37% කින් අඩු කරනවා: දිවයිනේ වාර්තාව පට්ටපල් බ&

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,906
    113
    37% කින් අඩු කරනවා: දිවයිනේ වාර්තාව පට්ටපල් බ&

    ‘ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය සියයට 37 කින් අඩු කරනවා‘යි විදේශ ඇමැති ඇමරිකාවේදී කීවේ යැයි දිවයිනේ වාර්තාව පට්ටපල් බොරු: මෙන්න ඇත්ත

    එහිදී ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා කීවේ යුද්ධයෙන් පසු මේ දක්වා වසර 7 ක පමණ කාලයක් පුරා ලංකාවේ සමස්ථ හමුදාවෙන් සියයට 37 ක් පමණ අඩු වී ඇති බවයි.

    ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය සියට 37 කින් අඩු කරන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇමැරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළැයි ලංකාවේ දිවයින පුවත්පතේ ජඩමාධ්‍යකරු කීර්ති වර්ණකුලසූරිය විසින් අද(02) පළ කර ඇති වාර්තාව සම්පූර්ණ සාවද්‍ය එකක් බව ලංකා ඊ නිව්ස් වොෂින්ටන් වාර්තා කරු පවසයි.

    4-Mangala_Peace_Institute_USA1.jpg


    විදේශ ඇමැතිවරයා වොෂින්ටනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශ කෙළේ එකක් වන අතර ඒ නම් වොෂින්ටනයේ සාමය පිළිබඳ ආයතනයේ ආරාධනයෙන් පැවැති දේශනයත් ඉන් පසුව සභාවෙන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දීමත්ය. එහිදී දිවයින වාර්තාවේ ඇති ආකාරයේ ප්‍රකාශයක් හෝ පිලිතුරක් විදේශ ඇමැතිවරයා විසින් සිදුකෙළේ නැත.

    පැයකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න නැගීම සහ පිළිතුරු දීම සිදුකළද ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් හෝ නැගුනේ එකක් පමණි. ඒ නම් එක් දමිළ ජාතිකයෙකු විසින් ආණ්ඩුව විසින් හමුදාවට අත්පත් කර ගත් ඉඩම් යලි දෙමළ ජනතාවට දී ඇතැයි ආණ්ඩුව කීම බොරුවක් යැයි ප්‍රශ්න කිරීමය. එහිදී මංගල සමරවීර මහතා යලි ලබා දී ඇති ඉඩම් පිලිබඳ ගණන් හිලව් ප්‍රකාශ කළ අතර ඔබ වසර කීයකින් ලංකාවට ගොස් නැතිදැයි යලි පිලිවිසියේ ය. ඊට පිලිතුරු දුන් ප්‍රශ්න ඇසූ අය කීවේ වසර 10 කින් ගොස් නැති බවයි. ‘එසේනම් යලි ලංකාවට එන්න දැන් ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකුත් නෑ. මේ වසරක කාලයේදී ලංකාව ඔබ දැක්කාට වඩා ගොඩක් වෙනස් වී ඇතැයි‘ විදේශ ඇමැතිවරයා පිලිතුරු දුන්නේය. උතුරු නැගෙනහිරින් හමුදා අඩු කිරීම ගැන ප්‍රශ්න කළ විට මංගල සමරවීර මහතා කීවේ උතුරු නැගෙනහිර පමණක් නොව තමන් කතා කරන්නේ මුළු ලංකාවම එකක් ලෙස සලකා බවයි. හමුදාව මුළු ලංකාව පුරාම සිටින බවත් උතුරු නැගෙනහිරින් පමණක් හමුදාව ඉවත් කිරීමට අවශ්‍යතාවයක් නොවන බවත් ඔහු පැවසීය. එහිදී ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා කීවේ යුද්ධයෙන් පසු මේ දක්වා වසර 7 ක පමණ කාලයක් පුරා ලංකාවේ සමස්ථ හමුදාවෙන් සියයට 37 ක් පමණ අඩු වී ඇති බවයි. ඒ වෙන කාරණයක් නිසා නොව යුද්ධයක් පවතිද්දී තරම් ප්‍රමාණයක් යුද්ධයක් නැති අවස්ථාවේදී අනවශ්‍ය නිසා බවද ඔහු කීය.

    ඒ අනුව දිවයිනේ කීර්ති වර්ණකුලසූරිය නමැති ජඩමාධ්‍ය කරුවා එහි සිටියා සේ වාර්තා කර ඇත්තේ අමූලික කෙප්පයකි.

    දිවයින පුවත්පතේ කීර්ති වර්ණකුලසූරිය නමැත්තෙක් එකී රැස්වීමට සහභාගී නොවූ අතර දිවයින පුවත්පතේ වෙනත් නියෝජිතයෙකුද සහභාගී වූයේ නැත.

    කෙසේ වෙතත් විදේශ ඇමැතිවරයා වොෂින්ටන් පැමිණි වැදගත් කාරණය වූයේ මෙය නොව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවෙන් පසු ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පාර්ශවකාරීත්වය සම්බන්ධ කොමිෂන් සභාවේ පළමු සංවාදයට සහභාගී වීමට ය. ඇමරිකාව තමන්ගේ පාර්ශව රටවල් සමග සියළු සම්බන්ධා පවත්වන්නේ මෙකී පාර්ශවකාරීත්ව කොමිෂන් සභා හරහාය. ඇමැරිකාව සහ ශ්‍රී ලංකාව අතර මේ දක්වා කොතෙකුත් සම්බන්ධතා පැවැත්වුවද ඇමැරිකාව වෙනත් රටවල් සමග පවත්වාගෙන යනු ලබන මෙකී පාර්ශවකාරිත්ව කොමිෂන් එකක් ආරම්භ කර තිබුනේ නැත. මෙය එවැන්නක ආරම්භයයි. දෙවන හමුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත. පාර්ශවකාරිත්ව හමුවෙන් පසු දෙපාර්ශවය විසින් නිල ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙළේය. පහත ඇත්තේ එයයි. අසත්‍ය ජාතිවාදී කුණු නොව රටට වැඩ දායක වන මෙම නිල ලියැවිල්ල හැකිනම් දිවයිනේ ජඩමාධ්‍යකරුවන් විසින් පළ කළ යුතුය.

    එක්සත් ජනපදය - ශ්‍රී ලංකා සමාරම්භක පාර්ශවකාරීත්වය සමෝදය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය මෙසේය.

    පහත දැක්වෙන්නේ 2016 පෙබරවාරි 26 වන දින වොෂින්ටන් ඩී.සී හිදී පවත්වන ලද ඇමරිකා එක්සත් ජනපද - ශ්‍රී ලංකා පාර්ශවකාරීත්ව සංවාදයේ සමාරම්භය අවසානයේදී ශ්‍රී ලංකාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ රජයන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයයි. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඇප කැප වීමේ අවස්ථා, නීතීයේ ආධිපත්‍ය හා සෞභාග්‍ය බෙදා ගනිමින් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පාර්ශවකාරීත්ව සංවාදය 2016 පෙබරවාරි 26 වන දින වොෂින්ටන් ඩී.සී හිදී ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකාව හා එත්සත් ජනපදය අතර වර්ධනය වෙමින් පවතින ද්වීපාර්ශවික සහයෝගීතා හුවා දැක්වූ දෙපාර්ශවයේ ජාතීන් නැවත නැවතත් ස්ථීරව කියා සිටියේ එම සම්බන්ධතාව දෙරටෙහි හා එම රටවල ජාතීන්ට පොදු සාර ධර්ම හා පොදු අරමුණු පදනම් කරගෙන බවය.

    එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ස්ථාවර වී ඇති බවත් නිත්‍ය හා සංස්ථීතික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වී වැඩිදියුණු වීමට හේතු වන බව පාර්ශවකාරීත්ව සංවාදය තුළින් ප්‍රදර්ශනය වේ. ඉන්දු ශාන්තිකර කලාපයේ පමණක් නොව මුලූ මහත් ලෝකයේම අචල ස්ථායිතාව, සුරෂිතතාව, සෞභාග්‍ය හා නීතිය පදනම් වූ සාමය අරභයා සහ සමාන ප්‍රජාතාන්ත්‍රික රටවල් වශයෙන් අපේ රජයන් එකගත්වයට පත් ටවනු ඇත. 1956 පටන් දීර්ඝ කාලයක් තුළ ශ්‍රී ලංකික ජනතාවට ලබා දී ඇති සහය තව දුරටත් පුලූල් කරමින් ශ්‍රී ලංකා ආර්ථීකයේ ආයෝජනය කිරීම සදහා එක්සත් ජනපදයේ ආයෝජකයින් උනන්දු කරවීමත්, ප්‍රධාන අමාත්‍යාංශ මගින් යහපාලනය හා උසස්ම පරිචයන් ආයතන ගත කිරීමෙහිලා දරණ උත්සාහයන්හිදී රජයට ආධාර ලබා දීම , ශ්‍රී ලංකා රජය ඇප කැපවී සිටින ප්‍රතිසංධාන හා සංවර්ධන ක්‍රියාවලියේදී සහය වීමක් සදහා වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට එක්සත් ජනපදය සැළසුම් කරයි. මෙලෙස කටයුතු කරන්නේ සෑම කෙනෙකුටම තිරසාර සාමය හා සමාජ ආර්ථීක ප්‍රගතිය සළසා දීම සදහාය. එක්සත් ජනපදයේ ආධාර සහ සහයෝගය තුළින් නව පාර්ශවකාරීත්වයන්, සංවාද හා හුවමාරුකිරීම් තහවුරු විය යුතු අතර එම ආධාර හා සහයෝගීතා අන්‍යෝන්‍ය ගරු කිරීම් හා තොරතුරු විමසීම් වෙත පදනම් විය යුතුය.
    ජාත්‍යන්තරය හා කලාපීය කටයුතු

    ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියන් සාගර කලාපය තුළ භූගෝලීය වශයෙන් කේන්ද්‍රස්ථානව තිබීමේ තත්වය ගැනත් කලාපීය වශනේ වැදගත්වන කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික වශයෙන් හා ඉන්දියන් සාගර වෙරළ කලාපීය රටවල සංවිධානය වැනි බහුපාර්ශ්වික සංවිධාන මගින් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගත හැකිවන්නේ කෙසේද යන්න පිළිබදවත් නියෝජිත පිරිස සාකච්ඡා වල යෙදුනි. දකුණු ආසියානු රටවල් අතර , අග්නිදිග ආසියානු රටවල් සමගත් ශ්‍රී ලංකාවේ ආර්ථීක සම්බන්ධතා අවස්ථා පුලූල් කර ගැනීම සදහා බහු ආංශික, තාක්ෂණික, ආර්ථීක සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය (BIMSTEC) සහ අනෙකුත් සංසද වල පාර්ශ්විකත්වය හා සමාන වන ඉන්දු ශාන්තිකර ආර්ථීක කොරිඩෝවේ පාර්ශවිකත්වය ලබා ගන්නා ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිගැන්වීය. එක්සත් ජාතීන් හමුවේ උද්ගතවන ප්‍රශ්න සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට රජයන් දෙකම එකඟත්වයට එළඹෙන බව සහතික විය. ලේකම් කෙරී මහතාගේ සත්කාරකත්වයෙන් වොෂින්ටන් ඩී.සී හි පවත්වන ලබන 2016 අපේ සාගර සංවිධානයට (Our Ocean Conference) සහභාගීවීමට විදේශ කටයුතු අමාත්‍ය සමරවීර මහතා බලාපොරොත්තුවෙන් සිටියි. මෙම සම්මේලනය කේන්ද්‍ර කරගන්නේ සමුද්‍රාරක්ෂිත ප්‍රදේශ, තිරසාර ධීවර කටයුතු, සමුද්‍ර දූෂනය හා සාගර කෙරෙහි සිදුවන දේශපාලනයට සම්බන්ධ බලපෑම්ය. එම ක්ෂේත්‍ර කෙරෙහි දක්වන දැඩි ඇපකැපවීම්ය.
    ආර්ථීක සහයෝගීතාව

    ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රමුඛතා සහ රටට ඇදී එන වෙළද කටයුතු පුලූල් කිරීමට, විදේශ සෘජු ආයෝජන වැඩිකිරීම සහ සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු තරගකාරී පරිචයන් වැනි ශ්‍රී ලංකාවේ සමස්ත වෙළද වාතාවරණය වැඩි දියුණු කිරීම යන කරුණු ආර්ථීක සාකච්ඡාවලදි අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලදී ශ්‍රී ලංකීය ව්‍යාපෘතිවලට ආධාර කිරීමට එරෙහිව පනවා තිබූ එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායක විධි නියෝග සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලබා දෙන ආසියානු බැංකුවේ මෑත කාලීන ව්‍යාපෘතියට පක්ෂව එක්සත් ජනපදයේ ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රසාදය පළවිය.

    මෙම වර්ෂයේදී පැවැත්වීමට නියමිත වෙළඳාම හා ආයෝජනය පිළිබද මූලික ගිවිසුමේ මණ්ඩලීය රැස්වීමේදී විදේශ වෙළඳාම හා ආයෝජන වැඩිකිරීමේ එක්සත් ජනපද ශ්‍රී ලංකා ඒකාබද්ධ කි්‍රයාකාරී සැලැස්ම දියුණු කිරීම සදහා කටයුතු කළ යුතුය. වෙළදාම හා ආයෝජන පිළිබද මූලික ගිවිසුම යටතේ කෙරෙන වැඩ සම්බන්ධයෙන් ඉදිරි සැළැස්මක් වන මෙම ක්‍රියාකාරී සැලැස්මෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපායන් තහවුරු කෙරෙන අතර එයට විදේශීය සෘජු ආයේජන හා ශ්‍රී ලංකාවේ විදේශ වෙළදාම සම්බන්ධයෙන් වැඩි කාර්ය භාරයක් පැවරෙනු ඇත. මූලික කර්මාන්ත වල තරගකාරීත්වය වැඩි දියුණු වීමත් නවීකරණය මගින් අලූත් කර්මාන්ත ප්‍රවර්ධනය වීමත් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රගත පිහිටීම හා පුහුණු කාර්ය බලකාය පූර්ණ ලෙස උපයෝජනය වීමත් එමගින් සිදුවේ. වෙළදාම හා ආයෝජන පිළිබද මූලික ගිවිසුම් රැස්වීමේදී වෙළද භාණ්ඩ නිදහසේ ගනු දෙනු වීම පහසු කරවීම සදහා රේගු කටයුතු පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීම සදහා අවස්ථාවක් උදා කර ගැනීමට දෙපාර්ශවය බලාපොරොත්තුවේ. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වන ප්‍රධාන ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීමට සහයෝගය ලබා දෙමින් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය රාජ්‍ය අංශයේ වගවීම හා විනිවිද භාවයේ ඉහළ නැංවීම සදහා මගපෙන්වීම ලබාදෙයි. අපරාධ ක්‍රියාවන් සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියේ ශක්‍යතාව ඉහළ නැංවීමට සංකීර්ණ අපරාධ ඇතුලූ සියලූම ආකාරයේ දූෂණ වලදී ජනතාවට සාධාරණ හා අපක්ෂපාතී අධිකරණ සේවයක් ලබා දීමට හැකිවන අයුරින් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කිරීමට සැළසුම් කොට ඇත.

    ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන යහපාලනය සහ නීතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සදහා සහයවීමේ අරමුණින් වගකිවයුතු අනුකූලතාවෙන් හෙබි පරිපාලන ආයතන ශක්තිමත් කිරීම ශක්‍යතා ගොඩනැංවීම හා පුහුණුව ආධාර හා වගවීම ඉහළ නැංවීම, විනිවිදභාවය, අඛණ්ඩතාවය, මහජන පරිපාලනයේ සඵලතාව මෙන්ම වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගත් වැඩසටහන් හා ව්‍යාපෘති සදහා ආධාර ලබා දෙන ලෙස ශ්‍රි ලංකාව කරන ලද ඉල්ලීමට ආමරිකා එක්සත් ජනපදය සිය එකගතාවය පළ කොට ඇත. ඇමරිකා එක්සත් ජනපද ආධාර යටතේ ක්‍රියාත්මක වන ආර්ථීක වැඩසටහන් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ පෞද්ගලික ආයතනවල වර්ධනයට සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනයට අවශ්‍ය සහය ලබාදේ. ඒ හා සමානවම යුධ සෙබලූන්ගේ වැන්දඹුවන්, ගෘහ මූලික කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ නැවත පදිංචිකරන ලද පවුල් වැනි පීඩාකාරී ජීවන තත්වයන්ට මුහුණ දෙන ප්‍රජාවන්ට මූල්‍ය ආධාර, ආම්පන්න, උපකරණ, පුහුණුව සහ වෙළදපොළ ප්‍රවේශය ආදිය සපයමින් ඔවුන්ගේ ආර්ථීක ස්ථාවරත්වය තයවුරු කිරීමට කටයුතු කරයි.

    මුදල් අමාත්‍යාංශයට හා ආයෝජන මණ්ඩලයට ඉදිරි කාලය තුළදී තාක්ෂණික ආධාර ලබා දීමට සැළසුම් කොට ඇත. එක්සත් ජනපද වාණිජ හා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු, එක්සත් ජනපද ආධාර වැඩසටහන හා එක්ව වාණිජ නීතී පද්ධතිය වැඩි දියුණු කරමින් විදේශීය සෘජු ආයෝජන ළගා කර ගැනීම සදහාත් ප්‍රධාන ආර්ථීක අංශ සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මහජන මූල්‍ය කළමණාකරණය සදහා තාක්ෂණික ආධාර ලබා දීමටත් කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට තම සහාය ලබා දේ.

    පිරිසිදු බල ශක්ති ප්‍රභව සංවර්ධනය හා බල ශක්තිය සුරක්ෂිත කිරීම දෙපාර්ශවයටම පොදු වූ අවශ්‍යතාවන් බව හදුනාගෙන ඇති අතර ප්‍රායෝගික පිරිසිදු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිදියුණු කිරීමටත් ඒවාට ප්‍රවේශවීමේ හැකියාවක් ලබා ගැනීමේදී අන්‍යෝන්‍ය සහයෝගය අවධාරණය කෙරේ.

    ශ්‍රී ලංකාවේ දේශගුණික වැඩ සැලැස්ම මෙන්ම ඊට අදාළ අනුවර්තන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහය සහ ආධාර ලබා දීමට එක්සත් ජනපදය තම එකඟත්වය පළ කොට ඇත. ශ්‍රී ලංකාවේ තෙවදෑරුම් කි්‍රයාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට සහශ්‍ර අභියෝග ව්‍යාපාරය නිලධාරීන් මාර්තු මස දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකාව සදහා එහි පෞද්ගලික අංශය සමග වැඩි හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට විශේෂයෙන් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අපනයන ආනයන බැංකුව බලාපොරොත්තු පෙරදැරිව සිටියි.

    ආණ්ඩුක්‍රමය, සංවර්ධන සහයෝගීතාව සහ මහජන සම්බන්ධතා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ කී්‍රයාවට නැංවීම, යහපාලනය, නීතියේ ආධිපත්‍ය, සාධාරණත්වය, සංහිදියාව සහ පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාවට නැංවීම සදහා ආණ්ඩුව දක්වන කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස අවධාරණය කරන ලදී. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට හැකිවන අයුරින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් 2015 සැප්තැම්බර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේදී ඒකමතික යෝජනාවලියක් සදහා සම අනුග්‍රාහකත්වය ලබා දීමත් ඇතුලූ විවිධ අංශ ඔස්සේ පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී වර්ධනයන් එක්සත් ජනපදයේ ඇගයීමට ලක්ව ඇත. මේ තුළින් සත්‍ය සෙවීම සාධාරණත්වය, වන්දි ගෙවීම සහ යුද්ධයක් නැවත ඇති නොවීම යන කරුණුද අතුරුදන් වූවන්ගේ පවුල් වල හානි පූරණය මෙන්ම ආරක්ෂක අංශ වල වෘත්තීමය භාවය ඉහළ නැංවීම සදහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඇතුලූව දිගු කාලීන සාමය හා සමෘද්ධියක් වෙනුවෙන් කැපවුණු ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජවය මොනවට ප්‍රකාශ කරයි.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් විමසීම සහ ජාත්‍යන්තර නීතියට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය පිටු දැකීමට අදාල නීතී සම්පාදනය තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම වැනි සැළසුම් මගින් රජය ගෙන ආ ව්‍යවස්ථාමය හා නෛතික ප්‍රතිසංස්කරණ සදහා එක්සත් ජනපදය තම සහය ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා රජය විසින් එහි නියම හිමිකරුවන් වෙත ඉඩම් වල අයිතිය නැවත ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය තම ප්‍රසාදය පළ කොට ඇති අතර ඉතිරි ඉඩම් සම්බන්ධයෙන්ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවේ. ප්‍රජාතන්ත්‍රවාදී සහ සකසුරුවම් ආණ්ඩු ක්‍රමයක් ශක්තිමත් කිරීම නීතියේ ස්වාධිපත්‍ය, සත්‍ය සහ සංහිඳියාව ඇති කිරීම පිළිබද රජයේ ප්‍රතිසංස්කරණ රාමුව වෙත එක්සත් ජනපදයේ ඉහළ ප්‍රතිචාර ලැඛෙමින් පවති. 2015 ඔත්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර සංවර්ධනය උදෙසා වන එක්සත් ජනපස ඒජන්සිය විසින් පාර්ලිමේන්තුවට අලූතින් පත් වන නියෝජිතයින්ට සහ ඔවුන්ගේ වෘත්තීමය කාර්ය මණ්ඩලයට පැවරී ඇති ප්‍රතිපත්ති තැනීම සහ පාලනය නිසි අයුරින් ඉටු කිරීම සදහා අවශ්‍ය හැකියාවන් හා කුසලතා ගොඩනැංවීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සහයෝගිතා වැඩසටහන දියත් කරන ලදී.

    විවෘත රාජ්‍ය පාර්ශවකාරීත්වය ශක්තිමත් ප්‍රතිසංස්කරණ මෙවලමක් ලෙස සලකා ඒ සදහා ක්‍රියාකාරී හා ඉහළ මට්ටමේ සහභාගීත්වයක් ලබා දීමට කැපවන බවටත් විවෘත රාජ්‍ය පාර්ශවකාරීත්ව යටතේ සිවිල් සමාජය සමග ශක්තිමත් හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට කැපවන ඉවත් දෙරට විසින් අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ පළමු ජාතික කාර්ය සැලැස්ම සකස් කිරිමේදී සිවිල් සමාජය සමග සිදු කරන කටයුතු සදහා ශ්‍රී ලංකාවට සහය වන බවට එක්සත් ජනපදය තහවුරු කළේය.

    ආර්ථීකය සඳහා කාන්තා සහභාගීත්වට වැඩිකිරීම, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා ඊට ප්‍රතිචාර දැක්වීම හා ප්‍රතිසංධාන ප්‍රයත්න වලදී කාන්තා සහභාගීත්වය වැඩිකිරීම යන කරුණු සම්බන්ධයෙන් උගත් පාඩම් සහ විශිෂ්ඨ පරිචයන් හුවමාරු කර ගැනීම සදහා සහය වීම මගින් කාන්තාවන් බලගැන්වීමට හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීමට අදාළව ශක්තිමත් සහයෝගීතාවයක් ඇති කර ගැනීම සදහා දෙරට සැළසුම් කරයි.

    ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විද්වතුන් හුවමාරු කර ගැනීමේ ෆුල්බ්‍රයිට් වැඩසටහන සඳහා වන වගකීම පිළිබඳව දෙරටම අවධාරණය කරන ලදී. අධ්‍යාපනය, අනාගත සහයෝගීතාවය සදහා වැදගත්වන ක්ෂේත්‍රයන් ලෙස හදුනා ගනු ලැබූ අතර එක්සත් ජනපදයේ හා ශ්‍රි ලංකාවේ අධයාපන ආයතන අතර පාර්ශවකාරීත්වයන් තව දුරටත් වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබදව ද අවධාරණය කරනු ලැබිණි. නිදන්ගත වකුගඩු රෝග වසංගතයේ සිට ග්‍රාමීය ප්‍රදේශ වල ආහාර සුරක්ෂිත භාවයක් නොතිබීම දක්වා වූ සංවර්ධන අභියෝග ගණනාවකටම ශ්‍රී ලංකාව මුහුණ දෙන බව හඳුනාගෙන සිටින එක්සත් ජනපද රජය මෙම ගැටලූ වලට පිළියම් යෙදීම සදහා ශ්‍රී ලංකාව සමග පාර්ශවකාරීත්වයක් ගොඩනගාගැනීමට කැපවන බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව මුලූල්ලේ බහු සංස්කෘතික, බහු ආගමික, බහු භාෂාමය ජනතා සංවාද ඇති කිරීම සදහා සහය වීමටද දෙරට රජයන් විසින් සැළසුම් කරනු ලැබේ.
    ආරක්ෂක සහයෝගීතාවය

    මුහුදු කොල්ලයන් මැඩපැවැත්වීම මානුෂීය සහය සහ ආපදා සහන ලබා දීම සහ නලාපයේ වැදගත් මුහුදු මාර්ග වල නිදහස් හා ආරක්ෂිත ලෙස යාත්‍රා කිරීමේ හැකියාව සහතික කිරීම පිණිස ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව පිළිබද සහයෝගීතාවය ශක්තිමත් කිරීම සදහා රටවල් දෙකම සැළසුම් කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා තව දුරටත් දායකත්වය සැලසීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම එක්සත් ජනපදයේ ඇගයීමට ලක්විණ. පෙර සටන් පැවති ප්‍රදේශ වල පුද්ගලනාශක බිම්බෝම්බ ඉවත් කිරීම පිණිස ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්න වලට අඛණ්ඩව සහය දැක්වීමටද එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ශී්‍ර ලංකාවේ පශ්චාත් ගැටුම් අවශ්‍යතාවයන් ගැළපෙන පරිදි ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම හේතුවෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහය ලබා දේ. BIMSTEC අපනයන පාලනය හරහා අපනයන පාලන සහයෝගීතාවයන් ද්විප්‍රගුණනය කිරීමට එරෙහි අරමුණු වලට සහය වීම සදහා ඒ හා අදාල වන මායිම් ආරක්ෂා වැඩසටහන් ව්‍යාප්ත කිරීම නියෝජිත කණ්ඩායම් වල අරමුණයි. දේශ සීමා ඉක්මවා ගිය තර්ජන වල වැඩිවීම සළකා බලමින් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම බුද්ධි අංශ සහයෝගීතාවය හා තොරතුරු ඛෙදා හැරීම මෙන්ම ශඛ්‍යතා ගොඩනැංවීම වැඩිදියුණු කිරීමේ ඇති අවශ්‍යතාවය පිළිබදවද දෙරට විසින් හදුනාගන්නා ලදී. මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සදහා අරමුදල් සැපයීම සහ උග්‍ර අන්තවාදය මැඩපැවැත්වීම සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට අඛණ්ඩව කැපවෙන බවට දෙරටම ප්‍රකාශ කළහ. විවෘත හා ආරක්ෂිත සයිබර් අවකාශයක් ප්‍රවර්ධනය කිරීම සදහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කම මෙන්ම බුඩාපේස්ට් සම්මුතියට සම්බන්ධ වූ එකම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව වීම යන කරුණ පිළිබදවද සළකා බලමින් සයිබර් ආරක්ෂාවට හා සයිබර් අපරාධ මැඩපැවැත්වීමට අදාළ සහයෝගීතාවය ඇති කර ගැනීමේ ඉඩ ප්‍රස්ථා පිළිබදව සොයා බැලීම සදහා ද දෙපාර්ශවය එකගවූහ. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබදව හදුනාගත් එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික පාර්ශවකාරීත්ය පුලූල් කර ගැනීම හා ශක්තිමත් කර ගැනීම සදහා එක්ව කැපවෙන බවට ප්‍රකාශ කළහ. සමාරම්භක පාර්ශවකාරීත්ව සංවාදය සාර්ථක ලෙස නිමාවට පත්වීම පිළිබදව සතුට පළ කල නියෝජිත කණ්ඩායම් දෙක දෙවන පාර්ශවකාරීත්ව සංවාදය 2017 වසරේ කොළඹදී පැවැත්වීමට එකඟවූහ.

    වොෂින්ටන් ඩී. සී
    2016 පෙබරවාරි 29

    වොෂින්ටන් හි ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරු විසිනි


    - http://www.lankaenews.com/news/3624/si
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනුන්ගෙ පුකවල් සෝදා හම්බ කර ගන්නා උඹට බම්ප් එකක්... :):):):)
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ‘ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය සියයට 37 කින් අඩු කරනවා‘යි විදේශ ඇමැති ඇමරිකාවේදී කීවේ යැයි දිවයිනේ වාර්තාව පට්ටපල් බොරු: මෙන්න ඇත්ත
    - http://www.lankaenews.com/news/3624/si

    අනේ පලයන් නිරෝෂන් යන්න.උඹල 2015-01-08 ඉදල කියපු සේරම ඇත්තනෙ.ඇයි බන් කිරි ඇල්ලගෙ ලියුම බොරැවක් කියාගන්න බැරි උනේ.

     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ පලයන් නිරෝෂන් යන්න.උඹල 2015-01-08 ඉදල කියපු සේරම ඇත්තනෙ.ඇයි බන් කිරි ඇල්ලගෙ ලියුම බොරැවක් කියාගන්න බැරි උනේ.


    උන් හත් පොලේ ගාගන්න වැඩක් කරහම මුන්ටත් මල පනිනවා ඇති බන් මොන සුත්තක් ද කියලා. ඇයි ඉතින් රසබර කතන්දරයක් ලියන්න එපයිනේ. :rofl:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අනුන්ගෙ පුකවල් සෝදා හම්බ කර ගන්නා උඹට බම්ප් එකක්... :):):):)

    Umbath e jathie ekek thamai. Ranil ta kade yana ekata Ranil ge ona deyak hari. Mahindata kade yana ekatath Mahindage ona deyak hari. Me rata kawadawath diunu wenne neththe okai. :D
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අනේ පලයන් නිරෝෂන් යන්න.උඹල 2015-01-08 ඉදල කියපු සේරම ඇත්තනෙ.ඇයි බන් කිරි ඇල්ලගෙ ලියුම බොරැවක් කියාගන්න බැරි උනේ.

    Mamath gov. job ekakata yanna letter aran thienawa. Oka Lankawe aluth deyakda?

    UNP/SLFP umbala katawath me system eka wenas karanna one na. Umbala okkoma ekama kasiye depeththa :angry:
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Umbath e jathie ekek thamai. Ranil ta kade yana ekata Ranil ge ona deyak hari. Mahindata kade yana ekatath Mahindage ona deyak hari. Me rata kawadawath diunu wenne neththe okai. :D

    එකාම අකවුන්ට් දෙකකින් හෝදනවද??? ඇයි ඉතින් ඔච්චර රිදෙන්නෙ
    :rofl::rofl:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අනුන්ගෙ පුකවල් සෝදා හම්බ කර ගන්නා උඹට බම්ප් එකක්..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    Mamath gov. job ekakata yanna letter aran thienawa. Oka Lankawe aluth deyakda?

    UNP/SLFP umbala katawath me system eka wenas karanna one na. Umbala okkoma ekama kasiye depeththa :angry:
    හා.. ඇත්තද.අමතක උනාද මේක යහපානයනෙ.වැරදි කරන ඇමතිලා.පවුල් පාලනය මේවා තහනම්නෙ.ඇයි ලියුම් ඉල්ලගෙන ආවාම යහපාලන ඇමතිට අමතක උනාද ආපු එකාට කියන්න මේක යහපාලනය,අපි ආවෙ මේව නවත්වන් කියල හිටං.අනේ හුකේ.