21න් පස්සේ මූව දැක්කේ අද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    21න් පස්සේ මූව දැක්කේ අද


    ඇඳිරි නීතිය පනවා තිබියදී පවා පහර දීම් සිදුව ඇති බව දෙමල ජාතික සන්දාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    එම ප‍්‍රහාරයන් වැලැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කර නැති බවටද ඔහු චෝදනා කරයි.

    මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

    මෙවැනි ප‍්‍රචණ්ඩකාර හැසිරීම් හෙළා දකින බවත් පවසන මන්ත‍්‍රීවරයා මීට වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයිද ඉල්ලා සිටින බවත් පැවසීය.

    එම්.ඒ. සුමන්තිරන් :lol::lol:

    මූ ආණ්ඩුවේද විපක්ෂෙද

    නැත්තම් ආණ්ඩුව කියන්නේ අපිද බං :oo:
     

    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    රනිල් වික්‍රමසිංහ වෙත!!!

    ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා ගන්නට පැමිණි ක්‍රීඩා ගුරුවරුන්ට කීවේ ප්‍රහරය පිළිබඳව දැනුවත්ව සිටියදී එය වළක්වා ගන්නට නොහැකිවීම නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි සහ රජය කෙරෙහි විශ්වාසය බිඳගෙන ඇති බවය. අගමැති ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ඔබට සුළු හෝ ලැජ්ජාවක් නැතිදැයි ඇසිය යුතුය.

    මේ දේවල් මෙලෙස වෙන්නේ ඔබට දැන් රාජ්‍ය පාලනයට ශක්තියක් නැතිනිසා වෙන්නට ඇත. එය එහෙම නැතිනම් සිරිසේන බලය නොදී සිටින නිසා වෙන්නට ඇත. සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය.

    දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්‍රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...


    -කේ සංජීව