hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    එස් පහ කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම

    එස් පහ සංකල්පය යනු ලොකු කුඩා සෑම කෙනෙකුම දතයුතු නිවසේදී පාසලේදී කාර්යාලයේදී යන ආදී ස්ථානයකට කි‍්‍රයාත්මක කළ හැකි සංකල්පයකි. මේ සඳහා වියදමක් වැය නොවන අතර එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීමෙන් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා මූලික පරිසරය සකස් වේ. කුඩා අවදියේ සිටම පුංචි ඔබ එස් පහ සංකල්පයට පුරුදු පුහුණු වීමෙන් අධ්‍යාපනික කටයුතු වලදී ඔබට ඇති වන ගැටලු මග හරවා ගත හැක. නිවසේදී පංති කාමරයේදී ඉතා පහසුවෙන් මේ සංකල්පය යොදා ගත හැකිය. ක‍්‍රමානුකූලව පිළිවෙළකට වැඩකිරීමේ පුරුද්ද එස් පහ සංකල්පය තුළින් ලබා ගත හැකිය.1. ඉතා පහසුවෙන් කි‍්‍රයාත්මක කළ හැකිවීම2. පුංචි ඔබට වුවද ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි වීම3. ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට මේ සංකල්පය යෙදිය හැකි වීම4. වැයවන මුදල අවම වීම5. එස් පහ යනු ඵලදායීතාව වැඩි කිරීමේ අත්තිවාරම වීම
    අතීතයේ ජපානනේ ආරම්භය එතරම් ශක්තිමත් පදනමක නොතිබුණි. නමුත් අන් රටවල් අභිබවා යාමට තරම් වේගවත් ශක්තියක් ලැබුණේ එස් පහ සංකල්පයයි. තම නිවස කාර්යාලය පාසල යන ආදී සෑම ස්ථානයක්ම පිළිවෙළට සකස් කිරීම නිතරම පිරිසිදුව තබාගැනීම සෑම විටම එම ස්ථාන ඉහළමට්ටමකට පත්වාගෙන යාම මෙහිදී වැදගත් වේ.එස් පහ සංකල්පය මඟින් ආයතනයක සාමුහිකත්වය සංවර්ධනය වන අතර කළමනාකරණය සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා ගැනීම විශේෂයකි.එස් පහ ඉගෙනගන්න කි‍්‍රයාත්මක කරන්න අන්අයට කියා දෙන්නපුංචි ඔබ වෙහෙස මහන්සි වී වැඩ කරන්න. එමෙන්ම පිළිවෙළට මනාව වැඩ කරන්න. අපේ ඇතැම් දූ දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරති. ඒත් පංති කාමරයේ පොත් ලාච්චුවේ පොත් මේසයේ වැනි තැන්වල පවතින අපිළිවෙළ නිසාම ඇතැම් අවස්ථාව වලදී ඔබට අමතර වෙහෙසක් දරන්නට සිදුවේ. උදේට පාසල් යන්නට සූදානම් වන ඔබ පොත් සූදානම් කරන්නේ ඒ වෙලාවටමද? කලින් දින රාති‍්‍රයේ පොත් සියල්ල සූදානම් කරන්න. පොත් බෑග් සපත්තු හොය හොයා එහා මෙහාට යන විට ගත වන්නේ ඔබේ කාලයයි. එනිසා ඒවා නිසි තැන නිසි ලෙස තබන්න. එවිට ඔබට පහසුයි. ඔබ නිතරම කිසියම් වැඩක නිරත වන සෑම විටමක සිතිය යුත්තේ එම කාර්යය කළ හැකි වඩා හොඳ ක‍්‍රමයක් තිබේද? දැනට වඩා අඩුසම්පත් ප‍්‍රමාණයකින් එම කාර්යය කළ හැකිද යනාදී වශයෙනි.
    එස් පහ සංකල්පය කි‍්‍රයාත්මක කිරීම තුළින් ලබාගත් ප‍්‍රතිලාභ නිසාම ජපානය ඉතා ඉක්මනින් සීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගමන් ගන්නා ලදී. එමෙන්ම දියුණු බවින් පවතින රටවල් අතර අපේ රටටද මේ එස් පහ සංකල්පය මූලික කොට ගෙන සීඝ‍්‍ර සංවර්ධනයක් ලබා ගැනීමටනම් අපද ඒ සඳහා කි‍්‍රයාත්මක වීම ඉතා වැදගත්ය. සාර්ථක පදනමක් මත ඕනෑම වැඩ කටයුත්තක් ආරම්භ කොට සියලුම දෙනා ඒකරාශීව සාමූූහිකව ශක්තිමත්ව වැඩ කිරීම තුළින් පුංචි ඔබේද අනාගතය සාර්ථක කර ගන්න. පුංචි ඔබ කුඩාකල සිටම මනා පිළිවෙළට සාර්ථකව වැඩ කරන්න. හිතට
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    පිළිවෙලකට වැඩ කටයුතු කිරීමට එස් පහ ක‍්‍රමය අනුගමනය කරමු
    මේ සෑම වචනයක්ම “S” අකුරෙන් පටන් ගන්නා වචන පහක් නිසා “එස් පහ” යනුවෙන් මෙය හඳුන්වා දේ.ජපානයේ උපත ලද මේ එස් පහ සංකල්පය “ඵලදායිතාව“ යනුවෙන් ද හඳුන්වා දේ. එස් පහ සංකල්පය ජපානයේදී හඳුන්වා දීමට ප‍්‍රථම ලෝකයේ බොහෝ දෙනා අනුගමනය කළද ඒ සංකල්පමය වශයෙන් නොවේ.සංකල්පමය වශයෙන් මෙය හඳුන්වා දුන්නේ ජපානයයි. ජපන් වැසියන් ඵලදායිතාව ඉහළ නැංවීමේ උපක‍්‍රමයක් ලෙසින් එස් පහ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්හ. ඒ අනුව එස් පහ ක‍්‍රමය ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය ජපන් ජාතිකයන්ට හිමිවේ.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ ආර්ථික දේශපාලනික ආගමික සංස්කෘතික ආදී සෑම අංශයක් ම බිඳ වැටුණත් රට සීඝ‍්‍ර දියුණුවක් කරා රැගෙන යාමට ඔවුන් ඉවහල් කර ගන්නා ලද්දේ එස් පහ සංකල්පය හෙවත් ඵලදායිතාවයි. ජපන් ජාතිකයෝ කර්මාන්ත ශාලා පාසල් රජයේ ආයතන යන ආදී සෑම ස්ථානයක්ම ඉහළ ස්ථානයක් කරා රැගෙන යාමට ඵලදායිතාව පිළිබඳ පංචවිධ සංකල්පය යොදා ගන්නා ලදී.
    ජපන් ජාතිකයන් එස් පහ කි‍්‍රයාත්මක කිරීමෙන් විශාල වශයෙන් ප‍්‍රතිලාභ ලබා ගන්නා ලදී. ඒ අතර ඕනෑම කටයුත්තකදී ඕනෑම ආයතනයක පාසලක වෙසෙන සෑම දෙනාම අදාල කටයුත්තට දායක කර ගැනීම. තනිව වැඩ කරනවාට වඩා එක්ව කටයුතු කිරීමෙන් ශක්තිමත් බවක් ඇති වීම, ඕනෑම කාර්යයකදී ආරම්භය හොඳ පදනමක් මත සකස්වීම, අනතුරු වළක්වා ගැනීම මේ අතර වේ.එස් පහ ක‍්‍රමය අනුගමනය කිරීමේ ප‍්‍රතිඵල වශයෙන් ජපන් ජාතිකයෝ සීඝ‍්‍ර දියුණුවක් ලබාගන්නා ලදී. ඒ අනුව යමින් ලෝකයේ විවිධ රටවල් ඵලදායිතාව සංකල්පය යොදා ගත්හ. ඒ අතර සිංගප්පුරුව, මැලේසියාව, කොරියාව, තායිවානය ආදී රටවල් මීට නිදසුන් වේ.ජපානයේ නිර්මාණය වූ එස් පහ සංකල්පය රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන හා පාසල් වල පමණක් නොව සෑම නිවසකම පාහේ කි‍්‍රයාත්මක කරන්නට වීය. ඒ අනුව පසුකාලීනව එස් පහ සංකල්පය ජපන් ජනතාවගේ ජීවිතය හා බැඳී සංකල්පයක් විය. සමස්ථ ජපන් ජාතිකයන්ගේම ජීවිත හා බැඳි එස් පහ සංකල්පය නිසා නිවැරදි නිරවුල් මනසින් එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන්නට හැකියාව ලැබිණි. මේ නිසාම ජපන් රටේ ආර්ථිකය ශක්තිමත් විය. සෑම නිවසකම පුද්ගලයකුගේම ජීවන මට්ටම ඉහළ නැගිණි. අද වනවිට ජපන් ජාතිකයෝ ඔවුනගේ ජීවිත ඉතා සතුටින් ගත කරන්නේ මේ එස් පහ සංකල්පය නිසාවෙනි.
     

    iphone3g

    Member
    May 15, 2009
    1,263
    10
    0
    maxxa macho bt pix ekkama daala explain karala thiba nam thawath ela ;):D

    something like dis....
    5s_image.gif