3 වන ලෝක යුද්ධය + පෘථිවි විනාශය 2023

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    NOTE: පෙන්නෙ නම් නිකන් අපෙ ලොන්ත යුටුබ් කාරයො වගේ එකෙක් කියලා.(J ශිල්වා වගෙද මන්දා) එක නිස උබල මෙතන සරම උස්සන් අහවල් එක දික් කරගෙන එනව එහෙම නෙමේ හරියේ...

    https://www.youtube.com/@CraigHamiltonParker/videos


    රැජිනගේ මරණය ගැන නිවැරදි අනාවැකි කී ක්‍රේග් හැමිල්ටන් පෘථිවියට වැටෙන විනාශකාරී ග්‍රාහකයක් ගැන හා 2023 රුසියාව හා චීනය අතර ගැටුමකින් ඇරඹෙන තුන්වන ලෝක යුද්ධයක් ගැන අනතුරු අඟවා තිබේ.

    එංගලන්තයේ මිරර් පුවත්පත පළකර ඇති වාර්තාවකින් ක්‍රේග් හැමිල්ටන්-පාකර් කරන ලද අනාවරණය විස්තර කර තිබේ.

    රැජිනගේ මරණය ගැන නිවැරදිව පුරෝකථනය කළ Craig Hamilton-Parker මෑතකදී Youtube ඉදිරිපත් කිරීමකදී සෞරග්‍රහ මණ්ඩලයේ අනතුරු ගැන සාකච්ඡා කරමින් සිටියේය.

    'New Nostradamus' නමින් ඔහු පෘථිවිය විනාශ කරන ග්‍රහකයක් කඩාවැටෙන බව ඔහු කියා සිටියේය. මෙමගින් සියල්ලන් විනාශ වන බව ඔහු නොකියන අතරම එය නවත්වන්නට පෘථිවි වාසීන් දරන උත්සාහයක් පවතින බව කියා තිබේ.

    ක්‍රේග් හැමිල්ටන්-පාකර් අභ්‍යවකාශයේ සිට පෘථිවියට මුහුණ දෙන අන්තරායන් ගැන සාකච්ඡා කරමින් නව නොස්ට්‍රෝඩමස් තර්ජනයට ලෝකය මුහුණ දෙනු ඇති කියා පවසා ඇති වීඩියෝවට විශාල ප්‍රතිචාර ලැබී තිබේ.
    කෙසේ වෙතත් මෙම තර්ජනය සිදුවන කාලවකවානුව ඔහු හෙළි කරන්නේ නැත.

    ඔහු මෙසේ පැවසීය: “එය වරක් සිදු විය, එය නැවත සිදුවිය හැකිය, ඔබට සිත හදාගන්නට අවශ්‍ය නම් සඳ සහ සඳට ඇතිව ඇති සියලු බලපෑම් ගැන බලන්න. සඳේ ආවාට දෙස බලන්න එ්වා නිරන්තරයෙන් මතුවේ.

    “අපි ජීවත් වන්නේ විශ්වීය පරිසරයක, සමහර විට තවත් එකක් පැමිණීමට ඇත. වැඩි කල් නොගොස් සයිබීරියාවේ එකක් මතුවන අතර එය විශාල පිපිරීමක් විය හැකිය.
    ලෝකයේ යහ පැවැත්ම විසින්ම පැවැත්ම ආරක්ෂා කරන අතර සිදුවන විනාශය වළක්වාගන්නේද අපමය.
    යහපත් සිතුවිලි, යහපත් ක්‍රියාවන් තුළින් ලෝකයට පමණක් නොව අපගේ ඉරණම වෙනස් කිරීමට මා විශ්වාස කරන බලය අපට ඇත.“ ඔහු පවසයි.


    ක්‍රේග් සිතන්නේ අනාගතයේදී අපට බලපෑම් තර්ජනයට මුහුණ දිය හැකි නමුත්, එය අනිවාර්යයෙන්ම ලෝකයේ අවසානය නොවන බවයි.

    ඔහුගේ ග්‍රාහක කඩාවැදීමේ ප්‍රකාශය සිදුවූයේ අලුතින් සොයාගත් 2023 BU ග්‍රහකය දකුණු ඇමරිකාවේ දකුණු කෙළවරට සැතපුම් 2,200 ක් ඉහළින් පසුකර යන්තම් පියාසර කිරීමෙන් පසුවය.
    මීට අමතරව මේ මස මුලදී ක්‍රේග් අනාවැකි පළ කළේ ගුවන් අනතුරකින් පසු මේ 2023 වසරේ තුන්වන ලෝක යුද්ධයක් ඇති කරන බවයි.මෙම සිදුවීම චීනය සහ රුසියාව අතර ඇතිවන බවත් එය “ඉදිරි වසර දෙක සඳහා බරපතලම සංසිද්ධිය” බවට පත්වන බවත්ය.
    ඔහු මෙසේ පැවසීය: “මම කාලයක් තිස්සේ කියා සිටියේ එය තායිවානය සම්බන්ධයෙන් ගැටුමක් වනු ඇතැයි මට හැඟුණු බවයි, එය මේ වසරේ සිදුවනු ඇතැයි මම සිතමි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    4f6209cc527daa98209af5407e459f6f.gif
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    යහපත් සිතුවිලි, යහපත් ක්‍රියාවන් තුළින් ලෝකයට පමණක් නොව අපගේ ඉරණම වෙනස් කිරීමට මා විශ්වාස කරන බලය අපට ඇත.“ ඔහු පවසයි.

    You+are+what+you+think.png