60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    සිංහලු මේක පොඩි DIY වැඩක්. 2006-2011 Civic එකේ කොමන් අවුලක් එනවා headliner (වහලෙ රෙද්ද) එක ගැලවෙනවා ටික කාලයක් ගියාම. මේක සිවික් එකේ කොමන් issue එකක්. ඒ වගේම X-trail එකෙත් අර hybrid ආපු සීරීස් එකේ මේ අවුල එනවා
    තව ඒවයෙත් එනවා ඇති.
    මේක උනාම කාර් එකේ ඇතුල හෙන කැතයි වහල මැදින් එල්ලං හැලෙනවා, කොන් වලින් කෑලි එල්ලෙනවා අජූතයි. මගේ මේක වෙලා ටික කාලයක් හැබැයි හදාගන්න උවමනාවක් තිබ්බෙත් නැහැ. ලඟදි මේක හදාගන්න කියලා තැන් දෙක තුනකට කතා කරා, උන් වාහනේ මොඩල් එක අහල ගාන කියන්නෙ මේකට හැම තැනම 60-70 අතර ගනන් කිවුවා. අඩුම සෙට් උනේ 60යි

    මේක හදන හැටි youtube එකේ තියනවා, ලොකු වැඩක් නෙමෙයි ඒත් කරදර වැඩක්, ටිකක් හෙමීට කරන්න ඕන. හදන තැන් වල ගාන වැඩි නිසා අද උදේ පටන් ගත්තා වැඩේ කරන්න. වහල ගලවලා ඩිකියෙන් එලියට ගන්න ඕන. අමාරු වැඩක් නෙමෙයි, වහල එලියට ගනිද්දි තව කවරු හරි උදවුවට ඉන්නවා නං හරි.
    මේකෙ තියනවා සම්පූර්ණ වැඩේ කරන හැටි, මේක බලල වහලෙ ගලවා ගත්තා



    මේ වහල නිකන් කාඩ්බෝඩ් එකක් වගේ වැඩිය නැමෙන්නෙ එහෙම නැතිව හෙමීට ගලවලා එලියට ගන්න. ඒක එලියට අරගෙන රෙද්ද ගැලෙවුවට පස්සෙ මේ වගේ. මේකෙ මේ රෙද්දටම අලවලා ස්පොන්ච් එකක් තියනවා, කාලයත් එක්ක ඒක දිරලා ගිහින් තමයි මේක ගැලවෙන්නෙ

    m3TGc8Z.jpeg


    මේ ස්පොන්ච් ටික ස්ක්‍රේපරේකින් සූරලා දාල, වයර් බ්‍රශ් එකකින් අතුල්ලලා මේක ෆුල් ක්‍ලීන් කරගන්න ඕන. කිසිම ස්පොන්ච් කෑල්ලක් ඉතිරි වෙන්නෙ නැතිව සූරලා, ඊට පස්සෙ කම්බි බ්‍රශ් එකකින් හෙමීට අතුල්ලලා සේරම කෑලි අයින් කරගන්න.

    ඊට පස්සෙ මේකට රෙද්දක් හොයාගන්න ඕන. වාහනේ තිබුනු එකම හොයන්නත් පුලුවන්, හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා. මේකෙ රෙද්ද එන්නෙ රෙද්දෙ එක පැත්තකට පොඩි ස්පොන්ච් ලේයර් එකක් අලවලා, ඒක හොයාගන්න ඕන. මගේ නං ඔරිජිනල් එකම හොයාගන්න බැරි උනා (කම්මැලි කමට හෙවුවෙ නැහැ), හැබැයි වාහනේ baige පාටට ඔරිජිනල් එකත් වඩා මැච් වෙන රෙද්දක් හම්බුනා ඒක නිසා ඒක ගත්තා
    ඒ රෙද්දෙ මීටරයක් 1750යි. මීටර් දෙකක් ගත්තම හරි. රෙදේදෙ පලල ඕනවටත් වඩා තියනවා

    මේ රෙද්ද අලවන්න ගම් ගන්න ඕන. මේකට හරියටම හරියන්නෙ 3M හරි Wurth වලින් හරි එන spray adhesive එක. ඒක මට හොයාගන්න බැරි උනා. ඒක නිසා ඔය රෙද්ද ගලවපු කඩෙන්ම ඕව අලවන්නම තියන නිකන් contact adhesive ගත්තා. මම ගම් 400ml ගත්තෙ හැබැයි හරියටම 500ml ඕන වෙනවා

    මේ ක්ලීන් කරපු වහල සහ ගනිපු රෙද්ද
    gvSX33s.jpeg


    මේක අලවන ටෙක්නික් එකක් තියනවා. මුලින්ම රෙද්ද හරියට තියාගෙන එක පැත්තකින් clamp කරගන්න. ඒ රෙද්ද එහෙ මෙහෙ වෙලා පැත්තකට යන එක නතර කරන්න

    3gzLqFd.jpeg



    ඊට පස්සෙ හරි මැදි ඉඳන් එක පැත්තකට අලවන් ගිහින්, ඊට පස්සෙ මැද ඉඳන් අනෙක් පැත්තට අලවන් යන්න ඕන

    7RQVr7Q.jpeg


    මම කරේ මේ මැද තියන ලයිට් එකේ කටවුට් එක වටේ අඟල් 10ක් විතර ගම් ගාල එතනට ගානට සෙට් වෙන රෙද්දෙත් ගම් ගාල, මුලින්ම අලවපු එක. contact adhesive යූස් කරන්නෙ මුලින් අලවන්න ඕන දෙකේම ගම් ගාල ටික වෙලාවක් වේලෙන්න තියනවා, අතින් ඇල්ලුවම දෙපැත්තම අතට තෙත ගතිය දැනෙන්නෙ නැති තරමට වේලෙන්න ඕන. ඊට පස්සෙ ඔය දෙක එකට තියල තද කරාම ඇලෙනවා
    මේක රෙද්දක් නිසා ටිකක් ඇදල වගේ අලවන්න වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් රෙදි කෑල්ලකින් හොඳට අතුල්ලන්න ඕන රැලි හිටින්නෙ නැතිව ඇලවෙන්න

    ඊට පස්සෙ මැද ඉඳන් එක පැත්තකට ඔය වගේ ගම් ගාගෙන ඇවිත් ඇලෙවුවම හරි. අලවද්දි කාට හරි රෙද්ද එක පැත්තකින් ඇදගෙන ඉන්න කියලා අනෙක් පැත්තෙන් රෙදි කෑල්ලිකින් තදට අතුල්ලලා ඇලුවුවම රැලි නැතිව ලස්සනට ඇලවෙනවා
    මේ විදියට ඊතලේ තියන පැත්තට අලවගෙන යන්න ඕන

    c1a3RHd.png


    byxLSss.jpeg


    අලවද්දි ඔය grab handle, sun wiser වගේ තියන තැන් ඉතිරි කරලා තමයි ඇලෙවුවෙ. ඊට පස්සෙ ඒ වගේ තැන් වල හොඳට ගම් ගාල ඇලුවුවා. ඒව අලවද්දි මුලින් ඒවයෙ ඇතුලට බැහැල වගේ තියන දාර ටික අලවලා තමයි අනෙක් ටික ඇලවුවෙ. නැත්තං රැලි හිටිනවා.

    vw6Vp2B.png


    සේරම අලවලා පස්සෙ රෙද්දෙ වැඩි ටික කපලා අයින් කරා. කපද්දි අඟලක් විතර වැඩිපුර තියල කැපුවෙ. ඒ ටික වහලෙ උඩ පැත්තට නමල ඇලෙවුවා එතකොට edges වල ෆිනිශින් එක හොඳට එන නිසා. (Edges පේනනෙ ඉස්සරහ සහ පස්සෙ විතරයි දෙපැත්තෙ ඒව දොරවල බීඩින් වලට වැහිලා තියෙන්නෙ)
    3jFZbIC.png


    ඊට පස්සෙ ලයිට් හයි වෙන සිදුරු සහ එක එක ඇන වලට තියන සිදුරු වලට තියන තැන් සිදුරු ටික හැදුවා. මේක කරෙත් නිකන්ම හිලක් කැපුවෙ නැහැ, සිදුර මැදින් හරහට කපල අනෙක් පැත්තට ඇලෙවුවා.
    hnWmnF9.png


    EB2Aqgm.png


    VtsnCcW.png


    මේ තියෙන්නෙ ඉවර කරපු වැඩේ. සුපිරියටම ෆිනිශින් එක ආවා. එක තැනක පොඩි රැල්ලක් වගේ තිබුනා හැබැයි ඒක පේන්නෙම නැති තරං
    ief9rw0.png


    අද රෑ වේලෙන්න තියලා හෙට වාහනේට හයි කරනවා. ෆොටෝ එකේ මේ රෙද්දෙ තැන තැන පාට වෙනස් වගේ පේනවා ඒක අවුලක් නෙමෙයි. රෙද්ද පොඩ්ඩක් වෙල්වට් ගතියක් තියනවා ඒක එක පැත්තකට පිහදැම්මම ඕක හරියනවා.

    මට හිතාගන්න බැරි අර කුශන් කරන තැන් වල එවුන් 60 දාහක් අරන් මොකද්ද කරන්නෙ කියලා. සාමාන්‍යෙන් වැඩක් කරගන්න පුලුවන් කෙනෙක්ට ගේමක් නැතිව මේක ගෙදරදි කරගන්න පුලුවන් වැඩක්. මට බඩු වලට ගියේ
    රෙද්දට 1750x2. මේක ටිකක් හොඳ රෙද්දක් එතන තිබුනු ඒව බලලා ගත්තෙ, මේක වාහන වලටම ගහන්න එන රෙද්දක්. ඔරිජිනල් රෙද්දම හොයා ගත්තා නං මීට වඩා ගානක් යාවි.
    ගම් වලට 750යි
    වයර් බ්‍රශ් එකට 250යි
    සේරම 4500යි.

    මම ගම් ගෑවෙ පින්සලෙන්, රෙද්දෙ පින්සලෙන් ගම් ගාන එක එපා වෙන වැඩක් කවුරු හරි මේක කරනවා නං අනිවා spray adhesive එකක් ගන්න.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    සුළි කුණාටුව නිසාද වහලේ ගැලවුනේ?
    නෑ නෑ මෙහෙට ඒක ආවෙ නෑ
    serama thaniyama karagannawa neda. nice & SMART
    පුලුවන් හැම එකම කරනවා ඉතිං
    රෙද්ද ගත්තෙ කොහෙන්ද බොසා
    මාතරින් ගත්තෙ. සිසුරුබෝවා කියලා ප්ලේස් එකක් තියනවා එතන ඔය වගේ අයිටම් තමයි තියෙන්නෙ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    Owa alawaddi heatgun use karanawa neda smooth wenna
    රෙද්ද අලවද්දි ඕන නැහැ. මේ රෙද්ද ස්ට්‍රෙච් වෙනවා ඒක නිසා ඇදලා ඇලෙවුවම ස්මූත් වෙනවා

    රෙක්සින් හරි ලෙදර් වගේ ඒව තමයි හීට් කරලා ඇදලා අලවන්නෙ
     
    • Like
    Reactions: GobbaSira and Emios

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,311
    6,936
    113
    මං හිතන්නෙ ඔය ලොකු ගනං කියන්නෙ ජැපනීස් රෙද්දක් දාල ගහනවා කියලානේ. හැබැයි වහල කියන්නෙ ඒ තරං wear/tear වෙන්නෙ නැති තැනක් නිසා ඕකට සාමාන්‍ය එකක් ගහන එක තමයි හොඳමදේ
    අපේ රටේ අවුවෙ නතර කරලා ගියාම මොන මගුල කරත් ගම් එකට කෙලවෙලා ගැලවෙනවා
     
    • Love
    Reactions: NEMISIS

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    Tika kalyak yanakan glue walin toxic fume enna puluwan rath weddi.air circulation ac dagena inna epa
     
    • Love
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,578
    113
    Colombo
    මං හිතන්නෙ ඔය ලොකු ගනං කියන්නෙ ජැපනීස් රෙද්දක් දාල ගහනවා කියලානේ. හැබැයි වහල කියන්නෙ ඒ තරං wear/tear වෙන්නෙ නැති තැනක් නිසා ඕකට සාමාන්‍ය එකක් ගහන එක තමයි හොඳමදේ
    අපේ රටේ අවුවෙ නතර කරලා ගියාම මොන මගුල කරත් ගම් එකට කෙලවෙලා ගැලවෙනවා
    ඒක තමයි

    Tika kalyak yanakan glue walin toxic fume enna puluwan rath weddi.air circulation ac dagena inna epa
    ඔවු පොඩ්ඩක් බලලා, එහෙම ගම් වල ගඳක් වගේ එනවා නං මේ සතිය ඔහොමම වහල ගලවලා තියලා ලබන සතියෙම හයි කරලා දානවා
     
    • Like
    Reactions: GobbaSira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    ඒක තමයි


    ඔවු පොඩ්ඩක් බලලා, එහෙම ගම් වල ගඳක් වගේ එනවා නං මේ සතිය ඔහොමම වහල ගලවලා තියලා ලබන සතියෙම හයි කරලා දානවා
    Ow full cure wenakan tiyana eka hodai eliye.