බෝසත් කාලේ පෙර භවයන්ගේ තොරතුරු තමයි සදහන් වෙන්නේ. බුදු වෙන්න පෙරුම් පිරුවේ අවුරුදු100ක් 200ක් නෙවෙයි නේ. ඊට වඩා ගොඩක් වැඩි කාලයක්. විවිධ දේශ වල, විවිධ ලෝක වල, විවිධ රටවල.එහෙම සත්‍යය ගවේශනය කරපු කාලේ කරපු, කියපු දේවල් වලින් බොහොම සුලු දෙයක් තමයි ඔය ජාතක කතා 547 තියෙන්නේ.ඒ තියෙන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනම නෙවෙයි.පසුකාලිනව කටින් කට පැවත ආපු ජාතක කතා ග්‍රන්ථාරූඩ කරපු කෙනාගේ ශෛලියෙන් තමයි ඕවා කියවිලා තියෙන්නේ. පුශියා කිව්වා වගේ බ්‍රහ්මදත්ත රජතුමාව වර්ණනා කරලා තියෙන්නේජාතක කතා පොත ලියපු ලේඛකයට අනුග්‍රහය දැක්වුවේ ඒ රජතුමා නිසා වෙන්න පුලුවන්.
ඒ වගේම අයිස්ඩ් අර්ත් ඇහුව කතන්දරේට උත්තරයක් කියනව නම්, 550ක්ම ඉන්දියාවේ උපදින්න
පුලුවන්ද?
පුලුවන්. පෙරුම් පිරුව කාලය ගැන සලකනකොට 550 නෙවෙයි ඊටත් වැඩි වාර ගණනක් ඉන්දියාව කියන පැත්තේ උපදින්න පුලුවන්. එතකොට වෙන රටක ඉපදුන භව ගැන කතා නැත්තේ ඇයි??ඉන්දියාවේ මිනිස්සුන්ට දහම් දෙසනකොට ඒ මිනිස්සුන්ට සමීප වැටහෙන සිදුවීමක් ආශ්‍රිතව දහම් දෙසන්න ඕන. බෝසතානෝ ඇස්කිමෝවරයෙක් හරි, රතු ඉන්දියානුවෙක් විදියට හරි ඉපදුන කාලේ වෙච්ච සිදුවීම් ගැන සදහන් කරමින් ධර්ම දේශනා කරා නම් ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒක නිකන් කොයිල් වෙනවා නේ.ඒක තමයි මම හිතන විදියට අප්‍රිකාව, යුරෝපය ගැන ජාතක කතාවල සදහන් නොවෙන්නේ.
හැබැයි මම හිතන විදියට ජාතක කතාව ලිව්වේ කවුද කින්ද මන්ද නෙවෙයි හොයන්න ඕන ජාතක කතාවෙන් දෙන ආදර්ශය මොකක්ද කියලා.
නිකමට හිතලා බලන්න උම්මග්ග ජාතකය ගැන. අදට කොච්චර ගැලපෙනවද? බල තණ්හාව තියෙන පාලකයෝ, තරුණ කාන්තාවන්ට පෙරේත පාලකයෝ, වෙන එකෙක්ට උඩට එන්න දෙන්නේ නැතිරාජ්‍ය නිලධාරියෝ. නුවණැති රාජ්‍ය නිලධාරියෝ රටත් පාලකයාත් බේරගන්න හැටි... මේවා එදත් අදත් සමාජයේ සිදුවෙන පොදු අපිට හුරුපුරුදු දේවල්.
ඒක නිසා මම කියන්නේ ජාතක කතා, නවීන විද්‍යාවටවත්, විද්‍යාත්මක සොයාගැනීම්වලට වත් බුදුදහමේ සංකල්ප වලටවත් විරුද්ධ දෙයක් නොවෙන නිසා නරකද ජාතක කතාවලින් දෙන
පණිවිඩය ගැන කල්පනා කරලා බැලුවොත්???

