22 අර්බුදය නිසා රනිල්ට තව අවුරුද්දක් දික්කරදීම බැසිල් අතේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    22-issue-election-post-ponned


    ජනපති මැතිවරණය කල් දමා ගැනීමට දෙන්නෙකු කළ උත්සාහ අසාර්ථකවීමෙන් අනතුරුව 'ව්‍යවස්ථාවේ හිල් ' සොයා වසර 5 ජනපති ධූරය 6 දක්වා දිගු කරගැනීමට මේ වනවිට උත්සාහයක් දරමින් පවතී.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පිටුපාමින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පස්වරුවේ කටයුතු කළේය.
    කැබිනට් මණ්ඩලය තුළ මත ගැටුමක් ලෙස මෙය පෙනෙන්නට තිබෙන අතර ජනාධිපතිවරණය අවසන් වන තුරු පනත් කෙටුම්පත ගැසට් නොකරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව ජනපති සිය බලතල ප්‍රකාරව මෙය ගැසට් කළේය. ජනතාවගේ සිත් තුළ ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙන මෙම ගැසට්ටුව ජනපති මේ වෙලාවේ ගෙන ඒම ගැන නිදහසට කරුණු කියමින් ඊයේ කතාවක් පවත්වා කියා ඇත්තේ ජනපතිවරණයට මෙමගින් බාධාවක් නැති කතාවකි.නමුත් එය ‍එසේ වේද යන්න ගැටලුවකි.


    මැතිවරණ කොමිසමේ සභාපතිද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොමැති බවය.
    නමුත් දැනට ලැබෙන ආරංචි අනුව "ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට" බාධාවක් නොමැති නමුත් ජනපතිවරණය පැවැත්වීමට පෙර ජනමත විචාරණයක අවශ්‍යතාවක් ආවොත් හෝ පහද හයද යන අවිනිශ්චිතභාවය දිගටම තිබේ නම් කැඳවා තිබෙන ජනපතිවරණය වුවත් කල් දැමීමට සිදුවනු ඇත.

    ගැසට්ටුව අකුළාගන්නා අවස්ථාවේ ඇමති විජේදාස කියා සිටියේ පනත් කෙටුම්පත නිසා ව්‍යාකූලත්වයක් ඇතිවන බැවින් එය ඉදිරියට ගෙන යෑමට අදහස් නොකළ බවය.
    ඔහු පැවසූ ව්‍යාකූලත්වය කුමක්ද?
    22 සංශෝධනය සිදුවන්නේ එක වචනයක වැරැද්දක් හදන්නටය. එනම් ව්‍යවස්ථාවේ එක්තැනක ජනපතිවරයාගේ ධූර කාලය ලෙස වසර 5 නම් කර තිබියදී තවත් තැනක 'සාවුරුද්දක් ඉක්මවා' ලෙස අවුරුදු 6 ක කතාවක් සටහන්ව තිබූ දෝෂය හදන්නටය. මෙම දෝෂය සිදුකර තිබුනේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදීය. ඉන් පසුව 20 හා 21 සංශෝධන සිදුවූවත් කිසිවෙකු මෙම වරද දැක නොතිබීම හාස්‍යයට කරුණකි. ඇරත් එය මේ අවස්ථාවේම ජනපති රනිල් ඇතුළු පිරිසට දෝෂය මතක්වීමද "කපටි උවමනාවක්" බව පෙන්නුම් කරයි.

    "අවුරුදු 5 නොවේ 6" කතාව කැබිනට්ටුවට ගෙන එන්නේ ජනපතිය. එහිදී සම්මත වන කාරණාව ඊයේ ගැසට් කිරීම සමග ජනපති ධූර කාලය ගැන දැන් අර්බුදයක් මතුව තිබේ. එය 5 ද 6 ද යන්න නීතිමය වශයෙන් අවිනිශ්චිත කර තිබීම එම අර්බුදයයි.


    මෙවැනි දෝෂයක් නිවැරදි කිරීම ගැන ව්‍යවස්ථාවේමෙ දන්වා ඇත්තේ එය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් සම්මතකර ජනමත විචාරණයකින්ද ජනතාව අතින් සම්මත විය යුතු බවකි.නමුත් ඉතා පැහැදිලිව මීට පෙර අවස්ථා කිහිපයකදී ජනපති ධූරකාලය වසර 5 බව තීන්දු කර තිබියදී හා මැතිවරණ කොමිසම වසර 5 කට පසු එය පවත්වන්නට ප්‍රතිපාදන සලස්වද්දී මෙම 'වචන දෝෂය' වෙනුවෙන් බිලියන ගණනක් වැය කර ජනතාවගේ මතය විමසීම විහිළුවක් සේ පෙනෙයි.
    නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දෝෂය පාර්ලිමේන්තු සම්මතයකින් පමණක් නිවැරදි කරන්නට හැකි යයි තීන්දුවකට ඒමට හැකිය. එය අදාළ තීන්දුව රට ගැන හිතා කරන එකක් නම්ය. මෑත කාලයේ ඇතැම් තීන්දු ගැන පවතින අවිනිශ්චිත තත්වය නිසා තීන්දු ක්‍රියාවලිය සංකීර්ණ බව පෙනෙයි.
    බැරිවෙලාවත් ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලොත් ජනාධිපතිවරණය සමග ජනමත විචාරණයක් ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒ දෙකම එකවර පැවැත්වීම මැතිවරණ කොමිසමට අභියෝගාත්මක කාර්යයක් වනු ඇත. අනිවාර්යයෙන්ම ජනපති තේරීම පසෙක තබා එය කල් තබන්නට සිදුවන්නේ වසර හයද පහද අවිනිශ්චිත බව නිරාකරණය කර නැති නිසාය.
    කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ‍ජනමත විමසුමක් අවැසි නැතැයි තීන්දු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් පමණක් කතාව අවසන් කරන්නටද හැකිය. නමුත් තවදුරටත් ගැටලුව අවිනිශ්චිත වන්නේ පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් එය සම්මත නොවුනෝතින්ය.


    පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් හා පක්ෂ කන්ඩායම් සතුව තවම පවතී. ඔවුන් මෙය අවශ්‍ය බහුතරයකින් සම්මත නොකළොත්
    "අවුරුදු 5 නොවේ 6" අවිනිශ්චිත වැකිය තවදුරටත් පවතී. ඒ අනුව ජනපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසමට නොහැකිය. ඉදිරි දින වල මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵල බලා මැතිවරණ කොමිසම කැඳවා තිබෙන ජනපතිවරණය පවා අවලංගු කර අවුරුදු 6 කට පසු එනම් තවත් අවුරුද්දකින් ජනපතිවරණය කැඳවන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ.
    මේ අනුව පහද හයද යන විවාදයේදී පාර්ලිමේන්තුවේදී 2/3 සපයා ජනමත විචාරණයකට යාමකින් ජනපතිවරණය කල් යන අතරම 2/3 නොසපයා පරාජයට පත්කිරීමෙන්ද ජනපතිවරණය කල් යන තත්වයක් නිර්මාණය කරදී තිබේ. සියල්ල 'බැසිල් හසුරුවන' තත්වයක් නිර්මාණය කරදී ඇත.

    'ජනතාවගේ ස්වාධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ බවත් ව්‍යවස්ථාදායකයට අධිකරණය යටත් බවත්' ජනපති රනිල් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
     
    • Dislike
    Reactions: yapa100

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගොසිප් ලංකා එකේ ධනංජයට පඩි ගෙවන්නේ බැසිල්/
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පූදුම බයක් චන්දෙට..

    මහ ලොකුවට රට ගොඩ ගත්තලු 🤣🤣

    ගත්තානම් චන්දේ තියපියකෝ... මිනිස්සු චන්දය දෙයිනේ..

    බිලියන 80 ගානේ තිබුන ණය බිලියන 100ක් කරලා, රට ගොඩ ගත්තා කිව්වම මෝඩ බයියෝ ඇරෙන්න වෙන මිනිස්සු නම් රැවටෙන්නේ නෑ...ඉතින් චන්දේ කොහොම ද දිනන්නේ 🙃
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පූදුම බයක් චන්දෙට..

    මහ ලොකුවට රට ගොඩ ගත්තලු 🤣🤣

    ගත්තානම් චන්දේ තියපියකෝ... මිනිස්සු චන්දය දෙයිනේ..

    බිලියන 80 ගානේ තිබුන ණය බිලියන 100ක් කරලා, රට ගොඩ ගත්තා කිව්වම මෝඩ බයියෝ ඇරෙන්න වෙන මිනිස්සු නම් රැවටෙන්නේ නෑ...ඉතින් චන්දේ කොහොම ද දිනන්නේ 🙃
    මර බයේ🤭🤭🤭
     
    • Haha
    Reactions: kolavari

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    පහ හය වැරැද්දූ බවට ජනපති‍ චෝදනා කරන ජයම්පතිගෙන් පිළිතුරක්​

    7/20/2024 10:01:00 AM
    ranil-5-6

    පහ හය වැරැද්දූ ජයම්පති කළ වරදට සමාව දෙන්නැයි කියමින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද (20) උදෑසනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අතර මේ ඔහු නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි;

    “ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය වෙනස් නොකිරීම මගේ වරදක් බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය

    දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මා අතින් පළපුරුද්ද නොමැතිවීම නිසා සිදුවූ වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 වන දින ගාල්ලේ දී ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ සත්‍යය කුමක්දැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

    ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන 49ක් සමඟ විහාරමහාදේවි උද්‍යානයේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පසු දිනම ජාතික හෙළ උරුමය සමඟ වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවට පොරොන්දු විය. සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේද ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවය.


    ජනාධිපති සිරිසේන දිව්රුම් දුන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු විෂය අග්‍රාමාත්‍යවරයා යටතේ ගැසට් කෙරින. 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී. මූලික කෙටුම්පත සකස් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ මාත් තව නීතිඥවරයෙකුගෙනුත් සමන්විත කෙටුම්පත් කමිටුවකිනි. මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය.

    ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමතවිචාරණයක් අවශ්‍ය බැවිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවකට සහ පෙර කී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමතවිචාරණයක් අවශ්‍යය.
    තවද, 83 වගන්තිය සංශෝධනය කිරීමටද ජනමතවිචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.

    සංශෝධන ක්‍රියාවලියෙදී පිළියෙළ කරන ලද සැම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමඟ සාකච්ඡා කරන ලදී. අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමු කළ අතර ඔහු එහි වෙනස්කම් කීපයක් කළේය. කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කළවිට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කීපයකට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය. එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවරයාව කීපවරක්ම කැඳවූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනෙමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කීපයක් කරන ලදී.

    19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අගමැති වික්‍රමසිංහ විසිනි.
    එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියේය. ජනමතවිචාරණයක් අවශ්‍යයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ සමහර ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ දී සංශෝධනය කළ අතර සමහර ඒවා අත්හරින ලදී.

    කරුණු මෙසේ තිබිය දී, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.

    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ
     
    • Haha
    Reactions: Xi Jinping

    Similar threads