා අපේ සටනට නායකත්වය දෙන පොදු අපේක්ෂකයා කවුරුන්දැයි, අප ජනතාව ඉදිරියේ හෙළි කළා.
එදා සිට මේ දක්වා අප ආවේ අභියෝගාත්මක හා අසීරු ගමනක්. ඒ ගමන මෙතෙක් මේ රටේ ඉතිහාසයේ දකින්නට නොලැබුණු, අසන්නට නොලැබුණු ආකාරයේ සංකීර්ණ හා සංවේදී එකක්.
ජනවාරි 08 වන දා ජනාධිපතිවරණය අප ජය ගත්තා. අගෝස්තු 17 වන දා පාර්ලිමේන්තු මැතිවරණය අප ජය ගත්තා. සම්මුතිවාදී ආණ්ඩුවක් අපි ඇති කළා. අපේ රජයේ මූල්‍ය හා ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි කළා. අයවැය යෝජනාවන් ඉදිරිපත් කළා.
ගරු කතානායතුමනි,
අප මේ මුහුණ දෙන්නේ අලූත් අත්දැකීමකට. අප මේ යන්නේ අලූත් ගමනක්. වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික දේශපාලනයක සිරවී සිටි බොහෝ අයට මේ වෙනසට, මේ අලූත් ගමනට මුහුණ දීමට අමාරුයි. ඔවුන්ට මෙවැනි අලූත් ගමනක්, අලූත් සම්ප්රදායක් හුරු පුරුදු නැහැ.
ජනාධිපතිතුමන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත්, මා රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ අවස්ථාවේදීත්, මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මේ තත්වය අපට පැහැදිලිවම දක්නට ලැබුණා.
අයවැය විවේචනය කළ අය, කරන අය කිව්වේ මොනවාද? මෙලෝ රහක් නැති අයවැයක්. දේශීය ආර්ථිකය විනාශ කරන අයවැයක්. මුළු රටම විකුණන අයවැයක්. සමහරු කිව්වා. කැබිනට් මණ්ඩලට අයවැයට සහයෝගය දෙන්න තීරණය කර ඇති නිසා අපට අයවැය විවේචනය කරන්න විදියක් නැති වෙලා කියා තවත් සමහරු මැසිවිලි නැගුවා. මේවා අවුරුදු ගණනාවක් තිස්සේ පට්ට ගහපු සාම්ප්‍රදායික සටන් පාඨ. සද්දය විතරයි. ගැඹුරක් නෑ.
මේ උදවිය ගැන අප වැරදි කෝණයකින් බලන්නේ නෑ. ඒ අය ගැන අපි තරහක්, වෛරයක් ඇති කර ගන්නේත් නෑ. මේ පිළිඹිබු වන්නේ සාම්ප්‍රදායික දේශපාලනයේ ස්වරූපයයි. කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව, විරුද්ධවීම. එසේත් නැතිනම් විරුද්ධ වීමට අවශ්‍ය නිසා විරුද්ධ වීම. රටේ අවශ්‍යතාව නිසා නොව, තම තමන්ගේ පක්ෂවල අවශ්‍යතාව වෙනුවෙන් විරුද්ධ වීම.
ගරු කතානායකතුමනි,
මම එක් උදාහරණයක් දක්වන්නම්. ඒ තමයි, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධව ගෙන යන විරෝධතාව.
මේ තත්ත්වයට පත් වීමට ප්‍රධානතම හේතුව මෙම අරමුදල් දෙක පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සොරකම් කිරීමයි. මෙයට එරෙහි වූ සේවකයන්ට වෙඩි තබා මර්දනය කිරීමට කටයුතු කළ අතර එහිදී රොෂේන් චානක ඝාතනය කෙරුණා. ඒ අනුව දැන් තිබෙන්නේ ලේ තැවරුණු අරමුදලක්.
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අහිමි වේදැයි යන්න පිළිබඳව සේවකයන් හා සංගම් අතර සාධාරණ බියක් හා සැකයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා සේවක පිරිස් හා සංගම් නායකයන් හමුවී සාකච්ඡා කළා.
අද මෙම අරමුදල් සඳහා නීතියෙන් කිසිදු ආරක්ෂාවක් ඇත්තේ නැහැ. සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳ පනතේ 5 වැනි වගන්තිය යටතේ මෙසේ සඳහන් වනවා. මෛම පනතේ අවශ්‍යතා සඳහා වහා අවශ්‍ය නොවන්නා වූ අරමුදල් මුදල් මණ්ඩලය විසින් සුදුසු යැයි හඟිනු ඇත්තා වූ සුරැකුම්හි ආයෝජනය කොට එම සුරැකුම් අලෙවි කළ හැක.ෙ ඒ අනුව සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳ පනතෙහි මෙම අරමුදලේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු කොන්දේසියක් සඳහන්ව නැහැ.
මූල්‍ය මණ්ඩල පනත යටතේ, එහි 5 වැනි වගන්තිය යටතේ මූල්‍ය මණ්ඩලයෙහි අරමුණු වන්නේ,
(අ) ආර්ථික සහ මිල ස්ථායිතාව : සහ
(ආ) මූල්‍ය ක්‍රම ස්ථායිතාව
ඒ අනුව මේ පනතින් ඉහත සඳහන් කරුණු දෙක සාක්ෂාත් කර ගැනීමේ කාර්යභාරය මහ බැංකුව වෙත බලය ලබා දී තිබෙනවා. සේවක භාරකාර අරමුදලේ අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කරනු ලැබුවේ තමන්ට හිතැති පුද්ගලයන් පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු විනිවිදභාවයකින් යුතුව කටයුතු කර නැහැ.
මැලේසියාවේ 1991 සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 25 වන වගන්තිය අනුව අධ්යක්ෂ මණ්ඩලය භාරකරුවන් වශයෙනුයි ක්‍රියා කරන්නේ. මැලේසියානු පනතේ 26 a, b, c, 27, 28 සහ 29 a අනුව අර්ථ සාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම පිළිබඳව සවිස්තරාත්මකව එහි සඳහන් කර තියෙනවා. එසේ ආයෝජනය කිරීමේ දී පිළිපැදිය යුතු කොන්දේසි පිළිබඳව ද පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එමගින් ඒ අරමුදල සඳහා වූ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා.
මහ බැංකුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතුවලදී මේ පිළිබඳව අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සළකා බලනවා. මෙම අරමුදල් දෙක පිළිබඳව තීරණ ගැනීම සඳහා අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමටත්, එම අධ්යක්ෂ මණ්ඩලය ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් පත් කිරීමට අදහස් කර තිබෙනවා. මහජන බැංකුවේ අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා, මහජන ධනභාරයේ නිලධාරීන් ද මෙම අධ්යක්ෂ මණ්ඩලයට පත් කරනවා.
මෙම අධ්යක්ෂ මණ්ඩලය ගන්නා තීරණ පිළිබඳ ප්රශ්නය තිබෙනවා නම් ඊට මැදිහත් වීමට මූල්‍ය මණ්ඩලයට හැකියාව තිබෙනවා. අවසන් වශයෙන් මේ සියලූ ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වනවා.
වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරන අවස්ථාවේ දී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම පිළිබඳව ඔවුන්ගේ අදහස විමසූ විට ඔවුන්ගේ අදහස වූයේ,
1. එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වා ගෙන යාම සුදුසු බව හා
2. සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකාරීත්වය තවදුරටත් මහ බැංකුව යටතේ පාලනය පවත්වාගෙන යා යුතු බවයි.
මේ පිළිබඳව තව දුරටත් මහ බැංකුවේ අධිපතිවරයාට සහ සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රධානියා සමග සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය වුණා. මේ පිළිබඳ අවසන් තීරණය වෘත්තීය සමිති නායකයන්ට ද ඉදිරිපත් කරන අතර එහි අවසන් තීරණ ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ කාරක සභා අනුමැතිය අනුවයි.
මෙසේ විනිවිඳභාවයෙන් යුතුව අපි කටයුතු කරන්නේ මෙහි ප්රතිලාභ ජනතාවට ලැබිය යුතු නිසා මෙන්ම, පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ සොරකම් හා දූෂණ නතර කිරීමටයි.
අපේ යහපාලන ආණ්ඩුවේ වෙනස එයයි. අප සියළු දේ කරන්නේ සාකච්ඡාවෙන්. සම්මුතියෙන්. එකඟත්වයෙන්.
ගරු කතානායකතුමනි,
2. සාම්ප්‍රදායික දේශපාලනයේ සිරවී සිටින අයට මේ තත්වය වටහා ගැනීම අසීරුයි. සමහර අය ඕනෑ කමින්ම වටහා ගන්නේ නෑ. ඒ නිසා මම ඔබ සැම දෙනාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ පැරණි සාම්ප්‍රදායික දේශපාලන සම්ප්‍රදායෙන් මිදී, අපේ නව ගමන් මග දෙස විවෘත මනසින් බලන ලෙසයි.
මේ රටේ අලූත් දේශපාලන සම්ප්රදායක් නිර්මාණය කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් අපට ලැබී තියෙනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදී ආණ්ඩුවක් ස්ථාපිත කර තියෙනවා. ද්‍රවිඩ එක්සත් පෙරමුණ විපක්ෂයට නායකත්වය දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකත්වය දරනවා. මේ පසුබිම මත අප මුළු පාර්ලිමේන්තුවටම ආණ්ඩු බලය ලබා දීමේ නව නීති රීති සකසා තිබෙනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, රටේ උන්නතිය වෙනුවෙන්, රටේ යහපත වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් නව දේශපාලන ගමනක් යෑමේ අවකාශය අප සකස් කර දී තිබෙනවා.
ගරු කතානායකතුමනි,
මේ නව දේශපාලන ගමන යෑම සඳහා, නව දේශපාලන සංස්කෘතියක් බිහිකරලීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම දැන් අප සකස් කර අවසන්. මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු පත් කිරීමට දැන් සියල්ල සූදානම්.
දැනට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර, රාජ්‍ය ගිණුම් හා මහජන පෙත්සම් කාරක සභාවන්ට අමතරව, රජයේ මුදල් හා තවත් විෂයයන් 16 ක් යටතේ අධීක්ෂණ කාරක සභාවන් ස්ථාපිත කරනවා. ඒවායේ සභාපතිත්වය ලබා දෙන්නේ සාමාන්‍ය මන්ත්රීවරුන්ටයි. සියළුම අමාත්‍යංශ ඒ අධීක්ෂණ කාරක සභාවන් යටතට ගැනෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනයට මේ මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කර ගන්නවා.
අප මැතිවරණ ප්‍රකාශන මගින් පොරොන්දු වූ පරිදි ජාතික විගණන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙම පනත මගින් පොදු මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු මුල්‍ය පාලන බලතල ශක්තිමත් කරනවා. විගණකාධිපතිවරයාගේ බලය, කාර්යභාරය සහ ස්වාධීනත්වය තහවුරු පූර්ණ ලෙසම බලගැන්වීම ද මෙම පනත මගින් සිදු කෙරෙනවා. විගණකාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ස්වාධීන විගණන සේවා කොමිසමක් පිහිටුවීමට අවශ්‍ය නෛතික ප්රතිපාදනයන් ද මේ පනත මගින් සැපයෙනවා.
පළාත් පාලන මැතිවරණ මගින් කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන දැන් සකස් කර අවසන්. ඒ සංශෝධන ඉතා ඉක්මණින් සම්මත කර ගන්නවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන පනත ලබන වසරේ මුලදී අප සම්මත කර ගන්නවා. දූෂණ විරෝධී කටයුතු සඳහා ස්ථාවර හා ශක්තිමත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නීති රීති සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා. රටේ සියළු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර තියෙනවා. ග්‍රාමරාජ්‍ය කේන්ද්‍ර ස්ථාපිත කිරීමේ අන පනත් සකස් කරමින් යනවා.
ඒ සියල්ල අතරතුර රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරලීමේ යෝජනාව ද අප ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ගරු කතානායකතුමනි,
ඔබතුමන් ද කලක් තිස්සේ සටන් කළ, මුළු රටම කලක් තිස්සේ පිපාසාවෙන් බලා සිටි ස්වාධීන කොමිෂන් සභා සියල්ලම පාහේ ස්ථාපිත කරන්නට දැන් අපට හැකිවී තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නටත් පෙරාතුවම අපි මෑත ඉතිහාසයේ මුල්ම වතාවට නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පවත්වන්නට අවකාශය සලසා දුන්නා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඉතා ශීලාචාර හා විනීත මට්ටමෙන් පවත්වන්නට අවශ්‍ය සියළු සහය අප ආණ්ඩුවක් ලෙස ලබා දුන්නා. අප කිසිවටෙක මැතිවරණ කටයුතු සඳහා දේශපාලන ඇඟිලි ගැසීම් කරන්නට ගියේ නෑ.
ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කාර්යයන් සඳහා යොදා ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යාලයන්හි සේවය කරන නිලධාරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි ෙදාරවල් වසා දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනෙක් රට හැර ගියා. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.
මේ හීලෑ වුණු මාධ්‍යවේදීන් අදත් සටන් කරන්නේ මැරුම් කෑ තමන්ගේ සගයන් වෙනුවෙන් නෙවෙයි. අත පය කඩා ගත් තමන්ගේ සහෝදර මාධ්‍යවේදීන් වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ සගයා මරා දැමූ මිනීමරුවන් ආරක්ෂා කිරීම සඳහා මේ අය අදත් මාධ්‍ය පාවිච්චි කරනවා. නමුත් ඒ නිදහසත් අප අද උදා කර දී තියෙනවා.
අද මුළු මහත් සමාජයම බයක් සැකක් නැතුව ජීවත් වෙනවා. හුස්ම ගන්නවා. අද අතුරුදහන්වීම් නෑ. බිය වැද්දීම් නෑ. පැහැරගෙන යෑම් නෑ. මරා දැමීම් නෑ. සුදු වෑන් නෑ. තර්ජනය කිරීම් හා බලපෑම් නෑ. සමාජය පුරා නිදහස හා ප්රජාතන්ත්රවාදය අප විහිදුවා හැර තියෙනවා.
ගරු කතානායකතුමනි,
මේ අයවැය මගින් අප ආර්ථික ක්ෂේත්රය පුරා නිදහස හා ප්රජාතන්ත්රවාදය ඇති කරනවා. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථික සංවර්ධනයේ ප්රතිලාභ රටේ සෑම පුරවැසියෙකුටම බෙදී යන ආකාරයේ වැඩ පිළිවෙලකුයි අප ක්‍රියාත්මක කරන්නේ.
මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණේ එහෙම වැඩ පිළිවෙලක් නෙවෙයි. 2003 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.2 ක් රැස්කරගෙන තිබෙන්නේ ආදායම්වලින්. නමුත් 2014 වෙද්දී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක දක්වා පහත වැටී තිබුණා. රටේ ආදායම් ගලා ගියේ භාණ්ඩාගාරයට නෙවෙයි. පවුලේ සාමාජිකයන්ගේ හා ගජමිතුරන්ගේ සාක්කු වලට. ඔවුන්ගේ බැංකු ගිණුම් වලට.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 43 කගේ ඉපැයීම දිනකට අමෙරිකානු ඩොලර් 2 කට වඩා අඩුයි. රටම දුප්පත්. විසිතුරු සෝබන තිබුණාට ඇත්ත තත්ත්වය ඒකයි. අපට ඕනෑ මේ තත්වය වෙනස් කරන්නයි. රටේ සාමාන්‍ය මහජනතාවට ආර්ථිකයේ ප්රතිලාභ ලබා දෙන්නයි.
ගරු කතානායකතුමනි,
3. තවත් එක් වැදගත් කරුණක් පිළිබඳව මා මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න කැමතියි. එක් එක් ක්ෂේත්රයන් සඳහා මුදල් වෙන් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ විසර්ජන පනත යටතේයි. මුදල් වෙන් කර තිබෙනවා ද, නැති ද, වෙන් කර තිබෙන මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න බැලිය යුත්තේ එම විසර්ජන පනත මගිනුයි. නමුත් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එක් එක් ක්ෂේත්රයන් සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ කෙසේද යන්න ගණනය කර තිබෙන්නේ විසර්ජන පනත මගින් නොව මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාව මගිනුයි.
අයවැයේ මුදල් වියදම් කරන්නේ විසර්ජන පනතේ 1 වන උප ලේඛනයේ සඳහන් ආකාරයටයි. මේ පිළිබඳව ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමතියි.

Last edited: