25,000 දඩ මුදල් ක්රියාත්මක නොමැත-ස්ථානීය දඩ ග
රථවාහන ස්ථානීය දඩ ගෙවන්න දින 28 ක සහන කාලයක්
රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීය දඩ පත්රිකා සඳහා ලබාදී තිබෙන දින 14 ක සහන කාලය දින 28 දක්වා දීර්ඝ කළ බව පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්යක්ෂ සුමිත් නිශ්ශංක මහතා ඊයේ (16 දා) "දිවයින"ට පැවසීය.
ස්ථානීය දඩ පත්රිකාව නිකුත් කර දින 14 ක් ඇතුළත එම මුදල නොගෙවන්නේ නම් 15 වැනි දින සිට දඩ පත්රිකාවේ දඩ මුදල දෙගුණ වන බවද ඒ මහතා කීවේය. උදාහරණයක් ලෙස වැට් සමග රුපියල් 500 ක දඩ මුදලක් නියමිත දින 14 ඇතුළත නොගෙවන්නේ නම් එම මුදල් දෙගුණයක් වී (රු.1000) එයට සියයට 10 ක වැට් සමඟ 1100 ක් තැපැල් කන්තෝරුවලට ගෙවීමට සිදුවන බවද හෙතෙම පැහැදිලි කළේය.
මෙම දින 28 තුළද නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බව ඒ මහතා පැවසීය.
ස්ථානීය දඩ පත්රිකා නිකුත් කළ නොහැකි රක්ෂණ ආදායම් බලපත්ර සහතික නොමැතිවීම රිය අනතුරු වැනි වැරදි සම්බන්ධයෙන් අධිකරණය වෙත යොමුකිරීම පුරුදු පරිදි සිදුකරන බවද සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේය.
බීමතින් රිය පැදවීම, ආදායම් බලපත්ර රක්ෂණ සහතික නොමැතිවීම ඇතුළු වැරදි 6 ක් සම්බන්ධයෙන් රුපියල් 25,000 ක දඩ මුදල් වැඩි කිරීම මේ වනතෙක් ක්රියාත්මක නොමැති බවත් ඒ සඳහා තවත් ටික කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.