(4)ලෝකය මැව්වාද? ඉබේ ඇතිවූවාද? (කොටස 4)
-සිහින හා අනාවැකි-
සිහින සම්බන්දයෙන් කරුණු ඉස්ලාම්හි මෙන්ම බෞද්ධ දර්ශනයේද සඳහන්ය. මා මෙහිදී සළකා බලනුයේ අනාගතය නිරූපනය කරන සිහිනයන්ය.
අල් කුර්ආනයේන් උදාහරණයක් ගතහොත්,
යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූර්යයාද, චන්ද්‍රයාද ඇත්තෙන්ම මා හට සුජූද් කරනු මා (සිහිනෙන්) දුටුවෙමි“ .........“(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්රසාදයන් පූරණය කර තබනු ඇත.“ (අල් කුර්ආන් 12. 4-6)
බෞද්ධ දර්ශනයේ සිහින ගැන බොහෝ කරුණු ඇත.
අනාගතයේ සිදුවීමට යන සිදුවීමක් ගැන අද ප්‍රකාශ කිරීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? අනාගතයේ සිදුවන එම සිදුවීම අද වන විට සැළසුම් කර ඇති බවයි. අනාගතය අහඹු දෙයක් නම්, අපට අනාගතය පිළිබඳව අනාවැකි කිව නොහැක. අනාගතය දැනටමත් සැළසුම් කරන ලද දෙයක් නම්, අප අහඹු ලෙස හටගත්තා විය නොහැක. මා මෙහි සඳහන් කර ඇත්තේ අනාගතය බුද්ධියෙන් දැකීමක් ගැන වත් අනාගතය ගැන පෙරයීමි කිරීමක් වත් නොවේ. සිතන්න, සාමාන්‍ය මනුෂ්‍යයෙක් වූ කොසොල් රජතුමා භාහිර බලපෑමක් තොරව අනාගතය ගැන සිහිනයක් දකින්නේ කෙසේද?
මා මෙහිදී සළකා ඇත්තේ ඉස්ලාම්හි හා බෞද්ධ දර්ශනයේ ඇති සිහින කිහිපයක් නිසා ස්ථීර නිගමනයකට ඒමට අදහස් නොකරමි. නමුත් විය හැකි උපකල්පනයන් කිහිපයක් පමණක් කරමි.
ඉස්ලාමය මැවුම් වාදය පිළිගන්නා බැවින් හා සර්වබලධාරී දෙවි කෙනෙකුව පිළිගන්නා බැවින්, මේ සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවේ. නමුත් බෞද්ධයන්ට එය එසේ නොවේ.
මෙයින් අපට උපකල්පනයන් කිහිපයක් කළ හැක.
1.බෞද්ධ දර්ශනයේ පවසා ඇති මෙම සිහින නිසා, අනාගතය දැනටමත් සැළසුම් කර ඇත. එම නිසා අපගේ ජීවිත සහ මේ ලෝකය දැනටමත් කරන ලද සැළසුමකට අනුව ගමන් කරයි. එම නිසා අප අහඹු ලෙස හටගත්තා විය නොහැක.
2.අපගේ ජීවිත පෙර කල සැළසුමකට අනුව ගමන් නොකරන අතර අනාගතය කියන්නේ අහඹු දෙයකි. එම නිසා බෞද්ධ දර්ශනයේ පවසා ඇති අනාගතය පිළිබද ප්‍රකාශන ගැටලු සහිතයි.
මෙම උපකල්පන දෙක එකිනෙක පරස්පරය. ඹබ තෝරාගන්නා උපකල්පනය කුමක්ද?
තවත් ලිපියකින් හමුවෙමු.
සත්‍ය මග බ්ලොග් අඩවිය

- සිදුහත් කුමරා පිළිසිඳගැනිමට පෙර මහාමායා දේවින් දුටු සිහිනය.
- පංච නිමිති ලෙස බෝධිසත්වයන් දුටු සිහින.
- කොසොල් රජුගේ සිහින.
- සහ අනාගත පෙරනිමිති ලෙස බොහෝ කරුණු බෞද්ධ දර්ශනයේ සඳහන් වේ.