ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති, එල්. ටී. ටී. ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් 338 දෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඍජුවම කටයුතු කර ඇතැයි බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ෂම්මි කුමාරරත්න මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය.
ඔහු එසේ පැවසුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
කර්නල් ෂම්මි කුමාරරත්න මහතා සඳහන් කළේ, 2014 වසරේ දී එම අසාදුගත ලේඛනයට පුද්ගලයින් 424 දෙනෙකු ගේ නම් සහ එල්. ටී. ටී. ඊ සංවිධානයට අනුබද්ධිත සංවිධාන 16ක් ඇතුළත්ව තිබූ බවය.
2015 වසරේ දී යාවත්කාලීන කරන ලද අසාදු ලේඛනයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා ගේ සෘජු බලපෑම මත පුද්ගලයින් 269 දෙනෙකුගේ නම් සහ එල් .ටී .ටී. ඊ සංවිධානයට අනුබද්ධිත ආයතන 08 ක් ඉන් ඉවත් කර ඇති බව ෂම්මි කුමාරරත්න මහතා කොමිසමට පෙන්වා දුනි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2016 දී යාවත්කාලීන කරන ලද අසාදු ලේඛනයේ නම් සංඛ්‍යාව 86 දක්වා අඩු කිරීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත්තේ සිය පෞද්ගලික හිතවත්කම් මත බවය.
දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව රාජ්‍ය බුද්ධි අංශ විසින් සකස් කරන ලද එම අසාදු ලේඛන ඉවත් කිරීමට දේශපාලන බලාධිකාරිය එලෙස කටයුතු කිරීම රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී කර්නල් ෂම්මි කුමාරරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.