75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    Thumbnail-740x463.jpg

    ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.

    ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

    ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය.
    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.13ට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 8.15ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය.

    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත.

    එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ.

    ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරේ.

    ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය.

    පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

    [/SIZE]

    අමො අමො මාතා බංකොළොත්බවට පියවරක්..

    වගේ එකක් දාන්න කියපිය වඩා හොඳයි. 🤭🤭
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    mona pissuda ponnayo. man ooka lagamai inne, Den ranilta puka deepan
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    75 වන මෙව්වා ඒකට ලෝක නායකයින්ගෙන් සුබ පැතුම්...!
    බංග්ලාදේශයද ඒ් අතර...
    සුබපැතුම් ලිපියේ නොගෙවූ ණය පිළිබඳ සිහිකැඳවීමක්...