60,000 ක් ජ.වි.පෙ සගයන් මරාදැමු එ.ජා.පක්ෂය සමඟ කඩේ &
60,000 ක් ජ.වි.පෙ සගයන් මරාදැමු එ.ජා.පක්ෂය සමඟ කඩේ යන්නට
අනුර කුමාරලා...
දැන් - දැන් සිරිසේනලාටත් වඩා එ.ජා.පක්ෂයට
කඩේ යන්නට සැරසෙන්නේ අනුර කුමාරලාය.
ජ.වි.පෙ. 71 නැඟිටීමේදී පොලිසි වලට ගැසූ, පාළම්
බෝක්කු කැඩූ එම සාමාජිකයන් නොමරා පුනරුත්ථාපනය කර
සමාජගත කරන්නට එවක සිටි අගමැතිණී
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය කටයුතු කළාය.
එහෙත් 1989 ජ.වි.පෙ නැඟිටීමේදී එහි බහුතරයක්
නායකයන් මරාදමා හැට දහසකට අධික තරුණ තරුණියන් මහ
මග ටයර් සෑ මත සමූහ මිණී වල වල මරා පුච්චා,
ගංගා දිගේ පා කර හැර ශ්‍රී ලංකාව “මිණී
කන්නන්ගේ දේශයක් ” බවට පත්කරන්නට එවකට රට කළ
ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් වැනි අය කටයුතු කළහ. බටලන්ද
වැනි වදකාගාර රටපුරා බිහිවන සංස්කෘතියක් ඇති
කලේ ඔවුන්ය.
1971 රට පාලනය කලේ ශ්‍රී.ලං.නි.පක්ෂය ප්රමුඛව සමඟි
පෙරමුණු රජයයි.
1989 දී රට පාලනය කලේ එ.ජා.ප. යයි.
අනුර කුමාරලා අද කිසි හිරිකිතයක් නැතිව
කඩේ යන්නේ විජේවීර, ගමනායක ආදී කොටගත් තම නායකයන්
අමු - අමුවේ මරා දැමූ හැට දහසකට අධික තරුණ සම්පතක්
රටට අහිමි කළ තම නායකයන් සහ
සාමාජිකයන්ගේ ලේ තැවරුණු දෑත් දිගු කරන එ.ජා.ප
නායකයන්ගේ දෑත් සෙනෙහසින් වැළඳ
ගනිමිනි..................
ඒ අතීත නායකයන් තම ලේ කඳුථ දහදියද අවසානයේ තම
ජීවිතයද පූජා කර ගොඩ නැඟූ පක්ෂය පාවා දෙමින් මතුවන
මේ ඊණියා සමාජවාදී නායකයන් එ.ජා.පක්ෂයට මෙහෙම
කඩේ යන විට පොළොව යට මිහිදන් වූ ටයර් සෑ මත
ආදාහනය වූ ගංගා දිගේ පාවී ගිය ඒ නායකයන් සහ හැට
දහසක් ඉක්ම වූ තරුණ පරපුර ඒ - ඒ තැන්වල සිට
මේ අවස්ථාවාදී අනුර කුමාරලාට කරන සාපයෙන්
ගැලවෙන්නට නම් ඔවුන්ට කිසිදා නොහැකි වනු ඇත.
අනුර කුමාරලා අද මහින්දට ඇඟිල්ල දිගු
කරන්නේ ජ.වි.පෙරමුණට විනාශය ගෙන ආ එ.ජා.ප.
නායකයන්ට සුදු හුණු ගාන ගමන්ය.
මේවා මෙහෙම වෙද්දී හැට දහස ඉක්මවන 89 භීෂණයෙන්
මරා දැමූ ජ.වි.පෙ සගයන්ගේ මා පියවරු, සහෝදර
සහෝදරියන්, බිරින්දෑවරු, දරුවන් ඇතුඵ නෑ හිත මිතුරන් අනුර
කුමාරලා කරන මේ අසත්පුරුෂ, අමන වැඩ දෙස
බලා සිටින්නේ දැඩි වෛරයෙනි. පිළිකුලෙනි. කළකිරීමෙනි.
පෙරටුගාමීන් ජ.වි.පෙරමුණෙන් කැඩී වෙනම ගමනක් යන්නට
පටන් ගත්තේ අද අප දකින අනුර කුමාරලා එදා ඔවුන් දුටු
නිසාය.
තම තරුණ පුතා, දුව ටයර් මත ගිනි තබනු, දෑත් බැඳ වෙඩි
තබනු, නියපොතු, ඇස්, අතපය ගැලවීම ආදී දරුණු භයානක
මිලේච්ජ දඬුවම් දී මරා දැමූ අයුරු සිහිවෙන සිහිවෙන
මොහොතක් ගානේ කඳුථ වගුරුවමින් එ.ජා.පක්ෂයට සාප
කරන මව් පියවරු, නෑ හිතමිතුරු කැලකගේ කර පිටින් තනතුරු
වලට ගොස් මේ දිවි පිදුවන්ගේ ලේ කඳුථ දහදිය මුසු වූ
ගඩොලින් ගඩොල තබා ගොඩ නැඟූ ජ.වි.පෙ මූලස්ථානයේ සිට
යෙහෙන් වැජඹෙමින් එක-එකාගේ කොන්තරාත්තු පිට
එ.ජා.පක්ෂයට කුළියට කහිමින් සිරිසේනලා සමඟ එක්ව රනිල්
විධායක අගමැති කරන්නට ඒ අශුද්ධ වේදිකාවට නඟින්නට
පෙළ ගැහෙන අනුර කුමාරලා වැනි ද්‍රෝහීන්, අද
මේ සූදානම් වන්නේ අපේ රට නැවතත් සාපලත් දේශයක්
බවට පත්කර වනසා දමා අපේ රට ගිල ගන්නට මාන බලන,
එක එක බලවේග සතුටු කර තමන් වැජඹෙන්නටය.
මේ ඇත්ත තේරුම්ගත් එදා 1989 ජ.වි.පෙ. වෙනුවෙන් දිවි
පිදුවන්ගේ මා පිය දූ දරු නෑ හිත මිතුරන් අවස්ථාවාදී අනුර
කුමාරලා වැනි ජ.වි.පෙ නායකයන්ට සාප කරමින් මහින්ද
වටා රොද බැඳ ගනිමින් සිටින්නේ මේ ඇත්ත අපටත්
වඩා හොඳින් ඔවුන් තේරුම් ගෙන ඇති නිසාය.
“කන්න වුනාම කබර මසුත් තලගොයි මස් කරගෙන කන්නාක් ”
මෙන් තමන්ට යෙහෙන් වැජඹෙන්නට පදනම දැමූ, පාර
හැදූවන් වෙනුවෙන් මහ ලොකුවට තබන “ඉල්මහ විරුසමරු”
පවා අනුර කුමාරලා විසින් පවත්වන නිකම්ම නිකම් මෝඩ චූන්
සංදර්ශණයක් බව මෙතෙක් ඔවුන්ට ආදරය කළ ගෞරව කළ
ජ.වි.පෙ සාමාජිකයන් බහුතරයක් දැන් - දැන් තේරුම්
ගනිමින් සිටී.
දහ දුක් විඳගෙන, කැට හොළවා මුදල් සොයා, බස් වල
හොරෙන් ගිහින් ගොඩ නැගූ පක්ෂය හා පක්ෂ අරමුදල
කාබාසිනියා කරමින් යෙහෙන් වැජඹෙන අනුර
කුමාරලාගේ කථා ඇහුවොත් නම් ඔවුන්ට වඩා සමාජවාදී
ජනහිතවාදී සහෝදරයන් ලෝකයේ වෙන කොහේවත් නැත.
කතාව ඒ තරමට සමාජවාදීය. ජනහිතවාදීය. කතාව
දෝලාවෙන්ය. එහෙත් ගමන පයින්ය. රට බෙදන්නට, රට
කඩන්නට වෙරදරන සිරිසේනලා, රාජිතලා, රනිල්ලා,
චම්පිකලා, රතන හිමි වැනි අයගේ එකකට - එකක්
නොගැලපෙන අශුද්ධ සන්ධාන සමඟ එක්වන අලුත්ම
පිනුම්කාරයා බවට පත් වන්නට මාන බලමින් ඊට පෙර මුට්ටිය
දමා බලමින් සිටින අනුර කුමාරලා හෙට අනිද්දාට රනිල්
අගමැති කරන්නට එ.ජා.පක්ෂ වේදිකාවට නැග්ගොත් ඒකට
අප පුදුම වියයුතු නැත.
හැබැයි එහෙම නැග්ගදාට දිවි පිදූ ජ.වි.පෙ. සාමාජික
පවුල් වල අය අනුර කුමාරලා සොයාගෙන විත් දෙන ඉළපත්
පහර වළක්වන්නට නම් මොන ජගතෙකුටවත් බැරිය.
ජ.වි.පෙරමුණට “අනිච්ජාවත සංඛාරා” කිය
කියා ජ.වි.පෙරමුණ මිහිදන් කරන්නට කළ හැකි හැම දෙයක්ම
එදා 1989 දී කලේ එ.ජා.පක්ෂයයි.
අද නැවතත් අර දිවිපිදූවන්ගේ ලේ කඳුඵ දහදිය මුසුවෙමින්
මතු වූ ඊළඟ ජ.වි.පෙ. නායකයන්ගෙන් සහ බිම්
මට්ටමේ සාමාජිකයන්ගෙන් බහුතරය අනුර කුමාරලාට එරෙහි
වෙමින් නැඟී සිටිද්දී නැවතත් අථ,බථ ගසා දමා නැඟිට්ට
ජ.වි.පෙ සදාකල් සමාදානයේ සැතපවීමේ කොන්තරාත්තුව
බාරගෙන සිටින අනුර කුමාරලා හා එක්ව සිරිසේනලා,
රනිල්ලා, චන්ද්‍රිකාලා, රාජිතලා, චම්පිකලා ආදී
කුමන්ත්රණකරුවන් විසින් ජ.වි.පෙ මළගම් යවන දිනය වැඩි
ඈතක නම් නොවේ.

Last edited: