65_අංකල්ගේ යොජනාවට අකමැතිවූ නිසා 28 දෙදරු මව ම

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,496
    3,908
    113
    Maligawatta
    65_අංකල්ගේ යොජනාවට අකමැතිවූ නිසා 28 දෙදරු මව ම


    65 අංකල්ගේ යොජනාවට අකමැතිවූ නිසා 28 දෙදරු මව මරා දමලා

    සුරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි දෙදරු මවක ඊයේ (10) ඝාතනය
    කර දමා ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.
    මෙලෙස ඝාතනය කර දමා ඇත්තේ අංක 4362 , බැද්දෙවැව බටහිර, සුරියවැව ලිපිනයේ
    පදිංචි 28
    හැවිරිදි තැලි කෝරලේ ආරච්චිගේ චමිලා ප්‍රියංගණී නැමති දෙදරු මවකි.


    ඝාතනයට ලක් වු කාන්තාවට ඇයගේ මහ ගෙදර අසල පදිංචි 65 හැවිරිදි පස් දරු පියෙකු විසින් අවස්ථා
    කිහිපයකදීම අයුතු යෝජනාවක් ගෙනවිත් ඇති අතර ඒ පිළිබදව මෙම කාන්තාව සිය සැමියාට හා
    දෙමාපියන්ට පවසා තිබේ. මේ හේතුව නිසා සැකකාර පුද්ගලයා මෙම කාන්තාව හා ඔවුන්ගේ දෙමාපියන්
    සමග අවස්ථා කිහිපයකදි ආරවුල් ඇති කරගෙන තිබේ.

    ඊයේ (10) පෙරවරුවේ මෙම කාන්තාව නිවසේ රැදී සිටින අවස්ථාවේ මෙම සැකකාර පුද්ගලයා
    ඇයගේ නිවසට පැමිණ කැමැත්ත විමසා තිබේ. එහිදි ඊට අකමැති වීම නිසා දෙදෙනා අතර බහින් බස්විමක්
    ඇති වි ඇති අතර මෙම කාන්තාව විසින් අදාල පුද්ගලයාට පහරක් එල්ල කර තිබේ. පසුව ඇය මේ පිළිබදව
    ඇයගේ මවට පවසා ඇති අතර ඇයගේ මව මෙම සැකකාර පුද්ගලයාට බැන වැදී පොලීසි යන බව පවසා
    තිබේ. මින් කෝපයට පත් මෙම පුද්ගලයා මෙම කාන්තාව මහගෙදර සිට සිය නිවසට යමින් සිටින අවස්ථාවේ කුඩා ප්‍රමාණයේ යතුරු පැදියකින් ඇයගේ පසු පසින් ගොස් දහවල් 1.30ට පමණ තියුණු ආයුධයකින් පහරදි
    ඝාතනය කර තිබේ.


    ඝාතනයෙන් පසු පස් දරු පියෙකු වු මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. මෙම සිදුවිම නිසා
    කෝපයට පත් ඥාතීන් විසින් මෙම සැකකරුගේ නිවසටද හානි කර තිබුණි. ඝාතනයට ලක් වු කාන්තාවගේ සිරුර
    සුරියවැව රෝහලේ මාත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වු මහේස්ත්‍රාත්
    පරික්ෂණය ඊයේ (10) පස්වරුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නාලක සංජීව
    ජයසූරිය මහතා විසින් පැවැත් වු අතර සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ
    රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා වෙත යොමු කිරිමට නියෝග කෙරුණි.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol: