600km/h maglev චීන_කෝච්චි
ඇත්තටම මේ චීන දුම්රිය පාවෙනවා කිව්වාට, පාවෙන්නේ පොළවෙන් සෙන්ටි මීටරයක් දෙකක් පමණ ඉහළිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පීළි වලින් ඇතිවන ඝර්ෂණයක් නොමැති වීමය. සාමාන්‍ය රබර් රෝද ඇති වාහනයක රෝද වලට අඩුවෙන් සුළං පුරවා ඇති විටෙක, ඒ වාහනයට එම රෝද වලින් ඇති කරන ප්‍රතිරෝධය තවත් වැඩි වේ. මෙය අප කුඩා කාලයේ බයිසිකල් පැදීමේ සිටම දනිමු. එනම් රෝද වලට අඩුවෙන් සුළං ගසා ඇත්නම් බයිසිකලය පැදවීමට අපහසු බව අප දනිමු. මෙයට කියන්නේ Rolling resistance කියාය.
දුම්රියක ඇති යකඩ රෝද සහ එය ගැටෙන යකඩ පීලි අතර ඒ ආකාරයේ Rolling resistance එකක් නොමැති වුවත්, දුම්රියක ඇති දැවැන්ත ස්කන්ධය නිසා එහි ඇතිවන ඝර්ෂණය සුළු පටු නොවේ. ඝර්ෂණය සඳහා වන සමීකරණය F = [miyu] x R සේ හැඳින්වේ. මෙහි R මගින් කියන්නේ පසු ප්‍රතික්‍රියාව වේ. උදාහරණයක් මගින් මෙය කිවහොත්, ඔබ මේසයක් උඩ පොතක් තැබු විට, එය නිසලව පවතී. එනම් පොතේ භාරයට සමාන එහෙත් ඊට විරුද්ධ ප්‍රති බලයක් හෙවත් ප්‍රති ක්‍රියාවක් මේසයෙන් පොතට ඇති වේ. මේ නිසා පොත නිසලව පවතී.
මෙහි ‘miyu’ සේ කියන්නේ ග්‍රීක අකුරකි. සකල්බර්ග්ගේ මුහුණු පොතේ ඒ ග්‍රීක අකුර ලියන්නට නොහැක. එයින් පෙන්වන්නේ කිසියම් පෘෂ්ටයක ඝර්ෂණ සංගුණකය වේ. උදාහරණයක් සේ රේල් පාරක ගැටෙන දුම්රිය රෝදයක් නිසා ඇතිවන ඝර්ෂණය තාර පාරක රබර් රෝද යොදා ඇති වාහනයකට ඇතිවන ඝර්ෂණයට වඩා අඩු වේ.
හිම මත ලිස්සා යන වාහනයක මේ ඝර්ෂණය අවමයක් වේ. එනම් ඒ ඒ ආකාරයට ඝර්ෂණ සංගුණකය අඩු වෙමින් යයි. නමුත් රෝද පාරේ ගැටෙන්නේම නැත්නම් ඝර්ෂණ සංගුණකය නැත්තටම නැති කල හැක. මේ කියන චීන දුම්රිය ගමන් ආරම්භ කර මිනිත්තු කීපයකින් පොළවෙන් ඉහළට එසවෙන නිසා එම පෘෂ්ටයක් මගින් ඇති කෙරෙන ඝර්ෂණය නැති වී යයි. F = [miyu] x R සමීකරණයේ ‘miyu 0 වන විට F හෙවත් ඝර්ෂණයක් නැත.
මෙන්න මේ ක්‍රමය අනුගමනය කරමින් මේ කියන චීන දුම්රිය නිෂ්පාදනය කර ඇත. මූනිස්සමක වේගයෙන් ගමන් කරන නිසා, Bullet train යයි නම දමා ඇත. කාන්දම් ක්‍රමයකින් [magnetic levitation] දුම්රිය පීළි වලින් ඉහළට එසවේ. එහි වේගය පැයට සැතපුම් 373 කි. එනම් කිලෝ මීටර් වලින් නම් එය පැයට කිලෝ මීටර් 597 කි.
වෙනත් අයුරකින් කිවහොත්, එය අහස් යානාවකට වඩා වේගවත්ය. බෙයිජිං නගරයේ සිට ෂැන්හයි නගරයට අහස් යානාවක ගමන් කරන්නේ නම්, ඒ සඳහා පැය 4.5 ක කාලයක් අවශ්‍ය වුවද, මේ දුම්රියේ ගමන් කරන කෙනෙක්ට ඊට යන්නේ පැය 3.5ක් පමණි. කාලයේ වටිනාකම ගැනද මෙහිදී යමක් කිව යුතුය. ලංකාවේ බොහෝ දෙනෙක්ට කාලයේ වටිනාකම ගැන අවබෝධයක් නැත. වෙන එකක් තියා ලංකාවේ දේශපාලන නායකයන්ට වත් එහි වටිනාකමක් නැත. එක්තරා දේශපාලන නායකයෙක් කියා සිටියේ අලුත් දුම්රිය නිසා ගාල්ලේ සිට මාතරට ගමන් කිරීම මුත්‍රා කරන කාලය තරම් වත් අඩු වූයේ නැත කියාය.
එය විනාඩි තුනක අඩු වීමක් විය. එහෙත් ඒ විනාඩි තුන අඩු වන්නේ එක පුද්ගලයෙකුට පමණි. ජනාකීර්ණ දුම්රියක මගීන් දෙදහසක් ඇතැයි උපකල්පනය කලවිට, ඒ ආකාරයේ දුම්රිය ගමන් පහක් දිනකට සිදුවේ යයි සිතූ විට දිනකට එමගින් ඉතිරි වන කාලය වන්නේ [මගීන් 2000 X වාර 5 X විනාඩි 3] දිනකට විනාඩි 30,000 කි. මෙය වසරක් සඳහා [විනාඩි 30,000 X 365 ] විනාඩි 10,950,000 කි. මෙය පැය වලින් නම් 182,500 කි. දින වලින් එය, දින 316 කි. එනම් එක දුම්රියක් නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය දින 316 කි.
ශ්‍රමය ගැන ලොකුවට කතාකරන නායකයන් ප්‍රසිද්ධියේ කතා කරන විට, මීට වඩා වගකීමකින් කතා කල යුතුය. නැවත චීන දුම්රිය වෙත.
කුඩා කාලයේ කාන්දම් කෑලි සමඟ සෙල්ලම් කර නැති කෙනෙක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. ප්‍රතිවිරුද්ධ ධ්‍රැව ආකර්ෂණය වෙන අතර, සමාන ධ්‍රැව විකර්ෂණය වන බව අප දනිමු. එය මෙතෙක් අත්දැක නොමැති කෙනෙක්ට එය කර බලා අවබෝධ කරගත හැක. මෙන්න මේ විකර්ශන ක්‍රියාවලිය මෙම චීන දුම්රියේ හාවිතා වේ. මේ ‘maglev’ (magnetic levitation) සේ නම් කෙරෙන දුම්රිය China’s China Railway Rolling Stock Corporation (CRRC) මගින් නිර්මාණය කර ඇති අතර 2021 වසරේ ධාවනය සඳහා යෙදෙනු ඇත.
මේ තරම් වේගවත් නොවුවද, 2003 වසරේ සිට මේ දුම්රියේ ප්‍රභේද චීනයේ භාවිතා වේ. නව දුම්රියේ හැඩය මේ ආකාරයට නිර්මාණය කර ඇත්තේ වායු ප්‍රතිරෝධය අවමයක් කිරීමටය.
ලලිත් කරුනාරත්න
https://news.yahoo.com/new-chinese-...e-191524377.html?soc_src=hl-viewer&soc_trk=fb