Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
39 Steps !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lankan Politics with 39 Steps

දීප්ති කුමාර ගුණරත්න

2009 වසරේ යුද්ධය අවසානයත් සමඟම එතෙක් පැවති දේශපාලන සිතියම කිසිවකු ඊට පෙර අපේක්ෂා නොකළ ආකාරයට වෙනස් විය. ඉන්පසු රාජපක්ෂලාගේ දේශපාලනය හැර ඉතිරි සියලු දේශපාලනයන්ගේ මළගම් ප්‍රකාශයට පත් විය. රාජපක්ෂලා බඹරය වැල්ලේ ගැහුවත් කැරකැවෙන තරම් ඔවුන්ගේ දේශපාලනය සිංහල සමාජය තුළ තහවුරු විය. නමුත් 2012 වසරේ ජිනීවා නාට්‍යය සමඟ රාජපක්ෂලාගේ දේශපාලනය බාහිරින් තීරණය වීම ආරම්භ විය. ලංකාවේ රාජපක්ෂලා යනු ග්‍රීසියේ සීසර්ලා මෙන් වහරණ ලද න්යායාචාර්යවරුන්ව මුදියන්සේ දිසානායක මට්ටමේ නැට්ටුවන් බවට පරිවර්තනය වූයේ කිසිවකු කලින් නොසිතූ පරිදිය.

පන්තිය වෙනුවට ජාතිය මූලික විය යුතු බවත් පන්ති අරගලය වෙනුවට අධිරාජ්‍යය විරෝධය මූලික විය යුතු බවත් ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ ‛ටිල්වින් පාර්ශ්වය’ (පාර්ලිමේන්තු නියෝජනය) සහ ‛කුමාර පාර්ශ්වය’ (අව්‍යාජ යටිබිම්ගත අරගලකරුවා) දෙකට භේද විය. මාධ්‍ය මගින් ප්‍රකාශ වූ ආකාරයට කුමාර පාර්ශ්වයේ සංවිධාන ජාලය සිය පළමු සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබියදී කුමාර ගුණරත්නම් මහතාව හදිසියේම රාජ්‍ය යන්ත්‍රය විසින් පැහැර ගෙන යන ලදී. රාජපක්ෂලා අන්ද මන්ද කරමින් දේශීය සහ විදේශීය බලපෑම් නිසා පසුව ඔහුව නිදහස් කිරීමට සිදු විය. ඇතිවූ ඓන්ද්‍රීය අර්බුදය හමුවේ විවිධ කණ්ඩායම්වලට බෙදී ගිය වමේ කොටස් එකට එකතු කරන පොදු වමේ සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමට ඉන්පසු ජන-අරගල කණ්ඩායම උත්සාහ ගත්තේය. ඒ සඳහා දැනටමත් විවිධ වමේ පක්ෂ සහ විවිධ වාම පෞර්ෂයන් එකට එකතු වෙමින් පවතී. මෙවර මැයි දිනය එකට එකතු වී සැමරීම සඳහා එකඟතාවක් ද ඇති වී ඇත. මෙම පසුබිම ගැන මගේ අදහස මෙලෙස ප්‍රකාශ කරමි.

කුමාර් ගුණරත්නම්ගේ පැහැර ගැනීමේ රාජ්‍ය ත්රස්තයේ නාට්‍යය මා හට සිහිපත් කරන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් 1935 දී අධ්‍යක්ෂණය කළ ‛39 STEPS නම් චිත්‍රපටයයි. යථාර්ථය යනු අපට මග පෙන්වන ප්‍රදීපාගාරයක් නොව එය ප්‍රබන්ධයක් යන තේමාව මෙම චිත්‍රපටිය හරහා විදාරණය කළ හැක. අපි චිත්‍රපටියේ කතා සාරාංශය කෙටියෙන් සලකා බලමු. “රිචඩ් හානේ යනු සංචාරකයෙකු වශයෙන් එංගලන්තයට පැමිණ සිටින කැනේඩියානු ජාතික සාමකාමී සාමාන්‍ය පුරවැසියෙකි. දිනක් රාත්‍රියේ ඔහු එක්තරා සංගීතමය ප්‍රාසාංගික නාටකයක් නැරඹීමට යයි. එම සංගීත නාටකයේ සිත්ගත් අංගයක් වන්නේ අධික මතකයක් ඇති පුද්ගලයකු වේදිකාව මතට පැමිණ ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ සැලසීමයි. මේ පුද්ගලයාගේ නම ‛මතක මහත්මයා’ය (Mr. Memory) ඔලොක්කුවට මෙන් විවිධ ප්‍රේක්ෂක – ප්‍රේක්ෂිකාවන් විවිධ ප්‍රශ්න අසන අතර ඒ සියල්ලට හරිම පිළිතුර මිස්ටර් මතකය විසින් ලබා දෙයි. මෙම ක්‍රියාවලිය සුරතාන්ත මොහොතකට එන විට ශාලාව තුළ සිටින යම් කෙනෙකු වෙඩි දෙකක් තබයි. ඉන්පසු ඇති වන කළහය තුළ ශාලාව තුළ සිටි සියලු දෙනා එළියට පැන දුවති. අපගේ කතාවේ වීරයා වන රිචඩ්ද එළියට එන අතර අහම්බයෙන් සුන්දර කාන්තාවක් හමු වෙයි. ඉතා කාරුණික ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඔහු සමඟ ඔහුගේ නවාතැනට යාමට ඇයට ඉඩ දෙන ලෙසයි. ඔහු ඊට ඉඩ දෙයි.

ඔහුගේ නිවසට යන දෙදෙනා සතුටු සාමීචියට වැටෙන අතර ඇය අමුතුම කතාවක් ඔහුට කියයි. ඒ කතාවට අනුව වෙඩි දෙක තැබුවේ ඇය වන අතර එය ඇය කරනු ලැබූයේ ඇයව ඝාතනය කිරීමට ශාලාවට පැමිණි ඝාතකයන් දෙදෙනෙකුගේ අවධානය වෙනතකට යැවීමට බව ඇය පවසයි. එම ඝාතකයන් ඇය පසුපස පන්නන හේතුව ඔහු විමසූ විට ඇය කියන්නේ රාජකීය ගුවන් හමුදාවට අදාළ විශේෂ රහසක් තමන් දන්නා බවය. පසුදා වැඩි විස්තර කියන පොරොන්දුව මත දෙදෙනා නවාතැනේ ස්ථාන දෙකකදී නින්දට යයි. මධ්‍යම රාත්‍රියේ වෙව්ලන ශරීරයකින් සහ අතක ස්කොට්ලන්තයේ සිතියම සහිතව ඇය ඔහුගේ කාමරය වෙතට ඇතුළු වී ඇඳ මතට පෙරළෙයි. ඇගේ පිටෙහි ඇමුණුන පිහියක් තිබෙන අතර ඇය ඇඳ මත මිය යයි. රිචඩ් හානේ එක වරම සංකීර්ණ ප්‍රහේලිකාවකට මැදි වෙයි. දැන් ඔහු යනු බාහිර ලෝකයට අනුව මිනීමැරුමක සැකකරුවෙකි. වහාම ඔහු කිරි ගෙන යන වෙළෙන්දෙකුගේ වේසය ගෙන එතැනින් පළා ගොස් ස්කොට්ලන්තය දෙසට යන දුම්රියකට නගියි.

දුම්රිය තුළ යම් දුරක් ගිය පසු පොලිස් පරීක්ෂකයන් දුම්රියට ගොඩ වී ඔහුව සොයන බව වැටහෙන නිසා එක්වරම දුම්රියේ නිදන කාමර පෙට්ටියක සිටින නන්නාඳුනන සුන්දර තරුණියකගේ දෙතොල් සිප ගනිමින් ආලිංගනයක යෙදෙයි. පරීක්ෂකයන් තාවකාලිකව රැවටෙයි. නැවත ටික වෙලාවකින් පරීක්ෂකයන් අර නාඳුනන තරුණියගේම ඔත්තුවකට අනුව තමා පසුපස පන්නන බව වටහා ගෙන විශාල පාලමක් අසලදී දුම්රියෙන් ඉවතට පැන දුප්පත් ගැමි ගැහැනියකගේ උදව්වෙන් ඇගේ නිවසේ සැඟවෙයි. නමුත් එම ගැමි ගැහැණියගේම සැමියාගේ ඔත්තුවකට අනුව ඔහුව පොලිස් පරීක්ෂකයන් ග්‍රහණයට ගනියි. ඔහුව රැගෙන ගොස් යම් ස්ථානයකදී යම් කෙනෙකුට බාර දුන් පසු ඔවුන් පොලීසිය නොවන බව ඔහු වටහා ගනියි. එතැන 39 steps නම් සංවිධානයේ රහස් නායකයාගේ නිවස බව රිචඩ් වටහා ගනියි. යම් යම් දේවල් රිචඩ්ගෙන් ප්‍රශ්න කරන රහස් ලොක්කා ඔහුට වෙඩි තබා මැරුණා යැයි සිතා එතැනින් ඉවත් වෙයි. නමුත් එම වෙඩි පහරින් රිචඩ් මිය නොයන්නේ ඔහු ඇද සිටි කබාය ගැමි ගැහැණිය දුන් එකක් නිසාය. මන්ද යත් ඇගේ සැමියා භක්තිමත් ක්‍රිස්තියානි ලබ්ධිකයකු නිසා ඔහු සෑම විටම බයිබලය උඩ සාක්කුවේ දමා ගෙන සිටීම නිසාය. වෙඩිල්ල වදින්නේ පපුවට නොව බයිබලයටය.

එතැනින් ඉවතට යන ඔහු යළි පොලීසියට භාර වන අතර එතැනට යළි අර දුම්රියේ දීහමු වන නන්නාඳුනන තරුණිය පැමිණ සිදුවීම අල කරයි. යළිත් රිචඩ් එතැනින් පනින මුත් යළි පොලීසිය ඔහුව අල්ලාගෙන ලන්ඩනය කරා යාමට මෝටර් රථයකට දමයි. එයට අර තරුණියව ද ඇතුළු කරයි. අතරමග මෝටර් රථයට විශාල බැටළු රංචුවක් මුණ ගැසේ. එම බැටළුවන් එළවීමට පොලිස් නිලධාරීන් එළියට යන අතර පැන යාමට නොහැකි වන පරිදි රිචඩ් සහ තරුණියගේ අත් යා කර මාංචු දමයි. පොලීසිය මෝටර් රථයෙන් එළියට ගිය විගස රිචඩ් අර තරුණිය සමඟ මෝටර් රථයෙන් එළියට ඇගේ කැමැත්තෙන් තොරව යයි. තරුණියගේ දැඩි විරෝධය මැද මාංචු සහිතව ඇය සමඟම හෝටලයක් කරා රිචඩ් ගමන් කරයි. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ඔවුන්ව ආදරවන්ත ජෝඩුවක් ලෙස හැඳින ගනියි. තරුණිය විරෝධය දැක්වූවත් පසුව ඇයත් ජෝඩුවක් ලෙස රඟපෑමට එකඟ වෙයි.

රාත්‍රියේ නිදා ගත් පසු තරුණිය විසින් පැන යාමේ අදහසින් අමාරුවෙන් තම අත මාංචුවෙන් ගලවා ගෙන හෝටලයේ පහත මාලයට බසින විට ඇයට අමුත්තන් දෙදෙනෙකුගේ සංවාදයට ඇහුම්කන් දීමට සිදු වෙයි. එම සංවාදයට අනුව ඔවුන්ව මෝටර් රථයට දමා ගෙන ඇවිත් තිබුණේ පොලීසිය නොවන බවත් රිචඩ් මිනීමරුවෙක් නොවන බවත් එම තරුණිය වටහා ගනියි. ඇය ඔහු සමඟ ආලයෙන් බැඳෙන අතර ප්රහේළිකාව විසඳීමට ඇයත් ඔහුට උදව් කරයි. පසුව ඔවුන් දෙදෙනා ආදරවන්තයන් වෙයි.”

හිච්කොක්ගේ ‘The 39 Steps’නම් චිත්‍රපටයේ දේශපාලන අපූර්වත්වය කුමක්ද?

(1). රිචඩ් හානේ යනු අහිංසක මිනිසෙකි. නාට්‍ය ශාලාවේ හමුවන අභිරහස් ස්ත්‍රියක් නිසා ඔහු මිනීමරුවෙකු වෙයි. ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ගතවන කාලය අතරතුරදී ඔහු ක්‍රියා කරන්නේ ‛තමා’ මිනීමරුවෙකු ලෙස සලකාය. එය අහිංසක නැත.

(2). නොහඳුනන ස්ත්‍රියක් සමඟ මාංචු දමා ගැට ගැසූ පසු ඔවුන් දෙදෙනාටම බලකෙරෙන්නේ දෙදෙනාගේම ගැලවීම සඳහා ‛ආදරවන්තයන්’ ලෙස හැසිරීමටය. එනම් ඔවුන් බාහිර සමාජයට ‛මායාවක්’ ප්රක්ෂේපණය කරයි. මේ අවස්ථාව පරිකල්පනීය අවදිය ලෙස සැලකිය හැකිය. මෙම මායාව තාත්වික කිරීමට උත්සාහ ගැනීමේ අතුරුඵලයක් වශයෙන් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ඔවුන් සැබෑ ආදරවන්තයන් යුවළක් ලෙස පිළිගනියි. එනම් බාහිර සමාජය මේ දෙදෙනා කදිමට ගැලපෙන යුවළක් ලෙස පිළිගැනීමයි. එවිට ඔවුන් දෙදෙනාගේ පරිකල්පනය බාහිර ලෝකයට සංකේතීය දෙයක් බවට පත්වෙයි. මෙය සංකේතීය අවදිය ලෙස සැලකිය හැකිය. තුන්වෙනුව සිදුවන්නේ බාහිර සමාජය තමන් ආදරවන්තයන් යුවළක් ලෙස පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු අවස්ථාවේ තමන්ගේ ගැලවීම සඳහා මායාවක් ලෙස සමාජයට ප්රක්ෂේපණය කරන ප්‍රේම සම්බන්ධය ඒ දෙදෙනා විසින්ම සැබෑවක් ලෙස ගැනීමය. එනම් තරුණිය විසින් අප කතානායකයා වන රිචඩ් හානේට ආදරය කිරීමය. මෙය සැබෑවේ අවදිය ලෙස සැලකිය හැකිය. මෙහිදී ආදරවන්තයන් සිතන්නේ අනෙකා තමාට ආදරය කරන්නේ තමා තුළ තිබෙන කිසියම් ‛තමාට වඩා දෙයක්’ නිසා බවයි. පළමුව මායාවක් වශයෙන් ඉදිරිපත් කරන දෙය දෙවනුව සමාජය විසින් සැබෑවක් ලෙස සලකන අතර තෙවනුව එය තමා විසින්ම සැබෑවක් ලෙස සලකන දෙයක් බවට පරිවර්තනය වන්නේ සමාජය විසින් ලබා දෙන මේ පිළිගැනීම නිසාය. එනම් පුද්ගල සබඳතාවල කේන්ද්‍රය ඇත්තේ අන්තර්-පුද්ගල සබඳතා තුළ නොව සමාජය තුළය. හිච්කොක්ගේ චිත්‍රපටිය අප තවදුරටත් විශ්ලේෂණය කරන්නේ නම් එහි සමීකරණය මෙලෙස සටහන් කළ හැක. සංකේත ප්‍රබන්ධය යනු යම් රෝග ලක්ෂණයකින් ගැලවෙන්නට තනා ගත් පළිහක් නොවේ. සංකේත ප්‍රබන්ධය යනුම රෝග ලක්ෂණයකි. රිචඩ් හානේට මිනීමරු හංවඩුවෙන් ගැලවීමට නම් ඔහුට ඔහුවම මිනීමරුවකු ලෙස සලකන්නට සිදු වෙයි. එනම් ඔහුට තාවකාලිකව මතිභ්රමවාදියෙකු (Paranoiac) වීමට සිදු වෙයි.

මෙම චිත්‍රපටියේ පෙරහුරු දර්ශනයක් කරද්දී හිච්කොක්ටම සිදු වූ අපූරු ඇබැද්දියක් සිහිපත් කිරීමෙන් ‛යථාර්ථය’ යනු රෝග ලක්ෂණයක් බව අපටම වටහා ගත හැක. චිත්‍රපටියේ නන්නාදුනන තරුණියගේ භූමිකාවට පණ දුන් නිළිය වූයේ ‛මැඩලීන් කැරොල්’ය. ඇයට මෙම චරිතය පුහුණු කිරීමට ඇගේ අත ගෙන එයට මාංචුව දමා අනෙක් අතට හිච්කොක් තම මාංචුව දමා ගත්තේය. පුහුණු කටයුතු කිහිපයක් අතරදී අහම්බයෙන් මාංචු කුට්ටමේ යතුර නැති වී හිච්කොක්ට සහ මැඩලීන්ට පැය කිහිපයක් කාලය ගත කරන්නට වී ඇත. එක් අවස්ථාවකදී ශාරීරික කෘත්‍යයක් කිරීමට පවා දෙදෙනාටම එකට බාත් රූම් එකට යාමට සිදු වී ඇත. එමඟින් ඔවුන් අතර හටගත් අමුතුම ආකෘතියක ශෘංගාරය චිත්‍රපටියේ අනාගතයට නව මුහුණුවරක් එක්කරන ලදී. බොහෝ වාමාංශික සංවිධාන අහිංසකය. හරියට රිචඩ් හානේ මෙනි. ඔවුන්ගේ සන්ධාන ගොඩනැගීම හරියට අහම්බයෙන් දුම්රියේ දී හමු වූ ආගන්තුක තරුණිය බලෙන් සිප ගැනීමක් පරිදිය. සැබැවින්ම නොපවතින සම්බන්ධතා ඉතා සමීප සබඳතා සේ දැකීමට වාමාංශිකයන් යුහුසුළු වෙයි. ලංකාවේ වාමාංශයට බොහෝ දේවල් අහිමි වීමෙන් පසුවත් මේ ලෝකයේ නොපවතින සබඳතා පවතී යැයි විශ්වාස කරන මිථ්‍යාවේ ඔවුහු තවමත් ගැලී සිටිති. අප සියලු දෙනා ගැලවිය යුත්තේ වාමාංශික ළදරු වලිප්පුවෙන් නොව මෙම වාමාංශික මතිභ්රමවාදයෙනි. ඒ සඳහා තැබිය යුතු පියවර 39 යනු ‛යථාර්ථය’ (Reality) යනුම රෝග ලක්ෂණයක් ලෙස හෝ තුවාලයක් ලෙස හෝ සලකා බැලීමයි. අප වෙනුවෙන් රැවටෙන මිනිසුන් උපකල්පනය කිරීමෙන් යථාර්ථය වෙනස් කළ නොහැක. Mr. Memory නොහොත් විමල් වීරවංශ යනු හුදු දේශපාලන කවටයකු නොවේ. සමාජ යථාර්ථය ප්රතිනිෂ්පාදනය වන්නේ ඔහු වැනි චරිත මගින්ය. අහම්බයකින් සිදුවන ඇබැද්දියක් මගින් සමාජය වෙනස්වීම අපූර්ව දර්ශනයකි

Original Article:

[QUOTE="mldarshana, post: 12758440, member: 25657"] [CENTER][B][SIZE="4"][COLOR="Red"]Sri Lankan Politics with 39 Steps[/COLOR][/SIZE][/B] [CENTER][B][SIZE="3"][COLOR="Red"]දීප්ති කුමාර ගුණරත්න[/COLOR][/SIZE][/B][/CENTER] [IMG]http://www.nerve.com/files/uploads/scanner/2012/39Steps.jpg[/IMG][/CENTER] [SIZE="4"]2009 වසරේ යුද්ධය අවසානයත් සමඟම එතෙක් පැවති දේශපාලන සිතියම කිසිවකු ඊට පෙර අපේක්ෂා නොකළ ආකාරයට වෙනස් විය. ඉන්පසු රාජපක්ෂලාගේ දේශපාලනය හැර ඉතිරි සියලු දේශපාලනයන්ගේ මළගම් ප්‍රකාශයට පත් විය. රාජපක්ෂලා බඹරය වැල්ලේ ගැහුවත් කැරකැවෙන තරම් ඔවුන්ගේ දේශපාලනය සිංහල සමාජය තුළ තහවුරු විය. නමුත් 2012 වසරේ ජිනීවා නාට්‍යය සමඟ රාජපක්ෂලාගේ දේශපාලනය බාහිරින් තීරණය වීම ආරම්භ විය. ලංකාවේ රාජපක්ෂලා යනු ග්‍රීසියේ සීසර්ලා මෙන් වහරණ ලද න්යායාචාර්යවරුන්ව මුදියන්සේ දිසානායක මට්ටමේ නැට්ටුවන් බවට පරිවර්තනය වූයේ කිසිවකු කලින් නොසිතූ පරිදිය. පන්තිය වෙනුවට ජාතිය මූලික විය යුතු බවත් පන්ති අරගලය වෙනුවට අධිරාජ්‍යය විරෝධය මූලික විය යුතු බවත් ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ ‛ටිල්වින් පාර්ශ්වය’ (පාර්ලිමේන්තු නියෝජනය) සහ ‛කුමාර පාර්ශ්වය’ (අව්‍යාජ යටිබිම්ගත අරගලකරුවා) දෙකට භේද විය. මාධ්‍ය මගින් ප්‍රකාශ වූ ආකාරයට කුමාර පාර්ශ්වයේ සංවිධාන ජාලය සිය පළමු සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබියදී කුමාර ගුණරත්නම් මහතාව හදිසියේම රාජ්‍ය යන්ත්‍රය විසින් පැහැර ගෙන යන ලදී. රාජපක්ෂලා අන්ද මන්ද කරමින් දේශීය සහ විදේශීය බලපෑම් නිසා පසුව ඔහුව නිදහස් කිරීමට සිදු විය. ඇතිවූ ඓන්ද්‍රීය අර්බුදය හමුවේ විවිධ කණ්ඩායම්වලට බෙදී ගිය වමේ කොටස් එකට එකතු කරන පොදු වමේ සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමට ඉන්පසු ජන-අරගල කණ්ඩායම උත්සාහ ගත්තේය. ඒ සඳහා දැනටමත් විවිධ වමේ පක්ෂ සහ විවිධ වාම පෞර්ෂයන් එකට එකතු වෙමින් පවතී. මෙවර මැයි දිනය එකට එකතු වී සැමරීම සඳහා එකඟතාවක් ද ඇති වී ඇත. මෙම පසුබිම ගැන මගේ අදහස මෙලෙස ප්‍රකාශ කරමි. කුමාර් ගුණරත්නම්ගේ පැහැර ගැනීමේ රාජ්‍ය ත්රස්තයේ නාට්‍යය මා හට සිහිපත් කරන්නේ ඇල්ෆ්‍රඩ් හිච්කොක් 1935 දී අධ්‍යක්ෂණය කළ ‛39 STEPS නම් චිත්‍රපටයයි. යථාර්ථය යනු අපට මග පෙන්වන ප්‍රදීපාගාරයක් නොව එය ප්‍රබන්ධයක් යන තේමාව මෙම චිත්‍රපටිය හරහා විදාරණය කළ හැක. අපි චිත්‍රපටියේ කතා සාරාංශය කෙටියෙන් සලකා බලමු. “රිචඩ් හානේ යනු සංචාරකයෙකු වශයෙන් එංගලන්තයට පැමිණ සිටින කැනේඩියානු ජාතික සාමකාමී සාමාන්‍ය පුරවැසියෙකි. දිනක් රාත්‍රියේ ඔහු එක්තරා සංගීතමය ප්‍රාසාංගික නාටකයක් නැරඹීමට යයි. එම සංගීත නාටකයේ සිත්ගත් අංගයක් වන්නේ අධික මතකයක් ඇති පුද්ගලයකු වේදිකාව මතට පැමිණ ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ සැලසීමයි. මේ පුද්ගලයාගේ නම ‛මතක මහත්මයා’ය (Mr. Memory) ඔලොක්කුවට මෙන් විවිධ ප්‍රේක්ෂක – ප්‍රේක්ෂිකාවන් විවිධ ප්‍රශ්න අසන අතර ඒ සියල්ලට හරිම පිළිතුර මිස්ටර් මතකය විසින් ලබා දෙයි. මෙම ක්‍රියාවලිය සුරතාන්ත මොහොතකට එන විට ශාලාව තුළ සිටින යම් කෙනෙකු වෙඩි දෙකක් තබයි. ඉන්පසු ඇති වන කළහය තුළ ශාලාව තුළ සිටි සියලු දෙනා එළියට පැන දුවති. අපගේ කතාවේ වීරයා වන රිචඩ්ද එළියට එන අතර අහම්බයෙන් සුන්දර කාන්තාවක් හමු වෙයි. ඉතා කාරුණික ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඔහු සමඟ ඔහුගේ නවාතැනට යාමට ඇයට ඉඩ දෙන ලෙසයි. ඔහු ඊට ඉඩ දෙයි. ඔහුගේ නිවසට යන දෙදෙනා සතුටු සාමීචියට වැටෙන අතර ඇය අමුතුම කතාවක් ඔහුට කියයි. ඒ කතාවට අනුව වෙඩි දෙක තැබුවේ ඇය වන අතර එය ඇය කරනු ලැබූයේ ඇයව ඝාතනය කිරීමට ශාලාවට පැමිණි ඝාතකයන් දෙදෙනෙකුගේ අවධානය වෙනතකට යැවීමට බව ඇය පවසයි. එම ඝාතකයන් ඇය පසුපස පන්නන හේතුව ඔහු විමසූ විට ඇය කියන්නේ රාජකීය ගුවන් හමුදාවට අදාළ විශේෂ රහසක් තමන් දන්නා බවය. පසුදා වැඩි විස්තර කියන පොරොන්දුව මත දෙදෙනා නවාතැනේ ස්ථාන දෙකකදී නින්දට යයි. මධ්‍යම රාත්‍රියේ වෙව්ලන ශරීරයකින් සහ අතක ස්කොට්ලන්තයේ සිතියම සහිතව ඇය ඔහුගේ කාමරය වෙතට ඇතුළු වී ඇඳ මතට පෙරළෙයි. ඇගේ පිටෙහි ඇමුණුන පිහියක් තිබෙන අතර ඇය ඇඳ මත මිය යයි. රිචඩ් හානේ එක වරම සංකීර්ණ ප්‍රහේලිකාවකට මැදි වෙයි. දැන් ඔහු යනු බාහිර ලෝකයට අනුව මිනීමැරුමක සැකකරුවෙකි. වහාම ඔහු කිරි ගෙන යන වෙළෙන්දෙකුගේ වේසය ගෙන එතැනින් පළා ගොස් ස්කොට්ලන්තය දෙසට යන දුම්රියකට නගියි. දුම්රිය තුළ යම් දුරක් ගිය පසු පොලිස් පරීක්ෂකයන් දුම්රියට ගොඩ වී ඔහුව සොයන බව වැටහෙන නිසා එක්වරම දුම්රියේ නිදන කාමර පෙට්ටියක සිටින නන්නාඳුනන සුන්දර තරුණියකගේ දෙතොල් සිප ගනිමින් ආලිංගනයක යෙදෙයි. පරීක්ෂකයන් තාවකාලිකව රැවටෙයි. නැවත ටික වෙලාවකින් පරීක්ෂකයන් අර නාඳුනන තරුණියගේම ඔත්තුවකට අනුව තමා පසුපස පන්නන බව වටහා ගෙන විශාල පාලමක් අසලදී දුම්රියෙන් ඉවතට පැන දුප්පත් ගැමි ගැහැනියකගේ උදව්වෙන් ඇගේ නිවසේ සැඟවෙයි. නමුත් එම ගැමි ගැහැණියගේම සැමියාගේ ඔත්තුවකට අනුව ඔහුව පොලිස් පරීක්ෂකයන් ග්‍රහණයට ගනියි. ඔහුව රැගෙන ගොස් යම් ස්ථානයකදී යම් කෙනෙකුට බාර දුන් පසු ඔවුන් පොලීසිය නොවන බව ඔහු වටහා ගනියි. එතැන 39 steps නම් සංවිධානයේ රහස් නායකයාගේ නිවස බව රිචඩ් වටහා ගනියි. යම් යම් දේවල් රිචඩ්ගෙන් ප්‍රශ්න කරන රහස් ලොක්කා ඔහුට වෙඩි තබා මැරුණා යැයි සිතා එතැනින් ඉවත් වෙයි. නමුත් එම වෙඩි පහරින් රිචඩ් මිය නොයන්නේ ඔහු ඇද සිටි කබාය ගැමි ගැහැණිය දුන් එකක් නිසාය. මන්ද යත් ඇගේ සැමියා භක්තිමත් ක්‍රිස්තියානි ලබ්ධිකයකු නිසා ඔහු සෑම විටම බයිබලය උඩ සාක්කුවේ දමා ගෙන සිටීම නිසාය. වෙඩිල්ල වදින්නේ පපුවට නොව බයිබලයටය. එතැනින් ඉවතට යන ඔහු යළි පොලීසියට භාර වන අතර එතැනට යළි අර දුම්රියේ දීහමු වන නන්නාඳුනන තරුණිය පැමිණ සිදුවීම අල කරයි. යළිත් රිචඩ් එතැනින් පනින මුත් යළි පොලීසිය ඔහුව අල්ලාගෙන ලන්ඩනය කරා යාමට මෝටර් රථයකට දමයි. එයට අර තරුණියව ද ඇතුළු කරයි. අතරමග මෝටර් රථයට විශාල බැටළු රංචුවක් මුණ ගැසේ. එම බැටළුවන් එළවීමට පොලිස් නිලධාරීන් එළියට යන අතර පැන යාමට නොහැකි වන පරිදි රිචඩ් සහ තරුණියගේ අත් යා කර මාංචු දමයි. පොලීසිය මෝටර් රථයෙන් එළියට ගිය විගස රිචඩ් අර තරුණිය සමඟ මෝටර් රථයෙන් එළියට ඇගේ කැමැත්තෙන් තොරව යයි. තරුණියගේ දැඩි විරෝධය මැද මාංචු සහිතව ඇය සමඟම හෝටලයක් කරා රිචඩ් ගමන් කරයි. හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ඔවුන්ව ආදරවන්ත ජෝඩුවක් ලෙස හැඳින ගනියි. තරුණිය විරෝධය දැක්වූවත් පසුව ඇයත් ජෝඩුවක් ලෙස රඟපෑමට එකඟ වෙයි. රාත්‍රියේ නිදා ගත් පසු තරුණිය විසින් පැන යාමේ අදහසින් අමාරුවෙන් තම අත මාංචුවෙන් ගලවා ගෙන හෝටලයේ පහත මාලයට බසින විට ඇයට අමුත්තන් දෙදෙනෙකුගේ සංවාදයට ඇහුම්කන් දීමට සිදු වෙයි. එම සංවාදයට අනුව ඔවුන්ව මෝටර් රථයට දමා ගෙන ඇවිත් තිබුණේ පොලීසිය නොවන බවත් රිචඩ් මිනීමරුවෙක් නොවන බවත් එම තරුණිය වටහා ගනියි. ඇය ඔහු සමඟ ආලයෙන් බැඳෙන අතර ප්රහේළිකාව විසඳීමට ඇයත් ඔහුට උදව් කරයි. පසුව ඔවුන් දෙදෙනා ආදරවන්තයන් වෙයි.” හිච්කොක්ගේ ‘The 39 Steps’නම් චිත්‍රපටයේ දේශපාලන අපූර්වත්වය කුමක්ද? (1). රිචඩ් හානේ යනු අහිංසක මිනිසෙකි. නාට්‍ය ශාලාවේ හමුවන අභිරහස් ස්ත්‍රියක් නිසා ඔහු මිනීමරුවෙකු වෙයි. ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ගතවන කාලය අතරතුරදී ඔහු ක්‍රියා කරන්නේ ‛තමා’ මිනීමරුවෙකු ලෙස සලකාය. එය අහිංසක නැත. (2). නොහඳුනන ස්ත්‍රියක් සමඟ මාංචු දමා ගැට ගැසූ පසු ඔවුන් දෙදෙනාටම බලකෙරෙන්නේ දෙදෙනාගේම ගැලවීම සඳහා ‛ආදරවන්තයන්’ ලෙස හැසිරීමටය. එනම් ඔවුන් බාහිර සමාජයට ‛මායාවක්’ ප්රක්ෂේපණය කරයි. මේ අවස්ථාව පරිකල්පනීය අවදිය ලෙස සැලකිය හැකිය. මෙම මායාව තාත්වික කිරීමට උත්සාහ ගැනීමේ අතුරුඵලයක් වශයෙන් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ඔවුන් සැබෑ ආදරවන්තයන් යුවළක් ලෙස පිළිගනියි. එනම් බාහිර සමාජය මේ දෙදෙනා කදිමට ගැලපෙන යුවළක් ලෙස පිළිගැනීමයි. එවිට ඔවුන් දෙදෙනාගේ පරිකල්පනය බාහිර ලෝකයට සංකේතීය දෙයක් බවට පත්වෙයි. මෙය සංකේතීය අවදිය ලෙස සැලකිය හැකිය. තුන්වෙනුව සිදුවන්නේ බාහිර සමාජය තමන් ආදරවන්තයන් යුවළක් ලෙස පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පළමු අවස්ථාවේ තමන්ගේ ගැලවීම සඳහා මායාවක් ලෙස සමාජයට ප්රක්ෂේපණය කරන ප්‍රේම සම්බන්ධය ඒ දෙදෙනා විසින්ම සැබෑවක් ලෙස ගැනීමය. එනම් තරුණිය විසින් අප කතානායකයා වන රිචඩ් හානේට ආදරය කිරීමය. මෙය සැබෑවේ අවදිය ලෙස සැලකිය හැකිය. මෙහිදී ආදරවන්තයන් සිතන්නේ අනෙකා තමාට ආදරය කරන්නේ තමා තුළ තිබෙන කිසියම් ‛තමාට වඩා දෙයක්’ නිසා බවයි. පළමුව මායාවක් වශයෙන් ඉදිරිපත් කරන දෙය දෙවනුව සමාජය විසින් සැබෑවක් ලෙස සලකන අතර තෙවනුව එය තමා විසින්ම සැබෑවක් ලෙස සලකන දෙයක් බවට පරිවර්තනය වන්නේ සමාජය විසින් ලබා දෙන මේ පිළිගැනීම නිසාය. එනම් පුද්ගල සබඳතාවල කේන්ද්‍රය ඇත්තේ අන්තර්-පුද්ගල සබඳතා තුළ නොව සමාජය තුළය. හිච්කොක්ගේ චිත්‍රපටිය අප තවදුරටත් විශ්ලේෂණය කරන්නේ නම් එහි සමීකරණය මෙලෙස සටහන් කළ හැක. සංකේත ප්‍රබන්ධය යනු යම් රෝග ලක්ෂණයකින් ගැලවෙන්නට තනා ගත් පළිහක් නොවේ. සංකේත ප්‍රබන්ධය යනුම රෝග ලක්ෂණයකි. රිචඩ් හානේට මිනීමරු හංවඩුවෙන් ගැලවීමට නම් ඔහුට ඔහුවම මිනීමරුවකු ලෙස සලකන්නට සිදු වෙයි. එනම් ඔහුට තාවකාලිකව මතිභ්රමවාදියෙකු (Paranoiac) වීමට සිදු වෙයි. මෙම චිත්‍රපටියේ පෙරහුරු දර්ශනයක් කරද්දී හිච්කොක්ටම සිදු වූ අපූරු ඇබැද්දියක් සිහිපත් කිරීමෙන් ‛යථාර්ථය’ යනු රෝග ලක්ෂණයක් බව අපටම වටහා ගත හැක. චිත්‍රපටියේ නන්නාදුනන තරුණියගේ භූමිකාවට පණ දුන් නිළිය වූයේ ‛මැඩලීන් කැරොල්’ය. ඇයට මෙම චරිතය පුහුණු කිරීමට ඇගේ අත ගෙන එයට මාංචුව දමා අනෙක් අතට හිච්කොක් තම මාංචුව දමා ගත්තේය. පුහුණු කටයුතු කිහිපයක් අතරදී අහම්බයෙන් මාංචු කුට්ටමේ යතුර නැති වී හිච්කොක්ට සහ මැඩලීන්ට පැය කිහිපයක් කාලය ගත කරන්නට වී ඇත. එක් අවස්ථාවකදී ශාරීරික කෘත්‍යයක් කිරීමට පවා දෙදෙනාටම එකට බාත් රූම් එකට යාමට සිදු වී ඇත. එමඟින් ඔවුන් අතර හටගත් අමුතුම ආකෘතියක ශෘංගාරය චිත්‍රපටියේ අනාගතයට නව මුහුණුවරක් එක්කරන ලදී. බොහෝ වාමාංශික සංවිධාන අහිංසකය. හරියට රිචඩ් හානේ මෙනි. ඔවුන්ගේ සන්ධාන ගොඩනැගීම හරියට අහම්බයෙන් දුම්රියේ දී හමු වූ ආගන්තුක තරුණිය බලෙන් සිප ගැනීමක් පරිදිය. සැබැවින්ම නොපවතින සම්බන්ධතා ඉතා සමීප සබඳතා සේ දැකීමට වාමාංශිකයන් යුහුසුළු වෙයි. ලංකාවේ වාමාංශයට බොහෝ දේවල් අහිමි වීමෙන් පසුවත් මේ ලෝකයේ නොපවතින සබඳතා පවතී යැයි විශ්වාස කරන මිථ්‍යාවේ ඔවුහු තවමත් ගැලී සිටිති. අප සියලු දෙනා ගැලවිය යුත්තේ වාමාංශික ළදරු වලිප්පුවෙන් නොව මෙම වාමාංශික මතිභ්රමවාදයෙනි. ඒ සඳහා තැබිය යුතු පියවර 39 යනු ‛යථාර්ථය’ (Reality) යනුම රෝග ලක්ෂණයක් ලෙස හෝ තුවාලයක් ලෙස හෝ සලකා බැලීමයි. අප වෙනුවෙන් රැවටෙන මිනිසුන් උපකල්පනය කිරීමෙන් යථාර්ථය වෙනස් කළ නොහැක. Mr. Memory නොහොත් විමල් වීරවංශ යනු හුදු දේශපාලන කවටයකු නොවේ. සමාජ යථාර්ථය ප්රතිනිෂ්පාදනය වන්නේ ඔහු වැනි චරිත මගින්ය. අහම්බයකින් සිදුවන ඇබැද්දියක් මගින් සමාජය වෙනස්වීම අපූර්ව දර්ශනයකි[/SIZE] Original Article: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom