230V විදුලියෙන් දැල්වෙන නත්තල් තරුවක් හදමුද? C

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    230V විදුලියෙන් දැල්වෙන නත්තල් තරුවක් හදමුද? C

    දෙසැම්බර් මාසෙත් උදාවෙලා වගේම නත්තල් උත්සවයටත් තව දින කීපයයිනේ තියෙන්නේ. නත්තල සමරනවා වුනත් සමරන්නේ නැති වුනත් පොදුවේ කවුරුත් ප්‍රිය කරන නත්තල් ගස ආලෝකමත් කරගැනීමට 230V විදුලියෙන් දැල්වෙන ඉල්‍රක්ට්‍රොනික තරුවක් නිර්මාණය කර ගත හැකි පරිපථයක් තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් මේ සදහාත් යොදාගන්නේ ට්‍රාන්සීටර් යොදාගෙන නිපදවපු Astable Muiltivibrator පරිපථයයි. පරිපථයට විදුලිය ලබාදෙන්නේත් කැපෑසිටරයක් හරහාම නිසා වෙනම බල සැපයුමක් අවශ්‍ය වන්නේත් නැහැ.

    bt136-triac.jpg


    හැබැයි මම මෙතෙක් හදුන්වලා නොදුන්න උපාංගයක් මේ පරිපථයේ යොදාගෙන තිබෙනවා. ට්‍රෑයක් (Traic) කියන උපාංගය භාවිතාවෙන් තමයි මෙම පරිපථයේදී මල්ටිවයිබ්‍රේටරයෙන් ලබාදෙන පිටවුමට (Output) අනුරූපීව 230V බල්බය දැල්වීම සිදු කරන්නේ. පාද 3කින් සමන්විත , හැඩයෙන් ට්‍රාන්සිස්ටරයක් හා සමාන වුවත් මෙහි පාද හැදින්වෙන්නේ ප්‍රධාන අග්‍ර 01 (MT 01), ප්‍රධාන අග්‍ර 02(MT 02) සහ ගේට් (G) යනුවෙනුයි. මෙහි MT1 සහ MT2 අග්‍රයන් 230V ප්‍රධාන විදුලියට සම්බන්ධ කළ හැකි අතර ගේට් අග්‍රය හරහා ට්‍රෑයක් එක ප්‍රකෘති වීමට අව්ශ්‍ය අවම වෝල්ටීයතාවය ලද සැනින් MT1 සහ MT2 අතර විදුලිය ගලා යාම ආරම්භ වනවා. (මේ කාණ්ඩයට අයත් වන එස්.සී.ආර්, ඩයැක් වැනි උපාංග සම්බන්ධව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරි ලිපියක් මගින් මගින් බලාපොරොත්තු වන්න. ) 230V / 100W විදුලි බල්බයක් හෝ 230V / 5W විදුලි බුබුළු 20ක් පමණ තරුවක් දිස්වන ආකාරයට එනම්, ඉතා අඩු දීප්තියක සිට උපරිම දීප්තිය දක්වාත් උපරිම දීප්තියේ සිට අවම දීප්තිය දක්වාත් දීප්තිය ක්‍රමාණුකූලව වෙනස් වෙමින් දැල්වීම සදහා මෙම පරිපථය යොදා ගත හැකියි.

    Christmas_Star.JPG


    මෙම පරිපථයට වොට් 100ක බල්බයක් යොදාගන්නවා නම් ට්‍රෑයක් උපාංගය සදහා හීට් සින්ක් එකක් යෙදීම වඩාත් යෝග්‍ය වන අතරම මෙම පරිපථය හරහා 230V ගමන් කරන බැවින් විදුලිය ලබා දී ඇති අවස්ථාවක පරිපථය ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතු බව තරයේ අවධාරණය කරමි. විශේෂයෙන්ම මෙවැනි පරිපථයකට අදාල උපාංග මිළදී ගැනීමේදී උපාංගයන්ට අදාල වෝල්ටීයතාවයන්ද සදහන් කිරීම ගැනද අවධානය යොමු කළයුතු අතරම ආධුනිකයෙක් විසින් මෙවැනි පරිපථයක් එකළස් කිරීමට ප්‍රථම යම් ගැටළුකාරී සහිත බවක් ඇතොත් ඒ සම්බන්ධව සැක හැර ගැනීමෙන් අනතුරුව පමණක් පරිපථය නිර්මාණය කිරීමට යොමුවන මෙන්ද ඉතාමත් කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි......

    ලබන්නාවූ නත්තල කිතුණු බැතිමතුන්ටත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත් සුභ නත්තලක් වේවා යැයි මෙසේ ආසිරි ගෙන එන්නෙමි!
    xmasycg.jpg

    :cool::cool::cool::cool::cool:

    from >>> http://blog.electronicinside.com/ ;););)
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත