සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ධුරය හා අමාත්‍යංශ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59 අනුමත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට.
පරිපපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතාලක මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කර තිබේ. පුද්ගල පඩි නඩි, ගමන් වියදම්, කාර්යාලයීය අවශ්‍යතා ආදී පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46ක මුදලක්ද, ගොඩනැගිලි වාහන ආදී මූලධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
මෙම පනත ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිතය. ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් මේ වන තෙක් නිසි ලෙස විෂය බෙදීමක් සිදුව නැති අතර ඊට අයත් ආයතනයන්ද වෙන් කර දී නැත.
ෆොන්සේකා මහතා ඇමති ධුරයේ දිවුරුම් දී මාස ගණනකට පසුව මෑතකදී අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගනු ලැබින.