21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025
    21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය

    මේ සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය බොහොම පැහැදිලිව දකින්න අවස්ථාවක් 27 වැනි සිකුරාදා ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට උදා වෙලා තියෙනවා. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 1 මිනිත්තු 42 තත්පර 57ක කාලයක් පුරා පවතිනවා. හැබැ‍යි පෘථිවියේ සමස්ත සෙවනැල්ල හරහා ගමන් කිරීමට නම් චන්ද්‍රයාට පැය 4ක කාලයක් ගත වෙනවා. මේ සමග සසඳා බලන විට මේ සියවසේ ඇතිවන කෙටිම චන්ද්‍රග්‍රහණය වන 2015 අප්‍රේල් 4 වැනිදා ඇතිවූ චන්ද්‍රග්‍රහණය පැවතුණේ මිනිත්තු 4 තත්පර 48ක් පමණයි.

    Animation_July_27_2018_lunar_eclipse_appearance.gif

    ශ්‍රී ලංකාවට මේ චන්ද්‍රග්‍රහණය දිස් වන ආකාරය සම්බන්ධව ආතර් සී. ක්ලාක් ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවට අනුව චන්ද්‍රග්‍රහණය ඇරඹෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10යි විනාඩි 44 තත්පර 49 ට පමණයි. චන්ද්‍රයා පෘථිවියේ සෙවනැල්ල තුළට සම්පූර්ණයෙන්ම ඇතුළු වන්නේ අළුයම 1ට පමණ. එය පෘථිවි සෙවනැල්ලෙන් පිටව යන්නේ අළුයම 2.43ට. සම්පූර්ණ සිදුවීම අවසන් වන්නේ උදෑසන 4.58 පමණ වෙද්දීය.චන්ද්‍රග්‍රහණයේ උච්ඡතම අවස්ථාව අළුයම 1.52ට පමණ දර්ශනය වන බවටයි ගණන් බලා ඇත්තේ. චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් පහසුවෙන් දර්ශනය වෙනවා.

    මෙම චන්ද්‍රග්‍රහනය ප්‍රමාණයෙන් 1.609ක් පමණ වේ යැයි අනුමාන කෙරේ. මෙම ප්‍රමාණය යනු සඳේ හා සෙවනැල්ලෙන් වසාගන්නා ප්‍රමාණය අතර අනුපාතයයි. උදාහරණ වශයෙන් සඳ මත සෙවනැල්ලෙන් වැසෙන ප්‍රමාණය භාගයක් නම් අප චන්ද්‍රග්‍රහණයේ ප්‍රමාණය 0.5 ක් යැයි කියනු ලැබේ.

    _102707733_lunar_eclipse_640-nc.png


    මේ චන්ද්‍රග්‍රහණය මේ තරම් දිගු කාලයක් පැවතීමට හේතු වී තියෙන්නේ මේ අවස්ථාවේ චන්ද්‍රයා සිටින්නේ එහි ඉලිප්සීය කක්ෂයේ පෘථිවියට ඉතා ඈත පිහිටුමක වීමයි. ඒ නිසා පෘථිවියේ සෙවනැල්ල ඒ ප්‍රදේශයට විශාල පදාසයක් පුරා වැටෙනවා. ඒ නිසා ඒ සෙවනැල්ල පසු කිරීමට චන්ද්‍රයාට දීර්ඝ කාලයක් ගත වෙනවා.නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකගත හැක්කේ 2025 වසරේදී බවආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේ ය.



    මීට අමතරව මේ දින වල සිදුවෙමින් පවතින අඟහරුගේ දීප්තිමත් රතු පැහැය ඇතිවීමත් අපට දකින්න පුළුවන්. එමෙන්ම අඟහරුගේ ප්‍රතිවිරුද්ධ පැත්ත දර්ශනය වීම නිසා ඇතිවන මෙම සිදුවීමේ උපරිමය ජූලි මස 27 වනදා සිදුවනු ඇත. නමුත් චන්ද්‍රයාගේ දීප්තිය නිසා එය දැකිය නොහැකි වුවද චන්ද්‍රග්‍රහණය අවස්ථාවේදී එයද නිරීක්‍ෂණය කිරීමට හැකිවනු ඇත.

    මීට අමතරව ජූලි මස දර්ශනයවන ඩෙල්ටා ඇක්වාරිඩ්ස් උල්කා වර්ෂාවද පියවි ඇසින් දැකගැනීමේ වාසනාව අගෝස්තු ආරම්භය වනතුරු තිබේ. නමුත් හොඳින් අඳුරු දිනයක උල්කා 30-50 අතර ප්‍රමාණයක් දිස්වන බැවින් හඳුනාගැනීමේ අපහසුතාවයක් පැවතිය හැකිය.




    මුලාශයන් Science සිංහලෙන්,sulakkhana.blogspot(Dot)com සහ newsfirst(Dotlk
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,351
    1,546
    113
    32
    Earth-Cj025