70 YEARS OLD TRAFFIC JAM

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay

    වසර 70 කට පමණ පෙර සිදු වූ ට්‍රැෆික් එක

    දකුණු බෙල්ජියමේ , චැටිලන් ගම්මානය ආශ්‍රිත කැලයක මෙසේ ට්‍රැෆික් එකකට හසු වූ මෝටර් රථ පෙළ වසර 70ක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. බැලු බැල්මට අද්භූත මෝටර් රථ සුසාන භූමියක් ලෙසින් දක්නට ලැබෙන මෙය චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ ප්‍රබල ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි. මෙසේ මෙම වාහන වසර 70ක් තිස්සේ මෙතන පවතින්නේ කෙසේද යන්න නිච්චිත හේතුවක් මේ දක්වාම සොයා ගත නොහැකි වූ අතර විද්වතුන්ගේ මතය වී ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියමේ සේවය කල සොල්දාදුවන්ට මේවා අයත්ව තිබූ බවකි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග මෙම වාහන පරිවහනයට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඔහුන් මෙසේ වනය තුල සඟවා යන්නට ඇතැයි පැවසේ. කාලයත් සමග මේ සියළුම වාහන කැලයටම දිරාපත් වී ඇත.



    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-4.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-1.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-10.jpg


    මේ ප්‍රදේශයේ ජිවත්වන ගැමියන්ගේ ප්‍රකාශ අනුවනම් සොල්දාදුවන්ගේ අබලන් වූ වාහන ගොඩ ගැසූ සොහොන් පිටියක් බවටද සඳහන්. මේ ගම වටා මෙවැනි සොහොන් පිටි 4 ක් පමණ තිබෙන බවද ගැමියන් සඳහන් කරනවා.

    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-2.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-8.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-12.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-5.jpg


    රථ වැල් වර්ග සහ පාසි වලින් ආවරණය වී ඇති මේ වාහන චැටිලන් ගම්මානය ආශ්‍රිත කැලයක අද්භූත සහ අලංකාර බවක් ගෙන දෙමින් චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ තෝ තැන්නක් බවට පත් වී හමාරය.

    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-6.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-7.jpg


    chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-11.jpg



    උපුටා ගැනීම විශ්වකර්ම බ්ලොග් : පිංතූර අන්තර්ජාලයෙනි