444 ගොඩක්‌ කල් හිටියා..... දැන් ඇති...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
444 ගොඩක්‌ කල් හිටියා..... දැන් ඇති...

sana.jpg


යකඩ තලයක්‌ තලන්න තලන්න මුවහත අලුත් වෙන්නාක්‌ මෙන් ඔහුට කැපිලි කෙටිලි එන හැම විටම සාර්ථකව නැගී සිටියේය. කපන්න කපන්න ජවය විහිදුවාලේය. එබැවින් ඔහු ක්‍රිකට්‌ පිටිය හැර යාමට අකමැති විය. එහෙත් ක්‍රිකට්‌ පිටියට සමුදීමේ නියමිත වයස දැන් ඔහුගෙන් හොඳටම මුහුපුරා ගොසිනි. එබැවින් ඔහු තීරණයක්‌ ගත්තේය. ඒ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට හැර යාමටය. මෙහි එන කතානායකයා සනත් ටෙරාන් ජයසූරිය හෙවත් ලෝක එක්‌දින ක්‍රිකට්‌ පිටිය නව මාවතකට රැගෙන ගිය කසකාරයාය.

"මම ගැන විශ්වාසය තියල මට අවස්‌ථාවක්‌ දීම ගැන වත්මන් ක්‍රිකට්‌ තේරීම් ක්‌මිටුව ගොඩක්‌ ස්‌තුති වන්ත වනවා. ඔවුන් මාව එංගලන්ත එක්‌දින සංචාරයට නම් කළත් මම එහිදී සහභාගි වන 20-20 තරගයෙන් සහ පළමු එක්‌දින තරගයෙන් පසුව ජාත්‍යන්ත ක්‍රිකට්‌ පිටියට සමුදෙනාව." ඒ සනත් ජයසූරියගේ සමුගැනීමේ නිල නිවේදනයයි.

1969 වසරේ ජුනි මස 30 වැනිදා මාතරින් මෙලොව එළිය දුටු සනත් ජයසූරිය මාතර ශර්වේසස්‌ විදුහලින් ක්‍රිකට්‌ පිටියට පැමිණ 1989 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ වරම් ලබාගත්තේය. එතැන් සිට අවුරුදු 22 ක්‌ තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙයක්‌ ඉටු කළ සනත් ඉකුත් වසර කිහිපයේදී නවකයන්ගේ පැමිණීම සහ ඔහුගේ දස්‌කම්වල අඩුවීම හේතුවෙන් කණ්‌ඩායමෙන් එළියට විසිවිය.

"මම 444 ගොඩක්‌ කල් හිටියා. මම හිතන්නෙ අවුරුදු 1 1/2 ක්‌ විතර." සනත් එසේ කියන්නේ ඔහු සහභාගි වූ 444 වැනි ජාත්‍යන්තර තරගයෙන් පසුව 445 වැන්න එනතුරු ගොඩාක්‌ කල් බලා සිටි බවයි. ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලොව වැඩිම එක්‌දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවකට සහභාගි වීමේ වාර්තාවට හිමිකම් කියන අතර එහි දෙවැනි ස්‌ථානය ජයසූරියට හිමිව තිබේ. එක වගේ ඉලක්‌කම් තුනක්‌ යනු අපලයකි. එනම් නෙල්සන් යෑයි හඳුන් වනු ලබයි. සනත්ටද නෙල්සන් හරහට හිටියෑයි සිතා දැන් හිත හදා ගැනීම සතුටට කරුණක්‌ වනු ඇත.

"1996 ලෝක කුසලානය දිනා ගැනීම මගේ ක්‍රිකට්‌ ජීවිතයේ සතුටුම අවස්‌ථාව. මගේ ක්‍රිකට්‌ දිවියේ කණගාටුම අවස්‌ථාව තමයි ඉකුත් (2011) ලෝක කුසලානයෙන් මාව ඉවත් කිරීම. ඒ වෙනකොට මම දේශීය තරගවලදි හොඳින් දස්‌කම් දක්‌වල ඉන්න කොටත් මාව ඉවත් කරපු එක සෑහෙන්න කණගාටුයි. නමුත් මම ක්‍රිකට්‌ වෙනුවෙන් මගේ රටට කරන්න පුළුවන් උපරිමය කරල තියෙන්නෙ." යනුවෙන් තම ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියේ සතුට සහ අසතුට පිළිබඳව සනත් සඳහන් කරයි.

එක්‌දින තරග 444 කදී ලකුණු 13328 ක්‌ ලොව දෙවැනියට වැඩිම එක්‌දින ලකුණු ලබාගත් පිතිකරුවා වන ජයසූරිය පන්දු යෑවීමෙන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 322 කි. ඔහු ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 189 සිය ජාත්‍යන්තර එක්‌දින දිවියේ ලබාගත් වැඩිම ලකුණු සංඛයාව ලෙස සටහන් වේ.

"මගේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ දිවියේ නොයෙක්‌ අඩුපාඩු කම් තිබුණා. නමුත් මාධ්‍ය මගින් හොඳ දේ හොඳ විදිහටත් නරක දේ ඒ ආකාරයෙනුත් විවේචනය කිරීමෙන් මම හොඳ දේවල් ඉගෙන ගත්තා." යනුවෙන් තම ක්‍රිකට්‌ දිවියේ සියලු සටහන් පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ මාධ්‍යට ස්‌තුති කිරීමට ජයසූරිය සිය සමුගැනීමේදී වගබලාගත්තේය.

"මාව මුල් අවධියේ කොළඹට ගෙනල්ලා දරුවෙක්‌ වගේ හදාගත්ත සියලු දෙනාටත්, මගේ පාසලේ සියලු ක්‍රිකට්‌ ගුරුවරුන්ටත්, මාතර ප්‍රදේශය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් මා කෙරෙහි විශ්වාසය තබා මා දිරි ගැන්වීම වෙනුවෙන් ස්‌තුති වන්ත වනවා." යනුවෙන් සිය පුද සත්කාරය වාචිකය ප්‍රකාශ කිරීමට ජයසූරිය ඉකුත්දා සමත් විය.

"සනා ගැහුවොත් මැච් එක දිනුම්", "ඉන්දියාවේ මනෝඡ් ප්‍රභාකරන්ව ගෙදර ඇරියෙ සනා තමයි", සනා අවුට්‌ වෙනකං හරි මැච් එක බලමු" මෙවැනි උද්ධෘත පාඨ ඔහු වෙනුවෙන් ප්‍රේක්‍ෂයන් නිතර කියන්නට පටන් ගත්තේ සනාගේ උපරිමය තිබූ කාලයේය. ශ්‍රී ලාංකිකයන් පමණක්‌ නොව ඉන්දියානුවන්ද සනත් ජයසූරියව දේවත්වයෙන් සැලකුම් කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් සනත් හෙම්බත් විය. ඔහු ආසා කළ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමට ඔහු තුළ ආත්මක ශක්‌තියක්‌ නොවීය. එබැවින් සනාට ගරු බුහුමන් කළ ප්‍රේක්‍ෂකයන්ටද විටෙක ඔහුව එපා විය. ඒ හුදෙක්‌ ඔහුගේ වයස සහ ඔහු දේශපාලන පොරපිටියට පැමිණීම නිසායෑයි විය හැකිය. නමුත් සනා දේශපාලනය කරන අතරදීත් ක්‍රිකට්‌ වල ඇලී ගැලී සිටියේ කවදා හෝ තම දක්‍ෂතාව පෙන්වා සමුගැනීමට විය හැක.

සනාගේ අදාළ චින්තනයට නිසි ක්‍රියාමාර්ගය ගැනීමට හොඳම කාළය එනතුරු ඔහු ඇඟිලි ගනිමින් ලත වෙන්නට ඇත. එය උදා වූ සැනින් තමා ශක්‌තිමත්ව ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදෙන්නට තීරණය කිරීම බොහෝ සේ වටී. ඒ ලබන 30 වැනිදාට ඔහුට වයස අවුරුදු 42 ක්‌ වන බැවිනි. සනත් ජයසූරිය මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් කළ අමිල සේවය වචනවලින් විස්‌තර කළ නොහැක. ඔහු අමරණීය ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ වීරයෙකි. නමුත් ඔහුගේ ඉදිරි දැක්‌ම මෙසේ සඳහන් කිරීම කාලෝචිතය.

සනත් වත්මන් ක්‍රිකට්‌ අතුරු කමිටුව හොඳද? "ඔව් ඔවුන් හොඳින් වැඩ කරගෙන යන්නෙ. (සිනාවෙමින්)

ඔබ හිතනවද ඔවුන් හොඳයි කියා? "මාධ්‍යවලින්ම තමයි මමත් ඔවුන්ගෙ හොඳ නරක දැන ගන්නෙ. ඉතින් මාධ්‍ය මට වැඩිය හොඳට ඒ ගැන දන්නව ඇතිනෙ.

ක්‍රිකට්‌ වලින් සමු ගැනීමෙන් පසු ඔබ ක්‍රිකට්‌ පරිපාලනයට සම්බන්ධ වෙනවාද? "මට සමුගන්න තව ටික දවසක්‌ තියෙනවා. ඒක හින්ද ඒ ගැන තාම හිතල නැහැ."

කවදා හරි ක්‍රිකට්‌ පරිපාලනයට එනවද? "මාධ්‍යයෙන් ක්‍රිකට්‌ පරිපාලනය ගැන සඳහන් කරන දේවල් දැක්‌කම ඒකට සම්බන්ධ වෙන්නත් බයයි."

ඉහත ප්‍රශ්නවලට ජයසූරිය එසේ පිළිතුරු දීමෙන් යමෙකුට සිතිය හැක ඔහු ඉදිරියේදී ක්‍රිකට්‌ පරිපාලනයට සම්බන්ධ විය හැකි බව. නමුත් ඔහු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. අවසන් වශයෙන් සනා කියූ දේ මෙසේ සටහන් කරමු. ඒ ක්‍රිකට්‌ පිටියෙන් දේශපාලන පිටිය පිළිබඳවය.

"දැන් මාතරට ගං වතුර නෑ. මට සංවර්ධනයට ලැබිච්ච සියලු දේවල් වලින් ගං වතුර වලක්‌වන්න හැකි සෑම දෙයක්‌ම කළා. පාරවල් කොන්ක්‍රීට්‌ කරල හොඳ තත්ත්වයට හැදුවා. සමහර අය මා ළඟට ඇවිත් රස්‌සා ඉල්ලනවා. නමුත් මට කරන්න පුළුවන් දේ පමණක්‌ කරනවා. මට සහයෝගය දක්‌වන සියලු දෙනාටම මම කියන්නෙ මම කවදාවත් බොරු කියන්නෙ නැහැ. කරන්න පුළුවන් දේ කියනවා. බත් පැකට්‌ටුවට මිනිසුන්ව රවට්‌ටන්නෙ නැහැ. ඇත්ත කියලා ඊළඟ පාර පැරදුනත් කමක්‌ නැහැ." ඒ ජයසූරියගේ දේශපාලන අදහස්‌ කීපයකි.


Read source 444 ගොඩක්‌ කල් හිටියා..... දැන් ඇති... - Cricturf for Sri Lanka Cricket News & player information | News Display by www.cricturf.com