3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය

    3D මුද්‍රිත අශ්ව බල 700 සුපිරි කාරය


    20170727tech.jpg

    ත්‍රිමාන මුද්‍රණය දැරිය හැකි මිලකට සහ පහසුවෙන් කරගැනීමට දැන් දැන් අවකාශය එළැඹීමත් සමඟම ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය සඳහා ආයෝජනය කිරීමට සමාගම් පෙළඹෙමින් පවතිනවා. ඩයිවර්ජන්ට් 3ඩී එවැනි සමාගමක්, තම තාක්ෂණයේ බල පරාක්‍රමය ලොවට පෙන්වීමට ඔවුන් පසුගියදා අශ්ව බල 700ක ජවයකින් යුතු (වාහනයේ මැද පිහිටි එන්ජිමකින් යුතු) ත්‍රිමාණ මුද්‍රිත සුපර්කාරයක් නිමැවුවා.
    බ්ලේඩ් නමින් හැඳින්වෙන මෙම ඉන්ජිනේරු අභ්‍යාසය ඩයිවර්ජන්ට් 3ඩී සමාගමට කළ හැකි දේ ලොවට විදහාපාන ව්‍යාපෘතියක් වන අතර ඔබ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දැක ඇති ආකාරයේ මෝටර් රථයක ආකෘතියට බෙහෙවින් සමාන ලෙස මෙය නිමවා තිබෙනවා.
    මෙයට බලය සැපයෙන්නේ වාහනයේ හරි මැද සවිකළ සිලින්ඩර 4ක, ලීටර 2.4ක ධාරිතාවකින් යුතු ටර්බොචාර්ජ් එන්ජිමකින්. (එය දැනට මිට්ෂුබිෂී ලාන්සර් ඉවලූෂන් කාරයේ භාවිත වන එන්ජිමමයි) ගියර් 6කින් යුතු මෙම කාරයේ බර කිලෝ 600කට මඳක් වැඩි වෙනවා.
    මෙම රථය විනෝදාංශයට කාර එකතු කරන්නකු වන ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ටෙලිවිෂන් චරිතයක් වන ජෝ.ලෙනෝගේ ගරාජයට ගෙන ආ අතර ඉන්පසු ඔහු සමඟ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිලේඩ් සුපර් කාරය ලොස් ඇන්ජලීස් නගරයේ වීදි පුරා පැද ගියා.