මෙට්‍රෝ බස් එකකට ප්‍රහාරයක්...........

Max_r

Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    ප්‍රයිවෙට් ලිමිටඩ් බයියෙක්ගෙ වැඩක්.

    833412611-1091461643739942-307658967902630116-n.jpg

    උපුටා ගැනිම - Nuwan N Wijerathna. / Yatheesha Gunasekara

    අද ඔක්තෝබර් 5 උදේ 6.10ට විතර Metro Bus එකක millenium City - Colombo Fort (CM-02) යද්දී 170 (අතුරුගිරිය-පිටකොටුව) Bus එකක් රාජගිරිය පහු වෙච්ච හැටිය overtake කරන්න ගිහින් Metro එක පැත්තට කපල side mirror එක කුඩු වෙන්නම වැද්දුව හිතලම කපල මේ පැත්තට, ඉතින් එච්චර අවුල් වැඩ කරන්නේ ඇයි කියල තේරෙන්නෑ රටක් දියුණු වෙනව බලන් සතුටු වෙනව වෙනුවට ඇයි මෙහෙම පහත් විදියට හැසිරෙන්නේ
    ඊටපස්සේ විනාඩි 10ක් ඇතුලත තවත් metro Bus 3ක් විතර ආව එක එක පැති වලට මිනිස්සු ටික ඒව වල නැගල ගියා උදේම හරිම කලකිරීමක් ඇතිඋනේ!

    අමතර කතාවක් පහලින් ,
    ඒක කියවලා එලකිරි බයියො ත්‍රෙඩ් වල චන්ඩි උනා වගෙ නෙවෙ හොදෙ, ගල් ගහන්න යන්න එපා.. :lol:

    අද උදේ Metro Bus එකක millenium City - Colombo Fort යද්දී 170 Bus එකක් රාජගිරිය පහු වෙච්ච හැටිය overtake කරන්න ගිහින් Metro එක පැත්තට කපල side mirror එක කුඩු වෙන්නම.
    ඔය Side mirror එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් විතර වෙයි.
    ඔය වගේ දේවල් insurance එකෙන් අය කරගන්න පුලුවන්. නමුත් ඔප්පු කරගන්න පුලුවන් නම් මේක හිතාමතා කරපු අනතුරක් කියලා මේ වගේ ආයිත් නොකරන්න දඩුවමක් කරන්න පුළුවන්.

    රජයේ දේපළට හානි කරා කියලා උසාවි දාලා රෙපෙයාර් එකට යන සම්පූර්ණම ගාණ අය කරගන්න පුළුවන්.

    අපි පෙට්‍රෝලියම් එකේ ඉන්නකොට කරපු වැඩක් කියන්නම්. ආයතනය Petroleum උනාට Bowser වල අයිතිය තියෙන්නේ Ceylon Petroleum storage terminal limited ( CPSTL ) එකට.

    අපේ කොළොන්නාවේ bowser එකක් යාපනය පැත්තට ලෝඩ් එකක් අරන් ගියා.
    මෝටර් බයික් එක ආපු කොල්ලො දෙන්නෙක් උන්ට ඕවර් ටේක් කරන්න පාර ඉඩ දුන්නේ නෑ කියලා යාපනය පැත්තෙදි bowser එක නවත්තලා ඉස්සරහ windscreen එකට හෙල්මට් එකෙන් ගහලා.
    Windscreen එක කුඩු.
    අපේ රියදුරු මහත්තයටයි රිය සහායක මහත්තයාටයි තර්ජනය කරලා ගිහිල්ලා.
    අනිත් පැත්තට අපිට කෝල් එක ආවා.
    අපි කිව්වා පොලිසිය ගිහිල්ලා bike number එක එක්කම ඇන්ට්‍රියක් දාලා insurance එකටත් දැනුම් දෙන්න කියලා.

    වාහනය UD NISSAN එකක්. එතකොට CPSTL එකේ Accident repair section එක මම යටතේ තමයි තිබ්බේ. අනතුරු භාර Executive වෙනම ඉන්නවා. මායි එයයි සාකච්ඡා කරා මේකට මොකක්ද කරන්නේ කියලා.
    අපි තීරණය කරා insurance එකෙන් Claim ගන්නේ නෑ . අපි නඩු කියනවා කියලා.

    අපි නඩුවක් දැම්මා.
    එයාලත් උසාවි ආවා.
    අපේ නීති අංශයක් තියෙනවා. අපිට ලෝයර්ස්ලත් ඉන්නවා.
    එයාලගේ ලෝයර් තර්ක කරා අපිට Insurance තියෙනවනේ Claim කරගන්න පුළුවන් කියලා.
    අපි පහුගිය අවුරුදු ගානක insurance premium ටික පෙන්නුවා. අපි කිව්වා හැම අවුරුද්දේම අපි claims ගන්න හින්ද අපේ Premium එක වැඩි වෙනවා. ඒක රජයේ ආයතනයක් විදිහට අපිට දරන්න අමාරුයි. මේක අනතුරක් නෙමේ සිතාමතා කරපු දෙයක්. ඒ හින්ද අපේ Premium එක වැඩි කරගන්න අපි කැමති නෑ. ඒ නිසා මෙයාලගෙන් අය කරගන්න කියලා ඉල්ලුවා.

    උසාවියෙන් නියෝග කරා සම්පූර්ණ බිල හදලා උසාවියට බාර දෙන්න කියලා.
    UD NISSAN GENUINE WINDSCREEN එක රුපියල් ලක්ෂ 10යි. Beading එක 15,000යි. Replace කරන්න labor charge එක 5000 යි.

    බිල හදලා අපි උසාවියට ඉදිරිපත් කළා.
    මේ බිලට තව ඇඩ් කරන්න දේවල් තියෙනවා. අපි ඇඩ්කරේ නෑ. ඒවා තමයි අපේ bowser එක ධාවනය කරන්න බැරි නිසා ඒ වෙනුවට පුද්ගලික bowser දුවන්න ඕනේ. එතකොට ඒකට ආයතනයට වෙනම වියදමක් යනවා.ඉතින් රෙපෙයාර් එක ඉවර වෙනකම් මේ වැඩේ කරන්න ඕනේ. Windscreen එක ලංකාවේ නෑ. එන්න සති 4ක් යනවා. ඉතින් සති 4ක්ම bowser දුවන්න වෙන්නේ නෑ. නමුත් ඉතිං අපි ඒවා ඇඩ් කරන්නන ගියේ නෑ .වවාගෙන කන්න ඕනේ නෑනේ.

    හෙල්මට් එකෙන් ගහපු උන් බය වුණා.
    මොකද නඩුව දාලා තියෙන්නේ රාජ්‍ය දේපල වලට හානි කරා කියලා.
    එයාලගේ ලෝයර් තර්ක කරා Ceylon Petroleum storage terminal limited කියන්නේ පුද්ගලික සමාගමක් ඒක හින්දා රජය දේපළක් වෙන්නේ නෑ කියලා.

    අපේ නීති අංශයෙන් මම ලියුමක් ගත්තා අපේ ආයතනය රජයට අයත් සමාගමක් කියලා.
    ඔය ඊයේ පෙරේදා සමහරු කියන්නේ metro transit කියන්නෙ පුද්ගලික ආයතනයක් කියලා.
    ඔන්න ඔය වගේ එතනත් එයාලාගේ ලෝයර් තර්ක කරා.
    දැන් උන්ගෙ තර්ක ටික වතුරේ ගියා. දැන් අරුන්ට බඩු බනිස්.
    නඩුව ඇදෙන්න ගියොත් උන්ට තවත් කේස් වෙනවා.
    දැන් උන් අඬනවා එකෙක් රට යන්න ඉන්නේ රාජ්‍ය දේපල වලට හානි කරා කියලා දඬුවම් දුන්නොත් ඌට රට යන්න වෙන්නේ නෑ කියලා.

    ඊලඟ නඩු දවසේ උන් කැමති වුණා සම්පූර්ණ ගාන ගෙවන්න.
    රුපියල් දශ ලක්ෂ 20,00ක් උසාවියේදී අපිට භාර දුන්නා.

    ඒ සල්ලි වලින් අපි රෙපෙයාර් එක කරා.
    අන්න එහෙමයි උන්ට දඬුවම් දුන්නේ.

    ඒක insurance එකෙන් අපි ගත්ත නං ඊළඟ අවුරුද්දේ Premium එක තවත් වැඩි වෙනවා.

    මේ වගේ දේවල් කරන්න ඉතින් නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම දැනුම තියෙන්නත් ඕනේ. තැනට සුදුසු විදිහට මොලේ පාවිච්චි කරන්නත් ඕනේ.

    ස්තූතියි .

    Nuwan N Wijerathna.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    Mekata nadu yai neh Rajya depala haani kireema kiyala ?
    ඒහෙම කරානම් උණ සනීප වෙයි, නුවන් කියන කොල්ලත් කියන්නෙ ඒක, පොරගෙ අත්දැකිමක් එක්ක.

    Metro PVT LTD neda
    පොස්ට් එක කියෙව්වෙ නෑ නෙද? :dull::dull:
    👇👇
    රාජ්‍ය දේපල වලට හානි කරා කියලා.
    එයාලගේ ලෝයර් තර්ක කරා Ceylon Petroleum storage terminal limited කියන්නේ පුද්ගලික සමාගමක් ඒක හින්දා රජය දේපළක් වෙන්නේ නෑ කියලා.

    අපේ නීති අංශයෙන් මම ලියුමක් ගත්තා අපේ ආයතනය රජයට අයත් සමාගමක් කියලා.
    ඔය ඊයේ පෙරේදා සමහරු කියන්නේ metro transit කියන්නෙ පුද්ගලික ආයතනයක් කියලා.
    ඔන්න ඔය වගේ එතනත් එයාලාගේ ලෝයර් තර්ක කරා.
    දැන් උන්ගෙ තර්ක ටික වතුරේ ගියා. දැන් අරුන්ට බඩු බනිස්.
    නඩුව ඇදෙන්න ගියොත් උන්ට තවත් කේස් වෙනවා.
    දැන් උන් අඬනවා එකෙක් රට යන්න ඉන්නේ රාජ්‍ය දේපල වලට හානි කරා කියලා දඬුවම් දුන්නොත් ඌට රට යන්න වෙන්නේ නෑ කියලා.
    ------ Post added on Oct 5, 2026 at 4:39 PM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    ටකරන් බස් කාරයෝ ටික metro bus එක්ක පුදුම තරහකින් ඉන්නේ. මුන් කැමති නැහැ වෙනස් වෙන්න. මුන් කැමතියි ශ්‍රී ලංකාවේ ජනතාව සදහටම ලොරි චැසී බස් වල යනවට
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,348
    16,093
    113
    ඒහෙම කරානම් උණ සනීප වෙයි, නුවන් කියන කොල්ලත් කියන්නෙ ඒක, පොරගෙ අත්දැකිමක් එක්ක.
    Private company ekak promote kare ai kiyala amathila tikata case watenawa ohoma wune nathnam :rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    එලකිරි බයියො ත්‍රෙඩ් වල චන්ඩි උනා වගෙ නෙවෙ හොදෙ, ගල් ගහන්න යන්න එපා.. :lol:
     
    • Like
    Reactions: waca

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,126
    1,874
    113
    London, United Kingdom
    පක්ෂ පාට මොනා උනත් තමුන් උපන්, තමුන් ජීවත් වෙන රටට හොඳක් වෙන දෙයකට

    වල කපන්න තරම් මානසිකත්වයක් තියන උන් ඉන්නකන් මේ රට හදන්න බෑ.

    තමුන්ගේ රටට කෙල වෙනකන් බලන් ඉඳල ඒකෙන් සතුටු වෙනවා කියන්නේ හිතපන්කෝ කුහක කම.

    මම ජෙප්පෙක් නොවෙමි. ඕන නම් බනින්න.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    Private company ekak promote kare ai kiyala amathila tikata case watenawa ohoma wune nathnam :rofl:
    PVT ltd තමයි, ලෙඩක් දාන්න ඉතිං නඩු නිමිත්තක් තියෙන්න එපැයි :lol:
    බයියො අන්දන කැම්පෙන් වලට නඩු දාන්න :sorry:
     
    • Like
    Reactions: waca

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    මම නම් කියන්නේ ටකරන් බස් කාරයන්ටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන කියලා. මම හිතන්නේ නැහැ ප්‍රවාහන නීතිය හරියට ක්‍රියාත්මක කරොත් ඔය එකෙකුටවත් පාරේ යන්න පුළුවන් කියලා. ඕවා බස් නෙවෙයි හතරැස් තකරන් පෙට්ටි. සත්තු පටවනවා වගේ ෆුට් බෝඩ් වල මිනිස්සු පටවන් යන්න බැහැ .bus එකේ ප්‍රමිතිය මදී නම් මහා පාරට දාන්න දෙන්න හොඳ නැහැ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,348
    16,093
    113
    PVT ltd තමයි, ලෙඩක් දාන්න ඉතිං නඩු නිමිත්තක් තියෙන්න එපැයි :lol:
    බයියො අන්දන කැම්පෙන් වලට නඩු දාන්න :sorry:
    Rajaye salli walin genawa ewa nam rajya depala.
    Mokada oya bus geddi salli dunne oya company eken nemei neh.
     
    • Like
    Reactions: waca

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,639
    1
    16,670
    113
    මම නම් කියන්නේ ටකරන් බස් කාරයන්ටත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන කියලා. මම හිතන්නේ නැහැ ප්‍රවාහන නීතිය හරියට ක්‍රියාත්මක කරොත් ඔය එකෙකුටවත් පාරේ යන්න පුළුවන් කියලා. ඕවා බස් නෙවෙයි හතරැස් තකරන් පෙට්ටි. සත්තු පටවනවා වගේ ෆුට් බෝඩ් වල මිනිස්සු පටවන් යන්න බැහැ .bus එකේ ප්‍රමිතිය මදී නම් මහා පාරට දාන්න දෙන්න හොඳ නැහැ
    බස් කම්පැනි වලට රූට් පර්මිට් දෙන්න ඔනෙ බන්
    තනි එක එකාට පර්මිට් දුන්නම උන් කරන්නෙ සිල්ලර කඩෙ වගෙ බිස්නස් එකක්, සෙවාවක් නෙවෙ..

    NCG වගෙ ටිකක් හරි කොලිටියට කරනවා නෙහ්. ලොකු බස් ගෙනිත්..

    Rajaye salli walin genawa ewa nam rajya depala.
    Mokada oya bus geddi salli dunne oya company eken nemei neh.
    ඒක තමයි

    ආයොජනය කරන්නෙ
    Sri Lanka Transport Board
    Treasury of Sri Lanka (behalf of the Government of Sri Lanka)
    ------ Post added on Oct 5, 2026 at 4:53 PM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    630
    720
    93
    බස් කම්පැනි වලට රූට් පර්මිට් දෙන්න ඔනෙ බන්
    තනි එක එකාට පර්මිට් දුන්නම උන් කරන්නෙ සිල්ලර කඩෙ වගෙ බිස්නස් එකක්, සෙවාවක් නෙවෙ..

    NCG වගෙ ටිකක් හරි කොලිටියට කරනවා නෙහ්. ලොකු බස් ගෙනිත්..
    ඔව් NGC අද කාලෙට ගැලපෙන විදිහට වැඩේ හරියට කරනවා. රටේ ප්‍රවාහන සේවය කියන්නේ විහිළුවක් නෙවෙයි. මේක හොඳින් හෝ නරකින් යහ මගට ගන්න ඕන. ගැමුණුලාගේ ටකරන් බස් වලට තව සැර නීති දාන්න ඕන. ප්‍රමිතියෙන් අඩු ලොරි චැසි බස් වලට route permit දෙන්න හොඳ නැහැ
     
    • Like
    Reactions: Jameson.k